Watch Trailer

Creed (2015) with Sinhala Subtitle | මම අත්වැරදීමක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්…

 

Creed-(2015)-X'MAS දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන්  හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්නේ. නමින් Creed. තිරගත වුණේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා සිට. අධ්‍යක්ෂණය  Ryan Coogler විසින්.ධාවන කාලය පැය දෙකයි මිනිත්තු 13ක්. Drama, Sport කාණ්ඩවලටයි අයිති වෙන්නේ. නමින් Creed වුණාට මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රකට Rocky චිත්‍රපට මාලාවේ හත්වැන්න ලෙසයි. මින් පෙර 
  • Rocky (1976)
  • Rocky II (1979)
  • Rocky III (1982)
  • Rocky IV (1985)
  • Rocky V (1990)
  • Rocky Balboa (2006)
යනාදී වශයෙන් චිත්‍රපට හයක් නිර්මාණය වෙලා තියනවා. මේ සෑම චිත්‍රපටයකටම පාදක වුණේ රොකී බල්බෝවා නමැති බොක්සිං ක්‍රීඩකයායි. ඒ සෑම චිත්‍රපටයක්ම පාහේ ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත්තා; සම්මානයට පාත්‍ර වුණා. ලෝකය පුරා රොකී මේනියාවක් පැතිර ගියා. මේ සෑම චිත්‍රපටයකම රොකීගේ චරිතයට පණ පෙවුවේ ජනප්‍රිය නළු Sylvester Stallone. ඔහුගේ ජනප්‍රියත්වයට Rambo චිත්‍රපට මාලාව වගේම රොකීත් ලොකු දායකත්වයක් දැක්වුවා. රොකී චිත්‍රපට මාලාවේම කොටසක් වුණාට , රොකී මේ චිත්‍රපටයේ වැදගත් භූමිකාවක් වුණාට මේ චිත්‍රපටයේ කතා නායකයා රොකී නම් නෙවෙයි. රොකී දෙවන චිත්‍රපටයේ රොකී අභියෝග කළ ලෝක ශූර ඇපලෝ ක්‍රීඩ් ඔයාලට මතක ඇති. ඔහු වෙනුවෙන් රංගනයෙන් දායක වුණේ Carl Weathers. ඒ වගේම රොකී හතරවෙනි චිත්‍රපටයේ Ivan Drago අතින් ඇපලෝ මිය ගිය බවත් ඔයාලට මතක ඇති. මේ චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ එතනින්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ ඇපලෝ ක්‍රීඩ්ගේ පුතා ඇඩෝනිස් ක්‍රීඩ්. ලැබිලා තියන IMDb අගය 8.3ක්. බොක්ස් ඔෆිස් ආදායම ඉතා ඉහළයි. IMDb හි හොඳම චිත්‍රපට 250 තුළ 185 වන ස්ථානය ලබාගෙන තියනවා.  කතාව ගැන කිවුවොත් මෙහෙමයි. ඇපලෝ ක්‍රීඩ්ගේ අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙක් තමයි ඇඩෝනිස් ක්‍රීඩ්. ඇඩෝනිස් උපදිනකොට තාත්තා මියගිහින්. අම්මාත් මිය ගියාට පස්සේ අනාථ නිවාසවලට භාර වෙන ඇඩෝනිස්ගේ අලුත් අම්මා වෙන්නේ ඇපලෝගේ නීත්‍යානුකූල බිරිඳ මේරි ඈන්. තාත්තාගේම පුතා නිසා ඇඩෝනිස්ගේ හිතත් බොක්සිං ක්‍රීඩාවටම ඇදිලා යනවා. ඒත් ඇඩෝනිස් කැමති වෙන්නේ නෑ තාත්තාගේ නම පාවිච්චි කරන්න. ඒ නිසා ඔහු ලෝකයාට ඇඩෝනිස් ජොන්සන්. බොක්සින්වලින් ලෝක ශූරයෙක් වෙන්න හිතාගෙන පුහුණු කරුවෙක් හොයාගෙන යන ඇඩෝනිස්ට කිසිකෙනෙක් උදව් කරන්නේ නෑ. අන්තිමට ඇඩෝනිස්ට මුණ ගැහෙන පුහුණුකරුවා තමයි තාත්තාගේ හොඳම යාලුවෙක් වෙලා හිටපු තාත්තාවත් පරාජය කරපු ෆිලඩෙල්ෆියාවේ පුරාවෘත්තයක් විදියට සලකන රොකී බල්බෝවා. ඉතිරිය ඔයාලට. කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක්. හැමෝටම උපසිරැසි එක්ක බලන්න ආරාධනා කරනවා. නැවතත් චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග! 

 

ඔබ සැමට  සුභ නත්තලක් වේවා !

The Redwood Massacre (2014) on IMDb

 

 

998 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න

908DBDFBCF6CB2053E93301982263D6F23132E7E

2.2 GB (1080p.Br) කොපිය මෙතනින් බාගන්න

61F4841963901478DB54DE00AECC72297EC2E0BD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

16,506 downloadsDownload Creed.2015.br_.zip264 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

16,506 downloadsDownload Subtitles264 KB

54 comments

  1. ishara

    තැනක් යු සබ් එකට කොලිටි එක කොහොමද දන්නේ නැ නේද කොපි එකේ

  2. නිරෝෂ්

    බොහොම ස්තුතියි අදිත සහෝ.ජයෙන් ජය !

  3. chamika

    rocky series eka iwara wela kiyala hithuwe. meeka genaawata thanks.

  4. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  5. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama....elazzz...thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath subama suba naththalak wewa……

  6. asitha

    බොහොම පින්.
    ජය වේවා!!!!!!!!!!!!!!

  7. achi

    එසේම වේවා සහෝ!!!
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    අනිවා බානවා මේක නම්...
    ජය!!!

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි……
    සුපිරි වැඩක්
    Another one............
    සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්….
    සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  9. Bobby

    බොහෝම ස්තුතියි

  10. “චූටී මල්ලි”

    ptta malli
    digtama sub demu
    tnx
    BR copy eka awama updte krnna

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. pramuk

    thanx bro

  13. DeeX

    imdb ranking gaththa 2015 top movie ekak

    me filuma select karata thanks

    wadeth patta...........................

  14. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි මලේ උපසිරැසියට. හොද කොපියක් එනකන් ම ඉන්නවා. :)

  15. indika

    බොහොම ස්තුතියි... :)

  16. thisal

    එල එල මැක්සා බඩුවක් බන් තැන්ක්ස් සබට br ආවම බලමු අනිවා

  17. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ...

  18. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි අදිත..........

  19. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. vimukthi

    thanks subtitle ekata,jaya wewa !

  21. prageeth priyamal

    Thanks macho sub ekata........

  22. hetti

    thanxxxxxxxxxxxxxxxx
    elama.......ela

  23. harshana

    thank you bro

  24. Dinush

    kammali kame hitiye agata wadina film ekak nathuwa balanna... thanks sahoo me film ekata sub dunnata.

  25. Ieam Noon

    Me Film ekath patta eth Rocky one ekata gahanna be.

  26. T-MaX

    Niyamai kolla............
    Rocky seris eke anith films tikath danawanan godak watinawa....
    JAYA!

  27. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. bluebubble

    rocky V ekatai rocky balboa ekataith sub dennako anith 3tama thiyenawa....mekata sub dunnata thanks

  30. jemeelrox

    සබේකට බොහොම ස්තූතියි

  31. HD9922

    Thank you brother

  32. Alfa9

    Thank you bro

  33. Siriwimalabthimi

    Creed 2 ekatath sub eka ikmaninma danna puluwannam.godak watinawa. Asama film collection eka tnx

    1. Ashen_Chathumal

      yes youre right bro

  34. Amalka Himeshan

    Thanks sub ekata

  35. Dewadithya

    Thanks for Sub!

  36. sangeethraseewa

    Creed 2 එකට සබ් එක තාම හැදුවේ නැද්ද film එක ඇවිල්ලා තියෙන්නෙ

  37. Nethapul Fernando

    creed 2 sub ekath dannako bro plz mekath elama

  38. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ..
    ජය වේවා...!!!

  39. Jayawikrama

    Thanks bro...

  40. sujan1982

    upasheersha walata bohoma sthuthiy

  41. Madura Lakshan

    Thanks sub ekata

  42. aks

    Thanks...

  43. Anurada

    Thank You !!!

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  45. nalin.kumara0510

    Thanks bro good luck.

  46. Thilesh De Silva

    thank you very much

  47. Binara Waduge

    බොහොම ස්තූතියි මචන් සබ් එකට❤❤

  48. nish47

    ස්තූතියි සහෝ

  49. Ashen_Chathumal

    creed 2 dannakoo please

  50. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

Load more comments