Watch Trailer

Dassehra (2018) Sinhala Subtitles | පොලිස් සිංහයා යළිත් උපදී! [සිංහල උපසිරැසි සමඟ]

“ රුද්‍රා සර්, තමුසේ මාව හිරේට දාන්නද හදන්නේ? දෙපාරක්ම ඇතුළට දැම්මට සතියෙන් ඇප ගත්තා නෙහ්. මේ පාරත් තමුසෙට කිසිම චාන්ස් එකක් නැහැ. ” “ එක උණ්ඩයයි. එක අපරාධකාරයයි. මීටර් දෙකක පරතරයෙන් අඩි ගාණක සොහොනයි. හිරේට නෙමෙයි. දිව්‍යලෝකේ යමන්! ” ඒ උත්තර දුන්නේ රුද්‍රා ප්‍රතාප් සින්ග් චොහ්රා. මුලින්ම බැංගලෝර්..…

“ රුද්‍රා සර්, තමුසේ මාව හිරේට දාන්නද හදන්නේ? දෙපාරක්ම ඇතුළට දැම්මට සතියෙන් ඇප ගත්තා නෙහ්. මේ පාරත් තමුසෙට කිසිම චාන්ස් එකක් නැහැ. ”

“ එක උණ්ඩයයි.
එක අපරාධකාරයයි.
මීටර් දෙකක පරතරයෙන් අඩි ගාණක සොහොනයි.
හිරේට නෙමෙයි. දිව්‍යලෝකේ යමන්! ”

ඒ උත්තර දුන්නේ රුද්‍රා ප්‍රතාප් සින්ග් චොහ්රා. මුලින්ම බැංගලෝර්..මුම්බායි..දිල්ලි..දැන් කල්කටා… මාස හයෙන් හයට ස්ථාන මාරු ලැබෙන පොලිස් නිලධාරියෙක්. මාස හයෙන් හයට ස්ථාන මාරු??

පගා ගහපු නිසා නෙමෙයි, ජරා වැඩ කරපු නිසා නෙමෙයි, හොර ඇමතිලා ඉදිරියේ දණ නවපු නිසා නෙමෙයි. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන, රාජකාරිය දේවකාරියට වඩා උතුම් කොට සලකන පොලිස්කාරයෙක් වුණු නිසා. මහදවල් මිනිස්සු මරලා දාන සමාජයක නීතිය සුරකින්න දිවි හිමියෙන් කැප වුණු නිසා. පොලිස්කාරයෝ අතරේ පොලිස් මහත්මයෙක් වුණු නිසා.

අජේ දෙව්ගන් බොලිවුඩය අතික්‍රමණය කළා.
සූර්යා කොලිවුඩය අතික්‍රමණය කළා.
ඒ සිංගම් වෙනත් වේෂයකින් නැවතත් බොලිවුඩය ආක්‍රමණය කරලා.
සිංහයා යළි උපදී!!

“ සර්.. මහිලා කාන්තා විද්‍යාලයේ නේවාසිකාගාරයේ කෙල්ලෝ හතර දෙනෙක් එකපාර එල්ලිලා මැරිලා. සියදිවි නසා ගැනීමක් වගේ පෙනුණට මේ අමු අමුවේ කරපු මිනීමැරුමක්!! ”

මිනීමැරුමක්? මරණ පරීක්ෂණයෙන් පවා කියැවෙන්නේ සියදිවි නසාගැනීමක් කියලා…
රුද්‍රා ප්‍රතාප් සින්ග් චෝහ්රා!! ඔව්.

ආසන පටි තද කරගන්න. ඉස්සරහා තියන්නේ බොහොම ත්‍රාසජනක ගමනක්. මතක තියා ගන්න, අවංක පොලිස්කාරයෝ මොන බාධා ආවත් යුක්තිය ඉටු කරන්න පසුබට වෙන්නේ නැහැ…

Manish Vatsalyaගේ අධ්‍යක්ෂණයකට Saurabh Choudharyගේ තිර පිටපතේ එක්තැන් වුණු මේ චිත්‍රපටය Action/Thriller වර්ගීකරණයට අයත්ව පුරා දෙපැයක් තිස්සේ ඔබව වෙනමම මානයකට ගෙනයන සලරුවක්. 2015 සිට වසර තුනක විශාල සිනමා කාර්යයක් වුණු Dassehra සිනමා නිර්මාණය හා හා පුරා කියලා ඉන්දියාව පුරා තිරගත වීම ඇරඹුණේ පසුගිය ඔක්තෝබර් 23 වෙනිදා. සිනමා උළෙලක් මැද්දේ සායිෆ් අලී ඛාන්ටයි ශාරුක් ඛාන්ටයි කට වහගන්න කියලා බැනපු Neil Nitin Mukeshව මතකයි නේද? Kaththi, Wazir, Kavacham, Golmaal Again වැනි අතිශය ජනප්‍රිය Box Office Hits තුළින් තම ජනප්‍රියත්වය තහවුරු කර ගත්තු නිතින් වසර 5කට පස්සේ තමා ඕං ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ. ඒ වගේම මේ නිතින්ගේ පළමු පොලිස් නිලධාරී චරිතය. නිතින්ට අමතරව සුරූපිනී Tina Desai, Ashwini Kalsekar, Murli Sharma වැනි ඉහළම තලයේ නලු නිළියන් රොත්තක් වගේම Scarlett Wilsonගේ සුරූපී නර්තනයන් කීපයකිනුත් සමන්විතයි. අපේ ඩිරෙක්ටර් මහත්තයා, Manish Vatsalya තමා උප ප්‍රධාන චරිතයක් වන ශන්කර්ගේ චරිතයට පණ පොවන්නේ.

මේ දවස්වල YouTube Subscriptions වෙනුවෙන් PewDiePie එක්ක දරුණු යුද්ධෙක පැටලිලා ඉන්න T Series ආයතනය වගේම Amazon Prime Videoත් මේ චිත්‍රපටය සමඟ එකතු වෙලා ඉන්නවා. ඉතින්, එකතු වෙලා ඉන්න නලු නිළියන් වගේම ආයතන සමූහය දැක්කහම තේරෙනවනේ මේ නිකන් ආවට ගියාට කරපු වැඩක් නෙමෙයි කියලා. යමු! ඉස්සරහට තියන්නේ බොහොම අවදානම් ගමනක්. ප්‍රවේශමෙන් යන්න!

Eradicating unrighteousness is not a sin.
අධර්මය විනාශ කළාට පව් නැත.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

13,234 downloadsDownload Dassehra-2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

13,234 downloadsDownload Subtitles35 KB

54 comments

  1. Dulan Randika

    THANX BN SUB EKATA

    THAWA DEYAK UBATA PULUWAN NAM SUB EKE PAHALIN FILM EKE COLITY EKA BALANNA PIC DEKAK WAGE DANNA PULUWANNAM HODAI.

  2. Pathmila_kushantha94

    නියමයි මචන් Super Fast

  3. oshanda

    තෑන්ක්ස් සහෝ...ඉක්මනටම දීලා

  4. Malith Weeramuni

    නියමයි සහෝ...
    දිගටම ඉන්දියන් ඒවට සබ දෙමු.
    ජය වෙවා...❤❤❤

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo subekata. Jaya wewa...!

  6. NuwanK

    Thank u bro..

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. gihan perera

    ස්තුතියි සහෝ.....මේක දානකන් හිටියේ....ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
    ජයෙන් ජය.

  10. Kanchaka

    Thanks bro

  11. Ajith Priyantha

    sub ekata thanks wewa

  12. DimuthuMadusanka

    patta machan

  13. sandharu

    Thanks sahooo

  14. dsdkavishka

    Thenks ...

  15. maikee

    thanks baiscope. ada tv eke yanne balapu filmi. welawata meka sub eka demme. ela sub dunna kavinu bro. suba nattalak wewa baiscopelk jayawewa.

  16. kelumchathuranga

    thanks

  17. MudithaDissanayaka

    thanks broo
    good job

  18. benukanimsena

    ඒකත් ඉක්මනටම ගෙනාවා නේ!
    සබ් එක බානවා, ෆිලුම බාන්නේ නෑ
    පෙන් එකකට දාලා ගෙනත් දීපිය
    ආ.... ජය වේවා ඈ... ❤❤

  19. Koda

    Thanks bro sub ekata.

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  21. Ayesh Prashan

    Thank You

  22. ranga11112

    thankz brother....
    baiscop yaluwanta merry Chrismas & happy New Year

  23. sampath n perera

    thanks

  24. Lahiri

    thankz saho

  25. Kungfuuu

    Sub eka nm perfect bn

  26. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  27. Shan-madu

    Thank you very much

  28. කවිශල් රසින්ත (කවී)

    ආ සිංගම් ආයෙත් ඇවිල්ලා නේ. කොහොමත් ඉතින් නිකිල්ගේ ඇක්ටින් මරු, මේකටත් ඒ විදිහටම සාධාරණේ ඉෂ්ට කරලත් ඇතිනේ. එහෙනම් උඹ ලිපියත් සුපිරියට ලියලා තියෙනවා. බලන්න හිතෙන විදිහට. එහෙනම් ඔන්න අරගත්තා. සබට තුති...!! දිගටම සබ් දෙමු මේ වගේ සුපිරි එව්වට. ජය වේවා...!!

  29. Themiya125

    thanks bro,night school ekata sub ekak ne.krnnako plz

  30. Kulanjana Maduranga

    thanks

  31. Pramukmili

    thanxx bro......

  32. damith_janaranjana

    Thanks bro

  33. akash26

    wel dane

  34. Bobby

    Thanks Bro.

  35. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  36. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ...

  37. supun priyanath

    Elaaz
    Thank you

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya

  40. C lakmal

    thank

  41. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  42. prageeth

    thank you malaya

  43. thilz

    thank you very much...

  44. තිවංක මංගල

    thank you

  45. N_R

    Thank You.

  46. Eranda Malith 2.0

    ස්තූතියි මචෝ සබ් එකට

  47. futureomega

    thanks for the sub

    1. sjkaveendra

      Tnx

  48. Nuwan_sri

    Thanks for sub

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  50. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

Load more comments