ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුර…

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් සහ එක ලක්ෂ්මන් කෙනෙක් එක කණ්ඩායමක් ලෙසටද, මාධව්, ලකී සහ අනිත් ලක්ෂ්මන් තවත් කණ්ඩායමක් ලෙසටද කල්ලි ගැසී සිටියා. මේ පස් දෙනා අතරේ සිදුවෙන්නා වූ තවත් මගෝඩි වැඩක ප්‍රතිපලයක් ලෙසට මේ කල්ලි දෙක අතරේ රණ්ඩුවක් ඇතිවෙනවා. මෙම රණ්ඩුවේ ප්‍රථිපලයක් ලෙසට අධික ලෙස කෝපයට පත් වෙන්නා වූ ජම්නාදාස්, මෙම ළමයින් පස් දෙනාව අනාථ ආශ්‍රමයෙන් නෙරපා හරිනවා. ආශ්‍රමයෙන් පලවා හරින ලද මොවුන් පස් දෙනා කණ්ඩායම් දෙකකට වෙන්ව, වෙන් වෙන් වශයෙන් ජීවත්වෙනවා. ගෝපාල් සහ එක ලක්ෂමන් කෙනෙක් බබ්ලි බායි යටතේ වැඩ කරමින්ද, මාධව්, ලකී සහ අනෙක් ලක්ෂ්මන් යන තිදෙනා වසූලි බායි යටතේද වශයෙන් වැඩ කරමින් ජීවිතය ගැට ගසාගෙන ජීවත් වුණා.
කාලය ගෙවිලා ගියා. මේ අතරේ, ජම්නාදාස් අනාථ ආශ්‍රමය පවත්වාගෙන ගිය ජම්නාදාස් අභාවප්‍රාප්ත වෙනවා. තමන් කුඩා කාලයේ පටන් හදාවඩා ගත් පුද්ගලයාට අවසාන වශයෙන් ගෞරව දැක්වීම සඳහා මෙම පස්දෙනත් පැමිණෙනවා. මේ තමයි අනාථ ආශ්‍රමයෙන් නෙරපා හැරීමෙන් පසුව මොවුන් පස් දෙනා එකට හමුවන පළමුවෙනි වතාව. කතාවක් තියෙනවා, උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ අරින්න බැහැයි කියලා. මේ පස් දෙනාත් ඒ වගේ තමයි. කොච්චර වයසින් වැඩුනා වුනත්, පොඩි කාලේ තිබ්බ මගෝඩි ගතිගුණ නම් තවමත් අංශුවක් වත් වෙනස්වෙලා නැහැ. මරණයකට සහභාගී වෙන්න කියලා හිතාගෙන ආවත්, පස් දෙනාගෙන් කිසි කෙනෙක්ගේ හිතේ ඒ ගැන වගේ වගක්වත් තියෙනවා කියලා පේන්න නැහැ. පස් දෙනා මූණට මූණ හමුවෙනවා. මෙච්චර කාලයක් තිස්සේ බොහොම සංසුන් විදියට තිබිච්ච අනාථ ආශ්‍රමය නැවතත් අවුල් ජාලාවක් බවට පත්වෙනවා. මේ අතරේ ගොපාල්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වෙනවා. ඒකෙන් වෙන්නේ, ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වැඩක්. එක පිට එක, නිමාවක් නැති ජරමර කෝටියක්! ඔහොම ඉන්න… ඒත්, මොකක්ද මේ වියරු පළිගැනීම? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා!
GO – GOpal (ගෝපාල්)
L – Laxman (ලක්ෂ්මන්)
MA – MAdhaw (මාධව්)
L – Lucky (ලකී)
ගොල්මාල් චිත්‍රපටිය බලලා තිබ්බට ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති කොහොමද මේ නම හැදිලා තියෙන්නේ කියලා. ගෝපාල්, ලක්ෂ්මන්, මාධව් සහ ලකී යන නම් වල මුල අකුරු වල එකතුවෙන් තමයි මේ ගොල්මාල් (සිංහල අර්ථය – ජරමර) යන නම හැදිලා තියෙන්නේ. බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය පුරාවටම ඕනේ තරම් කොමඩි ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. හැබැයි, මේ ගොල්මල් චිත්‍රපට මාලාව තරම් ප්‍රේක්ෂකයා අතරට යෑමට හො ආදායම් අතින් සාර්ථක වූ තවත් කිසිඳු ඉන්දීය කොමඩි චිත්‍රපට මාළාවක් නොමැති බවට ඔබත් මාත් සමගින් එකඟ වේවි. 2006 වර්ෂයේදී ප්‍රථම වතාවට ප්‍රේක්ෂකයා අතරට පැමිණි Golmaal: Fun Unlimited චිත්‍රපටය IMDB දර්ශකයේ 7.4 ක ඉහළ අගයක් වාර්තා කරද්දී, ඉන්දීය රුපියල් කෝටි 70ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටෙව්වා. 2008 වර්ෂයේදී තිරගතවුණු Golmaal Returns චිත්‍රපටය IMDB දර්ශකයේ 5.0 ක අගයක් සමගින් ඉන්දීය රුපියල් කෝටි සියයක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටෙව්වා. 2010 වශයේදී අවසාන වතාවට තිරගතවූ Golmaal 3 චිත්‍රපටය IMDB දර්ශකයේ 5.4ක අගයක් සමගින් ඉන්දීය රුපියල් කෝටි 160ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටෙව්වා. එතකොට මේ හතරවෙනි චිත්‍රපටය?
වර්ෂ 2016 කියන්නේ ගොල්මාල් චිත්‍රපට රසිකයන්ට බොහොම සුවිශේෂී වර්ෂයක් වුණාට සැකයක් නැහැ. පළවෙනි ගොල්මාල් චිත්‍රපටය නිෂ්පාදනය කරලා හරියටම වසර දහයක් ගතවුණු තැන. අන්තිම ගොල්මාල් චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු හයක් ගත වුන තැන. මේ 2016 වර්ෂයේදී තමයි නිළ වශයෙන්ම ප්‍රකාශ කලේ ගොල්මාල් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටයක් 2017 වර්ෂයේදී එළිදක්වන බවට. සුපුරුදු පරිදිම මෙවරත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ, පෙර ගොල්මාල් චිත්‍රපට ත්‍රිත්වය සහ Singham (2011), Bol Bachchan (2012), Chennai Express (2013), Singham Returns (2014), Dilwale (2015) වැනි සුවිශේෂී සිනමා නිර්මාණ රාශියක් බොලිවුඩ් පුරවරයට දායාද කරනු ලැබූ Rohit Shetty විසින්. එමෙන්ම, මෙවරත් සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Ajay Devgn විසින්. මීට අමතරව සෙසු චරිත සඳහා සුරූපී Parineeti Chopra, Tabu, Prakash Raj, Neil Nitin Mukesh, Arshad Warsi, Tushar Kapoor, Shreyas Talpade සහ Kunal Khemu රංගනයෙන් දායක වනු ලබනවා. ඒ වගේම, කාරණා කීපයක් නිසා මෙම සිව්වැනි ගොල්මාල් චිත්‍රපටය සුවිශේෂී වෙනවා. එකක් තමයි, මෙතුවක් කාලයක් පුරාවට කොමඩි චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට පැමිණි මෙම චිත්‍රපටය, මෙම සිව්වැනි කොටසත් සමගින් Action, Comedy, Fantasy, Horror යන කාණ්ඩ ප්‍රථම වතාවට නියෝජනය කරනු ලබනවා. අනෙක් කාරණාව තමයි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව. මේ තමයි ගොල්මාල් චිත්‍රපට මාලාවේ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය වූ චිත්‍රපටය වගේම, වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කල චිත්‍රපටය වන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 80ක නිෂ්පාදන වියදමක් සහ ඉන්දියානු රුපියල් කෝටි 20ක ප්‍රචාරණ වියදමක් ලෙස, සමස්ත වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි සියයක බරපැනක් දරමින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය, තිරගතවීම ආරම්භ කරන ලද ඔක්තෝම්බර් මස 20 වෙනිදා සිට බොක්ස් ඔෆිස් වාර්තා උඩි යටිකුරු කරමින් අති සාර්ථක අන්දමින් තිරගත වුණා. තිරගතවීම ආරම්භ කරමින් පළමු සති අන්තයේදීම (20-සිකුරාදා, 21-සෙනසුරාදා, 22-ඉරිදා) ලොව වටා ප්‍රදර්ශනය තුලින් ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්මවා යමින් 2017 වර්ෂය තුල කෝටි සියයේ කඩයිමට පැමිණි වේගවත්ම බොලිවුඩ් චිත්‍රපටය ලෙසට වාර්තා පොත් තුල සිය නාමය සිනිටුහන් කරගත්තා. ඒ ආකාරයෙන් ගමන ආරම්භ කරන ලද මෙම සිනමා නිර්මාණය, මේ දක්වා 2017 වර්ෂය තුල වැඩිම ආදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය ලෙස කිරුළු පළඳවමින්, ඉන්දියානු රුපියල් කෝටි 309.21 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබමින් සිය විජයග්‍රාහී ගමන නිමාකරනු ලැබුවා. (මෙම ආදායම් වාර්තා බොහෝ දුරට Tiger Zinda Hai චිත්‍රපටය තුලින් බිඳී යා හැකිය.) ඒ වගේම මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.3/10 ක අගයකින්ද, ගූගල් පරිශීලකයින්ගේ මනාපයෙන් 86% ක මනාපයක්ද, ෆේස්බුක් අඩවිය ඔස්සේ 4.9/5 ක අගයක්ද වාර්තා කිරීමට සමත් වුණා. චිත්‍රපටය ගැන තනි වචනයකින් කියනවා නම්, “බ්ලොක්බස්ටර්” එකක්!
ඉන්දියාවේ කෙසේ වෙතත්, ලංකාවේ සමහරු අතර නම් මේ චිත්‍රපටය ඒ හැටි මනාපයක් නැති පාටයි. ෆේස්බුක් එකේ පවා මං දැක්කා සමහරු මේ චිත්‍රපටය බොහොම විවේචනය කරලා තියෙනවා. “මම නම් ඔය ගොන් පාට් බලන්නේ නැහැ”, “ගෝල්මාල්, අපෝ මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්”, “මට නම් නිකන් දුන්නත් ඔය වගේ ෆිල්ම් බලන්නේ නැහැ” මේ වගේ අදහස් තමයි ඒ උදවිය කියලා තිබුණේ. චිත්‍රපට ක්ෂේත්‍රය ගත්තාම විවිධ කාණ්ඩ වලට අයත් චිත්‍රපට තියෙනවා. ඒ අතරින් කෙනෙක් කැමති වෙන්න පුළුවන් සමහර කාණ්ඩ වලට විතරක් වෙන්න පුළුවන්. ඒ කෙනා කැමති කාණ්ඩ වලට තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ කෙනෙත් කැමති කාණ්ඩ වලට තවත් කෙනෙකුත් අකමැති වෙන්න පුළුවන්. මේ තමයි මිනිස් ස්භාවය. මේ තමයි මිනිස් රුචිකත්වය. එක එක්කෙනා කැමති එක එක දේවල් වලට. තමන් මොකක්හරි දෙයකට අකමැති වුණාට, තවත් කෙනෙක් ඒ දෙයටම බොහොම කැමති වෙන්න පුළුවන්. එහෙව් එකේ, තමන් අකමැති වෙච්ච පළියට චිත්‍රපටයක් මෙලෝ රහක් නැහැ කියලා කියනවා නම්, මගේ මතය අනුව ඒ වගේ පුද්ගලයන්ට තියෙන්නේ මෝඩකම සහ කුහකකම කියලා තමයි කියන්න තියෙන්නේ. තමන්ට ගැලපෙන්නේ නැති කාණ්ඩයක චිත්‍රපටයක් බලලා, ඒ වගේ චිත්‍රපටි වලට ආස කරන අයටත් බලන්න දෙන්නේ නැතුව “මෙලෝ රහක් නැහැ” කියලා කියනවා. මගේ මතය අනුව නම් චාටර් කියලා කිසිම චිත්‍රපටයක් නැහැ. හැම චිත්‍රපටයකම හොඳ සහ නරක කලවමේ තියෙනවා. ඒ වගේම, සීයට සීයක් හොඳයි කියලා චිත්‍රපටිත් නැහැ. පොඩි හරි අවුලක් තියෙනවා. මේ කාරණාව චිත්‍රපටි වලට විතරක් නෙමෙයි, ජීවිතේ ගොඩක් දේවල් වලට අදාලයි කියලා කල්පනා කරලා බැලුවොත් තේරේවි. තමන් තමයි හොඳම සිනමා විචාරකයෝ, තමන්ට තමයි ලෝකේ හොඳම සිනමා රසවින්දනය තියෙන්නේ, තමන්ට වඩා ඔස්තාර්ලා නැහැ කියලා හිතාගෙන චිත්‍රපට බලන උදවියට නම් ඕවා තේරුම් යන එකක් නැහැ. ඔන්න ඒ නිසා මුලින්ම කිව්වා, ඒ වගේ අය නම් මේක නොබලා ඉන්න එක හොඳයි. ඒ අය මේක කියෙව්වා නම් දන්නවා ඇති තමන්ට තමයි මේ කියන්නේ කියලා. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න ඕනේ. ඒත්, මේ වගේ වැරදි දේවල් දකිද්දී, නොදැක්කා වගේ ඇහැ කණ පියාගෙන ඉන්න පුරුද්දක් නැහැ මට. කවුරු කළත් වැරදි දේ වැරදීම තමයි. චිත්‍රපටයේ තේමාවෙම සඳහන් වෙලා තියෙනවා, “ලොජික් නහීන්, සිර්ෆ් මැජික්.” ඒ කියන්නේ, “කිසිම ලොජික් එකක් නැහැ, තනිකරම මැජික් විතරයි.” ඒ නිසා, මේක තේරුම් ගන්න පුළුවන් අය විතරක් බැලුවොත් හොඳයි කියන එකයි මගේ අදහස. කොමඩි චිත්‍රපටි කිව්වාම වර්තමානයේ රැල්ල තියෙන්නේ කුණුහරුප කියලා මිනිස්සුන්ව හිනස්සන්න උත්සාහ කරන ජාතියේ දෙකයි පනහේ චිත්‍රපට. මෑතක බොහෝමයක් චිත්‍රපට දිහා බැලුවම අපිට මේක බොහොම හොඳට දැකගන්න පුළුවන්. සමහරු නම් ඒ වගේ කුණුහරුප චිත්‍රපටි වැළඳගන්නේ බොහොම ආදරයෙන් සාදරයෙන්. ඒත්, ඒ වගේ චිත්‍රපටත් එක්ක බැලුවාම මට නම් මේක මහාර්ඝ මැණිකක් විදියට හඳුන්වන්න පුලුවන්. වගකීමෙන් කියනවා, කිසිම ප්‍රශ්නයක් නැතුව මේ චිත්‍රපටය පවුලේ හැමෝටම එකට වාඩිවෙලා ඉඳගෙන, බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මං කලින් කිව්ව වගේ, මේක කොමඩි චිත්‍රපටයක් විතරක්ම නෙමෙයි. සැරින් සැරේ තමන්ටම නොදැනී, ඇස් දෙකේ කඳුළු පුරවන්න පුළුවන් මට්ටමේ සංවේදී චිත්‍රපටයක්. ඒ වගේම, චිත්‍රපටයේ අවසානයත් අතිශයින්ම සංවේදී එකක් වේවි. සංවේදී හදවතක් තියෙන කෙනෙක් නම් අවසානයේදී නිසැකවම ඇඩේවි. අධ්‍යක්ෂක රෝහිත් ශෙට්ටිටම ආවේණික ආකාරයේ ක්‍රියාදාම සහ අතිශය අලංකාර පසුබිම් දර්ශන, සිනහව දෝරගලන විහිළු සහ හදවත සංවේගයෙන් පුරවාලන සංවේදී සිදුවීම් වලින් සම්මිශ්‍රණය වූ මෙම අපූර්ව සිනමා සිත්තම නැරඹීමට කෙරෙන්නා වූ ආරාධනාවත් සමගින් අදට සමුගැනීමට අවසරයි. හැමදෙනාටම ජය!
ප. ලි. – මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමේ අවස්තාවක් ලැබුනේ වෙබ් අඩවියට පැමිණෙන සහෘද ඔබගේම වැඩි මනාපයෙන්. චිත්‍රපටිය සඳහා DVD පිටපත නිකුත් වෙලා තවම දවස් එක හමාරයි වෙන්නේ. මාගල වගේ දිග දෙබස් 2000+ තියෙන චිත්‍රපටියක්, උඩින් පල්ලෙන් ගහලා ගේන්නෙත් නැතුව පුළුවන් ඉක්මණට අරගෙන ආවා. ඔබලා ලබාදුන්න මනාපය වෙනුවෙන් චිත්‍රපටය සඳහා සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවද නැද්ද කියලා තීරණය කරන එක සහෘද ඔබ සැමටම බාරයි.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR සහ DVDRip පිටපත් සඳහා අදාළ වේ.
30,360 downloadsDownload Golmaal-Again-2017-BR.zip161 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
118 comments
Thilina Chamara
mihiran
Mn asama film set ekak.sub ekata thanx saho
lahiru sandaruwan
pizzu hedei meka enakan balan hitiye.. thank you so much sisila aiye.... eth hebei aiye hemoma download krgena blnwa eth oyage wedeta podi sup ekaka dennawath comment ekak hari vote ekak hari denne ne.. aththatama e gena nm dukai.. anyway good job bro..... best of luck.....
සමිත හිරුෂාන්
ස්තුතියි අයියේ
Helili Hemamali
ලොජික් නහීන්, සිර්ෆ් මැජික්..!
උපසිරැසියට ස්තූතියි!Avindu umesh
උපැසිරැසියට බොහෝම ස්තූතී !! සිසිල බ්‍රෝ!!!
madushan
ela saho pata
උපැසිරැසියට බොහෝම ස්තූතී, සිසිල බ්‍රෝ!!!hiran
thank you
KwiZ
ptta saho...elama..
lakmal
niyamyi tank you bro .......
Sanjaya Lakmal Liyanage
එහෙම තමයි සහෝ මිනිස්සුන්ගෙ හැටි....... කොහොම වුණත් සබට ගොඩක් ස්තූතියි.....ඉක්මනට සෙන්චරිය ගහමු ඈ.....ජය වේවා... බුදු සරණයි...!!!
akila
බෝහෝම ස්තුතියි සිසිල සහෝ!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. අර කියුවා වගේ ෆිල්ම් ඔස්තාර්ලයි,අපේ රටේ සමහර බක පඩියොයි කියන ඒවා අහලා ෆිල්ම් බැලුවනම් ජීවත කාලෙට අමතල නොවෙන ෆිල්ම් ගොඩක් බලන්න වෙන්නේ නෑ... අපේ එවුන්ට ඉතින් අමුතු රසයක්නේ තියෙන්නේ. සහෝගේ උපසිරැසි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්නම් නෑ. අයේ සුපිරිම තමා..!
Rasheen Mansil
එල අයියා සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ,එනකල් බලාගෙන හිටියේ,
ජරමර තමයි ඉතින්..
ස්තුතියි උපසිරසියට :-) :-)silent$
Thnxxxxxxxxxx....Pattaaaaaaaaaaaa
dasun
ආසම කොමඩි සීරිස් එකක් තමයී ඉතින්... ඒ වගේම මේ ලිපිය බැලුවම කලින් බලපු නැති කෙනෙක්ට පවා බලන්න ආස හිතෙනවා ඒ තරම් ලස්සනට ලියලා තියෙනවා.. සිසිර ප්‍රසාද් ජයම වේවා ඔබ හට...
supun madushanka
thanks bro.. puluwannam "partner" hindi film ekatath sub denna...
Hemantha De Silva
ස්තුතියි සිසිල...
Kavinda Banuka Athukorala
සිසිල අයියා ලිපිය නම් මරු මාර වචන ටිකක් ඔයාට ගලාගෙන එන්නෙ පට්ට සුපිරි.. පොඩි දෙයක් දැනගන්න තියෙනවා මම කලින් goulmal බලලා නෑ ඒත් මේක බැලුවොත් අවුලක් වෙයිද කලින් ඒව බලල තියෙන්න ඕනද නැද්ද මේක බැලුවොත් ඒක අවුලක් නෑ නේද
සිසිල ප්‍රසාද්
අනිත් ෆිල්ම් තුන බලලා තියෙන්නේ ඕනේ නැහැ සහෝ. කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන් මේක. මොකද, මේ හැම කතාවක්ම එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්. අංශු මාත්‍රයකවත් කිසිම සම්බන්ධයක් නැහැ. :)
කසුන් නුවන්ත
නියමයි සිසිල අයියා.... ආයේ දෙකක් නෑ,
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Sulakshana Thilakarathna
අම්මෝ ලිපිය, සුපිරි. කවුරු කොහොම කිව්වත් ගෝමාල් කියන්නේ අාතල් කෝටියක්.. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!!
Sandun_zuti
sisila aiya sub ekak krth supiriytma thynwa.. thnks bro sub ekta..
Mahesh
Sub ekata thanx
mindika
Thanks !!!!!!!!!!!!!
Ashan Herath
ela mcn sub ekata thankz
AWNCK
Thanks bro.....sub ekata thanks
Eshan
Ela bro patta sub ekata tnx
ඩොක් අයියා
එහෙනම් ඒ උපරැසියත් බාගත්තා කියමුකෝ
තැන්කු වේවා මල්ලියෝ, වැඩේ කියන්නේ මේවා ඉක්මනට බලලා ඉවර වෙනවා නේ.
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි... :!: :)
Naveen Lakshan NL
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!
බුදු සරණයි !! දෙවි පිහිටයි!!
තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!
ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති...!බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !Sub Ekata Tanx Sisira Saho
widuranga
elama broooooo
sisila ayage subak nam elama thamaiiii
Supun Dilshan
සිසිල උබ කිව්වා එක හරියටම හරි මෑතකදී අපි බලපු කිසිම කොමඩි film එකකින් ඒ කොමඩි කියන ගතිය ආවේ නැහැ ,බොහොම film වල තියෙන්නේ අවර ගනයේ කුණුහරප තියන මෙලෝ රහක් නැති විහිලු ඒවා බලල හිනාවෙන්න හිතෙන්නේ නැහැ මහලොකුවට උද ගෙන කියවන අපේ සිංහල සිනමාවේ විකට නළුවොත් දැන් වෙලා තියෙන්නේ කුනුහාප දෙපිට කැපෙන වචන කියා කියා මිනිස්සු හිනස්සන්න .හොදම උදාහරණය තමයි මෑතකදී පැවතුන දෙරණ කොමඩි සීසන් ,එකෙන් ඔප්පු උන කොමඩි නළුවෝ කියල ජාතියක් ලංකාවේ නැහැ ලංකාවේ ඉන්න පුළුවන් හොද ඕන චරිතයක් කරන්න පුළුවන් සීරියස් නළුවෝ විතරයි උන්ට කොමඩි ද සේරියස්ද කියල වෙනසක් නැහැ ඕන දෙයක් කරන්න පුළුවන් .
ගොඩක් කියෙව්වා වගේ එත් මදි ගොල්මාල් පලවෙනි film එක බැලුවට පස්සේ හිතුන මේකේ දෙවැනි එකත් එයිද කියල එක ආව එක පලවෙනි එකට වඩා රහයි ඒ පාර හිතුව මේකේ තුන් වෙනි එක එයිද කියල එත් එක්කම පොඩි බයක් අවා film එක කොටස් තුනක් අදින්න ගිහින් නා ගනියිද කියල එත් රෝහිත් අන්කල් එක ඊට වඩා හොදට කරලා .යකෝ මූ යකෙක්නේ .ඒ අස්සෙන් රෝහිත් අච්චර රොමැන්ටික් චරිත කරගෙන හිටපු ශාරුක් අරගෙන චෙන්නෛ එෂ්ප්රස් එකේ උවත් ජෝකර් කෙනෙක් කර අන්න එකයි මුගේ හැකියාව .මම මේ අවුරුද්දේ එනකල් බලාගෙන හිටපු film වලින් 1 ට තිබුනේ බාහුබලි 2 ගොල්මාල් ඒ තරම් මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ මම දන්නවා මේක රෝහිත් නාගෙන නැහැ කියල බලන්න කලින් මෙච්චර ගැම්මෙන් කමෙන්ට් එකක් දැම්මේ එකයි .මේක හොද නැහැ කියන එකෙක් ඉන්නවනම් ආපහු ගෝලමාල බලපන් මුල ඉදල සිරසේ ගොල්මාල් 3 පට්ට ගැහුවා එත් හැම පාරම බැලුව .සිසිල උබට පින් මේක මෙච්චර ඉක්මනට සබ කරට .බලන උන් බලපල්ලා අනිත් උන් නටපල්ලා .ලහිරු ප්‍රසාද්
ගෝල් මාල් මුල් සෙට් එකත් බලලා තියේ. සිරාම කතාව කුනුහරුප නැතුව හොදට ආතල් එකේ හිනා වෙවි බලන්න
පූලුවන් ෆිල්ම් සෙට් එකක්. කොහොමත් දැං කොමඩි කියලා එන ඒවට හිනා යන්නෙ නැ, තනිකරම කුණුහරුප විතරයි.
ඒ අතින් ගත්තාම ගෝල්මාල් කියන්නෙ සුපිරි ෆිලුමක්.බොහොම ස්තූතියි සිසිල අයියෙ.
ජය වේවා!priyan99
thanks saho sub ekata
Ash
thanks saho
Kavishka Vikum
elama
Rasitha
Thank You....................!!!!!!!!!!!!
Udaya Fernando
Thanks Sisila
Manoj
ammo enakan balagena hitapu film 1k thamayi meka. golmaal fun unlimited thamayi mata nam hodama comedy film 1. anith film 3 nam mul film 1 taramata awe nathi unata 1 husmata balanna puluwan supiri film set 1. thanks machan sub 1ta. dvd copy 1 balapu kenek reply karanawada copy 1 quality 1 gena kiyala. plzzzzzzzzzz
Jack
නියමයි මචෝ..
මේකට සබ් එක කොයි වෙලේ හම්බවෙයි කියලා බලන් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.DILSHAN KALINGA
sabata sthuthi saho...
Mad max
Pin machan ubata
සහන
බොහොම ස්තූතියි
madhuka weerasinghe
thank you very much sahoo...
Namika
Gindara bn. Iwasillak nathuwa hitiye..
Thanks mchn sirawatama!Lahiru
Thank u wewa
Kushan Charuka Kumarasiri
thank u සිසිල අයියෙ සබ් එකට.. සුපිරියටම තියෙනවා සබ් එක
Dimuthu Lakmal
thanks sisila aiye sub akata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


thank you