Watch Trailer

Backtrace (2018) Sinhala Subtitles | මිලියන විස්සක් වටිනා මතකයන්….!! [සිංහල උපසිරසි සමඟ]

ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්. ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි. එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්. ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය. නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල…

ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන
අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්.
ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි.
එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්.
ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය.
නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල්ලකාපු ඩොලර් මිලියන 20කට
වැඩි මුදල් ප්‍රමාණය බෙදාගන්න බැරුව සිදු වෙන ඒ වෙඩි තැබීම් හුවමාරුවෙන්
සල්ලි කොහේද තියෙන්නේ කියලා දන්න අයගෙන් ඉතුරු වෙන
එකම කෙනා තමා කලින් කියපු මනුස්සයා. මැක්ඩොනල්ඩ් ඒක තමයි ඔහුගේ නම.
ඒ සිද්ධියෙන් පස්සේ කෝමා එකක ඉදලා පස්සේ අවුරුදු හතක් මතකය
නැවත ලබාගන්න පොලිසියේ වෛද්‍ය මධ්‍යස්තානයක ඉදලා එතනින් කලින් කියපු
කණ්ඩායමේ උදව්වෙන් පැනගන්න නමුත් ඔවුන්ගේ අදිටන මැක් ලවා
සල්ලි තියෙන තැන හොයාගෙන පෝසත් වෙන එක.
මේ සියල්ල අතරතුර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවුරුදු හතක් තිස්සේ කරගෙන ගියත්
ඔවුන් වැඩි යමක් හොයාගන්නේ නැ.

ඔවුන් කුමක් කරන්නද මැක් පසුපස යනවා හැර.
         ඔව් පොලිසිය, සල්ලි පසුපස හබා යන සූක්ෂම කණ්ඩායනක්,
                 මතකය අමතක වෙච්ච වසයක මනුස්සයෙක්.
                          ඩොලර් මිලියන 20 කාටද? මේවා එකට එකතු වුන කතාවක් තමා Backtrace…

2018 දෙසැම්බර් මස 14 වෙනිදා රිලීස් වුන අපි කවුරුත් දන්න Sylvester Stallone ගේ අලුත්ම ෆිලුම තමයි මේ. IDMb දර්ශකයේ 3.7ක ඉතා පහළ අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒ වගේම මෙයට Ryan Guzman, Meadow Williams කියන නළුවන්ගේ දායකත්වයද හිමිවෙලා තියෙනවා. අනික කියන්න ඕන මේක මම ඉතාම ආශාවෙන් බලන්න හිටපු ෆිලුමක්. ඔයාලත් එහෙම වෙන්න ඇති. ඒත් අපි බලාපොරොත්තු වුන තරමේ සාධාරණයක් මේ ෆිලුමට කට්ටිය කරලා නෑ. ඉතින් බොරුවට ෆිලුම උඩ තියලා කට්ටියට බලවන්න ඩවුන්ලෝඩ් වැඩි කරගන්න උවමනාවක් නෑ. ඇත්තම කියන්න එපැයි, හොද එකට හොදත් නරක එකට නරකත්. එහෙනම් කියන්න තියෙන්නේ කතාව හොද වුනාට ෆිලුමට සාධාරණයක් ලැබිලා නෑ, සිල්වෙස්ටර් අයියගේ නමටත් හොද මදි. හරි එහෙනම් අරගෙන බලන්න. නොබලා ඉන්නත් එපා ඉතින්. මං ගැන හිතලා බලන්න.

මේක දෙන්න හිටියේ මීට කලින් ඒත් ෆිලුම ඇවිල්ල කරගෙන යනකොට හොදටම උණ හැදුනා, ඉතින් බොහොම අමාරුවෙන් කොටලා කොලටා ඔබලා වෙනුවෙන් අරගෙන අවා කොහොමහරි. අනික විශේෂයෙන් මතක් කරන්න ඕන මලිත් වීරමුණි අයියව. එයා තමා මම ලෙඩ වෙලා ඉන්න වෙලේ හුගක් ලොකු සහයෝගයක් මට දුන්නේ. එයා නොහිටින්න මේක අරගෙන එන්න තවත් දවස් දෙකක් විතර පරක්කු වෙන්නත් තිබ්බා. ඉතින් මලිත් අයියට ආපහු වතාවක් මම ස්තූතිවන්ත වෙනවා මට කරපු උදව්වට.

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු, කොමෙන්ටුවකුත් දාන්න ගුණ දොස් කියලා. ජය වේවා….

Director: Brian A. Miller
Writers: Mike Maples
Stars: Sylvester Stallone, Ryan Guzman, Meadow Williams
Run time: 92 Minutes
Genre: Crime, Drama
Release date: 14 December 2018
IMDb rating: 3.7/10
Rotten tomatoes rating: 17%

……Never Doubt Your POWER.
POWER is Your Destiny………

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip, WEB පිටපත සඳහා අදාළ වේ.

5,459 downloadsDownload Backtrace-2018.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සහ “කවිෂල් රසින්ත” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,459 downloadsDownload Subtitles36 KB

35 comments

  1. kpbasnayaka

    ස්තුතියි

  2. Hemantha De Silva

    ස්තුතියි මලිත් කවිෂල් සබ් එකට....
    ඒ වගේම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් කීවාට...
    සමහර අය වගේ වර්ණනා නොකර.
    මොනව වුණත් බළමු, ඔයාලගේ මහන්සියට.

  3. Dushmantha Ranasinghe

    Thanks

  4. kavinuweerakkody

    ස්තූතියි දෙන්නටම!!!
    ඩවුන් කළත් ෆිල්ම් එක බැලුනේ නැහැ...
    ලිපිය ලියලා තියෙන විදිහට බලන්න හිතුණා!! ඔන්න බෑවා..
    ජය වේවා..

  5. Gayan dushmantha

    බොහොම ස්තූතියි සබ් එකට, පුලුවන්නම් Night School (2018), A simple favor (2018) චිත්‍රපට වලට උපසිරසි ලබාදෙන්න.

  6. gihan perera

    ෆිලුම කොහොම උනත් මහන්සි වෙලා උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....ජය වෙිවා....දෙවි පිහිටයි...දිගටම උපසිරැසි කරන්න සහෝ....

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  9. lahiru sadaruvan

    thank you so much both of you

  10. subodha

    Thanks

  11. lakshitha2346

    sylvester stallone innawanam khmath eka patta thamaaaaa

    jaya wewa sahooo

  12. Kulanjana Maduranga

    niyamai,,,,bamak thama....subata thanks sahola.....keep it up...

  13. Helayek

    ෆිලුම පොල්ලෙයි....සබනේ වටින්නේ..

  14. sumithwickramarachchi

    niyamai thanks

  15. ranga11112

    sub akata thanks saho...theruwansaranai

  16. D.Chamara

    bohoma sthuthi sahoola ...

  17. Hiranhiru

    විස්තරය කියෙවුවාම ගොඩක් සතුටු හිතුනා. සමහර පිලුම් වලට හොඳයි හොඳයි ආසාවෙන් බලපු පිලුමක් කියලා විස්තරය තිබුනට බලද්දි එපා වෙන පිලුම් තිබුනා. ඒ වෙලාවට අපරාදෙ ඩේටා ටික කියලා හිතුනු වාර තිබුනා. ඒත් මේ විස්තරයත් එක්ක අපිටම තීරණය කරගන්න පුලුවන්නෙ හරියටම මේක බලනවද නැද්ද කියලා වත්. ගොඩක් ස්තුතියි විස්තරයට.
    ඒ වගේම ⁣උපසිරැසියටත් ගොඩක් පින්..
    දිගටම උපසිරැසි දෙන්න.
    නිදුක් නිරෝගී වේවා..!
    තෙරුවන් සරණයි...!

  18. Kapila4499

    thanks for sub

  19. thilinaasiri

    Thanks Bro.... puluwannam me film ekatath sub karala denawada machan.... 'speed kills'

  20. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  21. nish47

    thanks bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Rukshan37

    Ela ela

  24. priyanthapremarathna

    thanks bro sub akata

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජය.

  26. AsithaDilruwan

    ela saho thanks

  27. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  28. harshana alugolla

    elama sahoooo

  29. futureomega

    thanks sub ekata

  30. jagath55

    Thanks

  31. Shehan putha

    kamak ne balamu....thanks...jaya wewa !

  32. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....

  33. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  34. nihalpujitha

    super bro

  35. aks

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.