Watch Trailer

Die Hard (1988) Sinhala Subtitles | මරන්න නැත්නම් මැරෙන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේක කරන්නද කියල බයිස්කෝප් එකෙන් අහද්දි මේක වෙන කෙනෙකුට දීල තිබුනත් පස්සෙ මේක මටම කරන්න ලැබුණා. පුළුවන් ඉක්මනට කරන්න කියල ඉල්ලල තිබුණු නිසා එක දවසෙන් කරල දුන්නා. මගේ ගැන විශ්වාසෙ තිබ්බටත් සළකන්න එපායැ නේද? මේ ෆිල්ම් එක Die Hard චිත්‍රපටි මාලාවෙ පළවෙනි ෆිල්ම් එක.…

ආයුබෝවන්. මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේක කරන්නද කියල බයිස්කෝප් එකෙන් අහද්දි මේක වෙන කෙනෙකුට දීල තිබුනත් පස්සෙ මේක මටම කරන්න ලැබුණා. පුළුවන් ඉක්මනට කරන්න කියල ඉල්ලල තිබුණු නිසා එක දවසෙන් කරල දුන්නා. මගේ ගැන විශ්වාසෙ තිබ්බටත් සළකන්න එපායැ නේද?

මේ ෆිල්ම් එක Die Hard චිත්‍රපටි මාලාවෙ පළවෙනි ෆිල්ම් එක. Baiscopelk.com එකේ Film Collection එක බලාගෙන යද්දි තමයි මේකට උපසිරැසියක් නෑ කියල දැනගත්තෙ. ඊට පස්සෙ තමයි කරන්න හිතුණෙ. මොකද Die Hard කියන්නෙ මම ආසම චිත්‍රපටි සෙට් එකක්.

මේ චිත්‍රපටිය Roderick Thorp කියන කතුවරයගෙ Nothing Lasts Forever නවකතාව පාදක කරගෙන හදපු එකක්. අධ්‍යක්ෂණයකළේ John McTiernan. මේ Die Hard (1988) චිත්‍රපටියට පස්සෙ 2017 වෙද්දි මේ චිත්‍රපටි මාලාවෙ තව චිත්‍රපටි 04ක් නිකුත් වෙලා තියෙනවා. ඒව තමයි Die Hard 2 (1990), Die Hard With a Vengeance (1995), Live Free or Die Hard (2007) සහ A Good Day to Die Hard (2013). මේ ඔක්කොම ඔයාලට Baiscopelk.com එකෙන් සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන්.

පැය 02යි විනාඩි 11ක් පුරා දිවෙන මේ Die Hard (1988) චිත්‍රපටිය 1988 ජූලි මාසෙ 15 වෙනිදා මහජන ප්‍රදර්ශනේට දැම්මට පස්සෙ, IMDB දර්ශකයෙ 8.2ක අගයක් ගත්ත චිත්‍රපටියක්. එතකොට හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටියෙ තත්ත්වෙ කොහොමද කියල.

Bruce Willis තමයි මේකෙ ප්‍රධාන චරිතය වන “ජෝන් මැක්ලේන්” (John McClane) ගෙ චරිතයට පණ දෙන්නෙ. ජෝන් මැක්ලේන්ගෙ බිරිඳ “හෝලි” විදිහට Bonnie Bedelia වගේම අපේ රටේ ඉන්නව වගේ මොළේ තිබුණට බලය නැති පොලිස් නිලධාරියෙක් (සාජන්ට් මහත්තයෙක්) විදිහට “සාජන්ට් අල් පවෙල්” ට රඟපාන්නෙ Reginald VelJohnson. ඒ කියන්නෙ බලය තිබුණට මොළේ නැති පොලිස් නිළධාරියෙකුත් ඉන්න එපැයි. එයා නියෝජ්‍ය පොලිස් ප්‍රධානී “ඩ්වේන් රොබින්සන්” (Paul Gleason). එතකොට මේකෙ දුෂ්ඨයා? ඔව්, එයා තමයි “හාන්ස් ගෘබර්”. ඒ චරිතය Alan Rickman ගෙ.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කිව්වොත් ජෝන් මැක්ලේන් නිව්යෝර්ක් පොලීසියෙ නිලධාරියෙක්. එයා බිරිඳගෙන් දික්කසාද වෙලා ඉන්නෙ. එයාගෙ දරුවො දෙන්න බලන්නත් එක්ක ජෝන් නත්තල් දවසෙ ලොස්ඇන්ජලීස් ඇවිත් හිටපු බිරිඳගෙ ඔෆිස් එකට එනවා. ඒ අතරෙ හාන්ස් ගෘබර් ඇතුළු මැර කණ්ඩායම මේ ගොඩනැගිල්ලට එනවා. ඔෆිස් එකේ අය ප්‍රාණ ඇපකාරයො වෙද්දි ජෝන් තනිවෙනවා. කොහොමහරි ජෝන් ලොකු ගේමක් දීල මේ මැර කණ්ඩායම ගැන පොලීසියට දැන්වුවත් පොලීසියෙන් ලොකු සපෝට් එකක් ලැබෙන්නෙ නැත්තෙ, පොලීසියෙ බලය තියෙන උන්ට මොළේ නැති නිසා වගේම මොළේ තියෙන එකාට බලය නැති නිසා…… මේකෙ ඔක්කොම බලන්නකො. කවුද මරන්නෙ, කවුද මැරෙන්නෙ කියල දැන ගන්න පුළුවන් වෙයි එතකොට.

එහෙනම්, තවත් උපසිරැසියකින් හම්බවෙමු.පොඩි අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

5,088 downloadsDownload Die-Hard-1988.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

5,088 downloadsDownload Subtitles56 KB

28 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බොහොම ස්තුතියි
    පරණ සෙට් එකට උපසිරසි දෙනවට
    ☺☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  2. දමිත්

    සිංහල උපසිරැසියට ස්තුතියි රංජීව සහෝ.
    ජයෙන් ජය.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. ටොම්

    එල මචං the virgin physics 2015 එකෙත් සබ් දියන්කෝ

  6. chamara

    Chamara

  7. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,

  8. Kavindu

    Maxxaa mcn...ikmanatama sub daanna sahoo...jaya wewa !!!!!!

  9. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Udara Damith B/K

    ...................බොහොම ස්තූතියි............

  12. LSM HUSKAA

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,

  13. Chandika Fdo

    Sub ekta thanks bro

  14. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  15. Gayan Chathuranga

    thanks bro

  16. sunanda shanth

    thanks

  17. Nishanpradeep95

    Elmai saho

  18. ricadodamien

    Thank U Ranjeewa Brother & Baiscope Team for the Sub.

  19. podda

    elama

  20. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  21. Nishan

    Tnx bro

  22. Shaggy

    Thank you very much brthr

  23. Anonymous

    THANKS

    1. Udara Chinthaka

      නියමයි සහෝදරයා සබ් එකට ස්තූතිය

  24. Anonymous

    Sub එකට ගොඩක් ස්තූතියි..ජයවේවා

  25. Chan

    Thank you

  26. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

    1. sadun

      sub eka download krnna ba bro tynwnm matath denna brid