Watch Trailer

Doom: Annihilation (2019) Sinhala Subtitle | අපායේ දොරටු !!! [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද ඉතිං යාළුවනේ. මම නම් මේ වැඩේට අළුත් කෙනෙක්. මොකද මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. වැඩේට බහින්න කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ. අවුරුදු දෙක තුනක ඉඳන් ආසාවෙන් හිටියට පලවෙනි පාරට සම්පූර්ණයෙන් සබ් එකක් කරල ඉවර කරන්න හම්බ වුනේ දැන්. ආසාවට වැඩේට බැස්සට හිතපු තරම් වැඩේ ලේස වුනේ නම් නෑ. ඒ හින්ද හිතු…

කොහොමද ඉතිං යාළුවනේ. මම නම් මේ වැඩේට අළුත් කෙනෙක්. මොකද මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. වැඩේට බහින්න කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ. අවුරුදු දෙක තුනක ඉඳන් ආසාවෙන් හිටියට පලවෙනි පාරට සම්පූර්ණයෙන් සබ් එකක් කරල ඉවර කරන්න හම්බ වුනේ දැන්. ආසාවට වැඩේට බැස්සට හිතපු තරම් වැඩේ ලේස වුනේ නම් නෑ. ඒ හින්ද හිතුවට වඩා ගොඩක් කාලයක් ගියා සබ් එකේ වැඩ ඉවර කරන්න. එත් ඉතිං වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක්වත් එපා වුනේ නම් නෑ. පලවෙනි උපසිරැසි ගැන්වීම හින්ද මේකෙ අඩුපාඩු ඇති. ඒත් ඉතිං පුළුවන් තරම් අඩුපාඩු අවම කරගන්න මම ගොඩක් උත්සාහ ගත්ත. සබ් එකේ හොඳ නරක තීරණය කරන එක ඉතිං ඔයාලට භාරයි. එහෙනම් ඉතිං අපි වැඩි වෙලා ගන්නේ නැතුව ෆිල්ම් එක ගැන බලමු.

මේ ෆිල්ම එක ගැන කියනවනම්, මුලින්ම කියන්න ඕනි මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ID Software සමාගම විසින් 1993 එලිදක්වපු DOOM වීඩියෝ ගේම් එක. මේ DOOM වීඩියෝ ගේම් එක ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් බවට පත් වෙනව. මේ නිසාම මේ සමාගම විසින් ඊට පස්සේ අවුරුද්දේ, ඒ කියන්නේ 1994 වර්ෂයේ මේ වීඩියෝ ගේම් එකේ දෙවෙනි සංස්කරණය DOOM II ගේම් එක එලිදක්වනවා. ඊට පස්සෙ 1995 දී The Ultimate DOOM කියන නව සංස්කරණයත් ඉදිරිපත් කරනවා. මේ ගේම් එක කොච්චර ජනප්‍රියත්වයට පත් වුනාද කියුවොත් අදටත් මේ ගේම් Game serious අඛණ්ඩව ඉස්සරහට ඇවිත් තියෙනවා. පස්සේ කාලෙකදි DOOM 3: BFG edition (2012), DOOM (2016), DOOM VFR (2017) වගේ නවතම සංස්කරණ එලියට ආව. මේ අවුරුද්දෙත් DOOM Eternal (2019) ගේම් එක එළිදැක්වූවා. මේ ගේම් එකට හම්බ වෙච්ච මේ අසීමිත ජනප්‍රියත්වය නිසාම 2005 වර්ෂයේ DOOM සිනමා පටය එලිදක්වනවා.

ඊට පස්සේ මේ වීඩියෝ ගේම් එක ඇසුරෙන් නිර්මාණය වුනු දෙවෙනි සිනමා පටය තමයි මේ අවුරුද්දේ තිරගත වුනු DOOM: Annihilation (2019) කියන්නේ. මේ ගැන කියනව නම්, මේ චිත්‍රපටියෙන් වීඩියෝ ගේම් එකට උපරිම සාධාරණයක් ඉෂ්ට වුනා කියලනම් මට කියන්න බෑ. මොකද මේ ෆිල්ම් එකේ විස්තර කෙරෙනවට වඩා DOOM වීඩියෝ එක ගොඩක් පුළුල් පරාසයක් පැතිරිච්ච සුපිරි ගේම් එකක්. මේ ගේම් Serious එකේ අළුත් සංස්කරණවල ෆිල්ම් එකේ ඉන්නවාට වඩා ගොඩක් ජීවී විෂේශ අපිට හම්බවෙනවා. ගේම් එකත් එක්ක බලපුවහම ෆිල්ම් එක තියෙන්නේ ගොඩක් ප්‍රාථමික අවධියේ කියන එකනම් අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා. ඇත්තටම කියුවොත් ෆිල්ම් එකෙන් DOOM ගේම් එකේ සංකල්පය නිකං අතගාගෙන යනව විතරයි. මේ හින්දම මෙච්චර හොඳ ප්‍රතිචාර හම්බවෙච්ච DOOM ගේම් එකට සිනමාවෙදී හම්බවුනේ ගොඩක් අඩු ප්‍රතිචාරයක්.

හරි එහෙනම් ෆිල්ම එකට බහිමුකෝ. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Sci-Fi , Action & Adventure ඝනයට. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Tony Giglio විසින්. ඒ වගේම නිෂ්පාදන සහය දක්වලා තියෙන්නේ Jeffery Beach සහ Phillip J. Roth Ogden Gavanski විසින්. මේකේ තිර රචනය කරලා තියෙන්නේත් අධ්‍යක්ෂකතුමා විසින්මයි. මම කලින් කියපු විදිහටම මේකට පදනම් කරගෙන තියෙන්නේ id Software සමාගමෙන් නිර්මාණය කෙරුනු DOOM වීඩියෝ ගේම් එක. සංස්කරණය කරලා තියෙන්නේ Peter Mergus විසින්. බෙදාහැරීම UniversalPictures Home Entertainment ආයතනය විසින් කරලා තියෙනවා. මේ සිනමා පටය නිකුත් කළේ මේ වසරේ ඔක්තෝම්බර් 1 වෙනිදා. මේ චිත්‍රපටියට 3.5ක වගේ අඩු Imdb අගයක් තමයි ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ.

හරි එහෙනම්. දැන් මම මේ ෆිල්ම් එක ගැන කොටි විස්තරයක් කියන්නම්කෝ. හැබැයි ෆිල්ම් එක බලලම රසවිඳින්න ඕන කියල හිතනවනම් මේ ටික කියවන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා. මේ කථාවට ප්‍රධාන පසුබිම සැකසෙන්නේ පෘථිවියෙනුත්, අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙක් වෙච්ච ෆෝබස් චන්ද්‍රයාගෙනුත් හම්බවෙච්ච ටෙලිපෝටර් වලින්. මේ කථාවෙදී මේ ටෙලිපෝටර්ස් හඳුන්වන්නේ ද්වාර කියල. කියවන ඔයාලට පහසු වෙන්න මමත් ඒවට ද්වාර කියලම කියන්නම්. ඉතිං මේ ද්වාර වලින් එකක් තියෙන්නේ පෘථිවියේ නෙවාඩා වල. අනිත් එක තියෙන්නේ ෆොබස් වල. නෙවාඩා වල තියෙන (එක්සත් අභ්‍යාවකාෂ පරීක්ෂණ ආයතනය – UAC) එකෙන් පෘථිවියේ තියෙන ද්වාරයෙන් පලවෙනි වතාවට මිනිහෙක්ව ෆෝබස් වලට ටෙලිපෝටර් කරනවා. ඒ වැඩේ සාර්ථක වෙනවා. ඒත් ඒ විදිහට ටෙලිපෝටර් කරපු කෙනාගේ ශරීරය ගොඩක් බරපතල විකෘතිතාවයන්ට පත්වෙනවා. ඒ නිසා UAC එක තීරනය කරනවා මේ ද්වාර වලින් මිනිස්සු යවන එක නවත්තන්න. එත් ෆෝබස් වල තියෙන UAC මධ්‍යස්ථානය බාරව ඉන්න ඩොක්ටර්. බෙට්රුජර් මේ තීරණයට කැමති වෙන්නේ නෑ. එයා මේ ද්වාර ගැන පරීක්ෂණ දිකටම කරගෙන යනවා. මේ ද්වාර වලින් එහාට යවන්න මිනිස්සු එවන එක UAC එක විසින් නවත්තනවා. ඒ නිසා ඩොක්ටර් බෙට්රුජර් තමන් විසින්ම මේ ද්වාර වලින් ඇතුළට යන්න තීරණය කරනවා. මේ අතර 12 දෙනෙක් විතර ඉන්න UAC යාත්‍රික බලකායක් ෆෝබස් මධ්‍යස්ථානයේ ආරක්ෂාවට එවනවා. ඒ බලකාය එහාට එද්දී මධ්‍යස්ථානයේ බලය බිඳ වැටිලයි තියෙන්නේ. ඉන් පස්සේ මේ යාත්‍රික බලකාය මේ බල බිඳ වැටීම වුනේ මොකක් නිසාද බලන්න මධ්‍යස්ථානය ඇතුළට යනවා. එහෙට ගිහින් බලද්දී මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් සේරම විකෘති වෙලා සොම්බිලා වගේ ජීවීන් බවට පත්වෙලා. මේ සොම්බි මිනිස්සු බලකායේ බාගයක්ම විනාස කරවා. ඉතුරු අය මේ ද්වාර වලින් ආව පිටස්ක්වලයින් විසින් මරල දානවා. මේ දේවල් වලින් පස්සේ බලකායේ ඉතුරු වෙන්නේ ලුතිනල් ඩාර්ක නමින් හඳුන්වන ලුතිනල් වරයායි, බලකායත් එක්කම් එහාට ආපු ඩොක්ටර් බෙනටුයි, වින්ස්ලොව් කියන යාත්‍රික භටයයි, කාලි කියන යාත්‍රික භටයයි, ෆොබස් මධ්‍යස්ථානයේ ඉඳිය වෙරොනිකා කියන හෙදියයි, ඩොක්ටර් බෙට්රුජර් කියන කෙනයි විතරයි. ඉතිං එහෙදි මෙයාල ෆොබස් වලට ආපු යානයත් කැඩිල යනව. ඒ නිසා නැවත පෘථිවියට යන්න මෙයාල ද්වාර භාවිතා කරනවා. මෙතනදී අන්තිමට ඉතුරු වෙන්නේ ලුතිනල් ඩාර්ක් කුයි, ඩොක්ටර් බෙට්රුජර් වයි විතරයි. අන්තිමේදී තමයි දැනගන්න ලැබෙන්නේ ඩොක්ටර් බෙට්රුජර් මේ ද්වාර වලින් ආව ජීවීන් එක්ක එකතු වෙලයි කියන එක. කොහොම හරි ලුතිනල් ඩාර්ක් ෆොබස් වල ද්වාරයෙන් ගිහින්, අර පිටසක්වල ජීවීන්ගේ ලෝකයට ටෙලිපෝටර් වෙනවා. කොහොමහරි ඒ ජීවීන්ගෙනුත් බේරිලා එහෙ තියෙන ද්වාරයෙන් පැනගෙන ආයිත් පෘථිවියට එනවා. කෙටියෙන් කියුවොතින් මේක තමයි කතාව. ඒත් මේකේ මම නොකියුව තව දේවල් ගොඩක් තියෙනවා.

මේ චිත්‍රපටිය Predator, Alien වගේ Type එකේ ෆිල්ම් එකක් කියුවොත් නිවැරදී. ගේම් එකට නියම සාධාරණයක් ඉටු නොවුනට මේක ෆිල්ම් එකක් විදිහට කම්මැලි නැතුව කුතුහලයෙන් රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. ඉතිං මේ චිත්‍රපටිය බලලම රසවිඳින්න කියල මම ආරාධනා කරනවා. එහෙනම් ඉතිං මම ඔයාලව තවත් මහන්සි කරවන්නේ නෑ. සබ් එක්කම ෆිල්ම් එක බලල, සබ් එකේ හොඳ නරක, අඩුපාඩු එහෙමත් කියන්නකෝ. පුළුවන්නම් මේ ගැන අදහස් පහලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාල වෙත ඉක්මනින්ම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් මට උපදෙස් ලබා දුන්න රොයිලි අයියව අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම baiscope.lk එකේ ඇඩ්මින් මඩුල්ලත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනි. වචනෙකින් හරි මට උපකාරයක් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. එහෙනම්,

ඔබ සැමට ජය වේවා!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

9,220 downloadsDownload Doom.Annihilation.2019.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවිදු කත්‍රිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

රුවිදු කත්‍රිආරච්චි

Subtitles

9,220 downloadsDownload Subtitles49 KB

58 comments

  1. Hashan M. Priyadarshana

    පලවෙනි සබ් එකට පලවෙනි comment එක මගෙන්.. :)
    සබ් එකට ස්තුතියි කරන ගමන් පලවෙනි සබ් එකට සුබ පතනවා බ්‍රෝ වැඩේ දිගටම කරන් යං.. සුපිරි සුපිරි filmවලට සබ් දෙන්න :)
    ජය වේවා.!

    1. Hashan M. Priyadarshana

      පුළුවන් නම්,
      අවර් ප්ලැනට් 2019
      ද ප්ලැනට්ස් 2019
      කියන මිනි සීරිස් දෙකට සබ් දෙන්න.. නම් දෙක සිංහලෙන් type කරේ ඉංග්‍රීසීයෙන් type කරල සබ් දෙන්න කියල ඉල්ලලා site එකේ ගොඩක් තැන්වල comment කරල දැන් ඉංග්‍රීසීයෙන් type කරාම comment එක වැටෙන්නෙත් නෑ :D

    2. Ruvindu_Thathsara

      තැන්ක් යූ සහෝ!!!
      පුළුවන් වෙලාවක් බලලා කරන්නම්. මේ ටිකේ නම් ටිකක් වැඩ.

  2. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුභ පතනවා ..! පුලුවන් වෙලාවක , පුලුවන් විදියට Subtitle කරන්න. බොහොම ස්තුතියි !

    1. Ruvindu_Thathsara

      බොහොම ස්තූතියි සහෝ!!!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Ruvindu_Thathsara

      එසේම වේවා සහෝ!!!

  4. darshana100

    thanks saho

    1. Ruvindu_Thathsara

      Thank You!!!

  5. Rukshan37

    Ela

    1. Ruvindu_Thathsara

      Thanks!!!

  6. UK_Fernando

    බොහොම ස්තූතියි.....

  7. Dilanka Maduwantha

    Thanks Bro

    1. Ruvindu_Thathsara

      තැන්ක් යූ සහෝ!!!

  8. Dulan Randika

    Sub ekata thanx bro

    1. Ruvindu_Thathsara

      Elama Brother!!!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට
    ජය වේවා!

    1. Ruvindu_Thathsara

      Thank you Bro!!!

  10. ranga11112

    niyamai...sub akata thuthi....
    bs

    1. Ruvindu_Thathsara

      Ela bro!! Thanks!!!

  11. achala hettiarachchi

    සබ් එක එනකම් බලන් හිටියේ... බොහොම ස්තූතියි

    1. Ruvindu_Thathsara

      elama Bro!!!

  12. gihan perera

    නියමයි මචෝ....සබ් එක දෙනකන් හිටියේ....ස්තුතියි උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

    1. Ruvindu_Thathsara

      හිතුවට වඩා කල් ගියා සාහෝ වැඩේ ඉවර කරන්න. බොහොම ස්තූතියි සහෝ!!

  13. damindabg

    diga gamanak yanna labewa kiyala prarthana karanawa.subha anagathayak koluwo

    1. Ruvindu_Thathsara

      බොහොම ස්තූතියි සහෝ!!

  14. Ayesh Prashan

    Thank You

    1. Ruvindu_Thathsara

      Thanks Macho!!!

    2. sandun97927

      Super

  15. nihalpujitha

    SUPER thanks

  16. Nandana_kumara

    ela bro tu,good luck

  17. Milan Sadaruwan

    thanks bro....

  18. Dewadithya

    Thanks for Sub!

  19. Suranjan

    Thanks jayawewa......!

  20. Chalindu sankalpa

    Thanks bro .....

  21. Charith Eranga Munasinghe

    Game පට්ට නිසා ඒ ගැන ශුවර් කරලා බාන්නේ.....මොකවුනත් සබ් එකට ස්තුතියි.

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...දිගටම කරන් යමු අනිවාර්යයෙන්...ජයවේවා...බුදුසරණයි..!

  24. Shehan putha

    Thanks bro

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    පළවැනි උපසිරසියට සුභ පැතුම්

  27. chinthaka_priyadrshana

    Thank U............

  28. Farmchemie_Roshan

    Thanks malliya...

  29. Milinduprabash

    ThnkS broo

  30. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  31. Rumesh Asanka

    thank you

  32. harris

    Thnks bro sub ekata

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. podda

    thanks

  35. Dulan Randika

    පට්ට ෆිලුමක් .තව ටිකක් කතාව දික් උනානම් හොදයි කියලත් හිතෙනවා.මේකෙ අවසානයේ හැටියට තව එකක් එන්න ඉඩතියෙනවා වගේ නේද.

  36. RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය වේවා.........!

  37. Adithya77

    Ell

  38. jagath_chaminda

    thank

  39. Kaveen Gayath

    Thanks bro

  40. krisanjaya92

    supiri bro digatama yamu jaya waewa

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  42. chinthaka.max4

    thankx machan

  43. Gimhan

    elh!