චෝටේ පතන් කියන්නෙ ආයුධ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ගනිකාවන් සපයන තව ගොඩක් නීතී විරෝධී වැඩ කරන කල්ලියක නායකයෙක්. මනුශ්‍යයෙකුට වැඩිය යක්ශයෙක් කියල කිව්වොත් නිවැරදියි.බාබු කියන්නෙ මේ කල්ලියෙ සාමාජිකයෙක්. ඒ වගේම මේ කල්ලියෙ රහස් සඟවාගෙන ඉන්නෙ මේ බාබු තමයි. ඔහු කිහිප සැරයක්ම පොලීසියට අහු උනත්, කල්ලියෙ රහස්…

චෝටේ පතන් කියන්නෙ ආයුධ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ගනිකාවන් සපයන තව ගොඩක් නීතී විරෝධී වැඩ කරන කල්ලියක නායකයෙක්. මනුශ්‍යයෙකුට වැඩිය යක්ශයෙක් කියල කිව්වොත් නිවැරදියි.බාබු කියන්නෙ මේ කල්ලියෙ සාමාජිකයෙක්. ඒ වගේම මේ කල්ලියෙ රහස් සඟවාගෙන ඉන්නෙ මේ බාබු තමයි. ඔහු කිහිප සැරයක්ම පොලීසියට අහු උනත්, කල්ලියෙ රහස් එලි නොකර ඉන්නවාට, ගෙවීමක් වශයෙන් ඔහුගේ පවුලේ අයව රැක බලා ගන්නා බවට චෝටේ පතන් පොරොන්දු වී තිබෙනවා. ඔහු පොලීසියට අසු වූ අවස්තාවේදී පොලිස් කමිශනර් විසින් ඔහුව ඇප ලබා දී නිදහස් කරන අතරම අපරාධ ආදීනව දේශනයක්ද ලබා දෙනවා.ඔහු නිදහස් වී ගෙදර පැමිනුනත්, චෝටේ පතන් ඔහුගේ පවුල රැක බලා ගන්නා බවට වූ පොරොන්දුව ඉශ්ට කර තිබුනේ නෑ. ඔහුගේ බිරිඳ, පුතා සහ දුව ඉතා දුක්බර ජීවිතයක් ගත කරනවා.

ඒ දැක බාබු චෝටේ පතන්ගෙන් පලි ගැනීමට සිතා කල්ලියේ සියලු රහස් පොලිසියට හෙලි කරනවා. ඒ වගේම කල්ලියේ සාමාජිකයින් වැඩි දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. එයින් වියරු වැටෙන චෝටේ පතන් බාබුගෙන් පලි ගැනීමට තීරනය කරනවා. බාබුව ඔහුගේම නිවසට රැගෙන ගොස් බිරිඳ හා දරුවන් ඉදිරියේම දඩුවම් කිරීමට තීරනය කරනවා.බාබුගෙ පුතා අර්ජුන් ඒ මොහොතේ රැකියාවට ගොස් සිටි නිසා නිවසේ සිටියේ නෑ. බාබුගෙ බිරිඳ ඔවුන් නගරය අත හැර යන බව පවසා සමාව අයැද සිටියත් චෝටේ පතන් ඒ කිසිවකට ඇහුම් කන් දෙන්නේ නෑ. දියනිය පූජා ව ඔවුන් විසින් පැහැරගෙන යනවා. අවුරුදු දහයක් දොලහක් උස් මහත් කර ඇයව විකුනා දමන බවට තර්ජනය කරනවා. බාබු ඇයව බේරා ගැනීමට මැදිහත් වුනත්, චෝටේ පතන් ඔහුව මරා දමනවා. රැකියාව අවසන් කර නිවසට පැමිනෙන අර්ජුන් දකින්නේ මියගිය සිය පියා ලග හඬා වැටෙන මවයි. බාබුගේ මරනයෙන් පස්සෙ බාබුගෙ බිරිඳ මානසික වැටෙනවා. ඇය ඇගේම පුතා අර්ජුන්ව හඳුනන්නෙත් නෑ. ඇය සිතාගෙන ඉන්නෙ දියනියගේ බෝනික්කා ඇගේ දියනිය කියායි.

පොලීසියට යන අර්ජුන් පොලීසිය හා එක් වී නගරයෙ හැම අස්සක් මුල්ලක් පාසාම චෝටේ පතන්ව හොයනවා. එහෙත් ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. චෝටේ පතන් සහ ඔහුගේ සහචරයින් වන රජ්ජෝ සිං සහ ශර්මා සම්පූර්නයෙන්ම අතුරුදහන් වෙලා. ඒත් අර්ජුන් අතාරින්නෙ නෑ. තමන්ගෙ සොහොයුරියව සොයාගෙන පියා මැරූ පලිය ගන්නා බවට පොරොන්දු වෙනවා.

ඉතින් අර්ජුන්ට තමන්ගෙ පලිය ගන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැනගමු.

මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2003 වර්ෂයෙ ජනවාරි 3 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ Ajay (1996), Jaanwar (1999), Ek Rishtaa (2001), Andaaz (2003), Barsaat (2005), Dosti: Friends Forever (2005), Mere Jeevan Saathi (2006), Shakalaka Boom Boom (2007) Ek Haseena Thi Ek Deewana Tha (2017) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු සුනිල් දර්ශන්. රංගනයෙන් දායක වෙන්නෙ අක්ශෙ කුමාර්, කරීනා කපූර්, පූජා බත්‍රා, කබීර් බේදි, ගුල්ශන් ග්‍රෝවර්, ශක්ති කපූර්, දිලිප් ටහිල්, අර්බාස් අලි කාන්, අනිරුද් අගර්වාල්, සහ අශිශ් විද්‍යාර්ති.මේ චිත්‍රපටියට මුලින් තෝරගෙන තියෙන්නෙ සනී ඩියොල්, ආක්ශේ සහ කරීනා කපූර් ව. ඒත් පස්සෙ සනී චිත්‍රපටිය ප්‍රතික්ශේප කරනවා. ඔහුගේ චරිතය වෙන කෙනෙකුට බාර දෙනවා වෙනුවට අධ්‍යක්ශක ප්‍රධාන චරිත දෙකක් යොදාගෙන තිර පිටපත වෙනස් කරනවා. ආක්ශේ හා කරීනා මුල්ම වරට එකට රඟපාන්නේ මේ චිත්‍රපටියෙයි. ඒ වගේම 2012 වර්ෂයෙදි මේ නමින්ම තිරගත වුන අමීර් කාන්ගෙ චිත්‍රපටියෙත් කරීනා චරිතයක් නිරූපනය කරනවා.

සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sanjeev-Darshan. ගී පද රචනය Sameer. ගීත ගායනයෙන් Alka Yagnik, Udit Narayan, Kumar Sanu, Shaan, Anuradha Sriram සහ Vasundhara Das දායක වෙනවා. ඒ වගේම ලස්සනම ලස්සන සිංදු එකතුවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා.

චුට්ටක් පරණ උනත් හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක් තමයි මේ අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

විශේෂ ස්තූතිය – දහරා මුතු අමා. සහ MTR තරිඳු රුක්ශාන් පෙරේරා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ.

2,842 downloadsDownload Talaash.2003.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

2,842 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Lucky Dhananjaya

    Thanks for the sub

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  4. geeganagamage

    බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම
    Ab Ke Baras 2002 , Koi Aap Sa 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  5. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාර..පරණ ෆිලුමක් නම් ඉතින් අතාරින්නෑ...ජයවේවා !!!

  6. Bandara76

    Thanks Bro

  7. Deshani

    Thank you

  8. Sampath53

    me film eka downlord site eke nehene.thama link uplord karala nedda. sunil shettige vinshaak move ekatath sub denna.thanks sub ekata.

  9. N_R

    Thank You.

  10. kodagoda

    nx sahoo dn bagatte

  11. Dilip Kumara

    thanx saho... 2004 wage tv me film eka baluwata passe dan thama aye meka balanne. e baiscope ekata sthuti wanthawenna.. bohoma sthuthi saho.. me film ekata sub eka dammata... man aasama film ekak.. hamotama jaya prarthana karanawa. hamotama theruwan saranai...

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  16. shanedesilva

    Thanks a lot for the subtitle.

  17. blackLion007

    ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!