Watch Trailer

Vikruthi (2019) Sinhala Subtitle | සමාජ මාධ්‍ය වලින් බිඳ දැමූ ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආව. විශේෂයෙන්ම මලයාලි සිනමා රසිකයන්ට. මේක මලයාලම් එකක්. ඉතින් මේ චිත්‍රපටියට Imdb මීටරේ 7.6 ක් වෙනකන් කරකවන්න පුලුවන් වෙල තියෙනව. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන ලස්සන චිත්‍රපටියක් මේක. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Emcy Joseph විසින්. Suraj Venjarammoodu,…

ඔන්න යාළුවනේ අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආව. විශේෂයෙන්ම මලයාලි සිනමා රසිකයන්ට. මේක මලයාලම් එකක්. ඉතින් මේ චිත්‍රපටියට Imdb මීටරේ 7.6 ක් වෙනකන් කරකවන්න පුලුවන් වෙල තියෙනව. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන ලස්සන චිත්‍රපටියක් මේක. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Emcy Joseph විසින්. Suraj Venjarammoodu, Soubin Shahir…… ඇතුලු දක්ෂයො පිරිසක් තමයි මේකට රංගනයෙන් දායක වෙල තියෙන්නෙ. Soubin Shahir ව නම් මතකයිනෙ. Kumbalangi Nights, Parava, Charlie, Premam වගේ ලස්සන චිත්‍රපටි ගොඩකම හිටියනෙ. සංගීත අධ්‍යක්ෂනය Bijibal විසින්. ලස්සන සින්දු කීපයක්ම තියෙනව.මේ සත්‍ය සිදුවීම ඇසුරින් නිර්මාණය වුන කෘතිය මිනිත්තු 123 ක් ඇතුලට ලස්සනට ගොනු කරල තියෙනව. මේක හොඳ තාත්වික ගනයේ සිනමා නිර්මාණයක්.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකෙ ඉන්නව විවිධාකාර චරිත. එල්ඩෝ සහ ඔහුගේ බිරිඳ. ඔවුන් දෙදෙනාටම කතා කරන්න බැහැ. අහිංසක පවුලක්. ඒ වගේම සමීර්. බුකිය ජීවිතේ කරගත්ත එකෙක්. හැම දේම ගැනම පෝස්ට් දදා සමාජ මාධ්‍ය තමන්ගේ ලෝකෙ වගේ දකින එකෙක්. ඒ වගේම එකිනෙකාට උදව් කරන මිනිස්සු… කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් වාසි ගන්න බලන උන් … වගේ චරිත වටා තමයි මේ කතාව ගලාගෙනෙ යන්නෙ. මේ චරිත කොහොම එකට එකතුවෙයිද? සමීර් විසින් විනෝදෙට සමාජ මාධ්‍යට මුදා හරින දෙයක් නිසා එල්ඩෝ, ඔහුගේ පවුලට මොන වගේ දේවල්වලට මුහුණපාන්න සිද්දවේවිද ? ලයික් එකක්, කමෙන්ට් වෙනුවෙන් ජොලියට කල වැඩක් සමීර් ගෙ ජීවිතේට බලපාන්නෙ කොහොමද ? මේ වගේ දේකදි නීතිය කොහොම හැසිරේවිද ? මේක ඇතුලෙ ලස්සන කතාවක් තියෙනව. ඉතින් මේ හැමදේම විනෝදය, දුක ,සතුට මේ හැමදේමත් එක්ක ඔයාලම රසවිඳින්න කියල මම අරාධනා කරනව. 

අපි සමාජ මාධ්‍ය වලට මුදා හරින සමහර දේවල් වලින් සමහර විට අපි කොහෙත්ම නොහිතන දේවල් සිද්දවෙන්න පුලුවන්. ” කියපු වචන … දාපු පෝස්ට් ආපහු ගන්න බෑ. ” ඉතින් සහෝදර සහෝදරියො සමාජ මාධ්‍ය වලට දෙයක් මුදා හරිද්දි වතාවක් දෙවතාවක් නෙවෙයි දහස් වතාවක් හිතන්න. චිත්‍රපටිය ගැන ඔයාලගෙ අදහස් , තව අදහස් යෝජනා පහලින් කියාගෙනම යන්න. සිනමා රසික අපිට හැමදාමත් වින්දනයට මග පාදන බයිස්කෝප් අඩවියටත් විශේෂ ස්තූතිය. ඊලඟට එකෙන් හම්බවෙමු. ජයෙන් ජය !!! සුභ දවසක් !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

6,015 downloadsDownload Vikruthi-2019.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

6,015 downloadsDownload Subtitles58 KB

40 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kasun Jalitha

      ✌️

  2. GeethD

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. සුපිරි මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න
    කාලය මහන්සි ය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට..හුගාක් ස්තූති.
    Love Action Drama (2019) [Proper Malayalam සබ් දෙන්න

    1. Kasun Jalitha

      ගොඩක් ස්තූතියි සහෝ.

      ඒ ෆිල්ම් එක කරන්න මමත් ගොඩක් ආසාවෙන් හිටපු එකක් සහෝ . ඒක කෙනෙක් කරන්න අරගෙන. ඉක්මනටම බලන්න පුලුවන් වෙයි.

  3. gihan perera

    ස්තුතියි සහෝ...සුපිරි කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

    1. Kasun Jalitha

      :-)

  4. Hemantha De Silva

    ස්තුතියි කසුන්..
    කාගෙකට පස්සෙ තමයි මලයාලමක් හම්බ වුනේ.
    කාලෙකින් මලයාලමක් බැලුවෙ නෑ කියල අද උදේ පෝස්ට් එකකුත් දැම්ම.
    ස්තුතියි බයිස්....

    1. Kasun Jalitha

      බොහොම ස්තුතියි !!!

  5. Spynowa

    Mchan thnx mekata malayalamma ooone

    1. Kasun Jalitha

      අනිවා.
      ස්තුතීයි සහෝ .

  6. Nethini123

    සබ් එකට ස්තුතියි දිගටම මලයාලම් ඒවට සබ් දෙන්න

    1. Kasun Jalitha

      thanx sis...

  7. rangika Kariyawasam

    බෝම ස්තුතියි සහෝ. දිගටම මලයාලම් දෙන්න. ජයවේවා.. නියම වැඩක්.තද

    1. Kasun Jalitha

      ස්තූතියි සහෝ !!!

  8. lasantha1986

    cant download

    1. Kasun Jalitha

      Vikruthi (2019) Malayalam Org DVDRip x264 MP3 700MB ESub - MovCr පිටපත සඳහා අදාල
      වේ

      B940107BD0D0A6573BCCE92490E584B20DE55F5D hash tag එක google search කරල එන ඕන ලින්ක් එකකින් ෆිල්ම් එක ගන්න පුලුවන්.

  9. palithadesilva

    thankyou...

    1. Kasun Jalitha

      ස්තූතියි සහෝ !!!

  10. arawindasunimal

    thanks

    1. Kasun Jalitha

      ස්තූතියි සහෝ !!!

  11. anushka5800

    thankzz thaathvika seen ekakk.. navin paulige (love action drama) malayalm movie ekath sub dennako..

    1. Kasun Jalitha

      බොහොම ස්තූතියි සහෝ !!!

  12. dsdkavishka

    Thenks

    1. Kasun Jalitha

      ස්තූතියි සහෝ !!!

  13. Lalani Maduwanthi

    Thank you kasun,,,,,digatama apita malayalam movies denna,,,,,

    1. Kasun Jalitha

      Thankzzz....

  14. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි සහෝදරයා! සයිට් එකේ මලයාලම් සෙක්ෂන් එක අප්ඩේට් වෙනවා අඩු වුණාට පහුගිය කාලේ ගුණාත්මක තත්වයේ මලයාලම් චිත්‍රපටි ගොඩක් එකදිගට ඩිජිටල් රිලීස් වුණා. පුලුවන් නම් ඒවටත් උපසිරැසි ලබා දෙන්න!!
    The Gambler (2019)
    Ittymaani: Made in China (2019)
    Manoharam (2019)
    Kayamkulam Kochunni (2018)

    1. Kasun Jalitha

      අනිවා... ගොඩක් හොඳ ඒව තියෙනව.
      ස්තුතියි සහෝ!!!

    2. vertex89

      kayamkulam kochunni make subtitle awa saho

  15. MadhuBandara

    Thank You Yaluwa

    1. Kasun Jalitha

      Thankzz...

  16. Udaya Saman

    බොහොම තුති උපසිරසියට .ඒ වගේම බලන් ඉදපු එකක්.අනිවා බැලිල්ලක්.

  17. vertex89

    Great Movie and subtitle work. Thank you for your hark effort for create sub and this review.Good luck

  18. Bandara76

    කසුන් මල්ලී තව මේ වගේ හොද මලයාලම් ටිකක් හොයල සබ් දෙන්න..දැන් මලයාලම් රසිකයො ගොඩක් වැඩියි..ඒකට හේතුව ලංකාවෙ පරිසරය පුද්ගල හැසිරීම් හා කතා ශෛලය ගොඩාක් ලංකාවට සමීප නිසා වෙන්න ඇති..ඔබට ජයෙන් ජය.......

    1. Kasun Jalitha

  19. Ravisara Dharmapala

    Supiri film ekk bro nimy digtma me wage films denda hithata danena film ekk thnks bro sub ektt gd lc

  20. Shaggie

    Thnks mchn

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  23. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!