Watch Trailer

Winchester (2018) Sinhala Subtitles | අභිරහස් වින්චෙස්ටර් මන්දිරය…. [සිංහල උපසිරසි සමඟ]

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන” ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ ප…

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන”

ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ පුද්ගලික හේතුවක් නිසා වැඩේ අතරමග නවත්තන්න වෙලා තියනව, පස්සේ සමීර අයියා තමයි මට කතාව බාරදුන්නේ. මේකට IMDb දර්ශකයේ 5.4 ක අගයක් හිමිවෙනවා. චිත්‍රපටිය පැය එකකුත් විනාඩි හතලිහක කාලයක් ධාවනය වෙනව, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Predestination, Jigsaw වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Michael Spierig, Peter Spierig (Spierig brothers) දෙන්නා. ඇමරිකානු- ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත විදිහට හදුන්වන්න පුළුවන් සාරා වින්චෙස්ටර් ගේ චරිතය Helen Mirren තුත්, ඩොක්ටර් ප්‍රයිස්ගේ චරිතය Jason Clarke තුත්, මැරියට් ගේ චරිතය Sarah Snook තුත් කරනව. 2009 දී තමයි මේ චිත්‍රපටිය හදන්න සැලසුම් සකස් වෙන්නේ කොහොමහරි නළු නිලියෝ හොයාගෙන අදාළ දේවල් හොයාගෙන චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු පටන් අරගෙන තියෙන්නේ 2016 මැයි මාසේ. 2018 පෙබරවාරි 2 මේ චිත්‍රපටිය ඇමරිකාවෙත් කැනඩාවෙත් තිරගතවීම ආරම්භ කරනව ඩොලර් මිලියන 3.5ක නිෂ්පාදන වියදමක් දරපු චිත්‍රපටිය ඩොලර් මිලියන 38.7 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නත් සමත් වෙනව. චිත්‍රපටිය තිරගතවුණු පලවෙනි සතිඅන්තේදි ඇමරිකානු ඩොලර් මිලියන 9.3 ක ආදායමක් ලබාගෙන තියනවා. 2018 තිරගත වුන චිත්‍රපටි අතරින් පළවෙනි ප්‍රදර්ශන සතියේදී තුන්වෙනියට වැඩිම ආදායමක් ගනිපු චිත්‍රපටිය තමයි මේ. මේ ලිස්ට් එකේ අනිත් ස්ථාන දෙකේ තියෙන්නේ Jumanji: Welcome to the Jungle චිත්‍රපටියයි Maze Runner: The Death Cure චිත්‍රපටියයි. දැන් ආපහු කතාව පැත්තට හැරෙමු මේක ඇත්ත සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන කතාවක්  කට්ටියට දැනගන්නත් එක්ක backstory එක දාන්නම්කො.

කවුද මේ සාරා වින්චෙස්ටර් කියන්නේ ?

සාරා වින්චෙස්ටර්

සාරා ලෝක්වුඩ් 1840 දී ඉපදෙන්නේ, 1862 දී එයා විලියම් වින්චෙස්ටර්ව විවාහ කරගන්නව එයා තමයි වින්චෙස්ටර් ආයුධ සමාගමේ අයිතිකාරයා. විවාහයෙන් පස්සේ මෙයාලට ගෑනු ළමයෙක් හම්බවෙනවා, ඒත් ඉපදිලා මාසයක් යන්නත් කලින් ඒ ළමයා නැති වෙනවා 1881 දී විලියම් වින්චෙස්ටර්ත් නැතිවෙනවා සාරාට ඩොලර් මිලියන 20ක දේපලක් එක්ක සමාගමේ කොටස් බහුතරයක් ඉතුරු කරලා (මේ කාලෙට සමානා කරොත් දලවශයෙන් ඩොලර් මිලියන 450 විතර).

වින්චෙස්ටර් මන්දිරය

ගුවනින් පෙනෙන අයුරු

ඉදිරිපස පෙණුම

දැන් හොල්මන් බංගලාව වෙලා තියන ගෙදර 1886 දී සාරා මිලදිගන්නවා එයා 1922 දී මැරෙනකන්ම ඒ ගෙදර ඉදිකිරීම් කටියුතු කරා කියල තමයි කියන්නේ.එයා මෙච්චර කාලයක් ගෙදර ඉදිකිරීම් කටියුතු කලේ ඇයි කියන එක ගැන එක එක අදහස් තියනවා එයින් එකක් තමයි සාරා විශ්වාස කරලා තියනවා එයාගේ සැමියයි දරුවයි අකාලයේ මරුනේ වින්චෙස්ටර් රයිෆල් වලින් ගනිපු ජිවිත වලට දඩුවමක් විදිහට කියල. ඉතින් එයා කරලා තියෙන්නේ එයාගේ සමාගමේ තුවක්කු වලින් මරුන අයගේ ආත්ම වලට තමන්ගේ ගෙදර කාමරයක් වෙන්කරල තියනව. මේ ගෙදර ගැන කියනකොට සාරා කිසිම ගෘහනිර්මාණ ශිල්පියෙක් යොදවාගෙන නෑ ගෙදර විශාල කරනකොට. මේ ගෙදර ඇතුලේ එයා තමන්ට කැමති විදිහට කාමර දාල තියනවා. එක කාමරේක ජනෙලෙකින් තව කාමරයකට යන්න පුළුවන්, ඒ තරමට කාමර. මේ ගෙදර ටට්ටු හතක කාමර 200කට වැඩි ගානක් තිබිල තියනවා ඒත් සමහරක් කාමර 1906 ඇතිවුන සැන් ෆ්‍රැන්සිස්කෝ භූමිකම්පාව නිසා විනාශවෙලා තියනවා දැන් තියෙන්නේ ටට්ටු හතරක කාමර 160 විතර ප්‍රමානයක්ලු. මෙයා මේ ගෙදරටා 13 කියන අංකය පුදුම විදිහට ඇතුලත් කරල තියනවා පඩිපෙලක් ගත්තත් එකේ පඩි දහතුනක් ජනේලයක පුවරු ගත්තත් එතනත් 13ක් ( 13 කියන්නේ ගොඩක් අවාසනාවන්ත ඉලක්කමක් කියල කියන්නේ ) ඉතින් මේ ගෙදර හොල්මන් තියනවා කියල තමයි කියන්නේ. හිටපු ගමන් අමුතු සද්ද ඇහෙනවා, මිනිස්සු පේනවා වගේ දේවල් තමයි කියන්නේ. මේවා ගන විස්තර දැනගන්න කැමති අයට ඒ ගෙදර ගැන තියන නිල වෙබ් අඩවියෙන්  විස්තර කියවන්න පුළුවන්.

චිත්‍රපටිය ගැන …

චිත්‍රපටිය කතාව යන්නේ මෙහෙමයි සාර වින්චෙස්ටර් කැමති නෑ තුවක්කු වලට එයා හිතන්නේ ඒක තමන්ගේ පවුලට තියන ශාපයක් කියල ඒක නිසා මෙයා ටික ටික වෙන නිශ්පාද වලට යොමු වෙන්න ගන්නවා, හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලය නං මේකට කැමති නෑ. ඒක නිසා  අධ්‍යක්ෂක මණ්ඩලේ තීරණයකින් සාරා වින්චෙස්ටර් ගේ මානසික මට්ටම ගැන හොයල බලල වාර්තා කරන්න වෛද්‍යවරයෙක් යවනවා. එයා තමයි දොස්තර ප්‍රයිස්. ඉතින් මෙයා වින්චෙස්ටර් මන්දිරයට අගියාම තමයි හොල්මන් පේන්න පටන්ගන්නේ :3 . වැඩි දෙයක් කියන්න බෑ මෙතන එහෙම කිව්වොත් කතාව බලන එකේ තේරුමක් නෑනේ 🙂 එහෙනම් කට්ටිය කතාව බලන්නකෝ, උපසිරසියේ වැරදි අඩුපාඩු හොද නරක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith Dissanayaka

    .............බොහොම ස්තුතියි.................

  4. Rukmal sandaruwan weerasekara

    Thanks

  5. ranga11112

    Thanks Saho.....
    Sub akata Bohoma Pin

  6. Nadeesha rox alahakoon

    Tnx bro subata

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharaka

      දැනුයි බලලා ඉවර උනේ. කාලෙකින් බලපු ලස්සනම හොල්මන් ෆිල්ම් එකක්. සබට ආයෙමත් ගොඩාක් තෑන්ක්ස්..........!

  8. Tharaka Madushan

    Good job,, thanks bro

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  12. wathilak

    ස්තුතියයි උපසිරසියට

  13. malith

    Ela ela

  14. SanjulaJeter

    thanks

  15. shenal

    thanks

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දැන් නම් පළමු සතියේ box office 50ට විතර ඇත්තේ...

  17. Kavi_madushan

    සැ සැ සබ දෙනකන් බලන් හිටපු එකක්,එලම බොහොම ස්තුතියි

  18. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  19. දිල්ශාන් සචින්ත

    බොහොම ස්තූතියි සහෝ මම වෙනුවෙන් මේක බාරගෙන ඉවරයක් කරලා දැම්මට.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Pramukmili

    thanxxx bro..

  22. mana234

    thanks bro wish u all the best

  23. SP

    Thanx for the sub

  24. gayani716

    ස්තුතියි උපසිරැසියට... තවත් චිත්‍රපට කිහිපයක් උපසිරැසියට යෝජනා කරන්න කැමතියි...
    • Devil’s Gate (2017)
    • Devil’s Whisper (2017)
    • I Know You’re in There (2016)
    • Jack Goes Home (2016)
    • Marrowbone (2017)
    • Nails (2017)
    • Nightworld (2017)
    • Primal Rage (2018)
    • Rings (2017)
    • Slumber (2017)
    • The Black Room (2016)
    • The Caretaker (2016)
    • The Crooked Man (2016)
    • The Eyes of My Mother (2016)
    • Under the Shadow (2016)
    • The Faith of Anna Waters (2016)
    • The Witch (2015)
    • The Boy
    • The Pact II (2014)

    1. samahan.s

      Good job!

  25. Dushan Tharuka

    thanks bro

  26. rangaprabuddha

    Thank you very much saho.Jayen Jaya....

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. nawayaa

    thanx for sub

  29. Su

    Thanks saho sub ekata.. :)

  30. indika75

    thanks

  31. Cj

    තැන්කුයි වේවා

  32. sandharu

    Thanks broo

  33. Dewadithya

    Thanks for sub!