ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්. මිට්සුහා ස…
ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්.
මිට්සුහා සහ ටාකි… මේ දෙන්නා එකිනෙකා හමුවෙලා නෑ, කතා බහ කරලා නෑ, කොටින්ම එකිනෙකා අඳුනන්නේ නෑ. ඒත් මේ දෙන්නටම එක සමාන අත්දැකීමක් විඳින්න ලැබෙනවා.
”සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.”
මිට්සුහාගෙයි, ටාකි ගෙයි දවස පටන් ගන්නේ මේ වගේ සිතුවිලි වලින්. ඇත්තටම ඒක හීනයක් විතරද? ඒක හීනයක් නම් දෙන්නෙක් එකම හීනේ දකින්නේ කොහොමද?
imdb දර්ශකයේ 8.5 ක් වගේ ඉහළ අගයක් හිමි කර ගත්ත Your Name/ Kimi no na wa 2016 ජපන් ඇනිමේෂන් ගණයට අයිති සුන්දර නිර්මාණයක්. මේක මගේ පළවෙනි ඇනිමේෂන් වගේම ජපන් චිත්‍රපටයකට කළ උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි, අඩුපාඩු තියේ නම් දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
එකම හීනයක් නිසා හිතටත් හොරා අඬන මිට්සුහාගේ සහ ටාකි ගේ ආදර අන්දරය මිනිත්තු 106ක් පුරාවට අත් විඳින්න සූදානම් වෙන්න. සම්ප්‍රදායන් එක්ක හැල හැප්පෙන මිට්සුහාගේ ජීවිතයත්, ටෝකියෝවේ නිදහස් ජීවිතයට හුරු වූ ටාකි ගේ ජීවිතයත් එකම කාසියක දෙපැත්තක් බවට පත් කළ ආශ්චර්‍ය ය ම දිනක ඔවුන් එක් කරාවිද?
එහෙමනම්, තවත් නිර්මාණයකින් හමු වෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
Kimi.No.Na.Wa.2016.1080p.1080p.BluRay.x264.DTS-HD.MA.5.1-HDC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
31,249 downloadsDownload Your-Name-2016-AKA-Kimi-No-Na-Wa.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
82 comments
Ravindu Nilupul
sanath indika
thx sis
sohan jayasooroya
ස්තූතියි අක්කෙ උපසිරසට.. ඇනිමේශන් නම් ඕනි එකක්..
Ice&Fire
13GB???????????? Nah..
Ravindu Nilupul
check this on "Pahe" movies. they provide 480p and 720p versions of this. It won't be that much of a size for download.
Ice&Fire
thanks fr the reply but does it match with this subtitle file?
Ravindu Nilupul
It actually works fine with video on "pahe" site.
C. R. ජයලත්
Niyamai Helili Akka Jaya Wewa!!!!!
ඉෂාන් මදුෂ
නියමයි.ගොඩක් ස්තූතියි.
පුලුවන්නම් cowboy bebop anime series එකට සබ් දෙන්න බලන්න
ජය වේවා!නිරෝෂ්
ස්තුතියි සහෝදරි.ජයවේවා!
tharindu gunarathna
thanks
Ice&Fire
hy , Im really into these kind of animation movies , specially Japanese animation movies ...can u update this subtitle for " Kimi No Na Wa 2016 720p BRRip 950MB MkvCage mkv " because that file size is less than 1GB
Thanks!!
tharindu gunarathna
psa 1080p 750mb
kasun
thanks
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
charith eranga
සබ් එකට බොහොම ස්තුතියි...
සබ් දෙනවනං ජපන් ඇනිමේශන් ගොඩක් හොද ඒවා තියෙනවා.ලංකාවේ ගොඩක් අය මං හිතන විදිහට බලන්නෙ නෑ.ඒත් ජපන් බලන අය/බලලා තියෙන අය english සබ් වලිනුත් බලනවා.හොද ජපන් tv series තියෙනවා.පුලුවන් නම් එවටත් සබ් දෙන්න...
Ravindu Nilupul
Don't worry soon will come more anime with Sinhala subtitles just wait for little longer.
Prabuddha Kulatunga
නියමයි අනේ. තවත් මේ වගේ ෆිල්ම් කරන්න..ඔයාගේ සබ් සුපිරි.. ! :D :D
Helili Hemamali
ප්‍රතිචාර දැක් වූ සැමට බොහොම ස්තූතියි..
Pasindu Kaumada Meteorain
Thankss අක්කෙ
පුලුවන්නම් Rakshasa Street Tv show එකට subtitles දෙන්නකෝRavindu Nilupul
it is bit underrated one. why don't you request some mainstream for the starter?
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~නිවන්දක සුබසිංහ
sub akta patta thanks jap film godak lassanai a wagema size akath wadi.
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ…Thanks sis
IMDB Top Rated Movies #84 Film ekak
ජයෙන් ජය වේවා!!!Ravindu Nilupul
සහෝ බය වෙන්න එපා....පළවෙනියට දෙවනියට වැටෙන ඒවාට views අඩු වුනත් පහු පහු වෙනකොට හොද ප්‍රතිචාර ලැබෙන්න ගනීවි. තාම ලංකාවේ Anime කියන දේ එතරම් කතාබහ වෙනවා අඩුයි. නමුත් කොතනින් හරි පුපුරලා දාම ප්‍රතික්‍රියාව පටන්ගත්තාම අයේ නවත්තනවා බොරු. මේ එවන් පිපිරෝඕ අවස්තාවක් වීමටත් ඉඩ තියෙනවා.මම Anime බලන්න ගනිද්දී එක සිංහල sub එකක් හොයන්න තිබ්බේ නෑ. එත් දැන් ටික ටික anime වලට sub මතු වේගන එනවා. ඒක සතුටට් කරුණක්.
අසිත
aniwa saho
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chamu
Japan animation tharam lassana movies mata nam kohewath nah.aniwa balanawa.puluwannam me wage ewata digatama sub denna.mokada mewata sub watenawa adui.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan
Thanx... thawa Anime movies walata oyagen sub ona.
nisha
Sub akata thanks.digatama sub karan yanna. jaya weva.T.S.
Sajeewa
පට්ටම animation එක.ගොඩාක් වටිනවා මේ වගෙ movies වලට සබ් දාන එක.ඇඩෙන තරමට හිතට වදින movie එකක්. බලපු නැති අය අනිවා මේක බලන්න.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Amalka
බොහෝම ස්තූතියි සිස් සබ් එකට මේකටත් කවුරුහරි සබ් දෙයි කියල බලන් හිටිය බැරිම තැන කඩ්ඩ එක්කම බැලුව දැන් සබ් දීල තියන එකේ ආපහු බලනව :)
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…අසිත
ඔයා මාර ලස්සනට සබ් එක කරලා තියෙනවා
ෆිල්ම් එක බලලත් කමෙන්ට් එකක් නොදා බැරි උනේ ඒකයි
ජය !!!chanu mikhail
wow,
meka apu gamanma baluwa.
kauda hithuwe sinhala sub ei kiyala,
mokada anime ewata sub watenawa auine,.kohoma unath meka niyama anime ekak.,
thank you sis, me wage sub ekak dunnata.,
thawa anime ewata sub dennako.,
jayawewa..!!!Chamu
attatama film eka balalath comment ekak danna hithuna echcharatama lassanai kathawa puluwannam thawa japan anime tikak denna.
Helili Hemamali
ඔබ සියලු දෙනාගේම ප්‍රතිචාර මං ඉතා ඉහළින් අගය කරනවා. බොහොම ස්තූතියි!
Anonymous
❤
Ishara
Thawa Anime film oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii ...........................................
GihanC
digatama Anime walata sub denna ...Disney walata harennawath ba japanese anime ekka ...
naduwa
kiyanda wachana ne suppa.thnx sis
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි...
kaweesha kalyana
filuma nam patta
thanx for subErangaM
බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට... හරිම ලස්සන වෙනස්ම විදිහේ ෆිල්ම් 1ක්
Amal_indika
thank you
Hashan M. Priyadarshana
Thank you sub ekata..
Jaya wewa!Supun Lakmal
nice.. eka patta digatama me wage sub ...
Punya Nimantha
Thank you...!!!
kchandana
Thank you very much
DMStyles
mata sub eka download karanna bane normal sub eka download karala download wenne html file ekak
Krishan NiShalya
බොහොම ස්තූතී
ආසම ෆිල්ම් එකක් දැන් නම් ❤
Good Luck !
knight1500
ජපන් anime වලට sub දෙන එක නම් පට්ටම වටින වැඩක් පුළුවන් නම් තව මේ වගේ ලස්සන anime වලට sub දෙන්න
Good luck!!
Gayan Chathuranga
සබ් එකට බොහොම ස්තුතියි!!, ජපන් ෆිල්ම් වලට සබ් දෙන එක ගොඩක් වටිනවා
Lakshansilva18
Harima lassana film ekak
chira
Weathering with you(2019) akke puluwn nm me film ektth sub ek krla denna.... Thank u!!!
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Pavith Wijesooriya
මේක ගොඩාක් ලස්සන ඇනිමේ එකක්.මේ වගේ ලස්සන ඇනිමේ වලට නම් උපසිරසි දෙන එක වටිනවා අක්කේ.උපසිරසියට ගොඩාක් ස්තූතියි.සුපිරියටම සබ් එක තිබ්බා.ඉතින් මේ වගේ තවත් ලස්සන ඇනිමේ වලට උපසිරසි දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.ඇනිමේ කියන්නේ අතහරින්න හොද නැතිම දෙයක්.ඒ නිසා උපසිරසි ලබා දෙන්න තරම් වටින,ලස්සන ඇනිමේ වලට උපසිරසි ඉදිරියටත් ලබා දෙන්න.ආයෙත් ගොඩක් ස්තූතියි උපසිරසියට.ජය වේවා!!!
Advertisement

බොහොම ස්තූතියි උපසිරසියට.
ඇතියන්තම් Anime එහෙකට Sub එකක් අවා....
Tv series වලටත් Sub දෙන්න පුලුවන්නම් වටිනවා