Watch Trailer

Fury (2014) with Sinhala Subtitles | මරු සිටින මානයේ…[සිංහල උපසිරැසි සමඟ]

සාජන් කෝලියර් (වෝර්ඩැඩී) ” මම මේ යුද්ධය පටන් ගත්තේ අප්‍රිකාවේදී. අප්‍රිකාවේදී මරන්න ගත්ත ජර්මන් කාරයෝ පස්සේ ප්‍රංශය අතුලේදීත් මැරුවා. ඊට පස්සේ මම මේ යුද්ධේ බෙල්ජියම් වලදීත් කලා. දැන් මම උන්ව උගේ රටේදීම මරනවා. ඒ වගේම මේ යුද්ධය ඉක්මනටම ඉවරයක් වෙලා යයි. එත් මම දන්නේ නැහැ ඒක එහෙම වෙනකොට තව ජිවිත කීයක්…

Fury (2014)

සාජන් කෝලියර් (වෝර්ඩැඩී) 

” මම මේ යුද්ධය පටන් ගත්තේ අප්‍රිකාවේදී. අප්‍රිකාවේදී මරන්න ගත්ත ජර්මන් කාරයෝ පස්සේ ප්‍රංශය අතුලේදීත් මැරුවා. ඊට පස්සේ මම මේ යුද්ධේ බෙල්ජියම් වලදීත් කලා. දැන් මම උන්ව උගේ රටේදීම මරනවා. ඒ වගේම මේ යුද්ධය ඉක්මනටම ඉවරයක් වෙලා යයි. එත් මම දන්නේ නැහැ ඒක එහෙම වෙනකොට තව ජිවිත කීයක් විනාශ වෙලා යාවිද කියලා.  කාලෙකට උඩදී මම මගේ කණ්ඩායමේ අයට පොරොන්දුවක් දුන්නා එයාල හැමෝවම ජිවත් කරවනවා කියලා. දැන් ඒ මාර්ගයටම තමයි ඔයත් ඇතුළු වෙලා ඉන්නේ. පරමාදර්ශ හරිම සාමකාමියි එත් ඉතිහාසය ගොඩක් සාහසිකයි”

මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමේ සාජන් කෝලියර් හෙවත් “වෝර්ඩැඩී” නමැති අනුවර්ථ යුධ නාමයෙන් හඳුන්වන දෙවනලෝක යුද්ධය අවසානයේ ඇමෙරිකානු හමුදාවට විශාල සේවයක් කල ෆියුරි නම් යුධ ටැංකියේ අණදෙන නිලධාරියා. ඔහු ජර්මනිය තුල සටනට අවතීර්ණ උනා පමණයි ඔහුගේ සහයක රියදුරා ජර්මන් හෙවත් නාසි හමුදා ප්‍රහාරයකින් මිය ගිහින්. ඒ වගේම යුධ ටැංකියටත්  තරමක හානියක් සිද්ධ වෙලා. ඉතින් තව ඉතිරි වෙලා ඉන්නේ ගොර්ඩෝ (ප්‍රධාන රියදුරු), කූන්ඈස් (තාක්ෂණික නිලධාරී) සහ ප්‍රධාන තුවක්කුව මෙහෙයවන බයිබල් පමණයි. මේ සෑම නමක්ම මෙයාලට යුද්ධයේදී ලැබුන නම්. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය අවසානයේ පරාද උවත් ඇමෙරිකාවට ජර්මනිය තුල සටන පහසු එකක් උනේ නැහැ. මොකද ඇමෙරිකාවට වඩා බලවත් සහ දරුණු ආයුධ ජර්මන් හමුදාව සතු උනා. ඇමෙරිකානු හමුදාව ෂර්මන් නමැති යුධ ටැංකි භාවිතා කරනකොට ජර්මන් හමුදාව ඊට ප්‍රතිප්‍රහාර සැපයුවේ ටයිගර් නමැති අධි බලැති යුධ ටැංකි වර්ගයකින්. ටයිගර් යුධ ටැංකියක් සමඟ සටන් කිරීම කොයි තරම් අපහසුද කියනවා නම් ෂර්මන් යුධ ටැංකි කීපයක් උනත් ඉවර කරන්න මේ ටයිගර් යුධ ටැංකියකට පුළුවන්. ඉතින් මේ කතාවේ ප්‍රධාන මාතෘකාව ටයිගර් යුධ ටැංකියක් නෙමේ ඇමෙරිකන් M4A3E8 ෂර්මන් යුධ ටැංකියක්. අනුවර්ත නාමය ෆියුරි. 

දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය තුල ෆියුරි නමැති යුධ ටැංකිය වගේ යුධ ටැංකි සපයපු සේවය ඉතා විශාලයි. ඔවුන් තමයි ආරක්ෂක වළලු කඩාගෙන පාබල හමුදාවන්ට ඇතුල් වෙන්න ඉඩ පිළිසකර කර දුන්නේ. ඉතින් ෆියුරිගේ රාජකාරිය වෙන්නෙත් ඒකම තමයි. මියගිය සහයක රියදුරා වෙනුවට සාජන් කෝලියර් හට ලැබෙන්නේ හමුදාවේ යතුරු ලියන්නෙක්. කවදාවත් තුවක්කුවක් වත් අල්ලපු නැති විනාඩියකට වචන 60ක් ටයිප් කරන්න පුහුණු උන කෙනෙක්ට ජීවිතේට දැකල නැති යුධ ටැංකියක සහයක රියදුරෙක් වෙන්න වෙනවා. ඒ අත්දැකීම කොයි වගේද කියලා දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. හමුදාවේ උනත් යුද්ධය නමැති දරුණු වසංගතයේ අමිහිර නොදැකපු හමුදා සෙබලුත් ඉන්නවා කියලා ඔයාලට මේ සලරුව බලාගෙන යනකොට තේරෙයි. 

ඒ වගේම යුද්ධයේදී සතුරා සහ සතුරාගේ මිනිසුන්ට සැලකෙන ආකාරය ඔවුන්ට ලැබෙන තැන ගැන චිත්‍රපටයේ මැදකදී දැක ගන්න ලැබෙයි. කොහොම උනත් යුද්ධ කරන්නෙත් අපි වගේම මිනිස්සු. හැඟීම් දැනීම් දැනෙන, දුක සතුට දැනෙන මිනිස්සු. ඒ වගේ මිනිස්සු මේ වගේ කුරිරු වෙන්නේ සහ කරන්නේ යුද්ධය නෙමේ. ඒ මිනිසුන් වන අපිම තමයි. කාලකන්ණි යුද්ධය කියල මිනිස්සු දෙස් දෙවොල් තිබ්බට, ඒ කාලකන්ණි කම උදා කරගන්නේ අපිම තමයි. අවසානයේ යුද්ධය කියන්නේ මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් වෙනුවෙන් කරන්න පුළුවන් තුච්ඡ සහ අමනුස්සම වැඩක් කියලා අවසානයේ දකින්න ලැබෙයි. ඒ වගේම තව දෙයක්, යුද්ධය තියෙන තැන මිනිස්කම දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් එහෙම තිබුනත් ඒ මිනිස්කම නොමිනිස්කම මගින් පාගාගෙන මිනිස්කමට උඩට එන්න දෙන්නේ නැති හැටිත් දැකගන්න ලැබේවි. 

ෆියුරි සිනමාහල් වල සටන තිරය මත ආරම්භ කලේ මේ වසරේ ඔක්තෝබර් 27 වනදා. මෙහි වැය ශීර්ෂය උනේ ඇමෙරිකානු ඩොලර් මිලියන 68ක්. ඒ වගේම වර්තමාන ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 172ක්. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ David Ayer විසින්. Training Day (2001), Street Kings (2008), End of Watch (2012), Sabotage (2014) ඔහු අතින් නිර්මාණය උන චිත්‍රපට. ඒ වගේම මෙහි IMDb අගය වෙන්නේ 8ක්. චිත්‍රපටය සඳහා රංගන දායකත්වය Brad Pitt, Shia LaBeouf, Logan Lerman, Michael Peña, Jon Bernthal යන දක්ෂ නළුවන්ගෙන් ලැබිලා තියෙනවා. අවසානයේ කියන්න ඕනේ මේ චිත්‍රපටය යුධ චිත්‍රපට ලෝලියෙක් නම් නිසැකවම බලන්න. කාලෙකින් ආපු හොඳම යුධ චිත්‍රපටියක්. 

අනික් කාරණාව තමයි මේ සලරුවට තාම ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. මේ උපසිරැස නිර්මාණය කලේ සැම දෙබසකටම සවන් දීලා. වෙනත් බාශාවක උපසිරසක කාල රාමු යොදා ගත්තත් මුල් පිටපතට වඩා අමතරව මට ලයින් 150ක් පමණ එකතු කරන්න උනා. ඉතින් කට්ට කාලා කරපු වැඩේට ඔයාලගෙනුත් යමක් බලාපොරොත්තු උනාට කමක් නැහැ කියලා හිතනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!

“Ideals are peaceful. History violent.”

Fury (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

20,643 downloadsDownload Fury-2014-BR.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

20,643 downloadsDownload Subtitles315 B

158 comments

  1. SanathK

    Thanks bro.

  2. asela

    700 link eka wda nene machan.

  3. asela

    700 link eka wada nene machan.

  4. Yasitha

    Niyama vadak saho. THANK YOU VERY MUCH!!!!

  5. සමීර චතුරංග

    අප්පා..
    අයියා එහෙනම් ඉක්මණටම සබ කළා එහෙනම්.
    මම නම් හිතුවේ නැහැ මේ තරම් ඉක්මණට දේවි කියලා
    මම නම් බැලුවා නොවැ.
    ආයෙත් බලන්නම් ඈ..
    ජය!!

  6. Threema

    Api dubai... New movies download karanna behe. Mokakda aula

  7. තිලංක

    පට්ට ආ....... සුපර්..... ස්තුති වේවා

  8. Dimuthu

    Thank you..

    1. Dimuthu

      link thunama weda ne ne :(

  9. toodo

    thank you brother

  10. dinuka

    Monada weda nethi link danne.weda karana ekak danna

  11. Ashain

    ela ela......... thanq wewa........patta

  12. Kulanjana Maduranga

    maxxaaaaaa filumak ne.aniwa meka nm balannama ona.subata thanks HASANTHA Aiye...e wgema lipiyath supiriyatama liyala thiyenne.digatama sub demu.jayen jaya.............

  13. Erängä

    bohoma sthithi saho sub ekata...

  14. යශෝධ

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා... ජනවාරි වෙනකන් ඉවසනවා.... මේක ඉතින් ලොවෙත් අතාරින ෆිලුමක් නම් නෙවෙයි. බොහෝම ස්තූතියි හසන්ත අයියා වෙච්ච මහන්සියට.. බ්ලුරේ එනකන් ඉන්නවෝ.. ජයම වේවා..! එලස්ස්ස්..

    1. thisal

      එල කිරි මෙ වගෙ සුප්පා එකක් BR ම තමා බලන්න ඔනි ජනවාරි වලට කලින් එයි නෙද මෙ මාසෙ අන්තිමට වගෙ?

  15. Asel

    Niyami Hasantha aiyee supiri film 1 wage
    Br update parak dana
    Jaya Wewa !!!!

  16. VIRAJ

    thanks saho

  17. Tharindu

    ela machn. elakiri

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරිම සුපිරි ෆිල්ම් එකක්..
    ඊයේ රෑම බෑවා..
    ස්ක්‍රීන් කියලා නැහැ හොඳට තියෙනවා/
    අනික හසා කරොත් ආයේ කුමන කතාද?
    ලොවෙත් බැලිල්ලක් තමා..
    බාලා තියෙන නිසා අද රෑ ජාමේ බලන්න ඕනේ...
    ඔන්න එහනම් දැන් සබ් එක බානවා,...
    ජය වේවා!!

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Global

    හසන්ත සහෝට ගොඩක් ස්තුතියි අපිට කලින්ම බලන්න SCR කොපියට සබ් දුන්නට ......

  21. chinthana

    trailer එක වෙන එකක් දීල තියෙන්නෙ.

  22. Jack

    අම්මෝ ජනවාරි වෙනකම් ඉවසන්න බැරියෝ.
    දැන්ම බානෝ.
    බොහෝම ස්තුතියි හසන්ත සහෝ වෙච්චි මහන්සියට.

  23. #YasmikaSH

    බොහොම ස්තූතියි හසන්ත සහෝ..
    මේක IMDb Top භාණ්ඩයක් නෙව?

  24. SaDuN dAnUsHkA

    හසන්ත අයියානේ කරලා තියෙන්නේ
    මොනවටද නොබලන්නේ
    සබ නම් සුපිරියටම ඇති
    ජය වේවා............ !

  25. Isuru sri sankalpa

    wada naha link 3ma

  26. Chamara D.

    Thanks Boss!!!

  27. ASANKA

    tnx.. bro.. dan download wenna damma

  28. lakshan

    ela meka denakan hitiye...sabata bohoma thuthi jaya wewa hasantha aiye........!

  29. rosahnd

    ela ela bro tanxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. Sam

    thankss sahooo..mekata sub dankn hitiyeee...jaya wewaaa...///

  31. Bryan

    elazzzzzzzzz............enakan balan hitiye.patta

  32. Aravinda Wijesuriya

    tnx saho. thawa issarahata yanna subapathanawa

  33. කේ.යූ.ජී. උදාර

    ඇහැ තියාගෙන උන්නු එකක්...........
    සබට බොහොම තුති හසන්ත.

  34. dila*

    menna bole deeela thanx machan.

  35. chaminda

    supiri macho.. thanks......................
    ohoma yan aaaaaaaaaaaaaaaaaaaaaa

  36. thisal

    එල එල තැන්ක්ස් ස්අබ් එකට BR එක එනකම් ඉන්නවා මෙ ව්අගෙ සුපිරි එකක් ස්ක්‍රින් බලල තෙරුමක් නැ br එක ආපු ගමන් සබ් එක අප්ඩෙට් කරන්න හොදෙ ජය වෙවා

  37. Sach

    සබට තුති සහෝ !!!!

  38. me

    Thanks

  39. Praneeth

    ඔයා වෙලා තියෙන මහන්සියට කමෙන්ට් එකක් නොදා යන්න බැ. බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය යොමු කරලා කර වැඩේට. බුදු සරණයි.

  40. DilanH

    මේක බලන්නම හිටපු එකක් ස්ක්‍රීනර් එකේ ඔරිජිනල් රන් ටයිම් එකම ඇති නේ ?
    ගොඩක් ස්තුතියි ජයවේවා

  41. chamara southern

    thanks hasantha malli , balaporoththuwen hitapu movie ekak.

  42. daminda

    Niyamai saho.
    ikmanatama dunata
    godak stuti

  43. suranga

    Patta.......

    Thanks.

  44. yash

    700 මං බෑවා . අවුලක් නෑ . තැන්කූ මචං කට්ට කාලා ෙම්වා කරනවට .

  45. “චූටී මල්ලි”

    BR කොපි එක්ක තමා ඉතින්
    පට්ට කට්ටක් කාලා වගෙ
    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.......

  46. isuru feat

    elzzzzz

  47. I.W.M.S Ilangakoon

    ela machan supiri story eka,,
    digatama demu,,
    jaya wewa,,,

  48. sajeevi

    thanks

  49. හර්ෂණ

    එලම වේවා

  50. Kasun

    Thank You very much. I was looking this for months. EEth giya sathiye meeka mama hoyagena beluwa. Patta supirima film mekak. Menna download karanawanam badu. Thanks again for the effort.

Load more comments