ඔන්න මම මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම අරන් ආවා…හැබැයි මේ සැරේ අරන් ආපු එක නම් මීට කලින් දුන්නු ඒවට වැඩිය හාත්පසින්ම වෙනස් එකක්.ඒක ඉතින් කවර් එක බලපු ගමන්ම තේරෙනවානෙ නේද. බය හිතෙන විදිහෙ කිසිම දෙයක් අඩංගු නැති,Adventure ගෑවිලාවත් නැති ඉතාම සරල අහිංසක කථාවක් ඇතුලත් චිත්‍රපටයක් තමයි ඉතින් මේ සැරේ දෙන්නෙ…
ඔන්න මම මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම අරන් ආවා…හැබැයි මේ සැරේ අරන් ආපු එක නම් මීට කලින් දුන්නු ඒවට වැඩිය හාත්පසින්ම වෙනස් එකක්.ඒක ඉතින් කවර් එක බලපු ගමන්ම තේරෙනවානෙ නේද. බය හිතෙන විදිහෙ කිසිම දෙයක් අඩංගු නැති,Adventure ගෑවිලාවත් නැති ඉතාම සරල අහිංසක කථාවක් ඇතුලත් චිත්‍රපටයක් තමයි ඉතින් මේ සැරේ දෙන්නෙ වෙනසකටත් එක්ක…මේකෙ නම “කුයීල්”.කථාව පුරාවටම තියෙන්නෙ ඉතින් මේ අහිංසක බලු රාලගෙ ජීවිතය ගැන තමයි ඉතින්.ඔයාලා “හචිකෝ” ගෙ කථාව බලලා ඇතිනෙ. Hachi: A Dog’s Tale (2009). ඒ වගේම A Tale of Mari and Three Puppies (2007). ඒ වගේ චිත්‍රපටවලින්, කථා කරන්නට බැරි වුනත් මීනිස්කම් හොඳින් හදුනගත්, මිනිසුන් ට ආදරය,ලෙංගතුකම,කෙලෙහිගුන පෙන්වන සිව්පා සතුන් (කථාවෙ හැටියට ඉතින් බලු රාල ලා) ගැන මනාවට ලොවට කියන්නට උත්සාහ දරා තිබුනු හැටි ඔබට මතකයි නේද..!මේකත් ඒ වගේ තේමාවක් රැගත් එකක් හැටියට හදුන්වන්න පුළුවනි…
කොහොම වුනත් මේ වගේ තේමාවන් තියෙන චිත්‍රපටි වලට හුඟක් දෙනා කැමති නොවෙන්නත් ඉඩකඩ තියෙන නිසා බාගන්න කලින් “ට්‍රේලර් එක” බලලා බා ගැනීම, නොගැනීම තීරණය කලොත් හොඳයි. ඉතින්, මේ අපේ කථා නායක “කුයීල්” ගෙ උපතේ ඉඳලා, එයා හැදෙන වැඩෙන හැටි එයාගෙ ජීවිතය ගෙවෙන හැටි අඩංගු මේ චිත්‍රපටය සුරතල් සතුන්ට ආදරය කරන අපේ රසිකයෝ ඉන්නවනම් එයාලට හුඟක් ගැලපෙයි කියලා හිතනවා.ඉතාම සරල කථා තේමාවක් තමයි අඩංගු වෙලා තියෙන්නේ.
ඉතින්,මේ චිත්‍රපටය ජපන් චිත්‍රපටයක්.මේක ජපානෙදි තිරගත වෙලා තියෙන්නේ 2004 මාර්තු 13 වෙනිදා,අනිකුත් රටවල් වලදි ඊට පසුව තිරගත වෙලා තිබුනත් U S A වලදි මේක තිරගත වෙලා තියෙන්නේ හුඟාක් පස්සේ.ඒ කිව්වෙ 2012 දි.සෑහෙන කාලෙකට පස්සෙ. මේකට හිමිවෙලා තියෙන IMDb අගයත් ඉතින් සුළුපටු නැහැ. ඒ 7.2 ක් හැටියට.මේකට සබ් දෙන්න හිතන්න ඒකත් හේතුවක් වුනා.මේ කථාව වර්ගීකරනය පැත්තෙන් ගත්තොත් අපිට දාන්න පුලුවන් Drama, ළමා, වගේ ඝනයට තමයි.පවුලේ හැමෝටම එකට රස විදින්න පුළුවන් කියලත් කියන්න පුළුවනි. 🙂
“කුයීල්” කියන්නෙ තවත් සහෝදර බලු පැටවුන් 4 දෙනෙක් සමග මෙලොව එළිය දකින “ලැබ්‍රඩෝර්” වර්ගයට අයත් සාමාන්‍ය බලු පැටියෙක්.එයාව කොහොම,කොහොම හරි තෝරගන්නවා අන්ධ අයට මග පෙන්වන බල්ලෙක් විදිහට පුහුනු කිරීම සඳහා.ඒ විදිහට අන්ධ පුද්ගලයින්ට මග පෙන්වන බල්ලන් විදෙස් රටවල් වල හුඟක් දකින්න පුළුවන්.ලංකාවෙත් එහෙම දැන් තියෙනවද දන්නෙ නම් නෑ..කොහොම වුනත් ඉතින් “කුයීල්ගේ” ජීවිතේ තමයි මේ කථාවෙ තියෙන්නේ.එයාට කථාව පුරාවටම හමුවන චරිත,එයා මුහුන දෙන අත්දැකීම් වගේ දේවල් වලින් කථාව ගලායන්න ඉඩ හැර තිබෙනවා. 🙂
(මේකත් ටිකක් කියන්න ඕනේ, මේකෙ සීඩ්ස්, මම බාගන්නකොට තිබුනා වගේ නම් නෙමෙයි සෑහෙන්න අඩුවෙලා (සතියක් ඇතුලත ) ඒ නිසා සීඩ්ස් ටිකක් වැඩි කරලා අනිත් අයටත් සහයෝගයක් දෙන්න පුළුවන්නම් අගය කරනවා.) ඉතින් මම කථාව ගැන දුන්නෙ කෙටි හැදින්වීමක් පමනයි. කැමති අය බාගන්න ගමන් අදහසකුත් තියලා ගියොත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම්, නැවත හමුවෙමු.සැමට ජය..! 😉
“”අවසානෙට මට හිතුනෙ මේ ජීවිතේ පුරාවටම අපිට මොන මොන චරිත මුන ගැහෙනවද, සමහරු එනවා යනවා, සමහරු ටික කාලයයි, තවත් අය ජිවිතේටම බැඳිලා ඉන්නවා.ඒත් ඉතින් අන්තිමට, ඒ හැමෝගෙම මතක විතරක් නෙමෙයිද අපිට ඉතිරි වෙන්නෙ..! සතෙක් වුනත් එහෙමයි,ඒවා සමහර වෙලාවට පෙර භවයන් වල අපි පතපු විදිහට වෙනවා වෙන්නත් පුළුවන්.තිරිසන් සතෙක් වෙලා හරි මේ ආත්මෙදි අපි ලඟට එන්නෙ ඒ විදිහෙ ප්‍රාර්ථනාවන් හින්දා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් මිනිස් ආත්මයක් ලබලා තියෙන අපි හැමෝම අනිත් හැම ජීවිතයකටම ආදරේ කරමු..ඒ වගේම කිසිම වෙලාවක ‘ශාරීරික ආබාධ ඇති කෙනෙකුට, අයට’ කිසි වෙලාවක හිනාවෙන්නවත් සරදම් කරන්නවත් එපා. ඒ අයට හැම තිස්සෙම අනුකම්පා සහගත වෙමු. ඒ වගේ අය වෙනුවෙන් අපේ ආදරය කරුණාව උපරිමව දෙමු.එහෙම ඒවා කිසිදවසක අපතේ යන්නෙ නෑ…””
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
aa17dbeecaa97268c2ef37fca0a063ad96dd401d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
620 downloadsDownload Quill-The-Life-of-a-Guide-Dog-2004.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දයාන් මදුශංක
Subtitles
28 comments
Sisira Hegoda
Janaka Sandun
Thanks a lot Machan!!!!!....
sajeevi
මේක හරිම ලස්සන සංවේදී කතාවක්.
මම නම් කියන්නේ මේක හැමෝම බලන්න කියලා.Kulanjana Maduranga
wenasma storyak tiyana film 1k.good work .subata thanks DAYAN saho.digatama sub denn.jaya wewa..........
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇත්තටම මම මේ වගේ කතා වලට මාර කැමතියි.
හැබැයි මට මේ වගේ කතා වලට ඇඬෙනවා.ඒත් මේ වගේ කතාවක් බලද්දී හිතට සතුටක් එනවා
මනුස්සකම තියෙනව බල්ලෙක්වත් මේ ලෝකේ ඉන්නවා කියලා.ඉෂාර වෙත්තසිංහ
නියමයි සහෝ.............
තවත් මෙවැනිම හොඳ චිත්‍රපටි වලට උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි..........
ඔබට ජය.....................sanjeewa
thanks
Dilshan kalinga
ෆිල්ම් එකත් බලන්න ඕනේ වෙලාවක් ලැබුනම.
ඒත් මේ අන්තිම ඡේදේ නම් පට්ට.
මම හිතන්නෙත් ඔය විදියටම තමයි.
තවත් මේ වගේ ඒවාට සබ් කරන්න.
ජය වේවා!!Sach
සබට තුති සහෝ !!!!!!
ඔබට ජය !!!!Rajitha
Machan me link eka wada nane. kohomada torrent eka download karaganne. help me pls.
Tharindu
Thank you very much saho..!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakmal
api me wage kata balanna godak kemati sub akta goodaaaaaak thenk you
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......I.W.M.S Ilangakoon
ela machan,,
lipiye kiyala tiyena dewala nam sirawatama atta,,
samahara welawata minissunta wadiya sattu hodai kiyala hitenawa,,,
ela machan,,, mewage story digatama denna,,,
jaya wewa,,,,I.W.M.S Ilangakoon
machooo mekata seeds nam godak adui wage,,,
bawennema nane ban,,,දමිත්
බලපු අය කීවේ මේක පට්ට ෆිලුමක් කියලා,
ඔන්න ගත්තා මමත්,
ජයෙන් ජයRaveen Fernando
raja natwarlal film eke sub eka dennako saho
indika
thnq :)
pamuditha
Thank U වේවා !
රොයිලි
බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thushari
බොහොම ස්තූතියි!
Yenu
Good Job! thank you very much!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
wcr
Thank You!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ
SMS
බොහෝම ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Quill: The Life of a Guide Dog (2004) |”කුයීල්”: ලෙංගතුකමට අරුතක්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Quill-The-Life-of-a-Guide-Dog-2012-.jpg)

Thanks.