ආයුබෝවන් හැමෝටම …අවුරුදු වලට පස්සේ ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 9 වන උපසිරස අරගෙන එන්න.2017 වර්ෂයේ දෙසැම්බර් මස 08 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.5 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා.මෙහි “සත්‍යා “ගේ චරිතය ප්‍රසිද්ද දෙමළ සිනම…

ආයුබෝවන් හැමෝටම …අවුරුදු වලට පස්සේ ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 9 වන උපසිරස අරගෙන එන්න.2017 වර්ෂයේ දෙසැම්බර් මස 08 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.5 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා.මෙහි “සත්‍යා “ගේ චරිතය ප්‍රසිද්ද දෙමළ සිනමා නලුවකු වන සත්‍යරාජ්ගේ පුත් “සිබි සත්‍යරාජ් ” විසින් නිරූපනය කරයි. ඔහු රඟපෑ Kattappava Kaanom (2017) සිනමාසිත්තමට මම මීට ප්‍රථමයෙන් උපසිරස නිකුත් කලා. මීට අමතරව Naanayam (2010), Naaigal Jaakirathai (2014), Pokkiri Raja (2016), Jackson Durai (2016) යන සිනමා සිත්තම් වලට දායක වී තිබෙනවා.මෙහි ප්‍රධාන නිලි චරිතය “ස්වේතා”, “රම්‍යා නබීසන් ” විසින් නිරූපනය කරනවා. ඇය Ayalum Njanum Thammil (2012), Pizza (2012), Rendavathu Padam (2012), Damaal Dumeel (2014), Naalu Policeum Nalla Irundha Oorum (2015), Sethupathi (2016) යන දමිළ චිත්‍රපට සදහා දායක වී තිබෙනවා.
සත්‍යා වැඩ කරන ඔෆිස් එකේම කාර්යාල සහායිකාව හැටියට ස්වේතා රැකියාව කරනවා.දිනක් සත්‍යාගේ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් සත්‍යා රාම්ට ගන්න කෝල් එකට උත්තර දෙන්නේ ස්වේතා. ඔහු තරහෙන් ස්වේතාට බැන වදිනවා. පසුව ස්වේතා ඔහුගේ රාජකාරි අංකය අහගෙන ෆෝන් එක තියනවා. දිනක් රාම් සමග සත්‍යා එලියට එන අවස්තාවක ස්වේතාව දකිනවා. සත්‍යා ස්වේතාට බනින්න ලගට යනකොට එයාගේ තාත්තා ළග,ස්වේතා තාත්තට බොරුවක් කිව්වත් ඒක හරියන්නේ නැහැ. එතැනදි සත්‍යා ස්වේතාගේ තාත්තා ඉස්සරහම කාරණා 3ක් ගැන කියනවා.ඒ සිද්දිය නිසා ස්වේතාගේ තාත්තා සත්‍යාට අකමැති වෙනවා.කොහොම වුනත් ස්වේතට තාත්තා ඉස්සරහම ධෛර්යෙන් කතා කරපු එක හිතට අල්ලනවා. එයා සත්‍යාගේ ඔෆිස් එකට ගිහින් වැඩි විස්තර ඕනෙ නම් කතාකරන්න කියල සත්‍යාගේ ෆෝන් එකට අංකය දීලා එනවා. එතැන ඉදන් සත්‍යාගෙයි ස්වේතාගෙයි ආදර කතාව ආරම්භ වෙනවා. කොහොම හරි ආදර කතාව ගලාගෙන යනකොට ස්වේතාගේ තාත්තා දැනගන්නවා. ඔහු මීට තදින් විරුද්ධ වෙලා ස්වේතට වෙන මනාලයෙක් බන්දලා දෙන්න සූදානම් කරනවා.ඔය අතර සත්‍යා ස්වේතා හොරෙන්ම කෝවිලට ගිහින් තැල්ල බදින්න සූදානම් වනවා.මේ අවස්තාවේ ස්වේතාගේ තාත්තා රෝහල් ගත කලා කියලා කෝල් එකක් එනවා. ස්වේතා හනිකට රෝහලට යනවා.ඒ සිද්දියෙන් පස්සේ ස්වේතට සිද්දවෙනවා තාත්තාගේ කීමට ගෞතම්ව කසාද බදින්න. මේ සිද්දියෙන් කම්පාවුන සත්‍යා වෙනත් රටකට රැකියාවකට යනවා.
අවු 4 ට පසුව සත්‍යාට පණිවිඩයක් ඇවිත් තියෙනවා.බලනකොට ස්වේතාගෙන්,සත්‍යා වහාම රාම්ගේ අක්කගෙ කසාදය පිටින් දාලා ඉන්දියාවට පැමිණ ස්වේතාව මුණ ගැසීමට යනවා.එහිදි ස්වේතා පවසනවා එයාගේ දුව පැහැරගෙන ඇති බවත් ඇයව හොයාගැනීමට උදව් කරන ලෙසත්. ස්වේතා අසරණ වුන අවස්තාවේ සත්‍යාට උදව්වට පිටුපාන්න බැරිවෙනවා.සත්‍යා,ස්වේතාගේ දුව රියා හොයන්න පටන් ගන්නවා.පොලීසියෙන්, විදුහලෙන්, අසල්වැසියන්ගෙන් දැනගන්න ලැබෙන ආකාරයට ස්වේතාට දුවෙක් නොමැති බවත්, ස්වේතා පහර කෑ අවස්තාවේ රෝහලේ කෝමා එකක සිටි නිසා ඇය මානසික ආතතියෙන් පෙලෙන නිසා ඇයට දුවෙක් ඉන්නවා යැයි ඇය මවාගෙන සිටින බවත් යන කාරණා අතර සත්‍යා මැදි වෙනවා.මෙහෙම කියන්න ගියොත් බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ දැන් ඇති කතාව බලන්නකො .. ඇත්තටම ස්වේතට දුවෙක් ඉන්නවද ??? දුව හොයාගන්න පුලුවන් වෙයිද …? දුව ගෞතම්ගෙද ..? සත්‍යාගේද …?
කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් තක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
33 comments
Sachin135
25051986mw
Jaya janaka nayaka ake sub aka dannakoo
oshanda
eka thelugu film ekak sahoo.. thelugu karanna amarui..sorry
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
ජයෙන් ජය.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata mn asama category eka crime /thriller .. jaya wewa...!
darshana90
#baagi 2 wagemaine bn...
oshanda
bhaagi 2 ekanam mama thama beluwe ne saho..
geeganagamage
බොහොම ස්තුතියි කථාව නම් සුපිරි නමුත් මේකේ යන කථාව සම්පුර්ණයෙන්ම බාගී 2 වගේමයි එත් අවුලක් නැහැ නියම ෆිල්ම් එක.
sadeepaT
kshanam eke remake ekak wge kathawa anuwanam.....e nisa balanne na..habai sub eka dunnata thanks.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udaya Saman
බොහොම ස්තුතියි කථාව නම් සුපිරි.මේකට මමත් සබ කරන්න හිතන් හිටියේ ඒත් සබ් එක මැච් වුනේ නැති නිසා මම අතඇරිය.ලස්සන ෆීලුමක්.
malith
Ela ela
gihan perera
Thanks bro...maka baaghi 2 film eka tamil copy ekamai...good luck and god bless you....keep continue it....
flyingpenguin
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...
Dads
Meka bhagi 2 ekama thamai. Me story eke original eka thama "kshanam" telugu movie eka.kshanam ekatai bhaagi 2 ekatai sub eka daala thiyanawa site eke..koma unath sub ekata thanks machan. Mokada sub ekak karanna thiyana amaruwa danaganna sub ekak karanna try karalama balanna one.sub ekak karanna lesi ne.ekata "Respect" bro....thawa thawath aluth film walata sub daanna labewa....
oshanda
thanx sahoo... mama anith film dekama balala ne
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!ShanaSR
5.1 copy audio enne naha bro...
N_R
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vision Wickramasinghe
Sub ekata tanx bro,Puluwannam film eke link ekath comment krnna,jaya wewaa!!!!
pnapka
මේ මචා ඩිරෙක්ට් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ලිංක් එකක් නැද්ද
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයDilanDilshan
thankz sub ekata saho..meka bhagi 2 eke copiyak neda?? natnm bhagi 2 meke copiyakda??
hansi rathnayaka
Kshanam 2016 thama mulma eka. Telgu ekak. Passe thama sathya, bhagi 2
DilanDilshan
kohoma unat sub ekata thankzz..digatama sub denna.jaya wewaa..
ShavindaGnanarathne
Like "Baaghi 2"
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝDewadithya
Thanks for Sub
vas0303
Thank you so much
Advertisement

Sub එක download කරා....