කොහොමද කස්ටියට. ඔන්න ඉතින් මම මගේ 50 වෙනි උපසිරැසි දිගහැරුම තමයි මේ දෙන්න යන්නේ. ඇත්ත කියනවනම් අදහාගන්නත් බැහැ උපසිරැසි 50 ක් ම කළා කියලා. මම දාන්න තරමින් ඉතා කෙටි කාලයකදී උපසිරැසි 50ක් නිම කරපු පොඩිඑකා මං. ඔන්න එහෙනම් ඉතින් අමාරුවෙන් හරි වැඩේ පටන් ගන්නම්. මම මේ ලියපු ලිපිය කම්මැලියට හරි කියවන්න. ඇ…

කොහොමද කස්ටියට. ඔන්න ඉතින් මම මගේ 50 වෙනි උපසිරැසි දිගහැරුම තමයි මේ දෙන්න යන්නේ. ඇත්ත කියනවනම් අදහාගන්නත් බැහැ උපසිරැසි 50 ක් ම කළා කියලා. මම දාන්න තරමින් ඉතා කෙටි කාලයකදී උපසිරැසි 50ක් නිම කරපු පොඩිඑකා මං. ඔන්න එහෙනම් ඉතින් අමාරුවෙන් හරි වැඩේ පටන් ගන්නම්. මම මේ ලියපු ලිපිය කම්මැලියට හරි කියවන්න. ඇත්තම කිව්වොත් මට උපසිරැසි කරන්න ඕනේ කමක් තිබ්බත් මම කරාන්න පටන් ගන්න හිටියේ හරියටම ගිය අවුරුද්දේ සැප්තැම්බර් වලින් පස්සේ. මොකද ගිය අවුරුද්දේ තමා ඉතින් A/L කළේ. නමුත් එත් මං වැඩේ පටන් ගත්තේ නැහැ. මොකද මට බලන්නම කියලා චිත්‍රපට හා කතාමාලා එක තොගයක්ම තිබුණු නිසා. මේ ඔක්කොමත් බලලා උපසිරැසියක් කරන්න අහන්න හදලා නිකන් ඉදලත් තියෙනවා. ඒ කම්මැලිකම නිසා. කොහොමෙන් කොහොම හරි පළවෙනි උපසිරැසි නිර්මාණය කළා. ඒ තමා 2015 පෙබරවාරි 12 දින ලබාදුන් Supremacy 2014 චිත්‍රපටය. මේක මේක කරන්න අවසර ගද්දිනම් යන්තම් හරි මට ඊමේල් වලින් සෙට් වුණේ හසන්ත අයියා. කොහොමහරි මේ උපසිරැසිය කළාට පස්සේ තව උපසිරැසියක් කරන්න ඕනේ කමක් තිබ්බා. මම පළවෙනියට කරපු උපසිරැසිය යවපු හැටියෙම තමා සමීර චතුරංග අයියා කියලා තිබ්බේ , තව එකක් කරමු නේද කියලා. ඊට පස්සේ ඉදන් මේ වෙනකන් මට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මුණ ගැහුණු ගොඩක් හිතවත් , සුහද මිත්‍රයා වුණේ සමීර අයියා. තාමත් ඉතින් මේ උපසිරැසි කෙටිල්ලේ ඉදන් 50 වෙනි උපසිරැසිය දක්වාම ලොකු හයියක් වගේම, ඉදිරියට තල්ලු කිරීමක් කළේ ඉතින් සමීර අයියා තමා. මම එහෙම කිව්වා කියලා අනෙක් මගේ සහෝදර සහෝදරියන් අමනාප වෙනවා එහෙම නෙවේ. හැමෝටම හැමෝම එක්ක සම්බන්ධ වෙන්න බැහැ. අපි හැමෝම කාර්යබහුලයි.
මම මෙතෙක් උපසිරැසි ගැන්වීම් කල චිත්‍රපට හා කතාමාලා ගැන පුංචි සාරාංශයක්…
*Supremacy 2014
*The Judge 2014
* 4: Apocalypse 2014
*The Musketeers Complete Season 2
* A Northmen: A Viking Saga 2014
*Batman vs Robin 2015 – [ වැඩිම උපසිරැසි බාගත කිරීම +12400]
*An Act Of War 2015
*The Voices 2014
*Beyond the Reach 2014
*12 Monkeys S0 1- E09-13
*Winter Sleep 2014
*Strike Back Season 1 -5
*24 S07-E06 &07
ඔන්න ඕක තමා මගේ ලැයිස්තුව. හම්මේ ඒවගේම Strike Back පටන් ගැන්ම තමා මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට ගොඩක් ලොකු උණේ. මේක කරමු කියලා සමහර වෙලාවට ටොරන්ට් ෆයිල් එකේ ඉදන් උපශිරැසි ෆයිල් එක පවා මට හොයාගන්න අපහසු වෙලාවට මට හොයලා දීලා , පොඩි හරි ප්‍රමාදයක් සිද්ධවුණොත් කිසිම දෙයක් නොකියා , “එළ එළ“ කියලා උපසිරැසිය මේ අඩවියේ පොස්ට් කරලා ලොකු සහයක් දුන්නේ සමීර චතුරංග අයියා තමා. වෙන මුකුත් ඕනේ නැහැ අද මම මේ අරන් ආපු San Andreas පවා මට දුන්නෙත් එයා. ඊළගට ඉතින් මං දාපු පළවෙනි ඊමේල් එකේ ඉදන් අද දක්වාම මට රිප්ලයි කරලා එවන අපේ ඇඩ්මින් සෙට් එකටත් ඒ වගේම රොයිලි අයියගෙන් පටන් ගත්තම , හසන්ත අයියා හා අනෙක් හැමෝම සහෝදර සහෝදරියන් ව මම මතක් කරනවා මේ වෙලාවේ. මං ආයේ කියනවා මම සමහර සහෝදර සහෝදරියන් දන්නේ නැති අයත් ඉන්නවා. නමුත් මේ කණ්ඩායමෙන් බොහෝ දෙනෙක් මගේ බුකියේ ඉන්නවා. නමුත් මං ආශාවෙන් ඉන්නේ මට අපේ කණ්ඩායම මුණ ගැහිලා හදුනාගන්න. එහෙම දවසක් එයි. එතකන් මං අය හැමෝමත් ආදරයෙන් මතක් කරනවා.
උපසිරැසි කරන්න පටන් අරගෙන යද්දී මට මොනා නැතත් බාධක නම් නැතිවෙන්නම තිබ්බා ඈ. ඊළගට මට මතක් කරන්න ඕනේ මගේ හිතවත් ප්‍රේක්ෂකයන් සෙට් එක. අනේ ඉතින් හැමදාම වගේ මං උපසිරැසියක් දුන්නම පොඩි හරි දෙයක් කියලා, අපිට හයියක් වෙන විදිහේ කමෙන්ටුවක් දාගෙන කට්ටියක් ඉන්නවා. ඒ අය නම් මට දහස් වටිනවා. මොකද මමත් තවම අපේ අනෙක් කට්ටිය වගේ මමත් තවම පුළුවන් වෙලාවට ඔයාලා දාන කමෙන්ට් බලලා සතුටු වෙනවා. නමුත් මට ඒවට රිප්ලයි කරගන්න නම් වෙලාවක් නැහැ. මොකද කියලා ඉතින් කියන්න ඕනේ නැහැනේ, එක්කෝ උපසිරැසිය දෙන්නේ ගොඩක් වැඩ අස්සේ, එහෙමත් නැත්තම් එක උපසිරැසියක් හදලා දීපු ගමන් තවත් උපසිරැසියක් හදන්න පටන් ගන්නවා එවෙලේම.. ඔය වගේ නොයෙකුත් කරුණු තමයි. අනික් කට්ටිය තම කමෙන්ට් එකක්වත් කොටන්නේ නැතුව යන අය. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. මොකද ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. :p හම්මේ මේ කියෙව්වා ඇති වගේ. දැන් බහිමු අද මේ ගෙනාපු චිත්‍රපටියට.

අපි කවුරුත් දන්න කියන කෙනෙක් නේහ් Dwayne Johnson හෙවත් Rock [ රොක් ] ආයේ ඉතින් කියන්න ඕනේ නැහැනේ කවුද කියලා. රෙස්ලීන් බලන අය නම් හොදටම දන්නවා කවුද පොර කියලා. ඒවගේම Fast & Furious චිත්‍රපටි වලත් රංගනයෙන් දායකවුණු සුපිරි නළුවෙක්. රොක් තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය. කොටින්ම කිව්වොත් රොක් නිසා තමා ගොඩක් අය මේ චිත්‍රපටිය ගැන දැනගත්තේ හා ජනප්‍රිය භාවයට පත්වුණෙත්.මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක Brad Peyton. ඒවගේම මෙම චිත්‍රපටිය තිරගත වීම පටන් ගත්තේ 2015 මැයි 29. Action, Drama, Thriller යන ආකාරයට වර්ග කරලා තියෙනවා. සම්පුර්ණ චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 114. නමුහ් IMDb අගය අරගෙන තියෙන්නේ 6.6/10 ක් පමණයි. ඒක නම් වෙන්නම බැහැ , මොකද මේක නැරබුවාට පස්සේ තේරෙයි කොච්චර සුපිරි චිත්‍රපටියක්ද කියලා..
සැන් ෆ්‍රැන්සිස්කෝ,වැලි කදුකර මාර්ගයේ රිය පදවමින් ඉන්න නැටලී නම් තරුණියක් අනතුරකට පත්වෙනවා. ඒ වහනය මතට ඉහළ තියෙන පස් කදන් වැටීම හා ඉදිරියේ තියෙන මාර්ගය කඩාවැටෙන්නට පටන් ගැනීම හේතුවෙන්. ඒත් ඉතින් වාහනේ කන්දෙන් පල්ලමට වැටිලා රැදෙන්නේ ගහක අත්තකට, ඒ වාහනේ ඉදිරි වීදුරුවේ. දැන් තමයි ඔයාලගේ වීරයා වැඩේට බහින්නේ, ඔව් ඔව්,රොක් තමා. රොක් වැඩ කරන්නේ ලොස්ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන නියමු පාලක විදිහට.ඔහු නමින් රේමන්ඩ් ගේන්ස්. ඔහු කට්ටියක් අරගෙන ඇවිත් උදව් සහිතව නැටලීව බේරගන්නවා. නමුත් මේ අතරේ පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ. මොකද මේ කතාවේ කියන්න ගොඩක් දේවල් තියෙනවා.කැලිෆෝනියාවේ තාක්ෂණික ආයතනය තුළ භූකම්පන පිළිබද දේශනයක් පවත්වමින් ඉන්නවා භූකම්පන හා සමබන්ධ විශේෂඥයෙක්. ඔහු නමින් ලෝරන්ස්. ඒවගේම රේමන්ඩ් කියන්නේ තනියෙන් ජිවත් වෙන කෙනෙක්. නමුත් ඔහු විවාහ වෙච්ච කෙනෙක්. ඔහුට දැනට ඉන්නවා දුවෙක්. එහෙම කිව්වේ ඔහුට කලින් තව දුවෙක් ඉදලා. නමුත් අනතුරකින් ඇය මිය ගිහින්. මං හිතන විදිහට ඒක තමා හේතුව ඔහුගෙන් ඔහුගේ බිරිද වෙන් වෙලා තියෙන්නේ.ඇය අනික් දුවද අරගෙන ගිහින් දැන් ඉන්නේ ඩැනියල් කියලා සල්ලි කාර මිනිහෙක් එක්ක. රොක් ගෙදර අආවේ එයාගේ දුවගේ වොලිබෝල් තරගාවලියයක් හරියටම පසු දින තියෙන නිසා. නමුත් ඔහුට ගෙදර ඇවිල්ලා වැඩි වෙලා යන්න හම්බෙන්නේ නැහැ මොකද නවාඩාවල භූමි කම්පනයක් ඇතිවෙලා ඒ පැත්තම පොඩි විනාශයක් ඇති වෙනවා. මේක වෙන්නේ රික්ත ශෝධක වේල්ලක් ළග. මෙතනින් පස්සේ තමා පුදුම විනාශයක් පටන් ගන්නේ…
නාවාඩා වළට භූමිකම්පාව ආවට පස්සේ එන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වළට, නමුත් එහෙට ගිහින් තමා රොක්ගේ දුව වොලිබෝල් තරගාවලියට යන්නේ. නමුත් රේ ට යන්න බැරි වෙනවා. ඒ ඇයි? බ්ලේක් යන්නේ එයාගේ අම්මගේ පෙම්වතා එක්ක. ඒ කලින් ඔහුගේ කාර්යාලයේ වැඩකට ගිහින් පස්සේ වොලිබෝල් තරගාවලියට යන්න හිතාගෙන. නමුත් එතනදී බ්ලේක් භූමිකම්පාවට අහුවෙයිද? ආයෙත් සැරයක් රේ හා එම්මාට මේ දුවත් අහිමි වෙයිද? මේ භූමි කම්පාව කොයි වගේ විනාශයක් සැන් ෆ්‍රැන්සිස්කෝ වළට හා සැන් ඇන්ඩ්‍රියාස්වලටයි මොන වගේ දරුණු විදිහට බලපායිද? කොච්චර දේපල හානි, මිනිස් ජිවිත හානි සිද්ධ කරයිද? බ්ලෙක් එතන හිර වුණාම ඩැනියෙල් පැනලා යනවා. නමුත් බ්ලෙක් ට උදව් කරන්නේ වෙන සහෝදරවරුන් දෙන්නෙක්. ඒ දෙන්නා කවුද? මේ කතාව ඇත්තටම ලස්සනයි. පවුලේ ඕනේ කෙනෙකුට එක සේ බලන්න පුළුවන්. මම අරාධනා කරනවා එහෙනම් ඔයාලට මේ ෆිලුම බලන්න කියලා.
තව දෙයක් කණගාටුවෙන් වුණත් කියන්න තියෙනවා. මට නැවත උපසිරැසියක් කරන්න ලැබෙන්නේ සැප්තැම්බර් මාසය ඉවර වුණාට පස්සේ. අගෝස්තු මාසයේ ඉදන් සැප්තැම්බර් අන්තිම වෙනකන් මුකුත්ම කරන්න ලැබෙන්නේ නැහැ විභාග කටයුතු නිසා. නමුත් බය වෙන්න එපා දැනට කරගෙන යන Strike Back කතාමාලාවේ ඔක්කොම කොටස් ටික නම් අනිවා දෙනවා. එහෙනම් ඉතින් අදට මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනින් මුණගැහෙමු..! බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කට්ටිය ඇතුළු ප්‍රේක්ෂක හැමෝටම ජය…!!
610 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
88F5CF966DC6DD2A008F0AC2637EFB81327649DF815 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A1BBA6232071DA67E5E5B9C914AFD8FBBFC184A01.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
E8BB36B5199EB989D49828460CF90019958A3F4C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
21,116 downloadsDownload San-Andreas-2015-BR-UPDATE.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
157 comments
චාමික දිල්හාර (දිලා)
ඉසු ඩිපි (Isu DP)
පොඩිම කාලෙකින් 50 ගැහුවා නේ. සුබ පැතුම්, සුබ පැතුම්. !
දිගටම මේ වැඩෙ කරගෙන යන්න. සීයා කෙනෙකුත් වෙමු ඉක්මනින්ම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DInoka Perera
සුබ පැතුම් සමග උපසිරැසියට ස්තුති පුලුවන්නම් අකිරා කුරසාවගේ “ඉකිරු“ ෆිල්ම් එකට සබ් දෙන්න කවුරුහරි
shevon
oya rathnapureda?
දමිත්
නියමයි සහෝ...උණුසුම් සුබ පැතුම්...
50න් සීයට යන්න ශක්තිය ාාධර්යය ලැබේවා..
අපි වෙනුවෙන් කරන මෙහෙයට තුති....රවිඳු තේනබදු
50 ට සුභ පැතුම් කිව්වා ඕං.. මේක බලන්න හිතාගෙන තමා ඉන්නෙ. හොඳ කොපියක් එනකල් ඉවසනව ඕං... බොහොම පිං..
pasindu bimsara
Ela Bro!!!!!!
E wgema 50 wei sub ekata unusum subapatum!
නලින්
ස්තුතියි චාමර සහෝ!... දිගටම යමු නොනැවති..
50ස් වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
ජය වේවා!
Prasad
Yaluwa 50T Suba Pathum 100 Ikmanin Karanna Labewa Sub Ekata T....
Nawoda
THnxx Jaya wewaa
naveen
thank you machan waiting list eke thibba film ekak thama eth 720p blu ray enakam innawa..........idiriyata sub kragena yanna hakiyawa labenna kiyala wish karanawa....
එල්.සී. දමැල්
නියමයි චාමර සහෝ…
50වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම්…
100ත් ඉක්මනට දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
මොනා කරන්නද විභාගය ඉවර වෙලා නැවතත් සබ් ගොඩකින් හමුවෙමු එහෙනම්...
ජයෙන් ජය…Leo~Oshan
thanks..
Congratz..
Exm ekata JayaMadusanaka Jayasooriya
නියමයි චාමර සහෝ. 50 වැනි උපසිරසට හදවතින්ම සුබ පතනවා. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධ්‍යීරිය ලැබේවා. ජය වේවා
imasha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!Ama
උණුසුම් සුබ පැතුම්..
ජයෙන් ජයම වේවා!!!!!!!!!
චාමර
maxxxaa all the best
Hirushan
Thanks
Kulanjana Maduranga
CHAMARA saho issellama 50 weni sub nirmanayata hadawathinma suba pathanawa......ikmanata 100th krnn haki wewa...
sub 50k lesi na.sahena kapa kirimak....api wenuwen kattak kla krna me sewaya godak watinawa....mewan kapakirimak klata godak pin...e wgema isthuthi.......sahoge idiri wada katauthu siyalla sarathaka wewa.....Wish you a great future.
Tharindu
Thanks Bro Thanks Meka enakan thamae Hitiye Puluwannam [ABCD 2] Eke Sub Ekath hadala danna.
Nalin
50ස් වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
මධුකප්‍රිය පෙරේරා
ආ මෙන්න මෙන්න තවත් පොරක් 50 ගහලා..
මරුනේ සහෝ නියමයි.. මාස 5න් ගේම ගහලා..
මේ අවුරුද්දෙම 100ත් පහු කරන්න අවැසි කාලය හා ශක්තිය ලැබේවා..
ඔබට ජයrajitha
Thanks Macho.......... Jayawewa! ''power'' series ekata sub dunnoth super
තාරක නුවන් දිල්හාර
සුභ පැතුම් කොල්ලෝ පනස්වෙනි උපසිරැසියට
ඔයා දීපු ඔක්කොම සබ් ඉංග්‍රීසි චිත්‍රපටි සහ කතාමාලා නිසා
මං නම් එකක්වත් බලලා නෑ. කමෙන්ට් කරලත් නැතුව ඇති.
ඒත් ඔයානම් මගේ හැම එකකටම කමෙන්ට් කරනවා මම දැකලා තියේ.
ඉතින් ඒ ගැන හිතේ කහටක් තියාගන්න එපා.
ඉක්මනටම ඊළඟ කඩයිමටත් යමු. හදවතින්ම සුභ පතනවා ඔයාට.
ජයෙන් ජය....!!!යශෝධ
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් චාමර සහෝ, බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්...
Supun Tharaka
Ela.Thanx Mcn
Supun Tharaka
San.Andreas.Quake.2015.720p.BluRay.x264.YIFY ekata sub eka hariyata set wenne naaa...time aul.please fix the problem....!
S.K.Ruchiranga
mee ee film eka nemee bn
දුලිත රාජපක්ෂ
oka wena ekak ban. yify ekata thaama san andreas awilla naa. quake kiyanne meka newei
Dilanka
ado oka wena ekak da bn :o
udara
congrtz bro
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaa
Gagan
thanx saho jaya wewa 50 sub ekata
waruna
elama kiri,enakam balan hitiye,thanks saho...
Nelson
Thanks Brother God Work
rakitha ranathunga
ela ela machn..
exam iwara unaama ayeth patan ganin..
50 weni sub ekata suba petDDSameera
හුගක් සතුටුයි...ඔයාගේ ධෛර්යය කැපවීම.....තුලින් තවදුරටත් මෙරටට උපසිරැසි ක්ෂේත්‍රයට සේවාවක් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..කියා මම ප්‍රාර්ථනා කරනවා....සුබ පනහක්... පහනක් සේ දැල්වේවා !! !!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි මලයෝ...
මේ දවස්වල නම් මම ස්ට්‍රයික් බැක් එක මුල ඉඳන් බලාගෙන යනවා..
කොහොම වුනත් සුභ පැතුම් 50 ස් වෙනි උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා!!dasanayaka
thanx malli...issellama prarthana karanawa exam eka supiriyatama godayanna shakthiya wasanawa lebenna kiyala.....meke br rip eka yify dala thiyenneee update karala denna puluwannam ikmanata gdk pin jayawewaaaaaa
නුවන්ත දුලාන්
නියමයි මචෝ,,
සුභ පතනවා 50වෙනි උපසිරැසියට...!!!
දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.
ජයෙන් ජය...!!!S.K.Ruchiranga
thz machoo sub ekata
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
50 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.
තාම ඔයාගේ උපසිරැසි බලලා නම් නෑ.
ඒත් මේක නම් අනිවා බලන්න හිටපු කතාවක් නිසා
පලවෙනි වතාවට මේ උපසිරැසියෙන්ම පටන් ගන්න පුළුවන්.මග බලාගෙන හිටපු කතාවක්.
100, 150, 200 යන කඩයිම් දිගටම පහු කරන්න
හැකියාව, කාලය සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
thisal
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
50න් සීයට යන්න ශක්තිය ාාධර්යය ලැබේවා.. br enkm imuනිර්මාණී
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ. 100ත් මේ 50 ගෙනාවා වගේම සීඝ්‍රගාමීව ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා..
SapumalRatnapura
thax sub ekata..
අනුරුද්ධ(ලියෝ)
එළකිරි මචෝ......50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්. අනුන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරලා ,ඒ ගමනේ කඩ ඉමක් පසු කරන මේ මොහොතේ මේ කාර්ය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
kalana
thnks saho loku udawwak apita meka
jaya wewaNirosh
ALA KIRI MACHO.. THAWA GODAK SUB KARANNA KIYALA MAMA SUBA PATHANAWA HADAWATHINMA,, API NITHARAMA COMMENT KARANNE NE, ATH AWASHYA THENADI NOKARA YANNETH NE, MEKATH A WAGE MOHOTHAK,, ALAZZZZZZZ...
indika
ජයෙන් ජය සහෝ…
Ishara
elakiri machan,ohoma yan ,gud luck
chamod
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
සචින්ත
https://kat.cr/usearch/san%20andreas%202015/ මෙන්න br කොපිය . උපසිරැසියට ස්තූතියි.
Asel
Niyami Sahoo
man oyage sub balana pattan gathee The Musketeers S02 n
dan strike back balagena yanawa patta
digatama sub karamu
elaz“චූටී මල්ලි”
aniwa balnawaa mcn BR ekka
digatama mmey gammemma dunnoth 100 ,200 kiyanne gemak nemeyi oyaata
hoda ewwata denna issarahatat
tnx ada ekata
a wagema 50ta suba patum !!!!!!!#ChalinduDeshan (කිනා)
මාස පහකින් 50 ගැහුවා කියන්නේ මේ අවුරුද්දේ අග වෙද්දී සීයට එන්ටර් වෙන්න ඇහැකිනේ.
එලම තමා.
ජය!kUMARA
tHANK YOU BRO
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

නියමයි චාමර සහෝ…
50වෙනි උපසිරසට සුභ පැතුම්…
100ත් ඉක්මනට දෙන්න කාලය ඉඩහසර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය…