Watch Trailer

Suzume no Tojimari (2022) Sinhala Subtitles | ඔබ නැති ලොවක් මට කුමටද? [සිංහල උපසිරසි]

“මකතෝ ෂින්කායී” යන නාමය නිසැකවම ඔබ අසා හෝ දැක ඇති. මේ දිනවලත් මහ ඉහළින් කතාබහ වෙන නාමයක්. ඉතින් ඒ තරමටම “මකතෝ ෂින්කායී” කියන නාමය අද වෙනකොට මුළු ලොවක් ආදරයෙන් වැළඳගෙන සිටින ඇනිමේ කලාවේ වෙනම Brand එකක් බවට පත්වෙලා. කතාවට නම් කියන්නෙ මෙතුමගෙ නිර්මාණවලට මිනිසුන්ව මායාවත් යතාර්ථයත් අතර අතරමං කරවන්න පුල…

“මකතෝ ෂින්කායී” යන නාමය නිසැකවම ඔබ අසා හෝ දැක ඇති. මේ දිනවලත් මහ ඉහළින් කතාබහ වෙන නාමයක්. ඉතින් ඒ තරමටම “මකතෝ ෂින්කායී” කියන නාමය අද වෙනකොට මුළු ලොවක් ආදරයෙන් වැළඳගෙන සිටින ඇනිමේ කලාවේ වෙනම Brand එකක් බවට පත්වෙලා. කතාවට නම් කියන්නෙ මෙතුමගෙ නිර්මාණවලට මිනිසුන්ව මායාවත් යතාර්ථයත් අතර අතරමං කරවන්න පුලුවන් කියල. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සාක්ෂි දරන්නෙ මෙතුමගෙ නිර්මාණ නරඹපු රසවිඳපු ප්‍රේක්ෂකයින් පමණමයි. ඇනිමේ කලාවේ නොමැකෙන නාමයක් ලෙස සටහන්ව ඇති, කොයිකාගෙත් ප්‍රියතම ඇනිමේ අධ්‍යක්ෂකවරයෙක් හා නිර්මාපකයෙක් වෙන මුළු ලොවෙම ආදරය දිනාගත් “මකතෝ ෂින්කායී සෙන්සෙගේ” මීළඟ ඇනිමේ චිත්‍රපටය වෙන “Suzume no Tojimari” සඳහා ඔන්න බයිස්කෝප් සිංහලෙන් අපි මේ විදිහට සිංහල උපසිරසිය ලබා දෙනවා.

මකතෝ ෂින්කායී සෙන්සෙයි

Suzume චිත්‍රපටය පිළිබඳව මුලින්ම තොරතුරු එළියට එන්නෙ 2021 වසරේ දෙසැම්බර් 15වෙනිදා ෂින්කායී සෙන්සෙගේ සහභාගීත්වයෙන් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවත් සමඟයි. මේ සාකච්ඡාවට Your Name චිත්‍රපටයේ “මිත්සුහා” සඳහා හඬ දායකත්වය ලබා දුන් “මොනේ කමිෂිරයිෂි” සහ Weathering with You චිත්‍රපටයේ “හිනා” සඳහා හඬ දායකත්වය දුන් “නනා මොරි” එකතු වෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර ෂින්කායී සෙන්සෙයි චිත්‍රපටය ගැන වැදගත් කරුණුකාරණා ටිකක් අනාවරණය කරනවා.

• පළවෙනි කාරණය තමයි, මේ Suzume චිත්‍රපටය අපිව ජපානය තුළ විවිධ ප්‍රදේශයන්හී චාරිකාවක් ගෙනියන “Road Movie” එකක් වෙන බව.

• දෙවැන්න විදිහට එතුමා සඳහන් කළේ එතුමට “අලුත් දොරටු විවර කිරීමක් නොවන, නමුත් දොරටු වසා දැමීමක්” පිළිබඳව කියවෙන කතාවක් නිර්මාණය කරන්න අවශ්‍ය උනා කියල. මෙයින් එතුමා අදහස් කළේ ආරම්භයක්ද නැතිනම් අවසානයක්ද කියන එක මේ චිත්‍රපටය බලලම හොයාගන්න මං ඔයාලට ඉතිරි කරනවා.

• තෙවැන්න විදිහට එතුමා සඳහන් කළා එතුමට මිනිසුන්ව සිනමා ශාලාවට අද්දවගන්න පුලුවන් නැතිනම් සිනමා ශාලාවට එන්න මිනිසුන්ට පෙළඹවීමක් දෙන්න පුලුවන් විදිහෙ නිර්මාණයක් කරන්න අවශ්‍ය උනා කියල.

ඉතින් මේ විස්තර කිරීම්වලට පසුව ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව ලැබෙනවා ෂින්කායී සෙන්සෙගෙන් චිත්‍රපටය පිළිබඳව ප්‍රශ්න අහන්න. මේ අවස්ථාවෙදි එක් මාධ්‍යවේදියෙක් ෂින්කායී සෙන්සෙගෙන් වැදගත් ප්‍රශ්නයක් අහනවා.

“සෙන්සෙයි, අපි දන්නවා ඔබ මේ වෙනකොට ඔබගේ නිර්මාණ හරහා සිනමා විශ්වයක් ගොඩනගමින් ඉන්න බව. ඉතින් ඔබේ මේ අලුත් නිර්මාණයත් ඒ සිනමා විශ්වයට සම්බන්ධ වෙනවද?”

අපි හැමෝම දන්න දෙයක් තමයි ෂින්කායී සෙන්සෙයි ඔහුගෙ නිර්මාණ හරහා සිනමා විශ්වයක් ගොඩනඟන බව. The Garden of Words, Your Name සහ Weathering with You යන මේ ත්‍රිත්වය මේ විශ්වයට අයත් වෙන බවත්, මේවා එකිනෙකට සම්බන්ධ බවත් බලපු අය පැහැදිලිවම දන්නවා. ඉතින් Suzumeත් මේකට සම්බන්ධ වෙනවද?

ෂින්කායී සෙන්සෙයි පිළිතුරු ලබා දෙනවා; “ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ Avengers වගේ එකිනෙක අතර සම්බන්ධයක් පවතින සිනමා විශ්වයක්. ඒත් මේකෙ එහෙම නෑ. නමුත් ඔව්. Your Name සහ Weathering with You නිර්මාණයෙන් පස්සෙ ගොඩක් අය මගෙන් ඉල්ලීම් කළා ඔවුන්ගෙ ගම් නගරත් මූලික කරගෙන චිත්‍රපට නිර්මාණය කරන්න කියල. ඒක කරන්න ගොඩක් අමාරු දෙයක් නිසයි මේ විදිහට “Road Movie” එකක් නිර්මාණය කෙරුවේ” කියල. ඉතින් ඔය වගේ කරුණු තමයි මේ සාක්ච්ඡාවෙ කතාබහ උනේ.

නනා මොරි, ෂින්කායී සෙන්සෙයි සහ මොනේ කමිෂිරයිෂි මාධ්‍ය සාකච්ඡාව අතරතුර…

ෂින්කායී සෙන්සෙගෙ අනිත් නිර්මාණ අතරින් Your Name කියන්නෙ මුළු මහත් ලෝකෙම ආදරයෙන් වැළඳගත් ඇනිමේ චිත්‍රපටයක්. ඉතින් මේක නරඹපු අයගෙ හදවතේ අදටත් Your Name ගැන තියෙන හැගීම මොනවගේද කියන්න මටත් හිතාගන්න පුලුවන්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අද බැලුවත් එදා බැලුවා හා සමානවම වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක් දැනෙන හරි අපූරු නිර්මාණයක්. මේක බලලා ගෙදර මිනිස්සුන්ට හොරෙන් අඬපු අතීතයක් නිසැකවම ඔබටත් ඇති. ඒ වගේම…

• The Voice of The Distant Star

• The Place Promised in Our Early Days

• 5 cm Per Second

• Children who Chase Lost Voices

• The Garden of Words

• Weathering with You

…යන මෙතුමගෙ අනිත් නිර්මාණත් බලන ලෙස මතක් කිරීමක් කරන්න කැමතියි. ඉතින් අපි විසින් මේ චිත්‍රපට සඳහාත් සිංහල උපසිරසි ලබා දීලා තියෙනවා.

Suzume නිර්මාණය කිරීමෙදි ෂින්කායී සෙන්සෙයි විවිධ ප්‍රදේශවල සංචාරය කරලා දැකපු දර්ශන හා හමුවුණු විවිධ පුද්ගලයින් මේකට උකහා ගෙන තියෙනවා. පසුගිය කාලයේ මේක වාර්තා තබමින් තමයි තිරගත උනේ. ජපානයේ විකාශය නවතනකොට Suzume උපයා ඇති ආදායම ජපන් යෙන් බිලියන 14.79ක්. ඒක ඇ.ඩො. වලින් මිලියන 105.3ක්. ඒ අනුව ෂින්කායී සෙන්සෙගෙ තවත් නිර්මාණයක් උනු Weathering with You වල යෙන් බිලියන 14.23 ක ආදායම Suzume පහු කරනවා. මේ වෙනකොට ජපානයේ වැඩිම ආදායමක් උපයපු චිත්‍රපට අතර 14 වන ස්ථානයෙත්, වැඩිම ආදායමක් උපයපු ඇනිමේ චිත්‍රපට අතර 8වෙනි ස්ථානයෙත් Suzume ඉන්නවා. ලොවපුරා උපයපු අදායම අනුව බලනකොට වැඩිම ආදායමක් උපයපු ඇනිමේ චිත්‍රපට අතරින් Suzume 4වෙනි ස්ථානයෙයි ඉන්නෙ. මේ ලයිස්තුවේ Suzumeට ඉහළින් ඉන්නෙ Your Name, Spirited Away සහ Demon Slayer: Mugen Train කියන ඇනිමේ චිත්‍රපට තුනයි. චීනයේදී සිදුකරපු තිරගත කිරීම්වලින් පසුව Suzume චීන යුවාන් මිලියන 752ක ආදායමක් උපයනවා. ඒක ඇ.ඩො. වලින් මිලියන 109ක්. එය ජපානයේදී උපයපු ආදායමත් අභිබවා යන්නක්. ඒ වගේම පසුගිය මාර්තු මාසයේ පැවතී 46වෙනි The Japan Academy Film Award Ceremony එකේදී “Best music” සඳහා Suzume තමා සම්මාන දිනා ගන්නෙ.

Music ගැන කතාකරනකොට ෂින්කායී සෙන්සෙගෙ නිර්මාණ හා RADWIMPS කණ්ඩායම අතර තියෙන්නෙත් බිඳලිය නොහැකි බැඳීමක්. RADWIMPS නැති ෂින්කායී ඇනිමේ එකක් අසම්පූර්ණයි කියල කියන්නෙ. ෂින්කායී සෙන්සෙගෙ මීට කළින් නිර්මාණ වුණු Your Name සහ Weathering with You මිනිසුන්ගෙ හදවත් ස්පර්ශ කළේ ඒ චිත්‍රපට තුළ තිබුණු ගීත හා සංගීතය හේතුවෙනුත් කියන එකනම් නොරහසක්. ඉතින් ඒ විදිහට ගීතයෙන් හා සංගීතයෙන් පෙරළියක් කරපු RADWIMPS කණ්ඩායම තම දායකත්වය Suzume වෙනුවෙනුත් ඔන්න ලබා දෙනවා. මේ චිත්‍රපටයේ “Suzume” කියන ගීතය මේ වෙනකොට ලොවපුරා අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් මේක ඔබත් නිසැකවම අසා ඇති. ගීතයේ කියන දේ නොතේරුණත් ලෝකයා එය රසවිඳින්නෙ හරියට වෙනම ලොවකට දැහැන්ගත වෙලා වගේ. ඒ තරම්ම ඒ ගීතය මිහිරියි ලස්සනයි. 💖

RADWIMPS

Imdb 7.8ක් සහ Rotten Tomatoes 96%ක අගයක් වගේම ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL තුළින් 8.41ක අගයක් Suzume ට ලැබෙනවා. සුපුරුදු පරිදි CoMix Wave Film Studio එකෙන් එළිදක්වන Suzume චිත්‍රපටය Adventure, Fantasy, Mythology කියන ශානරවලට වැටෙනවා.

ප්‍රධාන චරිත වෙන “ඉවාතෝ සුසුමේ” සඳහා “නනොකා හාරා” සහ “සෝතා මූනකතා” සඳහා “හොකුතෝ මත්සුමුරා” හ‍ඬ දායකත්වය දෙනවා.

නනොකා හාරා, සුසුමේ ලෙස…

චිත්‍රපටය පිළිබඳව බොහොමයක් කරුණුකාරණා කතා කළා. එහෙනම් ඇනිමේ රසිකයෝ නරඹන්න ඇඟිලි ගැන ගැන ඉන්න මේ චිත්‍රපටයට දැන් ආරම්භයක් ගමු.

2011 වර්ෂයේදී දරුණු භූමිකම්පාවක් සමඟ සුනාමි ව්‍යසනයකට ජපානය මුහුණ දුන්නා මතක ඇති. මෙන්න මේ සිදුවීම මූලාශ්‍ර කරගෙන තමයි Suzume ගලාගෙන යන්නෙ. මේ කතාවේ “සුසුමේ,” මේ සුනාමියෙන් විපතට පත්වුණු කෙනෙක්. ඒ ව්‍යසනය වෙලා වසර 12ක් ගතවූ තැනයි කතාව ආරම්භ වෙන්නෙ. පාසල් යමින් ඉන්න අතරතුර ඇයට මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතය වෙන “සෝතව” හමුවෙනවා. මේ සෝතා කියන්නෙ “තොජිෂි”( Closer ) කෙනෙක්. ඒ කියන්නෙ දොරටු වසන්නෙක්. “තොකොයො”( Ever- after ) ලෙස හඳුන්වන වෙනම මානයක සිටින “මිමිසු”( Worm ) නමින් හැඳින්වෙන නපුරු බලවේගයකට මෙලොවට පැමිණිය නොහැකි ලෙස දොරටු වසා දැමීමක් තමයි මේ සෝතා කරන්නෙ. ඒක ඔහුගෙ පරම්පරාවෙන් ඔහුට උරුම උනු රාජකාරියක්. මේ මිමිසු මෙලොවට පැමිණියහොත් මහත් විපත් ගෙන දෙනවා. නොදැනුවත්වම සුසුමේ අතින් මේ විදිහට මිමිසුට පැමිණීමට නොහැකි ලෙස මුද්‍රා කරපු දොරටුවක “කනමේෂි”( Keystone ) නැතිනම් මුරගලක් හා සමාන දෙයක් ඉවත් වෙනවා. මේ නිසා ජපානයේ තැනින් තැන දොරටු විවර වෙන්න පටන් අරගෙන මිමිසු මෙලොවට පැමිණෙන්න උත්සහ කරනවා. ඉතින් විවිධ බාධක අභියෝග මධ්‍යයේ සුසුමේ සෝතා සමඟ එකතු වෙලා මිමිසුට පැමිණීමට නොහැකි ලෙස, විවර වෙන මේ දොරටු වසාදැමීමක් තමයි මේකෙ ගලාගෙන යන්නෙ. නමුත් මීට වැඩිය සිදුවීම් හා කතාවක් මේකෙ තියෙනවා කියල කියන්න ඕනෙ. ඒක බලලම හොයාගන්න. ඉතින් මේ පැය 2 ගතවෙනවා මට නම් තේරුණේම නෑ. බලන්න එහෙනම් ඔයාටත් එහෙමද කියල.

හොකුතෝ මත්සුමුරා, සෝතා ලෙස…

විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා විමා අයියටයි අපේ ඔලිවර් අයියටයි. 2023 දෙවෙනි කාර්තුවේ චිත්‍රපට සඳහා මං මේක නිළ වශයෙන් වෙන් කරගත්තත් මට කලින් ඔලිවර් අයියා තමා මේකට ඉල්ලීමක් කරල තිබුණේ. තිබුණු කාර්‍යබහුලත්වය එක්ක මේකෙ තිබ්බ අධික ලයින් ප්‍රමාණය නිසා විමා අයියගෙ අවසරයෙන් ඔලිවර් අයියත් මේ උපසිරසිය කරන්න මාත් එක්ක හවුල් උනා. ඉතින් ඔයාලගෙ ස්තූතිය නිසැකවම ඒ දෙදෙනාටත් හිමියි… 💖

ෂින්කායී සෙන්සෙගෙ චිත්‍රපට නිකුත් වෙන මේ යන රටාව බැලුවොත් මීළඟ චිත්‍රපටය තව අවුරුදු 3කින් තමයි එන්නෙ. Suzume නිකුත් උනු 2022 අනුව බලනකොට ඊළඟ චිත්‍රපටය 2025දී නිකුත් වෙයි කියල අපේක්ෂා කරනවා. එහෙම උනොත් අපි ඒ වෙනුවෙනුත් එඳාට ඉන්නවා. ඒකවත් ලංකාවේ සිනමා ශාලාවක නරඹන්න ලැබේවායී පතමු! 😌✨️ එහෙනම් Suzume ඉතිරි හරිය ඔබට භාරකරලා අපි සමුගන්නවා. නැවත දවසක හමුවෙමු මේ වගේම අපුරු නිර්මාණයකින්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

20,590 downloadsDownload Suzume.2022.zip104 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය” සොහොයුරාට සහ “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,590 downloadsDownload Subtitles104 KB

20 comments

  1. Anonymous

    Thanks Brother

  2. Anonymous

    මේක දෙනකම් මග බලාගෙන හිටියේ.... තෑන්ක්ස් සහෝ <3

    1. Dilshan buddika

      සුපිරි ❤️

  3. Anonymous

    මේක දෙනකම් මග බලාගෙන හිටියේ.... තෑන්ක්ස් සහෝ!

  4. Mawan

    සිංහල උපසිරැසියට ස්තුතියි ❤️

  5. Ishan Madusha

    නියමයි. බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. Monkey D. Luffy

    සබට තෑන්ක්ස් බොක්ක

  7. Anonymous

    thank you

  8. මයුර

    ඇත්තටම පට්ට ආසාවෙන් සතුටෙන් බලන් හිටියෙ මේකට ඔයාල දෙන්න සබ් දෙනකල්. හැබැයි ඒ සතුටත් එක්ක පොඩී නිර්ලෝබී ඉරිසියාවකුත් තියෙනවා. ඒ මට මේකට සබ් කරන්න දායක වෙන්න බැරි වෙච්ච එක. එහෙනම් මෙන්න සබ් එක බාගෙන ෆිල්ම් එක බලන්නයි යන්නේ. ජය

  9. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියෙ! ඇත්තටම ඔව්, මේකට සබ් කරන්න ලැබුණු එක ගැන මාරම සතුටක් තියෙන්නෙ. ඇත්තටම අයියට තමයි මේකේ අමාරු හරියෙ වැඩේ සෙට් උනේ. ඒකත් නියමෙටම ගොඩදාලා දුන්නා. ගොඩක් ස්තූතියි දීපූ සහයෝගයට...

  10. Milinda

    Sub enakan thamai balan hithiye.uda hoda wistharayak karala thiyanawa supiri bosa mona unath wade digatama karagana yanna

  11. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. G H N M NAVISHKA

    Thank you brothers, film eka download karla sub eka enakan balanna hitiye, Puluwannm *PENGUIN HIGHWAY* ekatath sub denna try ekak denna brothers thank you..!

    1. Anonymous

      ලස්සනට සබ් එක හදලා තියෙනව ගොඩක් ස්තූතියි

    2. Anonymous

      kohend download kre bro\

    3. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් ගන්න සහෝ.

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Teran bamina

    superb

  16. Anonymous

    Thank you so much for the sub.