මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්…

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් එක්ක සබ් කරන්න. ඇත්තටම මට නම් කියන්න දේවල් එන්නේ නෑ. මේ ටිකත් දිග වැඩිද මංදා. ඒ නිසා ඉතිරි ටික කරගෙන යන්න මම තාරකට මයික් එක දෙනවා.
– මම හේවා (ආසිරි ප්‍රියන්ත) –
මේ වසරේ පෙබරවාරි 14 වෙනිදා, එහෙමත් නැත්නම් වැලන්ටයින් දවසෙ තිරගතවීම ආරම්භ කරපු Gully Boy (2019) චිත්‍රපටය මේ අවුරුද්දේදි නිකුත් වෙච්ච තවත් වෙනස්ම සිනමා නිර්මාණයක් කියන්නට පුලුවන්. ඉන්දියානු රුපියල් කෝටි 73ක වියදමින් තැනුනු මේ චිත්‍රපටය මේ වසරේ නිකුත්වුනු සාර්ථකම චිත්‍රපට ගොන්නට එක්ව බ්ලොක්බස්ටර් ලේබලය අලවා ගනිමි ඉන්දියානු රුපියල් කෝටි 237ක ආදායමක් උපයා ගැනිමට සමත්වුයේ Zindagi Na Milegi Dobara (2011) , Dil Dhadakne Do (2015) වැනි සිනමා නිර්මාණ රැසක් බොලිවුඩයට දායක කල Zoya Akhtar ගේ අධ්‍යක්ශනයෙන්. iMDB ratings 8./10ක් හිමිකරගන්නට සමත් වුනු මේ චිත්‍රපටය musical drama ඝනයට අයත් වන අතර Excel Entertainment ආයතනය යටතේ Ritesh Sidhwani, Zoya Akhtar සහ Farhan Akhtarගේ නිශ්පාදනයෙන් හැඩවූවක්. Vijay Maurya දෙබස් අලංකරණයෙන් හැඩවුණු ගලිබෝයි චිත්‍රපටයේ සංගීත ඇල්බමය නිර්මාණයට Divine, Naezy, Dub Sharma, Ankur Tewari, Spitfire, Sez on the beat, Rishi Rich, Raghu Dixit, Midival Punditz, Karsh Kale, Chandrashekhar Kunder, Jasleen Royal, Mickey McCleary, Ace, Ishq Bector, Prem-Hardeep, Viveick Rajagopalan සහ Kaam Bhaari වැනි සංගීත නිර්මාණකරුවන් රැසක් දායක වෙලා තියෙනවා. ඇත්තටම එතරම් සංගීත නිර්මාණකරුවන් රැසක් මේ සදහා දායක වන්නට හේතුව මේ චිත්‍රපටයෙ අති විශාල රැප් ගීත සංඛ්‍යාවක් අඩංගු වීම සහ මියුසික් ට්‍රැක් 18 කින් සමන්විත වීමත්ය.

මේ චිත්‍රපටයේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ ඉන්දියාවෙ Dharavi නම් ප්‍රදේශයේ මුඩුක්කු ප්‍රදේශයන්හි සිට රැප් සංගීතය ඔස්සේ රසික හිත් දිනාගත් Gully Gang නම් කන්ඩායමේ Divine සහ Naezy නම් තරුණ හිපොප් රැප් කලාකරුවන් දෙදෙනාගෙ කතාවයි. එහෙමයි කියලා මේක Biography චිත්‍රපටයක් කියල හදුන්වලා කොතනකවත් නැහැ. ඔවුන් දෙදෙනාගෙ ගමන ආශ්‍රය කරගෙන මේකෙ කතාව නිර්මාණය වුනා කියලයි සදහන් වෙන්නෙ.
– Divine සහ Naezy –
මිනිත්තු 143ක් පුරා දිවෙම මේ චිත්‍රපටය සදහා ප්‍රධාන චරිත නිරූපණය කිරීම වෙනුවෙන් මෑත කාලයේ බොලිවුඩයේ සිටින විශිෂ්ඨතම රංගන ශිල්පින් දෙපලක් වන රන්වීර් සිං සහ ආලියා භාත් යොදාගෙන තිබෙනවා. ඊට අමතරව Kalki Koechlin, Siddhant Chaturvedi, Vijay Raaz, Vijay Varma වැනි රංගන ශිල්පීන්ද මේ සදහා රංගන දායකත්වය සපයන අතර රන්වීර් සහ ආලියාගෙ රංගනය අති විශිශ්ඨ මට්ටමක තිබෙනවා යැයි සදහන් කරන්න පුලුවන්. ඒ නිසා අති විශාල විචාරක ප්‍රසාදයක් මේ චිත්‍රපටය සදහා ලැබුනු අතර ඒ නිසාවෙන්ම 69th Berlin International Film Festival සදහාද මේ චිත්‍රපටය තෝරාගෙන ත්බෙනු ලබුවා. එමෙන්ම Rotten Tomatoesහි මේ සදහා 100% අගයක් මේ සදහා හිමිවෙලා තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ප්‍රශංශා එක්කල අය අතර සුපිරි හොලිවුඩ් නලු”විල් ස්මිත්” ද සිටිනවා.
– Gully Boy චිත්‍රපටය සදහා ලැබුනු විචාරක ප්‍රසාදයන් –
මං කලිනුත් සදහන් කරානෙ මේ චිත්‍රපටය Musical drama ගනයට අයත් එකක් මෙම සිනමා පටයේ තේමාව මුරාද් නැමති තරුණයෙක් සහ ඔහුගේ සිහිනය වටා ගෙතෙනවා. මුරාද් කියන්නේ මුම්බායේ ඉතා දිළිදු පවුලක උපන් තරුණයෙක්. ඔහුගේ පියා වෘතියෙන් රියදුරෙක්. තමන්ට අත්වුණ ඉරණම පුතාට අත්වෙන්න නොදී මුරාද්ගේ අම්මා තාත්තා හොදටම මහන්සිවෙලා වැඩකරන්නේ මුරාද්ව සමාජය පිලිගන්නා තරුණයෙක් ලෙස සමාජයට දායාද කිරීමට. ඒත් මුරාද්ගෙ හීනය වෙන්නෙ වෙනමම එකක් ඔහුට අවශ්‍ය රැපර් කෙනෙක් වෙන්න. ඔහුට ඉක්මනටම වැටහෙනවා ඔහුගෙ අනාගතය තියෙන්නෙ එතන බව.
තමන්ට අකැප සිහිනයක් හඹායන මුරාද් නම් 22 හැවිරිදි තරුණයා ලෝකය පුරාම මෙන්ම මුම්බායිහි වීදි පුරා සීමා බාධක රහිතව පැතිර යන රැප් සංස්කෘතියෙහි පදවැල් වලට ඔවුන්ගේ ප්‍රශ්න, දිලිඳු නමුත් ඔවුන්ගේ පොහොසත් සිහින වල ශක්තිමත්භාවය ගැන එක්කොට මනාවට රැප් පදවැල් වලට ඔවුන්ට සිදුවන අසාධාරනකම් එක්කාසු කරගනිමින් සාර්ථක ගමනක නියැලෙනවා.
- රන්වීර් සහ ආලියා එක්ව රඟන පලමු චිත්‍රපටය මෙය වනවා.
- චිත්‍රපටයේ එන Rap Battle එක එහෙමත් නැත්නම් රැප් ගැටුමේ දර්ශනය සදහා ඉන්දියාවෙ සිටිනා සැබෑ රැපර්ස්ලා යොදාගෙන ඇති අතර ඒ සදහා නලුවන් යොදාගෙන නැත.
- චිත්‍රපටයේ වැඩි කොටසක් ඉන්දියාවේ ධාරාවී මුඩුක්කු ප්‍රදේශයේ රූගත කිරීම් සිදුකර තිබෙනවා.
- චිත්‍රපටය පෙබරවාරි 14 වෙනි වැලන්ටයින් දින ඉන්දියාවෙ රිදීතිර 751ක් සහ විදේශීය රිදීතිර 3350 ඇතුළුව ලොවපුරා රිදීතිරයන් 4101 තිරගතවීම ආරම්භ කරනු ලැබූවා.
- චිත්‍රපටයේ කතාව සදහා යොදාගත් ඉන්දියානු දක්ශ රැප් සංගිත ශිල්පී Divine චිත්‍රපටය අවසානයේ Apna Time Aaega ගීතය සදහා එක්වනවා.
බොහෝවිට හිපොප්, පොප්, රැප්, රෙගේ වැනි කලාවන් ආශ්‍රිත මෙවන් සිනමා නිර්මාණ බිහිවන්නෙ හොලිවුඩයෙන්. බොහොම කලාතුරකින් ඉන්දියානු සිනමාවට දායක වුනු ගලිබෝයි වැනි චිත්‍රපාට ඉන්දියානු සිනමා රසිකයින්ට අලුත්ම අද්දැකීමක් ගෙන දෙනවා නොඅනුමානයි. ඒ වගෙම සාම්ප්‍රදායික සිනමා කලාවෙන් බැහැරව එන මෙවන් නිර්මාණ සදහා සිනමාව තුල විශේෂ තැනක් හිමිවනවා. මේ චිත්‍රපටයද ගොඩක් කාලීන මාතෘකාවන් මත්තෙන් නිර්මාණය වූවක්. මං කලින් සදහන් කලා වගේම මෙහි එන රැප් වල පදවැල් සදහාද යොදාගෙන තිබෙන්නෙ තමන්ට අකැප සිහිනයක් හඹායන තරුණයෙක්ට ඒ හීනය ලගාකරගන්න විදින්න වෙන දුශ්කරතා සහ ඔහු මුහුණදෙන අරගලයන් සම්බන්ධවයි. ඉතින් එක වචනයක් නෑර ඔබවෙත උපසිරසි ගන්වා මෙය රැගෙනවිත් තිබෙන්නෙ ඒ රසය ඔබවෙත නොඅඩුව ලබාදීම වෙනුවෙන් කියලත් ආඩම්බරයෙන් සදහන් කරන්න කැමතියි.
ඉතින් ඔන්න ඕකයි කතන්දරය. ඉතින් අපේ අඩවියේ ප්‍රවීණ හින්දි උපසිරසිකරුවෙක් වෙච්චි හින්දි කිං ආසිරි ප්‍රියන්ත එක්ක එක්කාසු වෙලා තමයි මේ උපසිරසිය ඔබලා වෙත අරගෙන එන්නෙ. වෙනදා වගේ ලේසි උනේ නැහැ උපසිරසි ගන්වන්න මේ චිත්‍රපටය. මොකද චිත්‍රපටයෙන් වැඩි කොටසක්ම රැප් එක්ක යන නිසා. ඉතින් හැම රැප් එකකම පදවැල් එක්ක ඔබට ගෙන ඒම අත්‍යාවශ්‍ය නිසාම බොහොම සංයමයෙන් උපසිරසි ගන්වලා ගෙනාවෙ ඔබ හැමදාමත් බයිස්කෝප් අඩවිය කෙරෙහි තබා ඇති විස්වාසය බිදකින්වත් අඩු නොවිය යුතු නිසාමයි. අපි දන්නවා ඔයගොල්ලො හැමෝම බයිස්කෝප් අඩවිය වෙත පිවිසෙන්නෙ කුමක් හෝ වැදගත්කමක් අපගේ උපසිරසි වල තිබෙනා නිසා කියලා. කලබලේ දෙන්න ඔනෑවට උපසිරසිය දුන්නා නම් චිත්‍රපටයේ රසයට ඔබට ලඟාවන්නවත් ලබෙන්නේ නැහැ. ඉතින් ගොඩක්ම මහන්සිය දරන්න උනේ මේ චිත්‍රපටයේ එන රැප් උපසිරසි ගන්වන්න, සෑහෙන්න කාලයක් වැයවුනා ඒ වෙනුවෙන්. ඉතින් අවසාන වශයෙන් ප්‍රමාදයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලා හිටින ගමන්. වෙච්ච මහන්සියට ආසිරි සහ මං වෙනුවෙන් ඔබේ වචනයකින් හෝ ලැබෙනා කමෙන්ට් එක අදනම් ගොඩක් වටිනවා. මොක්ද ලේසියෙන් අල්ලගන්න බැරි මනුස්සයෙක්ව අල්ලගෙන තමයි මේ උපසිරසිය ගෙනත් තියෙන්නෙ. පහලින් වැටන කමෙන්ට් අනුව කාලෙකින් වෙබ් අඩවියට ගොඩවුනු අපේ හේවගෙන් තවත් උපසිරසි බලාපොරොත්තු වෙන්න පුලුවන් ඉස්සරහටත්. ඒ වගේම උපසිරසිකරුවෙක් විදිහට අවංකවම ආඩම්බරයි මේ මනුස්සයා එක්ක එකතු වෙලා උපසිරසියක් අරගෙන එන්න ලැබීම සම්බන්ධව. එහෙනම් චිත්‍රපටය අනිවාරෙන්ම නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අපි විසිවෙනවා. සැමට ජයෙන් ජය…
– තාරක නුවන් දිල්හාර –
” එකම එක මගයි තියෙන්නේ…
කට පියාගෙන, ඔලුව කෙලින් තියාගෙන, ඇස් වහගෙන යන්න පුළුවන්..
මිනිස්සු කැප කරනවා තමන්ගේ මුළු ජිවිතයම ඒ ගමන වෙනුවෙන්…
දන්නෙවත් නැහැ.. හිතන්නෙවත් නැහැ.. අහන්නෙවත් නැහැ..
එයාලා ඒ මගෙහි කොහේටහරි යනවා..
නැත්නම් කොහේහරි නතර වෙනවා…
යන ගමන අතරතුර එක අතුරැපාරක් හම්බවෙනවා.
ස්ථිර මාර්ගයෙන් සම්පුර්ණයෙන් වෙනස්..
මොළේ හොඳ නැති කෙනෙක් ඉන්නවනම් ඒ පාරෙ යනවා..
නැත්නම් අනිත් හැමෝම ස්ථිර මාර්ගේ තමන්ගේ මුළු ජීවිත කාලෙම යනවා..
ඔලුව කෙලින් තියාගෙන.. දෙනෙත් පියාගෙන.
සිතුවිල්ලට දඩයම් වීගෙන..
ගමනාන්තය පේන්නේ නැහැ කියලා.
නවතින්න කියලද අපි?
දන්නේ නැහැ කොහේට වෙනකන් යන්න පුළුවන් වෙයිද කියලා.. “
– Apna Time Aaega –
– (අපිටත් කලක් ඒවි) –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Hindi Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
41,010 downloadsDownload Gully-Boy-2019.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Ace
- #Alia Bhatt
- #Ankur Tewari
- #Chandrashekhar Kunder
- #Divine
- #Dub Sharma
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Ishq Bector
- #Jasleen Royal
- #Kaam Bhaari
- #Kalki Koechlin
- #Karsh Kale
- #MaxxA
- #Mickey McCleary
- #Midival Punditz
- #Must Watch
- #Naezy
- #Offbeat
- #Prem-Hardeep
- #Raghu Dixit
- #Ranveer Singh
- #Rishi Rich
- #Sez on the beat
- #Siddhant Chaturvedi
- #sinhala
- #Sinhala Subtitle
- #Spitfire
- #Vijay Raaz
- #Vijay Varma
- #Viveick Rajagopalan
- #තාරක නුවන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හේවා ලුණුවිලගේ
99 comments
Krishan NiShalya
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
ඔන්න දෙවෙනි Comment එක මගෙන් බොහොමයක්ම ස්තුතියි උපසිරැසියට Hindi welcome back
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
basura indrachapa
උපසිරැසියට බොහොම තුති!!!
ජයෙන් ජය!!
තාරක නුවන් දිල්හාර ©T
චිත්‍රපටය නරඹා උපසිරසියෙහි ගුණ අගුණ පවසන ලෙස ඉල්ලා සිටිමි...
මෙය උපසිරසි දිවියේ හමුවුනු වෙනස්ම චිත්‍රපටයක් වගේම උපසිරසි ගැන්වීමට එතරම් ලෙහෙසි නැති චිත්‍රපටයකි.
එයට සාධාරණයක් කර ඇතැයි සිතමි !!
ජය..!!!widuranga
elama bro. sub eka bisecope eken denakan balan hitiyeeeeeeeeeeeee
rap tikatath sub dalaaaaa
elamaaaaa thanx bokkalaaaa.
asiri bro thawa sub onaaaaarehani
thank you...
gihan perera
මේක දානකන් හිටියේ මචෝ...ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Gandhaka Indrajith
Thanks for the subtitle
Gayashan12345
Thanks mchan !
R_deshan
හම්මාහ් ගින්දරම ඩබලක් නෙ සබ් එක කරල තියෙන්නෙ...thanks සහෝලා සබ් එකට
R_deshan
ආසිරි අයියා දැන් සබ් දෙනව මදි...තව සබ් ඕනා
sanjeewa8844
ela ela....... panjab ekakuth karala demuda.......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal (laKMal)
සබ් එකට බොහෝම ස්තූතියි..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Request :
Badla (2019) 720p NF WEB-DLsubodha
Thanks
C lakmal
ගොඩක් අගේ කරමි , අපි සැම වෙනුවෙන් කරනා සබ් සදහා ,
BADLA (2019) Hindi සබ් දෙන්න බලන්න.
Kalpa Pabasara
Thank You Brother
!එල්.සී. දමැල්
නියමයි. ස්තුතියි දෙන්නටම. තවත් සබ් එකකින් ඉක්මනින්ම හමු වෙමු.
ජයLasantharathnasirirox
ස්තුතියි ඔබ දෙපළටම......ඉදිරි වැඩකටයුතු වලට සුබපැතුම්...ජයවේවා !!
Udaya Tharanga
wow thank you a lott
C.R.Jayalath
තෑන්ක්ස් ආසිරි & තාරක අයියේ!!!
gayan215
bohoma sthuthi oba depalata...
බොබී
අගේ ඇති වැඩක් සොහොයුරනි. රන්වීර්ගේ වෙනස් ආරක චිත්‍රපටයක් වෙයි වගේ මේක. ආලියා නම් කොහොමත් සම්භාව්‍ය ඒවා රඟපානවනේ. මේ අළුත්ම චිත්‍රපට ඉක්මනට අපිට ගේනවට බොහොම තුති.
Kumara4
Dawnlod karanna beri film Danna epa epaaaaaaa
sujithj
thanks machn..
lenlasitha
රැප් ලිරික්ස් එක්කම දාපු එකට නම් ගොඩාක් පින්..!
malithmadhushan45
බොහොම ස්තුතියි උපසිරසට සහෝලා
harshani11112
දෙන්නාටම බොහොම ස්තුති....
තෙරැවන්සරණයි
ජයවේවාපැතුම් ඉෂාර
රැප් ගිත වලට උපසිරැසි කරනවා කියන එකනම් ලේසි පහසු දෙයක් නෙවෙයි.... අනිවා තරාක සහ හේවා අයියලා සුපිරි කට්ටක් කන්න ඇති මේ සබ් එක කරන්න... ඔය දෙන්නට බොහොම ස්තූතියි මෙච්චර කට්ටක් කාලා අපි වෙනුවෙන් මෙ3 උපසිරැසිය ගෙනාපු එකට...
ඒ වගේම රැප් කරන්න ආසාවෙන් ඉන්න කැමති අපි වගේ කොල්ලන්ට කෙල්ලන්ට ජ්විතේට යමක් එකතු කරගත හැකි ලොකු චිත්‍රපටියක් වේවි මේක නිසැකයෙන්ම...
ආදරෙයි බයිස්කෝප් ❤️Shamal manojan
සබ් එකට ස්තූතියි.
මම ෆිල්ම් 2 ක් Request කරන්න කැමතියි.
Romeo Juliet 1996 ඉංග්‍රීසි ෆිල්ම් එක සහ
Taj Mahal: An Eternal Love Story 2005 හින්දි ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද කියා බයිස්කෝප් උපසිරැසි කරන අයගේ කාරුණික අවධානයට යොමු කරන්න කැමතියි.Athula
Thanks ...
adMark
Thanks bro.Jaya Wewa!
Pathum Aroshana
Thanks machooooo
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahioo sub ekata...
Pradeepkumara
Thanx saho
Tharindudilz9
Thanks mchan
Kasun indujith
Tnx bro
Stranger
Thank
Vihanga sathsara
thanksss machanla.....
Ayesh Prashan
Thank You
sisitha samarathunga
ලෙහෙසි පහසු නැති සබ් එකක්... නියමෙටම ගාණටම තිතටම තිබුණා... රැප් එහෙම දාපු අමාරු වැඩක්.. සුපර්බ්.. ඒකනේ උඹලගේ සබ් එනකන්ම ඉන්නේ ගන්න... තෑන්ක්ස් අගේන්.
Pramukmili
thanxx bro..........
Shamal Ranasinghe
Thank you..! kEEP DOING this KIND OF GOOD MOVIES.>! jAYA WEWA..!
Dilshan Sanka
Thanks bokkah sub ekta!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NuwanK
Thank u bros..
Pramukmili
thanxx bro.........
wajira
Thanks for sub
CREATIVE Alpha
thanx ayyala dennatama.........JAYA WEWA.....!!!!!!!!!!!!!!!!!!!!!
Sanjeewa2010
Thnxxxxxxxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතී දෙන්නටම..
එනකන් බලන් හිටියේ..
Good Luck.. !