Watch Trailer

Over the Top (1987) Sinhala Subtitles | ලින්කන් හෝක් [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියය…

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියයි. පළමුවෙන්ම උපසිරැසි නැති නිසා The Passage 1979 එකට උපසිරැසි හැදුවා. විනෝදෙට වගේ හැදුවේ. ආධුනිකයෙක් නිසා මේ ගැන දැනගන්න මුහුණු පොතේදි හමුවුනු කවදාවත් මුහුණට මුහුණ හමු නොවුනු යාලුවෙකුගෙන් අහලා බැලුවා. ඒ තමයි නිරෝෂ් ගුණසේකර සහෝදරයා. ඔහුට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා. The Passage වලින් පටන් අරන් දෙවනියට Gray Lady Down 1978 චිත්‍රපටයටත් උපසිරැසි හැදුවා. මේ උපසිරැසි දෙක ඔයාලත් එක්ක බෙදාගන්න මම ශාන් විමුක්ති සොයුරාගෙන් ඇහුවම ඔහු අවසරය දුන්නා. ඔයාලත් බලන්න ඇති. ඉතින් මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය. Over the Top 1987. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් හොදින් දන්න කියන කෙනෙක්. ඔහු බොහොම තරුණ කාලේ. ලස්සන කාලේ. Sylvester Stallone, එහෙමත් නැත්නම් Rambo, අන්න එයා. හැබැයි මේ චිත්‍රපටයේ අපි දැකලා පුරුදු Stallone නම් නෙවෙයි ඉන්නේ. ලේ පෙරාගෙන වෙඩි තියාගෙන බෝම්බ පුපුරවගෙන. ඒවා නැහැ. මේකේ ඉන්නේ බොහොම නිවිච්ච කෙනෙක්. චිත්‍රපටිය ගැන කෙටියෙන් කියන්නම්.

ලින්කන් හෝක් කන්ටේනර් ට්‍රක් රථ රියදුරෙක්. ජීවිතේ එහෙම් පිටින්ම කෙලෝගත්ත. සල්ලිකාර කට්ලර්ගේ දියණිය ක්‍රිස්ටිනා සමග විවාහ වන හෝක්ගේ නරක ගති පැවතුම් නිසා කට්ලර් තම දියණිය තමා ළගට ගන්නේ හෝක්ගේ පුතු මයිකල් සමගයි. හදවත් සැත්කමට පෙර මිය යන ක්‍රිස්ටිනාගේ එකම සහ අවසාන ආශාව ලින්ක් සහ මයික් එකතු වීමයි. ඒ වන විට ලින්ක් ජීවිතයේ වුණ සෑම දේම තේරුම් ගෙන මයික්ට හොද පියෙක් වීමට උත්සහ කරයි. කට්ලර් සීයාගේ වෑයම ඔහුගේ ධන හා මැර බලයෙන් තම මුණුබුරාව තමා ළග රදවා ගැනීමටයි. තම මාමන්ඩියගේ මුදල් හා මැර බලයට යටත් නොවන ලින්ක් තම පුතු සමග එක්ව නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් යාගැනීමට අත් පොර (arm wrestling නැත්නම අපි කියන්නේ Hand Fight) තරගාවලියකට එක්වේ. කට්ලර්ගේ බලපෑම් කොහොමද. මයික් ලින්ක් සමග එකතුවෙයිද. ලින්ක් තරගය දිනයිද. අවසානය ඔයාලම බලන්න. බෝරින් නැති සරල කතාවක්. ආසාවට තුවක්කුවක් පිස්තෝලයක් දකින්න නැති Stallone ගේ මේ චිත්‍රපටයේ ඔහු බොහොම අහිංසක පියකුගේ චරිතයක් ඉදිරිපත් කරලා තියනවා

චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1987 පෙබරවාරි 13 මෙහි ලින්කන් හෝක් ලෙස Sylvester Stallone ද, මයිකල් ලෙස David Mendenhall ද, ජේසන් කට්ලර් ලෙස Robert Loggia ද, ක්‍රිස්ටිනා ලෙස Susan Blakely ද රංගනයෙන් එකතු වේ. අධ්‍යක්ෂණය Menahem Golan. ඒ කාලේ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 16 පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියනවා. IMDb අගය 5.7/10 එහෙනම් අදට මම නවතිනවා. පැරණි චිත්‍රපට බලන්න කැමති අය වෙනුවෙන් ආයෙත් දවසක සිංහල උපසිරැසියක් අරන් මම එන්නම්. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Web Rip පිටපත සඳහා අදාළ වේ.

2,255 downloadsDownload Over.The_.Top_.1987.Baiscopelk.com_.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,255 downloadsDownload Subtitles39 KB

13 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොෂාන් සහෝ.
    ජයෙන් ජය.

  4. Tharaka

    THANKS..................

  5. Priyantha Dayakeerthi

    මෙම උපසිරසියට ස්තුතියි! හැකිනම් පැරණි IMDb 250 තුළ ඇති සිනමාපට හෝ ඔස්කාර් සම්මානලාභී සිනමාපට සඳහා සිංහල උපසිරසි ලබාදෙන්න.

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Chamindalakruwan

    Tnz bro sub ekata
    Me wage parana ewata sub eka dunnata

  8. Hashan M. Priyadarshana

    Thank you bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. wajira

    Thanks for sub

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  12. shanakasilva

    Lassana film Ekak. Balapu neti aya balanna.
    Sub ekata thanks.

  13. pasindu manushan

    නම මතක නැතුව උන්න film එකක් බොහොම ස්තූතියි සහෝ ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.