සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. දින කීපයකට පසු අපි නැවතත් මුන ගැහෙනවා මන් කලින් නතර කරපු තැනින්ම. මේ පාරත් ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ මන් කලින් පාර කරපු ෆිල්මුවෙම දෙවන දිග හැරුම. හැමදාම වගේ මුලින්ම ස්තුති කරනවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට. ඒ වගේම හැමදාමත් වගේ අපිව දිර…

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. දින කීපයකට පසු අපි නැවතත් මුන ගැහෙනවා මන් කලින් නතර කරපු තැනින්ම. මේ පාරත් ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ මන් කලින් පාර කරපු ෆිල්මුවෙම දෙවන දිග හැරුම.
හැමදාම වගේ මුලින්ම ස්තුති කරනවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට. ඒ වගේම හැමදාමත් වගේ අපිව දිරිමත් කරපු අපේ සහෝදර සහෝදරියෝ හැමෝටම. වෙබ් අඩවිය ආරම්බයේසිටම නරඹන සියළු දෙනාට ගුණාත්මක උපැසිරැසියක් ඉදිරිපත් කිරීමට කාර්යය මණ්ඩලයේ සියළු දෙනා විශාලකාර්යයක නිරත වෙනවා. ඒ හැමෝටම සුභ පතන ගමන් මෙන්න අද අපේ කතාව.
ඔයාලට මතක ඇති මන් මීට කලින් ගෙනාපු Hatchet 1 කතාව වගේම Hatchet 3 කතාවත්. මේ කතා දෙක අතර ලොකු හිදැසක් තිබුනා. ඒ තමා අද මන් ගෙනාපු මේ Hatchet 2 ෆිල්මුව. මේ සම්පූර්ණ කතා මාලාවම නොදුටු පැත්තකට යොමු කරන්න මේ ෆිල්මුවට හැකි වෙලා තියෙනවා. මන් කතාව නොකියා ඒක ඔයාලගේ කුතුහලය වඩවන විදියට තියන්නම්. බලලම ඉන්න. පළවෙනි ෆිල්මුවත් එක්ක සන්සන්දනය කරද්දී සෑහෙන තාත්වික රූප පෙලක් අපිට දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලය සෑහෙන ලොකු උත්සාහයක යෙදිලා තියෙනවා. මේක බලද්දී ඔයාලට ඒක තේරේවි. කොහොම උනත් ෆිල්මුවේ ප්‍රධාන නිලියගේ ලොකු වෙනස්කමක් නම් වෙලා තියෙනවා. හොදට බලන්න ඒ ඉන්නේ පළවෙනි එකේ ඉන්න කෙනාමද කියලා. මුලින්ම බලද්දී මටත් ප්‍රශ්නයක් උනා මේක. ඒ කොහොම උනත් ෆිල්ම් එකේ වැඩ ටික ලස්සනටම වෙලා තියෙනවා. කතාව ගැන කිව්වොත් වික්ටර් ක්‍රව්ලි අමුනුස්සයා තමා ඉස්සරහින්ම ඉන්නේ. කාටවත් මෙල්ල කරන්න බැරි මේ අමුනුස්ස ආත්මය කරන විනාසය පලමු ෆිල්මුවට වඩා වැඩියෙන් මේකේ විස්තර කරලා තියෙනවා. ෆිල්ම් එක සම්පූරණයෙන්ම දුවන්නේ පළමුවෙනි ෆිල්මුවත් සමගමයි. කොටින්ම කිව්වොත් පළවෙනි එක ඉවර වෙන තැනින් දෙවෙනි එක පටන් ගන්නවා. පළමු ෆිල්මුවේ සහය රංගනයෙන් දායක උන හුගක් කට්ටිය මේකේ ටිකක් දුරට වැඩියෙන් විස්තර වෙලා තියෙනවා. ඒ චරිත තවත් ඉදිරියට ගෙනත් තියෙනවා. ඒ වගේම ෆිල්මුව IMDb අගය 5.5ක් වගේ සුපිරි අගයක් අරන් තියෙනවා. ක්‍රව්ලිගේ ආත්මයට ඇත්තටම සාප කරේ කව්ද. ඔයාට මේක බලලම දැන ගන්න පුළුවන්. ෆිල්මුවේ රංගනයෙන් දායක වෙන චරිත විදියට ගත්තොත් ප්‍රධාන චරිතේ විදියට Kane Hodder මහතා ක්‍රව්ලි සහ ක්‍රව්ලිගේ තාත්තගේ චරිත වලට පණ පොවනවා. ඒ වගේම Danielle Harris, Tony Todd වගේ රංගවේදීන් රැසක්ම මේ රූප රාමු වලට සාධාරණයක් කරන්න මහන්සි වෙලා තියෙනවා. නත්තල් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමයි වැඩ ටික ඉවර කර ගත්තේ. ඒ නිසා බලලා පොඩි සහයෝගයක් විදියට අදහසක් දෙන්න. ඒක වටිනවා අපිට. එහෙනම් ඒ තරම් කතා නොකර ඔයාව ෆිල්මුවත් එක්ක තනි කරනන්නම්. බලලම කියන්න. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සුභම සුභ නත්තලක් මෙන්ම සුභම සුභ නව වසරකුත් වේවා! තවත් ෆිල්මුවකින් මුන ගැහෙමු.ඔබට ජය !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,083 downloadsDownload Hatchet-II-2010.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශනිල්ක ජයලත්
Subtitles
13 comments
Samith
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ Victor Crowly (2017) ෆිල්ම් එකටත් සබ් දෙන්න
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ series එකේ අලුතෙන් ආපු Victor Crowly - 2017 ෆිල්ම් එකටත් හැකිනම් උපසිරැසි දෙන්න.
ඒ වගේම බයිස්කෝප් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් අතිශයින් ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Silence of the Lambs - 1991 චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය වන,
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007
යන චිත්‍රපට කිහිපය සදහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Prasad
තෑන්ක්ස් මචං..
Shaggy
Thank you very much
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Lakshansilva18
thanks for sub
fate
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hatchet II (2010) Sinhala subtitles | මරණය අභියස [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/Hatchet-2-2010.jpg)
Coolie no 1 / Ak vs Ak hindi movies walata sub dennako