Watch Trailer

Scott Pilgrim vs. the World (2010) Sinhala Subtitles | ආදරිය වෙනුවෙන් සුපිරි සතුරන් හතකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කස්ටිය? ඔන්න කාලෙකින් ආපහු සුපිරිම ෆිල්ම් එක්ක සබ් අරන් බයිස්කෝප් පැත්තට ගොඩ වැදූණා. කොරෝනා එක්ක දැන් බාගෙට බාගයක්ම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා ඔන්න ටිකක් පරණ, හැබැයි ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් අතර හැංඟිල තිබුණු ෆිල්ම් එකක් අරන් ආවේ. කරදර ගොඩක් අස්සෙ වැටි වැටී නැගිටමින් ගෙවුණු 2020 වසර අවසන් වෙන්න…

කොහොමද, කස්ටිය? ඔන්න කාලෙකින් ආපහු සුපිරිම ෆිල්ම් එක්ක සබ් අරන් බයිස්කෝප් පැත්තට ගොඩ වැදූණා. කොරෝනා එක්ක දැන් බාගෙට බාගයක්ම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා ඔන්න ටිකක් පරණ, හැබැයි ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් අතර හැංඟිල තිබුණු ෆිල්ම් එකක් අරන් ආවේ. කරදර ගොඩක් අස්සෙ වැටි වැටී නැගිටමින් ගෙවුණු 2020 වසර අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී නත්තලත් උදාවෙලා තියෙනවා. වෙනද තියෙන ගතිය, ලස්සන නැති වුණාට මේ පාරත් ගෙදරට වෙලා හුඟක් අය නත්තල් සමරනවනේ. ඉතිං මේ දවස් ටිකේ ත්‍රිල් එකේ ඉඳන් බලන්න පුලුවන් නිර්මාණයක් තමයි මේක.

මේ පාර ගෙනාවේ එසේ මෙසේ ෆිල්ම් එකක් නෙවෙයි. කාලෙයක් ලෝකේ ලොකු ට්‍රෙන්ඩ් එකක් වුණ, මේ ළඟදි ඉඳන් ආයෙමත් කතා බහට ලක් වෙමින් පවතින, අමුතුම විදිහෙ සුපිරිම නිර්මාණයක්. හුඟක් අය මේක දැනටම බලලත් ඇති. මොකද කාලෙක ඉඳන් සයිට් එකේ මේකට මුල් කාලෙ පලවුණු ලිපියක් තිබුණට, කවුරුත් සබ් කරලා තිබුන් නෑ. ඇත්තටම මේ වගේ හොඳ නිර්මාණයක් කාලයගේ ඇවෑමෙන් හැමෝටම අමතක වෙල ගිය එකත් ලොකු පුදුමයක්. දැන් ඉතිං සිංහල සබ් එක්කම බලන්න පුලුවන්. කොහොමෙන් කොහොම හරි ඔන්න අද ඉඳන් බයිස්කෝප් අපෙන් Scott Pilgrim Vs. The World සිංහල සබ් අරගන්න පුලුවන්. එහෙනම් අපි දැන් වැඩේට බහිමු.

Comic based movies එහෙමත් නැත්තම් චිත්‍රකතා පාදක කරගත් චිත්‍රපට කිවුවම දැන් අමුතු දෙයක් නෙවෙයිනේ. පඳුරකට පයින් ගැහුවත් දැන් ඕන තරම් කොමික් ෆිල්ම් හොයාගත හැකි.😉 කොටින්ම කිවුවොත් දැන් ලෝකෙ එතෙක් මෙතෙක් වැඩිම ආදයමක් ලැබූ චිත්‍රපටයත් කොමික් බේස්ඩ් ෆිල්ම් එකක්. ඉස්සර වැඩිය කාටවත් ගාණක් ගියෙ නැති චිත්‍රකතා දැන් හෝ ගාල චිත්‍රපට බවට හැරෙමින් තියෙනවා. ඉතිං අඩියෙන් අඩිය කොමික් ලෝකය නැගී සිටිමින් හිටි මුල් කාලෙ පත්තු වුණ බෝම්බයක් තමයි මේ Scott Pilgrim Vs. The World කියන්නේ. ඇත්තටම කිවුවොත් කවුරුත් පාවිච්චි කරන්නැති format එක්කින්, අමුතුම විදිහේ cinematography පාවිච්චි කරලා හදපු සිනමාපටයක් කිවුවොත් වැරදි නෑ. මතුපිටින් බැලුවම මේක නිකම් සාමාන්‍ය කතාවක් වගේ පෙනෙයි. හැබැයි බලද්දි පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුව නම් ජීවිතේ වගේම ආදරේ ගැනත් ගැබූරු ආදර්ශ ගණනාවක් දෙන පට්ටම කතාවක් තමයි මේ. ඉතිං කොමික් ෆිල්ම් එකක් ගත්තම ඒකෙ ඉතිහාසෙ ගැන කතා නොකර බෑනේ. ඒ නිසා අපි Scott Pilgrim කොමික් ගැන පොඩ්ඩක් බලලා ඉමු.

ස්කොට් පිල්ග්‍රිම් කියන්නේ සම්මානනීය කැනේඩියානු චිත්‍රකතා මාලාවක්. මේ විශිෂ්ට නිර්මාණය බිහිවෙන්නේ Bryan Lee O’Malley විසිනුයි. බ්‍රයන්ව ලොවක් හඳුනගත්තෙත් ස්කොට් පිල්ග්‍රිම් කොමික්ස් නිසාම තමයි. බ්‍රයන්ට ස්කොට් පිල්ග්‍රිම් වගේ කතාවක් ගොඩනගන්න හිතෙන්නේ ඔහු ආසාවෙන් අහපු සින්දු නිර්මාණය කළ Plumtree බෑන්ඩ් එක නිසයි. ස්කොට් පිල්ග්‍රිම් කොමික් නිර්මාණය කරද්දී ඔහු ජපන් චිත්‍රකතා (මන්ගා) සහ ඇමරිකන් කොමික් කතා ශෛලීන් දෙවර්ගයම භාවිතා කරල තියෙනවා. ඉතිං කොහොම හරි බ්‍රයන් වැඩ ටික අහවර කළාම ඔහුගේ නිර්මාණයේ ප්‍රකාශන අයිතිය ලබාගන්නේ Oni Press ආයතනයටයි.

ඉස්සෙල්ලාම ස්කොට් පිල්ග්‍රිම් ප්‍රකාශයට පත් වෙන්නේ 2004 අගෝස්තු 14 වෙනිදයි. එදා ඉඳන් අවුරුදු හයකට ආසන්න කාලයක්ම 2010 වෙනකම්ම මේ කොමික්ප්‍ර්කාශයට පත් වෙනවා. ස්කොට් පිල්ග්‍රිම්වල තියෙන විශේෂත්වය තමයි මේ කතා Comedy, Action, Romance, Fantasy, Drama හැම වර්ගයකටම අයත් වෙන එක. කොහොම හරි ස්කොට් පිල්ග්‍රිම් චිත්‍රකතාමාලාව Vol 6 ක් පුරා ගලායනවා.

  1. Vol. 1: Scott Pilgrim’s Precious Little Life
  2. Vol. 2: Scott Pilgrim Vs.The World
  3. Vol. 3: Scott Pilgrim and the Infinite Sadness
  4. Vol. 4: Scott Pilgrim Gets it Together
  5. Vol. 5: Scott Pilgrim Vs.The Universe
  6. Vol. 6: Scott Pilgrim’s Finest Hour

Bryan Lee

ඉතිං මේ කොමික්වලට සම්මාන සහ නිර්දේශ ගණනාවක්ම ලැබිලා තියෙනවා.

  • 2005 දී හොඳම කොමික් නිර්මාණකරණය සඳහා Doug Wright සම්මානය
  • 2006 දී හොඳම කැනේඩියානු චිත්‍රකතා ශිල්පියා සඳහා වූ Joe Shuster සම්මානය
  • 2006 දී හොඳම ප්‍රහසන රචකයා/ නිර්මාණ ශිල්පියා සඳහා වූ Eisner සම්මානය
  • 2007 දී හාර්වී සම්මානය
  • 2007 දී Entertainment Weekly හි ප්‍රථම පෙලේ කොමික් කතාවක් ලෙස නම් කිරීම
  • 2010 දී හොඳම ප්‍රහසන කොමික් කලාපය සඳහා වූ Eisner සම්මානය

දැන් තේරෙනවනේ මේක එසේ මෙසේ චිත්‍රකාතවක් නෙවෙයි කියලා. ඔයාටත් පුලුවන් Scott Pilgrim Comics ඔන්ලයින් වගේම ඩව්ස්ලෝඩ් කරගෙනත් කියවන්න. කියවල බලන්න, හරිම ලස්සන කතාවක් යන්නේ. කොමික් කියවන්න පටන් ගන්න හොඳම තැනක් තමයි ස්කොට් පිල්ග්‍රිම්.

ඉතිං අද මම මේ අරගෙන එන්නේ ඒ විශිෂ්ට කොමික් කතා පාදක කරගෙන නිර්මාණය කරපු ඊට නොදෙවෙනි සිනමා නිර්මාණය. ඒ වගේම තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙත් එසේ මෙසේ අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි. මේකෙ අධ්‍යක්ෂණයට හිමිකම් කියන්නේ Edgar Wright. ඔහු තමයි Shaun of the Dead, Hot Fuzz, Baby Driver, The World’s End වගේ ලොවක් හඳුනන සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කරන්නේ. තිර රචනයෙන් දායක වෙන්නේ Micheal Becall විසිනුයි. Action | Comedy | Romance වර්ග තුනටම මේක අයිති වෙනවා. (Romance කිව්වම මතක් වෙන සීනි බෝල කතාවක් නම් නෙවෙයි.😉) මේක රිලීස් වුණේ 2010 අගෝස්තු 15 වෙනිදයි.

ස්කොට් පිල්ග්‍රිම් කොමික්වල දකින්න ලැබෙන චරිත ගොඩාක් මේ ෆිල්ම් එකෙත් අපිට දැකගන්න පුලුවන්. ප්‍රධානම චරිතය වෙන ස්කොට් පිල්ග්‍රිම්ට රංගනයෙන් දායක වෙන්නේ Micheal Cera (Superbad, Juno, this is the End, Year One) විසිනුයි. ඊළඟ ප්‍රධාන චරිතයට වුණ රමෝනා ෆ්ලවර්ස්ට පණ පොවන්නේ Mary Elizebeth Winstead (Birds Of Prey, Gemini Man). ඒ වගේම මේකෙ තවත් දන්න කියන මූණු හුඟක් දකින්න පුලුවන්. විශේෂයෙනම අපේ කැප්ටන් ඇමරිකා Chris Evens, තව ගත්තොත් පෙලක් කැමති පෙලක් අකමැති අපේ කැප්ටන් මාර්වල් Brie Larson. ඊට අමතරව Jason Schwartzma, Aubrey Plaza, Alison Pill, Ellen Wong, Brandon Ruth, Anna Kendrick, Kieran Culkin, Maa Whitman, Mark Webber, Satya Babha, Johnny Simons, Keita Saitou, Shota Saito වගේ රංගන ශිල්පීන් රැසක්ම රංගනයෙන් දායක වෙනවා. විනාඩි 112 ක් පුරා දිවෙනි මේ චිත්‍රපටයට ඡන්ද 374,873 ක් මගින් 7.5 ක දැවැන්ත IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ලේසියෙන් ෆිල්ම් එක්කට ලොකු රේටින් එකක් දෙන්නැති Rotten Tomatoes ලා පවා මේකට 82% ක ලොකු අගයක් දීලා තියෙනවා. ඒ වගේම මේක PG-13 විදිහට තමා රේට් වෙලා තියෙන්නේ. මාත් හිතන විදිහට මේක 15+ වගේ බැලුව නම් තමයි වඩා හොඳ.

හිතන්නකො ඔයා දවසක ගෑණු ළමෙක්ව හීනෙන් දකිනවා. හීනයක් වුණත් ඔයාට එයාට හිත යනවා. පස්සෙ ඔයාට මෙයාව ඇත්ත ජීවිතේම දකින්න ලැබෙනවා. ඔයාගෙ සිහින කුමරිය ඇත්තක් වුණොත්? ඔයාට එයාව ලබාගන්න ඕන වුනොත්? ඒකට සුපිරිම හතුරො හතක් පරද්දන්න වුණොත්? ඒ වෙනුවෙන් ඔයාට දැන් ඉන්න හැමෝම අමතක කරන්න වුණොත්? ඔයා මොනව කරයිද? ඔයා ඒ අභියෝගය බාරගන්නවද? ඔන්න ඔය දේ ස්කොට්ට වුණු විදිහ ඔයාට පැය දෙකකින් සුපිරිම අත්දැකීමක් විදිහට බලාගන්න පුලුවන්. කතාව හිතට අල්ලලා ගියොත් ෆිල්ම් එකක්ද කියල හිතාගන්න බැරි වෙයි. සමහර විට කතාව ඇතුලෙ ඔයාට ඔයාවම හමුවෙයි.

මං කලින් කිව්වා මතක ඇතිනේ මේකෙ අමුතුම Cinematography එකක් පාවිච්චි කරලා තියෙන්නෙ කියලා. ඒ ඇයි කිවුවොත් මේකෙ හුඟක් කොමික්වල දකින්න ලැබෙන ඉඟි වගේම ඉස්සර ආපු වීඩියෝ ගේම්ස්වල දකින්න ලැබෙන ෆෝමැට් එක හුඟක් පාවිච්චි කරලා තියෙනවා. කොටින්ම කිවුවොත් මේකෙ රමෝනගේ ex ලා පරාද කරන එකට ලැබෙන්නෙත් වීඩියෝ ගේම් එකක් දින්නම ලැබෙනව වගේ ළකුණු සහ කාසි. ඒ නිසා මේක බලන් යද්දි විඩියෝ ගේම් එක් ප්ලෙ කරනවා ව්අගේ ෆීලින් එකක් ලැබෙනවා. අනික මං මේකෙ ඊළඟට වැඩියෙන්ම කැමති වුණු දේ තමයි මේ එන මියුසික්. හුඟක් පාවිච්චි කරල තියෙන්නෙ රොක් මියුසික් තමයි. ඇඟ හිරිවැටිල යන ට්‍රැක්ස් ගොඩාක් මේක බැලුවොත් හොයාගන්න පුලුවන්. ඒ වගේම බලල හිතල බලද්දි වෙනනමම හැඟීමක් දැන්නෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම ලොකු ආදර්ශයක් ගැබ් වෙල තියෙනවා. ඒ නිසා මේක බලන්නම වටින ෆිල්ම් එකක්.

එහෙනම් මෙතනින් මගේ වැඩේ අවසන්. ආ තව දෙයක්… ස්කොට් පිල්ග්‍රිම් ෆිල්ම් එක ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් ළඟදීම ඔයාලට බයිස්කෝප් මන්සලෙන් ලැබෙයි. ඉතිං ඒ ලිපිය දැම්මට පස්සෙ ඒක කියවලා ආයෙ ෆිල්ම් එක බැලුවොත් අමුතුම රහක් දැනේවි. ලිපියෙ වැඩේ ඉවර වුණාම ඒකෙක් ලින්ක් එක පහළින් කමෙන්ට් කරන්න අපි කටයුතු කරන්නම්. එහෙනම් මං මෙතනින් කැපුණා. ආයෙත් මේ වගේ හොඳ නිර්මානයක් සමඟින් මාර්තුවලින් පස්සෙ හමුවෙමු. එහෙනම් නත්තල් සීතලත් එක්ක චුට්ටක් රත් වෙන්න මේක අරන් බලන්නකෝ!

🎅🎄 ලැබුවා වූ නත්තල ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා…! ❄⛄

ප.ලි.: The Umbrella Academy සීරිස් එක භාරව උපසිරැසි ගේන කෙනා විදිහට සමාව ඇයදීමක් තමයි මේ කොරන්න හදන්නේ.😁😉 ඇත්තටම කිවුවොත් හුඟ දෙනෙක් සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ සබ් ඉල්ලලා තියෙනවා. ඇත්තටම කිවුවොත් O\L අත ළඟ කාලෙක තමයි දෙවෙනි සීසන් එකත් ආවේ. එක්සෑම් වැඩත් එක්ක ටීවි සීරීස් එකක් කරනව කියන්නෙ සෑහෙන අමාරු වැඩක්. මේ වගේ ෆිල්ම් එක්ක පරිවර්තනය කරන්න තියෙන්නේ ලයින් 2000 ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි ටීවි සීරිස් එක්ක එක එපිසෝඩ් එක්කම ආසන්න වශයෙන් ලයින් 600 කට වඩා තියෙනවා. මුලු එපිසෝඩ් දහයකින් සමන්විත සීසන් එකක් ගත්තොත් සම්පූර්ණ ලයින් ගාණ 6000 ත් පනිනවා. අනික සබ් වැඩේ කොලිටියටම කරන්නත් එපැයි. ඒ වගේ Sci- Fi සීරීස් එකක් නින්දෙන් කොටල බැහැ. මේ ෆිල්ම් එකත් කොලිටියට ගන්න දවස් දෙක තුනක්ම ගියා. හිතන්නකෝ ලයින් 6000 සබ් එකත් ගත්තම. අනික ඊට වඩා ප්‍රධානම දේනෙ පාඩම් වැඩේ. ඒ නිසා සීරිස් එක දැම්මම දෙන එක හුඟක් අමාරු වැඩක්. ඒ නිසා තමයි ඔයාලට තාම සයිට් එකෙන් සබ් එක දකින්න නොලැබුණේ. හැබැයි මර්තුවලින් පස්සෙ සීසන් 2 එක අනිවා දෙන්නම්. සමහර විට එක්සෑම් ඉවර කරලා මං මුලින්ම ගේන්නෙත් The Umbrella Academy වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔහොමම තව ටික දවසක් ඉවසල ඉමු. හැබැයි බය වෙන්න එපා, සයිට් එකෙන් සීරිස් එක දෙන එක නවත්වන්නෙ නම් නැහැ. ප්‍රමාදයට සමාවෙන්න.

2010 නොවැම්බර් 23 දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා විසින් පල කළ ලිපිය.

ඔන්න අද දෙන්න යන්නෙ imdb එකේ 8.0/10 ක අගයක් අරගෙන තියෙන මැක්ෂම බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එකට ලිපිය ලියන්න හිටියෙ අපේ ගෝලයා සහෝයි. නමුත් ෆිල්ම් එක මට හොඳටම අල්ලලා ගිය නිසා, ඒ අවස්ථාව මට හිමිකර ගත්තා. මේ බයිස්කෝප් එක හරියට අපි පරිගණකයේ ඇතුළේ ඉඳලා පරිගණක ක්‍රීඩාවක නියෙලෙමින් බලනවා වගෙයි. මේ වගේ විදියෙ කතාවක් මමනම් මුල් වතාවට තමයි බැලුවෙ. මේ කතාවෙ කතා නායකයා තමයි Scott Pilgrim. ඒ චරිතයට පණ පොවන්නෙ Michael Cera කියන බොහොම දක්ෂ තරුණ කැනේඩියානු රංගන ශිල්පියයි. ඔහු විශේෂයෙන්ම ටිකක් අමුතු චරිත කරන්න දක්ෂයි.

කතාව මේකයි, Scott Pilgrim කියන්නෙ ROCK බෑන්ඩ් එකක ගිටාර් වාදනය කරන, ටිකක් අමුතු කොල්ලෙක්, මම අමුතු කොල්ලෙක් කියලා කියපු එකේ තේරුම ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරුම් යයි. මේ Scott Pilgrim ට වයස අවු. 17 ක වගේ පසුවන චීන ජාතික ආදර වන්තියක් ඉන්නවා. නමුත් එක් දිනක් Scott Pilgrim ට දකින්න ලැබෙනවා සිහිනයක් , ඒ සිහිනයේදි ඇයට ලස්සන තරුණියක් දකින්න ලැබෙනවා. වැඩේ කියන්නෙ එක්තරා සාදයකදී මේ සිහින කුමරියව Scott Pilgrim ට හැබැහින් දකින්න ලැබෙනවා. ටික කාලෙකින් මේ දෙන්නා ආදර වන්තයෝ වෙනවා. දැන් අහන්න එපා , අර චීන කෙල්ලට එතකොට මොකද වුණේ කියලා. හැබැයි Scott Pilgrim ට මේ අලුත් සිහින කුමරියව හිමිකර ගන්න පොඩි කොස්සක් තියෙනවා, ඒ තමයි ඔහුට මේ සිහින කුමරියගේ පරණ පෙම්වතුන් සහ පෙම්වතිය 😛 ඇතුළු හත් දෙනෙකු සමඟ සටන්කර ජග ගත යුතු වෙනවා. මේ සටන් වලින් ජය ගන්න හැම වෙලාවකට Scott Pilgrim ට ලකුණු ලැබෙනවා.

මේ සිහින කුමරිය නොහොත් රෙමෝනාගේ චරිතයට පණ පොවන Mary Elizabeth Winstead ඇත්තටම සිහින කුමරියක්ද ? , Scott Pilgrim ට මේ හත් දෙනා පරදවලා රෙමෝනාව දනා ගන්න පුළුවන් වෙයිද. ඔක්කොටම උත්තර චිත්‍රපටිය අවසානයේ තියෙනවා. imdb එකේ ඡන්ද තිස් පන්දාහකටත් වඩා වැඩි ගණනක් ලබා 8.0 ක අගයක් ලබාගෙන තියෙන හින්දා මේ චිත්‍රපටිය බලන එක ඔන්න මිස් කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,503 downloadsDownload Scott-Pilgrim-vs.-the-World-2010.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කල්හාර බෙනට්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,503 downloadsDownload Subtitles68 KB

73 comments

  1. shehan

    ada mama 1 saho ........ danmama banawa
    ela kiri keep it up.

  2. shehan

    golayata jayawewa!!!!!!!!!!!!

  3. shehan

    waraduna rokiyata jayawewa!!!!!!!!!!

  4. අසේල ගමගේ !

    Thanxx machan,

    goda kaalayak balan hitiyaa inception denakal,
    moko mechchara parakku,,

    apita me sathiya athulath denava nam hodayi

  5. ලැසී

    එල සහෝ තවත් පස්ට බයිසක්.
    Inception දෙනකං ගොඩක් කට්ටිය නොයිවසිල්ලෙන් ඉන්නේ පොඩ්ඩක් ඉක්මන් කරොත් හොදයි නේද යාළුවනේ!!!

  6. Nirmal

    Ade ada mama 5 ne ela ela

  7. ලැසී

    ජයවේවා බයිස්කෝප්!!!!

  8. Nirmal

    mee movie ekanam maxxa wage tamai hebai tikak fantasy genre ekata wage yanne neda??hebai mamanam balanna kemathi tikak serious films mokada dan me type eke ewwa balalama epa wela tiyenne..... bt kamakne baalama balamuko!!
    Thanx Rokiya for paying ur precious time to bring this movie towards us!!!!!!!

  9. ravi shammi

    ela ela math bami

  10. chamila

    Sinhala Sub gana nam no katha no sinaha... :(

  11. uda

    හොඳයි හොඳයි, අමුතු කතාවක් පාටයි!
    තන්කු හොඳේ

  12. Prakash රoගන

    ජයවේවා බයිස්කෝප්!!!!

  13. madusanka gayan

    එල එල මචන්

  14. Udaya

    mama kaline bewa. fun film ekk thanks saho.

  15. Suren n. Semage (සිව්පෙතියා)

    ස්තූතියි රොකියෝ.
    ජය වේවා!!!

  16. Akalanka Yapa

    තෑන්ක්ස් මචෝ...
    බාලම බලමු..

  17. Ramraj

    ආ..බලන්නම වටින එකක් වගේ. බලා දාගමු එහෙනම්. ගෝලයාට වඩා ඉක්මන් වීමට තරම් මේක ප්‍රබලද ඇත්තටම

  18. පොතේ ගුරා

    කාලෙකින් බලපු වෙනස්ම චිත්‍රපටයක්...

  19. [email protected]

    එල ‍ෆිල්ම් එකක්. මම බැලුවා.

  20. chanaka

    amuthui wage
    balama balamu

  21. Pandula

    film aka ela. onna banna daama
    inception denne kavadda.

  22. Ravinrosh

    හා හා බලමු බලමු....
    හැබැයි සිංහල සබ් තිබ්බනම්..පට්ටයි
    thanq රොකී...!!

  23. Dinushka Udara | රොකියා

    @ අසේල ගමගේ ; @ ලැසී ;
    අපේ සිංහල උපසිරසි දාන සහෝලා බහුතරයක් පාසල් යන ඒ වගේම රැකියා වල නියතු වෙන අය. ඉතින් කාර්‍යබහුලත්වයත් එක්ක උපසිරසි දැමිල්ල සමහර වෙලාවට ටිකක් විතර පරක්කු වෙනවා. නමුත් අපි මෙන්න මේ මේ චිත්‍රපටි වලට උපසිරසි වලට උපසිරසි දෙනවයි කියුවොත් අනිවා ඒක දෙනවාමයි. ඒනිසා පොඩ්ඩක් ඉවසිලි වන්තව ඉන්න.

  24. Dinushka Udara | රොකියා

    @ Ramraj ; එහෙම නෙමෙයි, මේ දිනවල ගෝලයා සහෝ පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා තමයි මම ලිපිය ලියුවෙ.

    @ Ravinrosh ; මටත් ඒ අදහස තිබුනා. නමුත් මේ වෙනකොටත් ඔයාල වෙනුවෙන් රොයිලි සහෝ සහ මම අතපසුවුනු චිත්‍රපටියකට උපසිරසි දාගෙන යනවා. ඒනිසා තමයි මේකට උපසිරසියක් දාන්න බැරි වුනේ.

  25. chamath

    ela jayawewa onna saho math baganna damma saho

  26. nuwan srimal

    600 කිව්වට 698 යි..

  27. Deezter

    පට්ට එකක් වගේ බාලම බලමු ස්තුති යාළුවා

  28. Sudheera

    Thanks!DL karanna yanne!

  29. shani

    F1.. F1...F1..

    පෙරුම් පුරලා පුරලා.. බලන්න ගත්තා salt 2010 සින්හල sub එක්ක , Jet audio වලින්..
    බලන්න ගත්තම ටිකක් පිස්සු වගේ උනා.ප්‍රස්නේ මේකයි, sub පෙනවා හරියට.. video එක upside down ..
    ඒක හරිගස්සගන්න විදිහක් තියෙනවද??

    දෙවනි ප්‍රස්නෙ,English හරි සින්හල sub එක්ක ෆිල්ම් එක burn කලොත්.. හරියට sub පේනවද?

    ඉස්තුති...
    බයිස්කෝප් වලට සදා ජය!..

  30. Asitha

    sihina loke visadalama imu....

  31. Pasindu

    මට නම් එච්චර ඇල්ලුවෙ නෑ..... හැබැයි ලොකු වරදකුත් නෑ.......

  32. රොබින්හුඩ්

    ela machoa....bohoma sthuuthiyi!!!

  33. Tharindu

    maxa film ekak wage..thanks saho

  34. Ruwan

    thanxs brooo......

  35. AL1717

    Ade Mata Meka Lebuna Eth Mama Hithuwe ne Meka Sira Story Ekak Thiyana Wa Kiyala.

    Onna Henam Apahu Mama Banawa,
    Thanks...

    Jaya Wewa...

  36. ashan kandy

    onna saho math damma.. thanks..

  37. Bunny

    නියමයි නියමයි..මගේ දෙවෙනි ටොරන්ට් බෑම මේක.. කලින් බැවා සෝශල්නෙට‍වර්ක් :D

    ජය වේවා !

  38. Uraj Deemantha

    බලමු බලමු :D

  39. shabry rulzzzzz

    pixxxu hedena film 1k bng

  40. Eranda

    Me film eka mama UK indidi pre show ekak beluwa. Mata nam epama wela hitiye, melo rahak ne.

  41. Madu

    kathawa tikak amuthui wage,baalama balanna wenawa...

  42. Tharindudoo

    මේක මම බෑලුවා,,ඒ උනාට මට නම් මේක එච්චරම අල්ලන්නේ නෑහෑ,

    ඒ උනාට ෆන් එක පිරුණු චිත්‍රපටියක්....

  43. Kasun.D

    Kalekin balapu amuthuma thale movie ekak..
    Thanx Saho....

  44. Sex Bob-Omb

    මේකනම් මම බලපු සුපී..........රිම ෆිල්ම් එකක්...මේ අවුරුද්දට බලපු හොඳම එක කියලා කියන්න පුලුවන්.....
    හැබැ‍යි මේක අමුතු එකක් නිසාම 100%ක් දෙනාට අල්ලන් නැති වෙයි....මේක බලපු අයගෙන් හොඳයි කියන අය 100% හොඳයි කියනවා...නරකයි කියන අය නරකම තමයි කියන්නේ...අන්න ඒ වගේ ෆිල්ම් එකක්.... :P
    මේක තවත් මම ආසම ෆිල්ම් එකක් වෙච්ච, Hot Fuzz එකේ director ...මිනිහගේ 1st American film එක...මෑන්ස්ගේ වැඩනම් ආයේ සුපිරිම තමයි..... :)

  45. Sujja

    thank uuu

  46. rajitha wdf

    මෙක තමයි මම බලපු පථ්ථම movie එක .ගොධක් thnkz

  47. pasindu

    අය්යෙ දැන් සින්හල සබ්ටයිටල් ගත්තා කියමු ...... එක ෆිල්ම් එකට දාන්නෙ කොහොමද ?

  48. Depp

    Ko bn sub eka?

  49. Thilanmadusha

    Sub eka na ne bn

  50. Thilee

    Ko machan subtitles ?????

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.