ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වග…

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. ඒවගේම මම බයිස්කොප් රසිකයින්ට ඒක අරගෙන ආවේ මගේ විශේෂ කඩඉමකුත් සනිටුහන් කරමින්. ඒ කියන්නෙ අද තමයි මගේ සෙන්චරිය එහෙමත් නැත්නම්, මම කාලයක් තිස්සෙ බලාගෙන හිටිය මගේ 100 වෙනි උපසිරැස. ඒ වගේම, මේක විශේෂයෙන්ම කියන්න ඕන. මට 100 වෙනි උපසිරැස කරන්න හොඳ චිත්‍රපටයක් තිබුණේ නැහැ. මම එකක් හොය හොය ඉද්දි, මට වටිනා බයිස්කොප් එක ලබා දුන්නෙ, ඔයාල හැමෝම දන්නා ලහිරු ප්‍රසාද් මලයා. ඒවගේම, මාව නිරන්තරයෙන්ම දිරගන්වපු බයිස්කොප් ගැන්සිය අපේ හසා අයියා , අශාන් විමුක්ති(විමා), සිසිල ප්‍රසාද් (ගිණි සිසිල), චාමර සම්පත්, ප්‍රණිත් රණසිංහ (මහාසෝනා), නලින් බ්‍රෝ, තාරක, තරිදු රුක්ෂාන්. සුදීර, නිර්මාණි. හම්මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා සමීර, ආසිරි, සදුන් තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ සියළු දෙනාටම ස්තුති වන්ත වෙන්න ඕන මෙවැනි ගමනක් යාමට මට ශක්තියක් වෙලා, නිරන්තරෙයින්ම මගේ පිටුපසින් හිටපු එකට.. ඒවගේම විශේෂයෙන්ම අපේ බයිස්කොප් උපසිරැසකරුවන්ගේ චැට් එකේ අයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. කවුරු හරි මග හැරුන නම් සමා වෙන්න ඕන. මොකද සබක් කොටලා ලිපියක් ලියනවා පොඩ්ඩක් විතර මොලේ කොලොප්පන් වෙන වැඩක් නෙව. එහෙනම් අපි කථාව පැත්තට යන්න කලින් හෙල් බෝයි කියන්නෙ කවුද කියන එක ගැන කෙටියෙන් දැන ගෙන ඉමු ..

හෙල්බෝයි කියන්නේ ඩීීසි හො මාවල් චරිතයක්ද?
අපො නැහැ. මේක මාවල් හො ඩීීසි චරිතයක් නම් නෙවෙයි. කලිනුත් කිව්වා වගේ ලෝකේ වැඩි දෙනා කතා කෙරෙන කොමික් තරම් ජනප්‍රිය නැති, නමුත් සුළු තරයකගේ හදවත් දිනාගත්ත Dark Horse Comics (ඩාක් හෝ(ර්)ස් කොමික්ස්) යටතේ බෙදාහැරුණු චරිතයක්. හැබැයි හෙල්බෝයි ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතෙ බෙදාහැරීම කරන්න කලින් මේ චරිතෙ බෙදාහැරීමේ කටයුතු කරන්න මුලින්ම සංකල්පය තිබිලා තියෙන්නෙ ඩීීසි කොමික්ස් යටතෙයි. ඒ අයගේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ අදහසට වගේම චරිතයට එක සේ කැමති වෙලා තිබුනත් “අපාය” සම්බන්ධ වෙන නිසා ඒ කාලේ මේ අය කැමති වෙලා නැහැ.
එතකොට ඇයි මේ මුලින් කිව්වා වගේ හෙල්බෝයි ඒ හැටි ජනප්‍රියත්වයක් නැත්තෙ?
ඒ මොකද කිව්වොත් මේ වෙද්දී පොඩි දරුවන්ගේ ඉදලා වැඩිහිටි පරම්පරාවේ අය දක්වාම හුරු වෙලා තියෙන්නෙ කබායක් දාගත්ත, පලිහක් අතට ගත්ත, ලොකු දිස්නයක් තියෙන කොස්ටියුම් එකක් ඇදගත්ත අපරාධ වෙනුවෙන් සටන් කරන සුපිරි වීර චරිත වලට ආසා කරන්නයි. මොකද ඔය වගේ දේවල් වලට ආසාවක් දක්වන්න පෙළඹෙන්න යන්නේ හරිම පුංචි වෙලාවක් විතරයි. ඒත් හෙල්බෝයි කියන්නේ ඔය අයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. එයාට ලැබිලා තියෙන හැකියාවන් වලට අනුව හෙල්බෝයි කියන්නේ අසම්මත විද්‍යා ගවේෂණ පිළිබඳ දේවල් සමීක්ෂණය කරන සුපර්හිරො කෙනෙක් විදිහට සැලකුවත් එයා හරිනම් මනුස්ස වර්ගයා විනාශ කරන අරමුණින් පෘතුවියට කැදවපු ඩිමන් කෙනෙක්. අනික කතාව ඇතුලෙ යන්නෙ සෑහෙන වෙනස්, අදුරු තේමාවක් තියෙන කතා පසුබිමක්. කෙටියෙන්ම කියනවනම් මේකයි අපායෙ ඉදන් පෘතුවියට ආව ඩීමන් කෙනෙක් එයාට සමාන තවත් වර්ගවල ජීවීන් එක්කලා සටන් කරනවා දකින්න හැමෝම ආසා නැහැ. අනික ලොකු තරගකාරිත්වයක් තියෙන මාවල් හො ඩීීසි එක්කලා තරගයක් දෙන්න ඩාක් හෝ(ර්)ස්ලට අපහසුයි. ඉතින් ඔය වගේ හේතු උඩ ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලට හෙල්බෝයි කොමික් පෙල විකුණගන්න පුංචි අපහසුතාවයක් තියෙනවා.
ඩාක් හෝ(ර්)ස් කොමික්ස්හි විකාශය

ඩාක් හෝ(ර්)ස් කොමික්ස්හි ප්‍රධාන කාර්යාලය
මීට අවුරුදු 33 කට කලින්, ඒ කිව්වේ 1986 දී මිල්වෝකි, ඔරිගන් වලදී තමයි මයික් රිචර්ඩ්සන් විසින් ඩාක් හෝ(ර්)ස් චිත්‍රකතාවල ප්‍රතිස්තාපිත කිරීම සිද්ද කරලා තියෙන්නෙ. රිචර්ඩ්සන් මුලින්ම වැඩේ පටන් අරන් තියෙන්නෙ 1980 දී බෙන්ඩ්, ඔරිගන්වල “Pegasus Books” නමින් තමන්ගේම කියලා චිත්‍රකතා වෙළදසැලක් පටන් අරගෙනයි. එදා ඉදන් ලැබුණු අරමුදල් වලින් රිචර්ඩ්සන්ට හැකියාවක් ලැබිලා තියෙනවා තමන්ගේම කියලා ප්‍රකාශිත සමාගමක් පටන් ගන්න. මුල්ම චිත්‍රකතා දෙක විදිහට Dark Horse Presents වගේම Boris the Bear 1986 වසරේදී නිකුත් කරන්න ලැබෙන්නෙ. අවුරුද්දක් ඇතුලත ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලට හැකියාවක් ලැබෙනවා තවත් නාමයන් නවයක් යටතේ චිත්‍රකතා එලිදක්වන්න. ඒවා තමයි Hellboy, The American, The Mask, Trekker, වගේම Black Cross. ෆ්‍රෑන්ක් මිලර් ඩාක් හෝ(ර්)ස් කොමික්ස්ලා එක්ක එකතු වෙලා නිර්මාණය කරපු Sin City ඒ කාලෙ සෑහෙන ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. Aliens, Buffy the Vampire Slayer, Conan, වගේම Star Wars වැනි ඒවා ප්‍රකාශනය කරන්න ලබාගත්ත අවසරය එක්කලා ඩාක් හෝ(ර්)ස් කොමික්ස් කියන නාමය සැහෙන කීර්තියට පත්වෙලා තියෙනවා. මෑත කාලීනව Netflix සමාගම යටතෙ නිකුත් වුණු The Umbrella Academy කතාමාලාව පදනම් වෙලා තියෙන්නෙත් ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතෙ ඒ නමින්ම බිහි වුනු චිත්‍රකතා නිසාමයි. මේ වෙද්දී ඩාක් හෝ(ර්)ස් කොමික්ස් යටතේ ඇමරිකානු චිත්‍රකතා පොත් සේම, ජපන් මැන්ගා චිත්‍රකතා ප්‍රකාශකයන් විදිහට හදුන්වන්න පුලුවන්.
නිර්මාණය හා මෙතෙක් ආ ගමන් මග
මේ වෙද්දී සුපිරි වීර චරිතයක් විදිහට සලකන හෙල්බෝයි කියන චරිතය නිර්මාණය වෙන්නෙ Mike Mignola විසින්. මේ වැඩේදී කතාව ලියන්න වගේම සිතුවමට නගන කරතව්‍යයන් දෙකම වෙන්නෙ මයික් විසින්මයි. එතකොට මුලින්ම චරිතය දැකගන්න ලැබෙන්නෙ 1993 දී සැන් ඩියෑගො කොමික්-කොන්වල දෙවනුව ඉදිරිපත් කිරීමක් විදිහට, Dime Press හතරවැනි කලාපයේ කළු-සුදු ආකාරයටයි. මේ ඉදිරිපත් කිරීමෙන් පස්සෙ මාස ගණනාවක් ගිහින් 1993 වසරේම දෙසැම්බර් මාසයෙ නිකුත් වන Next Men 21 වැනි කලාපය හරහා තමයි නියමානුකූල වර්ණ වලින් නිර්මාණය වෙච්ච හෙල්බෝයි චරිතය මුලින්ම දැකගන්න ලැබෙන්නෙ. එතනින් පටන් ගත්ත ඒ ගමනෙ මේ වෙද්දී සෑහෙන කොමික් චිත්‍රකතාවල, විවිධ තේමාවන් යටතෙ බිහිවෙලා තියෙනවා. ඒවගේම බිහි වුනු සජීවී-ක්‍රියාදාම චිත්‍රපට ත්‍රිත්වයක්, ඇනිමේෂන් චිත්‍රපට ද්විත්වයක් වගේම ඇපල් අයිෆෝන් පරිශීලකයන් සදහා නිකුත් වූ විඩියො ක්‍රීඩාවක්ද ඇතුලත් වෙනවා.

සැන් ඩියෑගො කොමික්-කොන්වලදී දකින්න ලැබුණු හෙල්බෝයි චිත්‍රකතාවේ එක්තරා කොටසක්
චිත්‍රපට ගැන කියද්දී මතක් කල යුතුම කාරණාවක් තමයි මීට වසර ගානාවකට පෙර නිකුත් වුනු Hellboy (2004). Hellboy II: The Golden Army (2008) චිත්‍රපට වලින් පස්සෙ දෙවැනියට නිකුත් වූ චිත්‍රපටයේම මීලග චිත්‍රපටය විදිහට “Hellboy III: Dark Worlds” විදිහට නම් වූ තවත් චිත්‍රපටයක් නිකුත් වීමට අවශ්‍ය කරන කටයුතු 2009 වසරේදී ආරම්භ කර තිබුනත් 2017 වසරේදී නිවේදනය කර තිබුනා තුන්වැන්න නිර්මාණයට අවශ්‍ය කරන මුදල් සැපයීමක් කරන්න බැරි බවත් ඒ වෙනුවට චිත්‍රපට සියල්ල නැවත අලුත් වන පරිදි රීබූට් කිරීමක් කරනවා කියලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙද්දී අලුත් 2019 වසරේදී Hellboy නමින්ම අලුත් පිරිසකගේ එක්කාසුවෙන් අලුත් චිත්‍රපටයක් බිහි වුණේ. නිකන් හරි තුන්වැනි චිත්‍රපටය බිහි වුනා නම් අපිට දැකගන්න තිබුනා “අලුත උපන් දරුවන් දෙදෙනෙකුගෙ සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ ජීවීතයක් ගත කරන් යන හෙල්බෝයිට මුහුණ දෙන්න සිද්දවෙන තවත් අතිශය බලගතු හතුරන්ගේ පෘතුවි ආක්‍රමණයක්” සම්බන්ධයෙන්. ඒත් ඉතින් මේක දෙවෙනි එකෙන් කැන්සල් වුන නිසා ඔය ටික හරිම අපූරුවට බලාගන්න තිබුණු අවස්ථාව නැතිව ගියා.

හෙල්බෝයි සිනමාපටවල එදා සහ අද රගපෑ නළුවන් දෙදෙනා
කලින් සදහන් කලානෙ ඇනිමේෂන් චිත්‍රපට ද්විත්වයක් ගැන. 2005 නොවැමබර් 9’වැනිදා IDT Entertainment සමාගම විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියලා තියෙනවා ඔවුන්ට හෙල්බෝයි චරිත යොදාගෙන ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීමට අවශ්‍ය ලියාපදිංචි සහතිකයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 2006 ඔක්තෝම්බර් 28 වැනිදා Hellboy: Sword of Storms ඇනිමේෂන් සිනමාපටයත්, 2007 මාර්තු 17 වැනිදා Hellboy: Blood and Iron නම් වූ ඇනිමේෂන් සිනමාපටයත් Cartoon Network හරහා විකාශය වෙලා තියෙනවා. ලිපියෙ ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
දෙවනි ලෝක යුද්ධය සමයේ එංගලන්තයේ බ්‍රෝම්විච්වල ඉන්න අමුතු විදිහේ නාසිවරුන් වගයක් ගැන පරික්ෂණයක් කරන්න පලමු සාජන් ජෝජ් වයිට්මන් ගේ මග පෙන්වීම යටතේ ඇමරිකානු බටයින් වගයක් යනවා ට්‍රෙවර් බුටින්හෝම් නමින් හදුන්වන BPRD (අසම්මත විද්‍යා ගවේශන හා රක්ෂිත කාර්යංශය ) හි සේවය කරන මහාචාර්ය කෙනෙක් එක්ක. මේ අය මේ විදිහට නාසිලා හොයාගෙන යද්දි නාසින් අමුතුම ආකාරයේ පර්යේශනයක් කරනවා. ඔවුන් ලෝක යුද්ධය පරාජය වෙමින් සිටි නිසා, ග්‍රීගෝරි රැසපුටින් නමින් හදුන්වන මයාකාරයෙක් දාලා තමයි වැඩේ කරන්නෙ. නමුත් එම පර්යේෂණය නාසීන් බලාපොරොත්තු වුන විදිහට සිද්ධ වෙන්නෙ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නෙ දේවස්ථානයේ ඉදිරිපස පිපුරමක් සමග ඒකෙන් ආපයේ ඉදලා අමුතුම විදිහේ කුඩා දරුවෙක් පැමිණේනවා. ඒ වෙනකොටත් මිත්‍රපාර්ශික හමුදාවන් එම නාසින්ගේ පර්යේශනා ගාරය වටලලා තියෙන්නෙ. මහාචාර්ය ට්‍රේවර්, එම කුඩා දරුවා දැකිමෙන් ඔහුගෙන් කිසිම හානියක් වෙන්නෙ නැති එක වගේම කවුරුවත් නොදුටු විශේෂයක් ඔහු දකිනවා. ඒක නිසා ඔහු තීරණය කරනවා එම දරුවාව තමන්ගේම දරුවෙක් වගේ හදා වඩා ගන්න. ඊට පස්සෙ ඒ අතරේ ඔහුට හෙල් බෝයි කියලා නමකුත් ඔහු විසින් ලබා දෙනවා. ඔහු උස් මහත් වු පසු ලෝකය ඒවගේම මිනිසුන් බයානක මන්තරකාරයින්ගෙන් යක්ශයින්ගෙන් නපුරු බලවේග වලින් බේර ගන්නවා. ඔහු ඩිමන් කෙනෙක්. ඔහුට රතු වලිගයක් වගේම රතු හමක් ඒවගේම අං දෙකකින් සමන් විත වෙනවා. ඒවගේම හොස්ස ලගින් මැස්සෙක් වත් යන්න බැරි ඩයල් එකක්…
එහෙනම් අපි පම්පොරි ගහන එක නතර කරලා මෙකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු. මම හෙල්බෝයි ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. මම මීට කලින් හෙල් බෝයි ගැන විස්තරයක් කලානේ. ඒවගේම ඒ විස්තරයෙනුත් ඔයාලට මේ බයිස්කෝප් එක ගැන අදහසක් පොඩි ඉගියක් අරගන්න පුලුවන්. මෙහෙමයි වෙන්නෙ. පනස් වන සියවසේ යකුන් බැදගත් මයාකාරියක් ඉන්නවා නිමෝයේ කියලා. වසර 1500 කට ආතර් රජු එක්ක සටන් වැදිලා එක්ස්කැලිබර් අසිපත හමුවේ පරාජය වෙනවා. ආතර් රජු විසින් ඇයව කොටස් වලට වෙන්කරලා එන්ගල්න්තයේ තැනින් තැන කිසිවෙකුට හොයාගත නොහැකි තැන්වල වලලනවා. නිමෝයේ වසර ගානනවාක් බලාගෙන ඉන්නවා ඇයව කවුරු හරි කෙනෙක් නිදහස් කරනකම්. කොහොමෙන් හරි මෝඩ ඌරු තඩියෙක් හෙල්බෝයිගෙන් පලිගන්න දීර්ඝ කාලයක් තිස්සෙ මග බලාගෙන ග්‍රොව්ච් විසින් ඇයව නිදහස් කරනවා. ඒ හෙල්බෝයි මරලා දාන්න නිමෝයේ ගෙන් ඒකට බලය ලබා දෙන පොරොන්දුව මත. ඒ ජරමර අස්සෙ තව සිදුවිම් රාශියක් සිද්ධ වෙනවා. මම ඒ දේවල් ගැන නම් ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා ඒ දේවල් දැක බලා ගන්නකෝ. කොහෙමෙන් හරි හෙල්බෝයි ආතර් රජුගේ ලේ නෑයෙක් වෙනවා. ඒ කොහොමද කියලත් ඔයාලට මේක බලද්දි තේරුම්ගන්න පුලුවන් වේවි. මම තව දුරටත් මෙකේ ස්ටෝරිය ගැන කියන්න යන්නෙ නෑ. ඌරු තඩියට හෙල් බෝයි ගෙන් පලිගන්න පුලුවෙයිද ඒවගේම නොමෝයේගෙන් හෙල් බෝයිට මනුෂ්‍ය වර්ගයා වගේම ලෝකය ගලවා ගන්න පුලුවන් වෙයිද???. ඒ වෙනකොටත් නොමොයේ ඇයගේ දරුනු යක්ෂයින් මුදා හැරලා තියෙන්නෙ. මෙතනින් එහාට ඔයාලට බාරයි. ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒක imdb දර්ශකයේ සදහන් වෙන්නෙ 5.4 ක් ලෙස. මගෙන් අදහස මේකට මීට වඩා ඉහල හිමිවෙන්න ඕන කියලා. හෙල් බෝයිට යකුන් අරක්ගත්ත නිමෝයේගෙන් ගැලවිලා මනුශ්‍ය වර්ගයා බේරගන්න පුලුවන් වෙයිද?? ඔයාලම ඒක හොයා ගන්නකෝ.
එහෙනම් මෙවැනිම තවත් සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HC-HD/AMZN WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
“දැනුම් දීමයි – දැනට Hellboy සිනමාපටයෙ නිකුත් වී ඇති WEB පිටපත්වල AMZN හා EVO කියන ෆෝමැට් දෙකකින් නිකුත් වෙලා තියෙනවා. EVO කියන පිටපතෙහි විනාඩි හයක ධාවන කාලයක අඩුවක් තියෙනවා වගේම සම්පුර්ණ ධාවන කාලය ඇතුලත් වෙන්නෙත්, සිංහල උපසිරැසි ලබා දීලා තියෙන්නෙත් AMZN වර්ගයෙ වෙබ් පිටපත්වලට විතරයි. ඒ නිසා WEB වර්ගයෙ විඩියො පිටපත් ගනිද්දී බලලා අරගන්න. කලින් HC-HD පිටපත් ගත්ත අයට මේ විදිහෙ ගැටලුවක් මතුවෙන්නෙ නැහැ.”
27,847 downloadsDownload Hellboy-2019-Blu-Ray.zip293 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
162 comments
Prabodha Madhusankha Hettiarachchi
Nilush Angana
Sub ekata thanx
kosala1980
thnkuuuu sub ekta
Iroshan Kumar
Thanks bro
malithmadhushan45
උපසිරසට බොහොම ස්තුතියි අයියේ ඒවගේම 100 සුබපතනවා අයියේ
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්.
Hemal
Thanks HellBoy :D
Tharaka
100 ta suba petum saho... sub ekatath godak thanks...
upul kumara
100 yata suba patum bro...
Isuru
thanks
colabage
tnx for the sub...!#
wajira
Thanks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයarawindasunimal
thanks jayawewa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 100වෙනි කඩඉමටත් සුබ පැතුම්....Pradeep Pasqual
Thanks for the sub....!
Ayesh Prashan
Thank You Subha Pathum BRAY Ekakma Balano
Ayesh Prashan
Thank You
pradeepdarshana
thank you
gayan215
bohoma sthuthi , suba pethum saho 100ta...
සමීර චතුරංග
සුබ පැතුම් බොක්ක..
isururko
සබ් එකට ස්තුතියි
LC Nanayakkara
thank you
ඔෂද ධනංජය
congradz sahoo...digatama karanna
ANK
Web-DL ekata sub eka hariyata yn na
Sanjeewa2010
Pattaaaaaaaaa
darshana100
congradz saho budusaranai
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
100 ට සුභ පැතුම් මචං..! ඉක්මණට ඔහොම්ම 150 ටත් යමු.
උදයංග සම්පත් හතරසිංහ
100 වෙනි උපසිරැසියට ජය වේවා..! ඔහොම ගහමු 150ත්. මේක අනිවා බලනව බ්ලූරේ එකක් ආවම. ❤️❤️❤️
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
100 ට සුභ පැතුම් මචෝ.! ඔහොම්ම 150 ත් ඉක්මණට ගහමු.
praneeth01
100ta congratz...
wickrama98
WEB rip akt sub akt set neh....wenas weno
Rukshan37
Ela ela
pvkushantha
Great work. Thanks a lot. God bless you !
තාරක නුවන් දිල්හාර
සුභ පැතුම් බොක්ක... තවත් ඉස්සරහට සබ් කරමු.
ඊලඟ කඩයිමෙනුත් ඉක්මනට හම්බවෙමු.
ජයෙන් ජය...!!!prageeth
thanks brother
Rukshan37
Ela ela
darshana100
mahan sub aka galapenne na neda
Ravindu Rukshan
100 වෙනි කඩයිමට හදවතින්ම සුභපතනව අයියෙ මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනව එහෙනම්.
madusharulz
YIFY site eka check karalama sub dunna nam godak hodai.mokada film eka quality nattnam sub eken wadak na.jaya wewa.
Amilapathum
web dl eke 950mb ekei 800mb eketai sub set na.. :(
Nadun_Fernando
Sub eka galapenne na bn.. Timing awul.. WEB DL
Kantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dsdkavishka
Congratulations , thenks for sub bro
Manjula Senaratna
උඹේ 100ට මුලින්ම උණුසුම් සුභ පැතුම් යාළුවනේ
මචංලා මේක කියන්නම ඕනේ. කොල්ලෝ ඩේටා දාගෙන ෆිලුමක් බාන්නේ ලෙසටම බලන්නනේ. ඒ එක්කම උඹලා සබ් කරන්නේ අයින් කයිට් කරගෙන සල්ලි හම්බු කරන්න නෙමේනේ. උඹලා ජොලියට කරන වැඩේට බැනුම් අහලා හරියන්නෙත් නෑ. ඩේටා කපාගෙන බාලා සබ් එක සෙට් වෙන්නේ නැතිව අත ඇරලා දාලා හරි යන්නෙත් නෑ.
දැනු දිගටම මට ෆිල්ම් 4-5ක් වගේ මේ මාස 2 ඇතුළත මෙහෙම උනා. ඇත්තටම ඉස්සර මෙහෙම උණේ නැතිම තරම්. ප්ලීස් මචංලා සයිට් එකේ කොලිටිය නැති කර ගන්න එපා. උඹලා ඒ කාලේ ඉඳන් මේන්ටෙන් කරගෙන ආව කොලිටිය විනාශ කර ගන්න එපා.
පුළුවන් නම් එකෙක්ව තියපන් උපසිරසි කරන අය දෙන සබ් චෙක් කරන්න විතරක්. උඹලට එහෙ කෙනෙක් හොයා ගන්න බැරිනම් මම හරි ලැස්ති එක කරන්න. මොකද උඹලා මේ සයිට් එක පටන් ගත්ත දවසේ ඉඳන් සබ් ගත්ත එකෙක් මම. ඒත් ඇත්තටම 700mb - 1000mb ෆිල්ම් එකක් බාලා අතල් එකේ බලන්න වාඩි උනාම, ඒක ඇණ පැකට් එකක් නමි කේන්ති එන එක සාධාරණයි මචං.
උඹලට සබ් චෙක් කරන්න එකෙක් සෙට් කරන්න පුළුවන් නම් මේ අවුල් එන්නේ නෑ. මොකද උගෙන් චෙක් වෙලා ඌ අඩු පාඩු පෙන්නන නිසා. තැන් හතරකින් විතර නිකන් ප්ලේ කරලා බැලුවානම් වැඩේ මාට්ටුනේ අවුල් නම්..
ජය වේවා...!
tharidu16
සිරාවටම. මටත් ෆිල්ම් එකත් එපා වුනා. 2GB කොපි එක බෑවේ.
tharidu16
sirawatama matath epa una. 2GB eka baawe
Udisuru
එ කතාව්‍ර පොඩි ඇත්තක් තිනවා.එම උනාම මූවි එක බලන්න එපාම වෙනවා.කොයි එජෙස්ට් කරත් සබ් සෙට් වෙන්නෙ නෑ.අනික ෆිල්ම් ගන්නෙ මෙයාලා දෙන ලින්ක් වලින්මයි.එහෙම වෙලත්.මෙක මෙයාලට බනිනවා නෙමෙ.එහෙම හිතන්න එපා.ඇත්තටම අපිට මෙ කින උදව්ව කරලා දුන්නොත් හොදටම ඇති
Udisuru
Sry
Manjula Senaratna
ඇඩ්මින්ලා කමෙන්ට් බලනවා නම් මම රෙස්පොන්ස් කරන්න ලැස්ති... මොකද මේ වගේ ලස්සන ෆිල්ම් 4-5 ක් මේ මාස 2 ඇතුලත මන් අත්ඇරියා සබ් අවුල් නිසා. ..
Sahan Sulakkhana
sub ekata thanks saho
Sandun.kumara
bro baiscopedwonlads wala thiyana direct link eke mekata sub eka timing set wenna ne bro..
Hellboy.2019.480p.WEB-DL.x264-Tv21.biz.mkv1997sanjaya
Thanks bro..
Dilshan Kelum
Thanks bro
SAjith Anthony
100 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා..!!1997lakmallakmal
jaya wewa aiye....suba pathum 100 wni sub ekata.
ranga11112
100 weni sub akata suba pathum sahodaraya
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/hellboy-2019.jpg)

Supiri broo sthuthi sub ekata..