Watch Trailer

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක්…

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් සමරන්නේ අද තමා ඔන්න.

මෙහෙමවත් ෆිල්ම් එකක් දුන්නේ නැත්නම් කට්ටිය දන්නෙවත් නෑනෙ මෙහෙම එකෙක් ඉන්නවද කියලවත්. හොදයි එහෙමනම් වෙනදා වගේම මගේ කඩයිම් ටික මතක් කරලම හෑල්ල පටන් ගන්නම්කො.

  • 01වන උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වන උපසිරැසිය 2016.03.10
  • 150වන උපසිරැසිය 2016.09.13
  • 200වන උපසිරැසිය 2017.02.23
  • 250වන උපසිරැසිය 2017.09.11
  • 300වන උපසිරැසිය 2018.04.23
  • 350වන උපසිරැසිය 2018.11.11

ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගෙවුනේ. ඉතින් මේ ආව ගමන ගැන කියනවනම් මේක ලේසි ගමනක් උනේ නෑ. මොකද හැමවෙලාවේම අපිව දිරිමත් කරන්න ඉන්න පිරිසට වඩා අධෛර්යමත් කරන්න, වහසිබස් කියන්න හිටිය පිරිස නිසා. ඒ ගැන හොද අත්දැකීමක් එහෙමත් මට ලැබුනා එක්තරා ටීවී කතාමාලාවක් නිසා. එහෙම වෙලත් අදටත් අපි මේ වැඩේ කරගෙන යන්නෙ එකම එක කොමෙන්ට් එහෙකින් හරි අදහසක් දක්වලා යන 1%ක්වත් නොවෙන සුළුතරය නිසා කිව්වොත් නිවැරදියි. සමහරු ඉන්නවා දෛනිකව අදහස් දක්වලා යනවා, තව සමහරෙක්ට අපිව මතක් වෙන්නෙ කතාව පරක්කු උනොත් විතරයි. ඉතින් කියන්න තියෙන්නෙ ඔබට මේ උපසිරැසියක් ලබා දෙන්න උපසිරැසිය කරන කෙනා පැය ගානක් තමන්ගෙ කාලය, ශ්‍රමය නාස්ති කරගෙන පරිගණකයක් ඉස්සරහා ඔට්ටු වෙනවා. ඉතින් එහෙම කරන අපට ලැබෙන්නෙ ඔබේ අදහසක් දැකලා ලැබෙන මානසික තෘප්තිය විතරමයි. ඒ නිසා කාගෙන් උනත් ඉල්ලන්න තියෙන්නෙ උපසිරසියක් බාගත කරගෙන යද්දි විනාඩියක් අරගෙන ඔබේ අදහස දක්වලා යන්න කියලා.

ඒ වගේම බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා මේ ආව ගමනෙදි බයිස්කෝප් පවුල ඇතුළේ බොහෝ දෙනෙක්ව දැන කියා ගන්න ලැබුනා. හුග දෙනෙක්ව මූණට මුණ ගැහිලා කතාබහ කරන්න ලැබුනා. ඉතින් ඒ අය හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉස්සරනම් නම් වශයෙන් සදහන් කළත් දැන් එහෙම කරන්න බැරි තරම් පිරිසක් ඉන්න නිසයි නම් දාන්නේ ඇත්තේ ඈ. ඒ වගේම තව මතක් කරන්න ඕන තිරය පිටිපස්සේ ඉදගෙන බරපැන අදින අපේ ඇඩ්මින් මණ්ඩලය. උන්දලානම් බොහොම සුළු පිරිසක් උනත් ඉන්නේ ඒ අයවත් නම් වශයෙන් මතක් කරන්නෙ නෑ ඔන්න. විශේෂ ස්තුතිය හසන්ත වික්‍රමරත්න අයියට හිමි වෙනවා මේ කඩයිම වෙනුවෙන් මට මේ චිත්‍රපටිය ලබාදීම ගැන. මොකද මේක ගන්න බොහෝ දෙනෙක් පොර කෑවා නෙව.

හැබැයි දැන්නම් මේ ආව ගමනේ කෙළවරකට ළගා වෙනවා වගේ දැනෙනවා. ඔබට උනත් පේනවා ඇතිනේ ඉස්සර වගේ නෙවේ දැන් කඩයිමක් පහු කරන්න ගත කරන කාලය එන්න එන්නම වැඩි වේගෙන යනවා කියලා. ඉතින් පෞද්ගලික ජිවිතයේ කාර්‍යබහුල වීමත් එක්ක දැන් ටික ටික උපසිරසිකරණයෙන් ඈත් වෙන්න සිද්ද වෙනවා. ඒ උනත් අර මොකද්දෝ මන්දා ඇබ්බැහියක් නිසා මේකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න හිත දෙන්නෙ නෑ. බොහෝවිට ඔබට ඉස්සරහට මාව දැකගන්න වෙන්නෙ ඉදහිට එන චිත්‍රපටයකින් වගේ තමා. දැන් වගේනම් නිතර දෙවේලේ ටීවී කතාමාලා සමගින් ඉන්නනම් බැරි වෙයි.

දැන් එහෙමනම් බලමු චිත්‍රපටිය ගැන. ඔබට මතකද 2014 වර්ෂයේ ආව ජෝන් වික් පළමු චිත්‍රපටය. සිය බිරියගේ අභාවයෙන් පසුව ඇයගෙන් තෑග්ගක් විදිහට ලැබෙන බලු පැටියාව පිරිසක් විසින් ඝාතනය කිරීම නිසා හැමෝවම පිස්සුවෙන් වගේ මරාගෙන මරාගෙන ගිය ජෝන් වික්ව, එහෙමත් නැත්නම් හැමෝම බියෙන් කතා කරන බාබා යාගාව? ඉතින් 2014 වර්ෂයේ සිය බලු පැටියා වෙනුවෙන් පළිගත් ඝාතකයාගේ චිත්‍රපටිය ලබපු අතිශය සාර්ථකත්වය නිසාම 2017 වසරේ මෙහි දෙවැන්නක් තිරගත කෙරුනා. එයත් මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ආදායම් වාර්තා තබමින් තිරගත වීම හේතු කොට ගෙන එහි තුන්වැන්න 2019 වර්ෂයේ JOHN WICK CHAPTER 3 – PARABELLUM නමින් සිනමාහල්වලට පැමිණෙනවා. එසේම මේ වන විටත් තීන්දු කොට හමාරයි ජෝන් වික් සිනමාපටමාලාවේ 4වැන්නක් 2021 වර්ෂයේදී තිරගත වෙන බවට. ඉතින් Keanu Reevesගෙ අද්විතීය රංගනයෙන් හැඩ උන ජෝන් වික් තුන්වැන්න මේ වන විට IMDB දර්ශකයේ 8.0ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 89%ක් තරම් වූ ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.එසේම මේ වන විට ලොව වටා මිලියන 300 ඉක්මවූ ආදායමක් ඉපයිමටද සමත්ව තිබෙනවා.

ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

IF YOU WANT PEACE,
PARABELLUM.

 

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

79,245 downloadsDownload John.Wick_.Chapter.3.Parabellum.2019-update.zip139 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

79,245 downloadsDownload Subtitles139 KB

378 comments

  1. sanjeewakbg

    my congratulations bro...thanks sub ekata...god bless...

  2. Prabodha Madhusankha Hettiarachchi

    350th upasirasata unusum suba pathum sahooo....!
    Niyama wedak...

  3. Mohomed_Ismath

    සුබ පැතුම් සහෝදරයා..!! 400 ට දීල තියෙන්නෙත් එසේ මෙසේ එකක් නෙවෙයි..අප වෙනුවෙන් කරන කැපවීමට ගොඩක් ස්තූතියි..ජය..!!

  4. isururko

    සබ් එකට ස්තුතියි බොක්ක,
    ඒ වගෙම 400 බොක්ක

  5. කවිශල් රසින්ත (කවී)

    හාරසීය වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා අයියේ....!! වැඩිම උපසිරැසි ගණනක් කරලා ඉන්න බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරින් දෙවැනි ස්ථානය රදවගෙන ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. උපසිරැසි 400ක්, අවුරුදු කීයක මහන්සියක්ද කියලා හිතන්නවත් පුළුවන්ද, සබ් 50ක් වගේ කරලා ඉන්න අපි වගේ අය එක්ක බැලුවම අයියා කියන්නේ පතාක යෝධයෙක්. කිසිම අව්ස්ථාවක උදව්වක් ඉල්ලුවම කරලා දෙන්න පැකිලෙන්නේ නැති සහෝදරයෙක් වගේම බයිස්කොප් පවුලෙන් සෙට් වුන නියම නිහතමානි සහෝදරයෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතින් 450වෙනි සබ් එකත් ඉක්මනට ගහන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. කෝමත් 100 එකයි, ඇරෝ එකයි ගහනකොට ඕක ලේසියෙන්ම පාස් කරලා තියෙයි. එහෙනම් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් උපසිරැසියටත් බෝම ස්තූතියි, අනිවා බැලිල්ලක් තමා. ජය වේවා...!!!

  6. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම 400 කඩඉමට සුභ පැතුම්..! ඉක්මණින්ම 450 ටත් යන්න ලැ‍බේවායි ප්‍රාර්ථනා කරන ගමන්ම සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි..!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 400 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  8. djknight

    suba pathum sahodaraya

  9. Hiranhiru

    400 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්...!
    අැත්තටම මෙහෙම ෆිල්ම් තියේද වත් දන්නෙ බයිස්⁣කෝප් නිසා.
    ඒවා බලන්නෙ, රස විඳින්නෙ අනුන්ගෙ සතුට වෙනුවෙන් උපසිරැසි හදන ඔබ වැනි අය නිසා.
    නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි...!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  11. benukanimsena

    බොහොම ස්තූතියි අයියේ
    හාරසිය පනහත් ඉක්මනටම කරන්න අවස්ථාව ලැබේවා!
    අනිවාර්යයෙන්ම බලනවා
    ආයෙත් පාරක් බොහොම ස්තුතියි

  12. dsdkavishka

    Thenks for sub

  13. Chämàrá Sâmpáth

    400'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් නිලුපුල්.
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉහින්. මාත් වෙබ්අඩවියට එකතු වෙච්ච කාලෙ ඉදලම හිටිය එල ෆිට් එකක් තමයි ඉතින්. කොච්චර වෙලාවක් නැති වුනත්, සබ් කරන්න බැහැයි කියලා හිතුනත් ඉදලා හිටලා හරි මේ දේටත් වෙලාවක් වෙන් කරගනීවි කියලා හිතනවා. මොකද උඹලා වගෙ අය මේ සයිට් එකේ පැවැත්මට හුගක් වටිනවා.
    අනික දැන් 450 ට ලගයි නෙවැ. නොවැම්බර්-දෙසැම්බර් කාලෙ කිට්ටු කරලා ඊලග කඩයිමෙන් මුණගැහේවි කියලා හිතනවා.
    මේ වැඩ කරන අතරතුරේම උඹෙ ඉගෙන ගන්න වැඩ ටිකත් හොදින් කරගන්න හැකියාව ලැබෙන්න ඕන.
    මේකෙ බ්ලුරේ කොපියක් ආවම අනිවා බලනවා.
    මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

  14. තාරක නුවන් දිල්හාර

    සුභ පැතුම් බොක්ක...
    ආයෙ ඉතින් වැඩ්ඩෙක් තමා...
    ඒ වගෙම සෙට් වුනු තවත් එලම චරිතයක්...
    බයිස්කෝප් එක වෙනුවෙන් එදා මෙදා තුර උඹ කරපු කැපකිරිම් නිසාම ආව දවසෙ ඉදන්ම පොර කවුද කියල දන්නවා..
    ඉදිරියටත් ඔය ගමනේම යෙදෙමු.
    හදවතින්ම සතුටුයි සහ ආඩම්බරයි මචං...
    ජයෙන් ජය..!!!

    1. charuka 123

      Good job broh... keep it up..

  15. චානක ඉඳුනිල්

    400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ,
    උපසිරැසියටත් බොහොම ස්තූතියි,
    අනිවා බැලිල්ලක් තමා,
    Good Luck For Your Future

  16. Pathum Aroshana

    <3 Thanks Machan for your Subtitles

  17. Hard Rock

    patta machan. thanx. wewi wediyen sub denna lebewaaaaaaaaaaaaaa

  18. Xxxxx

    Thanks brother for your sub best wishes for your 400 sub

  19. maxek500

    400ta suba patum macho...br akata update denna

  20. nihalpujitha

    සුපිරි thanks for u...♥️♥️♥️♥️

  21. Sumal Niduka Chandrasiri

    Congratulations
    Thanks.

  22. wasitha

    Supiri..... Machan

  23. Thilak asela

    ELAMA BN

  24. hirantilak

    supiri macho

  25. Ishan Thilakarathne

    බොහොම ස්තුතිය් සහෝ සබට.

  26. Box123456789

    බොහොම ස්තුති සහෝ 400ට සුභපතනව

  27. thilz

    all the very best.and thank u 4 the sub

  28. Ashan Maduranga

    thanks bro and congrats for the achievement good luck and keep it up

  29. praneeth01

    Sub 400ta Sahenna Thanks. Budu Saranai.

  30. Shenin007

    Thankyou

  31. lakmal chathuranga

    tank you jayawewa

  32. Dilshan Kelum

    thanks bro

  33. pasinduhasalankakm

    Thankz bro

  34. nalakasandamal

    Thanks bro

  35. Nuwan Wanigasuriya

    Thank you brother...

  36. arawindasunimal

    thanks madukapriya.............400 weni sub ekata suba pathum = thanks baiscope.lk.................

  37. Deadpool

    Congz Mchan!!

  38. Praneeth priyadarshana

    Congrtz broooo

  39. Thilan Durage

    congratulations bro... thank you...

  40. isuruperera

    congratulation machan..
    thanx

  41. ලහිරු ප්‍රසාද්

    hහදවතින්ම උබ පැතුම් නිලෝ 400 වෙනි උපසිරැසිය වෙනුවෙන්.
    උබ කිව්වත් වගේ දැං එන්න එන්නම කාර්යබහුලත්වය එක්ක මේ වැඩේ ටික ටික අතහැරෙන තත්ත්වයක් තමා තියෙන්නෙ.
    ඒ වුනාට පුළුවන් විදිහට නතර නොකර උපසිරැසි කෙරුවාව කරන් යමං ඉතිං.
    උපසිරැසිකරණයට වගේම උබේ අධ්‍යාපන සහා අනෙකුත් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  42. DAVIN

    thanks bro & all the best!!!!!!

  43. Chathura_sam

    thank u very much broh!!!!!

  44. Madura Lakshan

    Thanks saho sub ekata congratulations

  45. devil_11

    Congratulations bro

  46. Riddler

    ස්තූතියි සහෝදරයා

  47. Dayalrw

    Congratulation...
    Thanks for the sub...

  48. akalankagayan

    Thnx......

  49. උදයංග සම්පත් හතරසිංහ

    ඉස්සෙල්ල්ම 400* සබට සුබපැතුම් මචං. දවසට සබ් තුනක් ගහපු උඹට දැන් දවසට එකක් කරන්න වෙලාව නෑ කියන එක නම් පිළිගන්න බෑ හොඳේ. බොරු නොකර ඉස්සරහට සබ් කරමු සෙට් එකත් එක්කම එකතු වෙලා. බයිස්කෝප් පවුලට එකතුවෙලා අඳුර ගත්ත නියම කොල්ලෙක් උඹ. හැම වැඩකදිම ඉන්න, ඕනම වෙලාවක වැඩක් දුන්නම කරල දෙන උඹ වගේ එකෙක් නතර වෙනවනම් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 500 පන්නමු. ඉගෙනීම් වැඩක් කරගෙන පලයං හොඳට. එහෙනම් ජය වේවා..!

Load more comments