හෙලෝ! මං ඔයාලට දෙයක් කියන්නද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා, මැරෙන දවස වෙනකම්, අපේ ජීවිතේ අපිට හම්බෙන හැමෝම, නොපෙනෙන රැහැනකින් අපිට බැඳිලා තියෙන්නේ. මේ නොපෙනෙන රැහැනට අපි කියන්නේ ඉරණම කියලා. එක එක මිනිස්සුන්ව අපිට එක එක විදියට හම්බෙනවා. එතකොට, අපි එකිනෙකාගේ ජීවිත බෙදාගන්න කෙනා හම්බවෙන්නේ මොන විදියටද? ඒ කිව…

හෙලෝ! මං ඔයාලට දෙයක් කියන්නද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා, මැරෙන දවස වෙනකම්, අපේ ජීවිතේ අපිට හම්බෙන හැමෝම, නොපෙනෙන රැහැනකින් අපිට බැඳිලා තියෙන්නේ. මේ නොපෙනෙන රැහැනට අපි කියන්නේ ඉරණම කියලා. එක එක මිනිස්සුන්ව අපිට එක එක විදියට හම්බෙනවා. එතකොට, අපි එකිනෙකාගේ ජීවිත බෙදාගන්න කෙනා හම්බවෙන්නේ මොන විදියටද? ඒ කිව්වේ, ජීවන සහකාරයා ගැන. පොඩ්ඩක් හිතලා බලන්නකෝ.
එකෝමත් එක කාලයක… මායාවෙන් පිරි දේශයක…
ළමයින් දෙදෙනෙක් සෙනෙහසින් කල් ගෙව්වා.
සතුටින් අත්තටු සලමින්…
කුරුල්ලන් මෙන් ඔවුන් පියඹා ගියා…
ආකාශයේ ක්‍රීඩා කරමින්.
එක්කෙනෙක් සීනු… අනෙකා ජුන්නු.
සදහටම එකට සිටින්නැයි ඔවුන් සිතා උන්නේ…
වලාකුළු සහ වර්ෂාව ආකාරයෙන්.
සීනු නම් අහිංසකයා… ජුන්නු තමයි දඟකාරිය.
බලනු මැනැ ඔවුන් උස් මහත් වෙන ආකාරය…
සහකරුවන් ආකාරයෙන්.
හරියට මුළු ලොවක්ම ඔවුන් දෙදෙනාගේ නිවහන මෙන්ය…
හැම නිමේශයක්ම උත්සවසිරි ගනී.
ඔවුන් බෙදාහදා ගන්නා අලංකාර සිහිනයන්…
දිනෙන් දින ශක්තිමත් වෙනවා.
උණුසුම් හදවතින් යුක්තව… පිරිසිදු සිතුවිලි සහිතව…
මේ අයුරින් තමයි… ඔවුන්ගේ කතාව ආරම්භ වූයේ!
සීනු! අම්මා-තාත්තා හෝ කිසිඳු නෑදෑයෙක් නොමැතිව තනිවම ජීවත්වෙන කුඩා වීදි දරුවෙක්. පාරේ ට්‍රැෆික් ලයිට් එක ගාව වාහන නැවත්තුවාම ඒ වෙලාවට වයලීන් එක ගහලා කීයක් හරි හොයාගෙන, ගහක් උඩ හදාගත්ත පොඩි ආවරණයක් යට තමයි ජීවිතේ ගැටගහ ගත්තේ. දවසක් දා පැණි පූරි කන්න ගියපු සීනුට, ජුන්නුව හම්බුණා. සමහර බැඳීම් ඇතිවෙන්න හේතු සාධක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ තමයි. දඟකාර ජුන්නුට, හැඩකාර සීනු එක්ක යාළුවෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. යාළුකම කියන්නේ පුදුමාකාර දෙයක්. මේ දෙන්නගේ මේ අපූරු යාළුකමට පුළුවන් වුණා මේ දෙන්නගේ ජීවිත සතුටින් පිරී ඉතිරී යන්න සලස්වන්න. හැබැයි, වැඩි කාලයකට නම් නෙමෙයි. දෛවය අකාරුණික වුණා. තමන්ගේ තාත්තට රැකියා මාරුවක් ලැබිලා වෙන නගරකට යද්දී, පුංචි ජුන්නුත් එයාගේ අම්මයි තාත්තයි එක්ක ගියා. පුංචි හදවත් දෙකක ඇතිවුණා වූ දැවැන්ත මිතුදමක් බිඳී වැටුණා. පුංචි හදවත් දෙකක් දරාගන්න බැරි වේදනාවෙන් තැලී පොඩිවී ගියා!
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි…!
මේ තරම් ආදරයෙන් හිටපු තමන්ගේ ප්‍රාණ සමවන් සීනුව දාලා යනවෙලාවේ පුංචි ජුන්නුට දෙන්න පුළුවන් කම තිබුනේ එකම එක දෙයක් විතරයි. රුපියල් සීයේ කොලේක ලියපු තමන්ගේ දුරකථන අංකය දීපු ජුන්නු, සීනු බලාගෙන ඉන්දෙද්දී ටිකෙන් ටික නොපෙනී ගියා. ඒත්, දෛවය ක්‍රියා කරන්නේ කිසිසේත්ම අපිට උවමනා විදියට නම් නෙමෙයි. එක පොඩි සිදුවීමක් නිසා මේ සීනුගේ සම්පූර්ණ ජීවිතයම උඩි යටිකුරු වෙනවා. නැවත කිසිදිනෙක තම ආදරණීය ජුන්නුව දැකබලා ගන්න නොහැකි තැනට පත්වෙනවා!
කොතැනක හෝ මා හදවතේ…
කුමක් හෝ නාදුනන මාර්ගයක් ඔස්සේ…
මා මනස ඇය සමගින් මංමුලාවේ සැරිසරනවා.
දිගු කලකට පෙර අහිමිව ගිය මතකයන් කොඳුරන තාලයෙන්…
මා මනස ඇය සමගින් මංමුලාවේ සැරිසරනවා.
ගයනා කරන ගීතයක ස්වරය ආකාරයෙන්…
මා මනස හිමිහිට සෙලවීලා…
එමගින් අලංකාර සිහිනයන් උපත ලැබුවා.
එය කෙසේ සිදුවූයේද කියා කවුරුන් දනීද?
නොමැති නම් එය දිව්‍යමය මැදිහත් වීමක්ද?
ඔවුන් දැන් එකිනෙකට වෙනස් මාර්ගයන් දෙකකයි පියමැන යන්නේ.
දෑස් විමසන්නේ ඔවුනොවුන්ගේ ආදරවන්තයනුයි!
වෙහෙස නොතකා පියසටහන් යොමුවන්නේ ඔබ වෙතටයි!
අවුරුදු 14යි, මාස 3යි, දවස් 17යි. අන්න එච්චර කාලයක් වුණා මේ දෙන්න වෙන්වෙලා. කතාවක් තියෙනවා කිසිම දුරක් ලොකු නැහැ කියලා.හැමදාම උදේ 7:30 වෙද්දී සීනු මෙතනට දුවගෙන එනවා. රාමක්‍රිෂ්ණා සිග්නල් කණුව ගාවට! ජුන්නුට වෙච්ච පොරොන්දුව සීනු කවදාවත් අමතක කලේ නැහැ. හදිසියේ වත් සීනු නැති වෙලාවක ජුන්නු මෙතනට ආවොත් එහෙම? අන්න ඒ නිසයි, වැස්සා හෝ අකුණු ගැහුවා හෝ, කකුල කැඩුනා වුණත් සීනු හැමදාමත් උදේ 7.30 වෙද්දී මෙතනට දුවගෙන එන්නේ. දවසකට මෙතනින් මිනිස්සු දාස් ගාණක් එහා මෙහා යනවා. ඒත්, ඒ කිසිම කෙනෙක් මේ හුදෙකලා ආදරය ගැන හොයලා බැලුවේ නැහැ. ඒ කිසිම කෙනෙක් සීනුගේ තනිකම ගැන තේරුම් ගත්තේ නැහැ. ඒත්, මෙච්චර අවුරුදු ගාණකට පස්සේ, දවසක් දා පොඩි ඉඟියක් ලැබුණා. ඒත්, තමන්ගේ ආදරය සොයාගෙන ගියපු සීනු අන්තිමේ පැටලුනේ මර උගුලක!
හෙලෝ!
ඔබ කොහෙද සිටින්නේ? හෙලෝ!
ඔබට කුමක්ද සිදුවූයේ? හෙලෝ!
ඔබට මා කියන දේ ඇසෙනවාද? හෙලෝ!
මා වෙතට එනවාද? හෙලෝ!
මාව අමතක වුණා වත්ද? හෙලෝ!
මා නිරතුරුවම ඔබ ගැනමයි කල්පනා කරන්නේ!
හෙලෝ! ඔබ කොහෙද සිටින්නේ?
2016 වර්ෂයේදී තිරගත වෙච්ච, දමිළ නළු සූර්‍යා රංගනයෙන් දායක වූ 24 චිත්‍රපටය මතකද? එතකොට, Manam (2014) චිත්‍රපටය? තව එතකොට, 13B: Fear Has a New Address (2009) චිත්‍රපටය? හොඳ ඉන්දියානු චිත්‍රපට රසිකයෙක් නම් මේ සිනමා නිර්මාණ තුන මගහැරෙන්න විදියක් නැහැ. ඒ වුනාට, ගොඩක් දෙනෙක් දැනුවත් නැතුව ඇති, මේ නිර්මාණ තුනම පිටුපස ඉඳගෙන, මේ නිර්මාණ තුනම සාර්ථකත්වය කරා ගෙනගියපු, ඒ අදෘශ්‍යමාන හස්තය, මේ චිත්‍රපට තුනේම අධ්‍යක්ෂක Vikram K. Kumar මහත්මය ගැන. ඔව්, මේ තමයි එතුමාගේ නවතම සිනමා අධ්‍යක්ෂණය. චිත්‍රපටය අයත් වෙන්නේ Action, Romance කාණ්ඩ වලට. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් කරලා දින කීපයක් ඇතුලත යූටියුබ් හරහා මිලියන ගණනක් නරඹලා තිබුණා. 2017 දෙසැම්බර් 21 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Akhil Akkineni විසින්. ඊට අමතරව Jagapathi Babu සහ Ramya Krishnan යන තෙලිඟු සිනමාවේ දැවැන්ත චරිත දෙකක් උප ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙද්දී, සිය කුළුදුල් චිත්‍රපට රංගන දායකත්වය ලබාදෙන සුරූපී Kalyani Priyadarshan විසින් ප්‍රේක්ෂකයා තමා වෙතට ඇඳ බැඳ තබාගනිමින් ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ලබනවා.
බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ගැන නිළ සඳහනක් නැති වුනත්, නිළ නොලත් අන්තර්ජාල වාර්තා වලට අනුව පළමු සතියේදී ලොව වටා ආදායම ලෙස ආසන්නව ඉන්දියානු රුපියල් කෝටි 34ක් උපයා ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේම, ප්‍රේක්ෂක ප්‍රතිචාර මත 7.0ක් වැනි අගයක් කරා කරකැවුණු IMDB දර්ශකය මේ සිනමා නිර්මාණය පිළිබඳව මනා අදහසක් ඔබට සපයාවි. ඒ වගේම තමයි, සාම්ප්‍රදායික තෙලිඟු ක්‍රියාදාම නම් ඔබට මේ චිත්‍රපටයෙන් බලාගන්න වෙන්නේ නැහැ. ඒ කිව්වේ, වීරයා එකක් ගැහුවාම දුෂ්ඨයා අඩි දහයක් විතර උඩින් වීසිවෙලා ගිහිං වැටෙන විදියේ ක්‍රියාදාම. ඒ වෙනුවට ගොඩනැගිලි මතින් පනිමින්, විවිධ බාධක තරණය කරමින්, ඒවා මතින් පැන යමින් සිදුකෙරෙන්නා වූ බොහොම ත්‍රාසජනක ක්‍රියාදාම ජවනිකාවන් රැසක් බලා ගැනීමට වරම් ලැබේවි. බොලිවුඩ් චිත්‍රපට වල මේ වගේ ක්‍රියාදාම දර්ශන තිබුණත්, ඉන්දියානු සිනමාවට මේක අලුත් අත්දැකීමක්. ඉන්දියානු චිත්‍රපටයක් තුල දෙවැනි වතාවටත්, තෙලිඟු චිත්‍රපටයක් තුල පළවෙනි වතාවටත් තමයි මේ වගේ ක්‍රියාදාම ජවනිකා ඇතුලත් කරලා තියෙන්නේ.
ඒ වගේම, විශේෂයෙන්ම කියන්න ඕනේ සංගීතය සහ ගීත ගැන. ඉන්දියානු චිත්‍රපටයක් තුලින් කාලෙකට පස්සේ හිතට දැනෙන විදියට ඉහළම ආකාරයෙන් සංගීතය සහ ගීත යොදාගෙන තියෙන නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ වෙනදට ගීත අත්හැරලා, කතාව විතරක් බලපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත්, සැකයක් නැහැ, මේ වතාවේ නම් කතාව විතරක් නරඹන්න ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ. අතිශය මියුරු ගීත කීපයකින්ම සමන්විත මේ සිනමා නිර්මාණයේ ගීත කාලාන්තරයකට ඔබට අමතක නොවේවි.
එහෙනම්, මේ හොඳටම ඇති. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් ලොකු කතාවක් නැහැ කියලා. වෙන්න ඇති. හැබැයි, පොඩි කම්මැලිකමක් වත් නැතුව එක හුස්මට බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා තහවුරු කරලා කියනවා. විශේෂයෙන්ම මුල් බාගයේදී උපරිම කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
53,387 downloadsDownload Hello-2017.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
95 comments
Milinda Sandaruwan
bavantha78
PaSindu MaDumal
අම්බෝ බොහොම පිං සබට සිසිල අයියා.
Prabodha Madhusankha Hettiarachchi
Thank u sisila broo sub ekataa.....
Janith Sachintha
aiye oya thora ganna nirmana supiri kiyala wedak na upasirasi shilpiya balala thamai mama sub banne godak welawata
Lalani Maduwanthi
Thank you sisila malli
oshanda
sub ekata godak sthuthi..
Malanisuru
ane yalu..sub eka download dunnama soya gath nohaka kyla wateno ne..ekt mkda krnn oni..uc chorme dekenma try kra
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Daham2
Thank for sinhala subtitle and Baiscopedownlord.com
subodha
Thanks
widuranga
bro supiri parak ne bassala thiyenne thanx for subtitle
Ayesh Prashan
Thank You
Nuwandika Dil
Elah
malith
Ela ela
තරිඳු රසාංග
ස්තුතියි සහෝ සබ් එක වෙනුවෙන්,ජයවේවා!
Kulanjana Maduranga
niayamai…bamak thama..ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thumi
thanks malli
flyingpenguin
සිංහල උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ......
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!B Mushan
Thanks
ඩොක් අයියා
“සිසිල ප්‍රසාද්” සොහොයුරාට ස්තූතිය
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!kodagoda
tnankyou sahoo
asitha_cool
elama sisila saho....
lahiru_dinesh
film eke download link ekak plz
gihan perera
Good job bro...Well done...keep continue it...god bless you....
N_R
Thank You!!!
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
rangika Kariyawasam
නියම වැඩක් සහෝ බෝම ස්තුතියි. නියමයි සිසිල සහෝ.ජය ජය
Shenin007
Thankyou!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
Nilanka Caldera
ලස්සන ෆල්ම් එකක් අයියේ..සබ් එකට ස්තුති හොදේ..තව මේ වගේ හොද ස්ටෝරි තියන ෆල්ම් වලට සබ් කරන්න..ජය!!
imesh98
අයියේ සබ් එක ගන්න බෑනී
imesh98
සොයා ගත නොහැක කියලා වැටෙනවා....
අයියේ...santhusha319
thnks saho
dinuka sudara
thank you
Thissa kumara
Niyamai.thsx bro
aks
Thanks...
Mathisha pabasara
Thaknks,
Nuwandelowaka
බොහොම ස්තූතියි සබ් එකට
ශසිත් සඳරුවන්
මේක ගන්න හිතක් තිබ්බේ නෑ..
හැමෝම කිව්වා, ස්ටේටස් දැම්මා හොඳයි කියලා...
මාත් හොයලා බැලුවා, සුපිරියක් කියලා තේරුණා.
මේන් ගත්තා...
සබට තුති සිසිල..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!nirodha uthpala
Mage ambe meka sisila bro ge subak ne nogena kohomada ....thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya..
Sarojalakmali
Thanks subtitles ekata
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
manoj1992
Thanks brother
Gandhaka Indrajith
thanks for the subtitle
dagi1
SUPIRIMA KATAWAK PATTA
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thanks bro me film eka balanna sehena kalayak balagena hitiye
ela....jaywewa