Watch Trailer

Rendagam (2022) Sinhala Subtitles | ඩේවිඩ් කවුද ? දාවූද් කවුද ? [සිංහල උපසිරසි]

ආයුබෝවන් මගෙ යාළුවනේ ඔන්න ඉතින් ඉක්මනටම ආයෙත් චිත්‍රපට උපසිරැසියකින් ඔයගොල්ලො හම්බවෙන්න ආවා. දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍ර…

ආයුබෝවන් මගෙ යාළුවනේ ඔන්න ඉතින් ඉක්මනටම ආයෙත් චිත්‍රපට උපසිරැසියකින් ඔයගොල්ලො හම්බවෙන්න ආවා. දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නළුවෙක් වන Kunchacko Boban ද, කලක් හින්දි සිනමාවේ පතාක යෝදයෙක් වුණ Jackie Shroff ද තෙළුගු සිනමාවේ සුන්දර නිළියෙක් වුණ Eesha Rebba ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.

ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Fellini T.P.වන අතර නිෂ්පාදනය කරන ලද්දේ දමිළ ජනප්‍රිය නළු Arya විසින්. 2022 සැප්තැම්බර් මස 23 වන දින සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරන ලද අතර ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.3ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. පැයකුත් විනාඩි 44 ක් පුරා දිවෙන චිත්‍රපටය Action, Thriller වර්ගීකරණය යටතටයි ගැනෙන්නෙ. කතාව ගැන කෙටි හැදින්වීමක් කළොත් එහෙම,

මතකය නැතිවුණ පුද්ගලයෙක්ගෙන් ඒ පුද්ගලයා සමග මිතුරුවෙලා අතුරුදහන් වුණ රත්තරන් බඩු තොගයක් ගැන දැනගන්න කිච්චුට පැවරුමක් ලැබෙනවා. ඒ කිච්චුට ස්වීඩන් යන්න තියෙන සිහිනය සැබෑ කරගන්න ඕන කරන සල්ලි හොයාගන්න තියෙන එකම අවස්ථාව නිසා තම පෙම්වතිය වන කල්‍යාණිගෙ අකමැත්ත මැද්දෙ වුණත් එම කොන්ත්‍රාත්තුව කරන්න භාර ගන්නව. ප්‍රධාන මැර කල්ලියක දෙන්නෙක් වන ඩේවිඩ් හා අසෙයිනාර් එයාලගෙ රත්තරන් බඩු වගයක් අරගෙන යන අවස්ථාවක වුණ පහරදිමක් හේතුවෙන් එම ස්ථානයේදීම අසෙයිනාර් මිය ගිය බවත් ඩේවිඩ්ගේ මතකය නැතිවෙලා ගිහින් කියලත් එම රැගෙන යමින් තිබුණ කෝටි 30 කට ආසන්න රත්තරන් බඩු තොගයට වුණ දෙයක් තාම අභිරහසක් බවත් ඩේවිඩ් සමග මිත්‍ර වෙලා ඔහුගේ මතකය ආපහු අරගෙන රත්තරන් බඩු තොගයට වුණ දේ දැනගන්න එක තමයි කොන්ත්‍රාත්තුව දුන්න කණ්ඩායමේ අරමුණ වුණේ.

ඉතින් මේ කොන්ත්‍රාත්තුව බාරගන්න කිච්චු කොහොම හරි ඩේවිඩ් කියන තැනැත්තව හොයාගෙන ඔහු සමග සිතවත් වෙනව. ටික දවසකින් මේ හිතවත් කම දියුණු වෙලා කොන්ත්‍රාත්තුව දුන්නු අයගෙ වුවමනාවට වෙඩි තැබීම සිද්ධ වුණ තැනට ඩේවිඩ්ව අරගෙන යන්න කටයුතු කරනව. යන අතරමගදි හවස බීච් එකක නවත්තල දෙන්න පොඩ්ඩක් විනෝද වෙන්න කියල අඩියක් ගහන්න ගන්නව. එතනදි දෙන්න හොදටම බොනව, බිව්වට පස්සෙ කිච්චු අතින් වෙරිමතේ කියවෙන දෙයකින් මේ කතාව උඩු යටිකුරු වෙන්න ගන්නව. ඉතින් එතනින් එහාට කොහොමද වෙන්නෙ ? කවුද ඩේවිඩ් ? කවුද දාවූද් ? අසෙයිනාර් කවුද ? කියන්න හොයාගන්න එක ඔයාලටම බාරයි.

අලුත් චිත්‍රපටයකින් ආයෙත් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි. අදහස පහළින් පළ කරන්න අමතක කරන්නත් එපා.

 

 

 

Due to copyright issues,
we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

4,761 downloadsDownload Rendagam-2022-Update.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,761 downloadsDownload Subtitles48 KB

40 comments

  1. tharidu16

    thanks machi

  2. රංගික සිනෙත් කාරියවසම්

    සබට තැන්කු ධනා. මේ සබ මලයාලම් වල Ottu movie එකට ගැලපෙන්න හදලා දාන්න.ලොකු දෙයක්

  3. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Kushan

    Sub akta thanks

  5. හේමන්ත

    ස්තුතියි ඔෂධ...
    ස්තුතියි බයිස්කෝප්...

  6. Anonymous

    Thanks brother

    Theerppu 1tath sub denna puluwanda

  7. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා!

  8. malith madhushan

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට මේක එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්

  9. BeMax

    thnq so mush brother... Budu Saranai.

  10. Pavan

    House of the dragon ඉක්මනට දාපන් බන්. රෙද්ද

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  13. Gayan

    උබවත් මලයාලම් දෙන එකනම් ලොකු දෙයක් බන්
    දැන් මලයාලම් දෙන්න කස්ටිය නෑ
    තැන්ක්ස් බන් දිගටම මලයාලම් දෙමු

  14. bunny

    Thanks buddy

  15. Kantha_DLA

    700mb copy ekata sub gelapenne nehe saho..
    hadala denna puluwanda..plzzzzzzzzz....

  16. Naveen

    උපසිරසියට තුති

  17. Anonymous

    Theerpu sub plz

  18. Anonymous

    Me sub eka malayalam version ekta setwenwda?

  19. kolitha4

    Thanx බ්‍රෝ

  20. Samith

    Thanks brother

  21. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  22. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  23. Kantha_DLA

    subtitle update ekata thanks.......

  24. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  25. sithika dilneth

    Bro laal singh chaddha ekata sub eka dennako

    1. o

      ape sahodharayek karana gaman. ikmanata dei sahoo

  26. Ayesh

    මලයාලම් හොද ෆිල්ම් සෙට් එකක්ම ඩිජිටල් රිලීස් වෙලා තියෙන්නේ ඒවටත් සබ් දෙන්න පුලුවන් නම් වටිනවා

  27. dhanushka

    karthikeya 2 ekata kauruth sub dila nehane

    1. oshanda

      ekata ikmanin dei. karana gaman ape kenek

  28. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  29. Neo

    Thanks brother
    Keep it up

  30. ගීත්

    Vendhu Thanindhathu Kaadu sub plz

  31. Rumesh

    තැන්ක්ස් සහෝ

  32. Anonymous

    Ottu ekta me sub eka setwenwada

    1. oshanda

      tamil ekata kare... ekata set wenne ne brother

  33. Idunil Weerasinghe

    Thanks brother

  34. indika 75

    thanks..

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.