ඔන්න යාලුවනේ මම මගේ පොරොන්දුවක් ඉටුකරමින් හර්බි අවසන් කතාව ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. මේක මගේ 42 වෙනි උපසිරසි නිර්මාණය, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 15 වෙනි නිර්මාණය. මේක IMDb ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන දෙකකුත් තවත් සම්මාන 5කට නාම යෝජනා වෙලත් තියෙනවා. ඒ ගැන ඔයාලට පහලින් දැනගන්න පුළ…

ඔන්න යාලුවනේ මම මගේ පොරොන්දුවක් ඉටුකරමින් හර්බි අවසන් කතාව ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. මේක මගේ 42 වෙනි උපසිරසි නිර්මාණය, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 15 වෙනි නිර්මාණය. මේක IMDb ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන දෙකකුත් තවත් සම්මාන 5කට නාම යෝජනා වෙලත් තියෙනවා. ඒ ගැන ඔයාලට පහලින් දැනගන්න පුළුවන්. මෙහි කලින් කොටස් එකක් හැර අනිත් සියල්ලම මම ඔයාලට සිංහල උපසිරසි සමඟම ගෙනාවා මතක ඇතිනේ.
The Love Bug (1968)
Herbie Rides Again (1974)
Herbie Goes to Monte Carlo (1977)
Herbie Goes Bananas (1980)
The Love Bug (1997) – ළඟදීම දෙන්නම්
හරි දැන් එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමු. 1980 පස්සේ හර්බිට වෙච්ච දෙයක් නැහැ. (1997 රුපවාහිනී චිත්‍රපටයක්) ඉන්පසු හර්බිව වාහන විනාශ කරන තැනකට ගෙනත් දානවා විනාශ කරන්න. මැගී කියන තරුණ ගැහැණු ළමය උපාධියක් ගැනීම නිසා ඇගේ පියා ඇයට පරණ කාර් එකක් අරන් දෙන්න මෙතනට එක්කක් යනවා. එතැනදී ඇයට අහඹු ලෙස මේක තමයි ගන්න වෙන්නේ, මොකද ඇය ගන්න හදන කාර් එක හර්බි විනාශ කරන හින්දා. ඉන්පසු ඇයට රේස් තරඟයකට ඉදිරිපත් වෙන්න ලැබෙනවා. එතනින් හර්බි පලවෙනි තැන ගන්නවා වගේම ඒ ගැන හැමතැනම ප්‍රචාරය වෙනවා. නමුත් ඇය කලින් වතාවක අනතුරකට ලක්වී තිබෙන නිසා ඇගේ පියා ඇයට රේස් පදින්න දෙන්න බැහැ කියනවා. ඇයට ඕනි රේස් තරඟ වලට ඉදිරිපත් වෙන්නයි, ඇගේ පියා එයට ඉඩදෙයිද? හර්බිට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලැබෙයිද ? මේ ගැන හරියටම දැනගන්නනම් ඔබත් මෙය අරගෙන බලන්න. 1968 සිට 2005 දක්වා වසර 37 පුරා චිත්‍රපට 6 කට නැගුනු මේ සුපිරි කාර් එකේ නවතම එකක් එයිද කියලනම් හරියටම තවම කියන්න දන්නේ නැහැ.
ඔය පස්වෙනි එකට The Love Bug (1997) කිසිම උපසිරසියක් නිකුත් වී නැහැ. එකක් තියෙනවා රෝමේනියන් එකක්. ඒකත් ගූගල් එකෙන් පරිවර්තනය කරලා බැලුවම 1968 චිත්‍රපටයේ. ඉතින් මට අලුතෙන්ම උපසිරසියක් හදමින් ටයිම් ලයින් හදමින් චිත්‍රපටය අසමින් පරිවර්තනය කරමින් කරන්න වෙලා තියෙන්නේ. නමුත් මාගේ සහ ඔයාලගේ වාසනාවට මල්ලි කෙනෙක් චිත්‍රපටය නරඹමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඒක මට ටයිප් කරලා දෙනවා “පියංකර ඈපා” මල්ලි. දැන් 1/3 ඉවරයි.
හරි එහෙමනම් බලමු මේක දිනපු සම්මාන මොනාද කියල සහ නාම යෝජනා උන ඒවා.
BMI Film & TV Awards 2006
BMI චිත්‍රපට සංගීත සම්මානය හිමිකරගන්නවා
චිත්‍රපට සංගීතය Mark Mothersbaugh (රචක) විසින්
Kids’ Choice Awards, USA 2006
“කුඩා අහස් නැව්” සම්මානය
පියතම චිත්‍රපට නිළිය ලෙස Lindsay Lohan විසින්
Kids’ Choice Awards, Australia 2006
“කුඩා අහස් නැව් සම්මානයට” නාම යෝජනා වෙනවා
ජනප්‍රියම කාන්තා චිත්‍රපට තරුවට Just My Luck උදෙසා Lindsay Lohan හට
Kids’ Choice Awards, USA 2006
“කුඩා අහස් නැව් සම්මානය” නාම යෝජනා වෙනවා
කැමතිම චිත්‍රපටය උදෙසා
Razzie Awards 2010
Razzie සම්මානයට නාම යෝජනා වෙනවා
දශකයෙ ඉතාම නරක නිළිය ලෙස
I Know Who Killed Me සහ Just My Luck උදෙසා
Nominated for 5 “achievements”, “winner” of 3 Razzies.
Teen Choice Awards 2005
“නව යොවුන් තේරීම් සම්මාන” නාම යෝජනා වෙනවා
ඉතා සුදුසුම චිත්‍රපට නිළිය: විහිළු Lindsay Lohan
Teen Choice Awards 2005
“නව යොවුන් තේරීම් සම්මාන” නාම යෝජනා වෙනවා
තෝරාගත් ගිම්හාන චිත්‍රපටයට
තවත් චිත්‍රපටයකින් ඔබ හමුවෙන්නම් ළඟදීම. ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න අමතක කරන්න එපා.
ජයවේවා.
700 MB කොපිය මෙතනින් බාගන්න b7b70e8642918f70517962fe5cd1915c255449aa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,480 downloadsDownload Herbie-Fully-Loaded-2005.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
37 comments
lapcool.info
NCJD
බොහොම ස්තුතියි.
Nisal Lakshan
meka patama katha set ekak maru godaaaaaaaak stuthiy
mudiya / මුදියා
නියමයි දිමුතුවා.
නියම වැඩක් කරේ.
මරු ෆිල්ම් සෙට් එක.
ඉතිරි එකත් ළඟදිම දෙන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!wow
Maxxxa sahi
Sanjaya
thank Saho....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දිමුතුවා :P ජය
Amil
Thanks Bro Sub ekata..
viraj
ස්තුතියි
පැටියා
හොඳ ෆිල්ම් එකක්.
ස්තුතියි.Adhitha Praween
නියම වැඩක් ආ .......
Nisal Lakshan
don juwon eke dewani ekak nadda?
දිමුතු තරඟ ඉලුක්කුඹුර
දන්නා තරමින් නැහැ සහෝ.
Nisal Lakshan
reply ekata thankxxx saho
siraj
නියමයි සහෝ.
සබ් එකට ස්‍තූතියි.sp පියමල්
thanks saho
isuru
මරු ෆිල්ම් සෙට් එක. :P බොහොම ස්තුතියි!!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි.
“චූටී මල්ලි”
එල එල තරංග සහෝ
ඉතිරි එකත් දෙමු
එතකොට ඔක්කොම තියෙනෙ
සබට තුති
ඔබට ජය........#ChalinduDeshan (කිනා)
මේක එල කතාව.
ටීවි එකෙන් බැලුවා වගේ මතකයි ගොඩක් පොඩිකාලේ.
ආපහු බලන්න පුලුවං උපසිරැසියත් එක්කම.
ස්තූතියි දිමුතු සහෝ.
ජයවේවා!Uraj Deemantha
:) එල එල ඔහොම යන්..... :D
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ශාන් විමුක්ති [ විමා]
නියමයි හර්බියෝ
o.O
ඔව් ඔව් හර්බියා තමා
සැට් එකටම දීලා තවත් ෆිලුම් එකතුවක් සම්පුර්ණ කරමු එහෙනම්
ජයරොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කට්ටක් කාලා දෙන්න හදන්නේ එහෙනම් අනෙකත්. කමෙන්ට් අඩු වුණාට ගණන් ගන්න එපා. ජය෴෴ :P :P
Uraj Deemantha
2005 එකේදිත්, කලින් වගේමයි නේහ්..... :)
Saman Prasad ( Black Cobra )
ela ela Dimuthu saho...
Ruwan Chamara
පටිට ෆිල්ම් සෙටි එක මචන් කිසිම කම්මැලි කමක් නැතුව බැලුවා. 1997 එකත් ඉක්මනටම බලන්න දෙන්න අපි බලන් ඉන්නවා ගොඩක් ස්තුතියි ඔයාලට...
Dharshana..
thanks..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍amila roxx
thnkzzzzz :)
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........nidi
biscope adawiye thiyena niyama film kandarawa balala iwara karanna koi tharam kalayak yawida manda? me wage hondama parana films pawa thiyeddi nobala kohomada. thanks Dimuthu. godak thanks.
kalana sb 4587
thanks bro.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :)
Anonymous
Arawinda Sunimal
thanks.................
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

“දිමුතු තරංග ඉලුක්කුඹුර ස්තූතිය ඇ.....................
නියම ෆලිම් එක ඇ...................
ඔයාලා ඉන්ගිරිසි ඉගෙන ගන්න කැමති නම් ඔය මගේ නම වන lapCool කියන එක ඔබලා එන්න.....................!!!!!!!!