සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන්…

සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන් රසිකයෙක් විදියට හිටියා උනාට මටත් උපසිරැසියක් කරන්න ඇත්නම් කියන ආසාවක් බලාපොරොත්තුවක් තිබ්බා ඒ අතරම ජිවිතේට ආපු වෙනත් හේතුකාරණාවක් නිසා මට මගේ මනස කාර්ය්‍යබහුල කරගන්නත් උවමනා උනා. ඉතින් කොහොමින් හරි 2015 ඔක්තෝම්බර් මාසේ 15 වෙනිදා සමීර චතුරංග අයියට ස්තුතීවන්ත වෙන්න ඒ හිතේ තිබ්බ බලාපොරොත්තුව ආශාව Thilagar (2015) දමිළ සිනමාපටයෙන් ඉශ්ට සිද්ද කරගන්න පුලුවන් උනා.! හිංදි භාෂාවයි දමිළ භාශාවයි සාමාන්‍යයෙන් දැනගෙන හිටියට පළවෙනි උපසිරැසි ගැන්වීම අසාලිවීමක් වගේම කාල රාමු හදාගෙන එහෙම කරද්දි පොඩි චකිතයකුත් ඇතිවුනා. ඒ වෙලාවේ නිතරම මුහුණු පොතෙන් සම්බන්ධවෙලා හිටිපු සමීර අයියා මාව දිරිගන්වලා අද මාව මේ වගේ තැනකට අරගෙන ආවා.
හිංදි භාෂාව දැනගෙන හිටියත් සෑහෙන්න කාලයක් යනකන් හිංදි චිත්‍රපටියක් කරන්න නම් බැරිවුනා. අන්තිමට ඒ 16 වෙනි උපසිරැසි නිර්මාණයට හිංදි චිත්‍රපටියකට උපසිරැසි දෙන්නත් පුලුවන් උනා.! මේ වෙනකොට දමිළ සිනමාපට 22 ක්, හිංදි සිනමාපට 10 ක්, තෙළඟු සිනමාපට 13 ක්, මලයාලම් සිනමාපට 04 ක්, කන්නඩ සිනමාපට 11 ක් සඳහා සිංහල උපසිරැසි ලබා දෙන්නත් හැකියාව ලැබුණා. මේවගෙන් සමහර චිත්‍රපටි වලට කාලය පිළිබඳව ඇතිවු ගැටලු නිසා තවත් සහෝදර උපසිරැසිකරුවන්ගේද උදව් ඇතුව වඩාත් ඉක්මණින් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකවියන් වෙන පිරිනමන්න පුලුවන් උනා.
සමහර විට කට්ටිය බලනවා ඇති දකුණු ඉන්දීය සිනමාපට වැඩි ප්‍රමාණයකට සිංහල උපසිරැසි දුන්න කෙනෙක් මොකද මේ කඩ ඉමකට හිංදි චිත්‍රපටියක් ගෙනාවේ කියලා.! ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා ඒ තමයි සල්මාන් ඛාන් මගේ ප්‍රියතම නළුවා වගේම සාමාන්‍ය විදියටම කියනව නම් මගේ Hero, සල්මාන් ඛාන්ගේ රඟපෑම විතරක් නෙවෙයි පෞද්ගලික වැඩ ඒක කිව්වේ සමාජ සේවා කටයුතු වලටත් මම පෞද්ගලිකව කැමතියි. මම විතරක් නම් බැරියැ අපේ ගෙදර අයගේ තත්වෙත් එහෙම තමයි සල්මාන් ඛාන් ගැන.
ඉතින් ඉස්සෙල්ලා මම නම් කියපු අයට පස්සේ අපේ සංස්කාරක මඩුලලේ අයගේ නම් මතක් කලොත්..! සමීර චතුරංග අයියා, රොයිලි ප්‍රනාන්දු අයියා, හසන්ත අයියා, සිසිල ප්‍රසාද්, ආශාන් විමුක්ති, අසංක ප්‍රදීප්, සමීර කරුනාරත්න, සූදීර මාලන්, චාමර සම්පත්, ආසිරි ප්‍රියන්ත ඇතුලු සංස්කාරක මඩුල්ලේ සියලූම දෙනාවත්, සහෝදර උපසිරැසි කරුවන් ගැන මතක් කලොත් සඳුන්, දහරා මුුතු අමා, චමෝද් රශ්මික, තාරක නුවන් දිල්හාර, ප්‍රනීත්, SNAKE RAJ, සචිත් ලක්ෂාන්, දිල්ශාන් සචින්ත, හෙළිලි හේමමාලි යන සහෝදර උපසිරැසිකරුවොනුත් උදව් කලා.
ඒත් එක්කම තවත් දෙයක් තියෙනවා කියන්න ඒක කියන්නේ නැතුවම බෑ, ඒක මට විතරක් නෙවෙයි මගේ අනිත් සහෝදර උපසිරැසිකරුවනුත් පොදුවේ මුහුණ දෙන සිදුවීමක්..! ඒ තමයි අපි මහන්සිවෙලා රසික ඔබ වෙනුවෙන් මේ සිංහල උපසිරැසි අරන් ආවට ගොඩක් අය අපෙන් අහනවා මොකටද ඕවා කරන්නේ..?, ඕකෙන් ඇති වැඩේ මොකක්ද..? සල්ලි කීයක් හම්බෙනවද..?, නිකන් ඉන්න බැරුවට කරන වැඩ..! ඔන්න ඔය වගේ විවිධ ප්‍රශ්න කට්ටිය අහනවා. අනේ මන්දා ඉතින් තේරුම් කරන්න පුලුවන් අයට තේරුම් කරලා දෙනවා. තේරුම් ගන්න බැරි අයට නම් ඉතින් සොරි තමයි වෙලාවකට බැනලා එලවගන්නවා, සමහර වෙලාවට සද්ද නැතුව ඇහුනේ නෑ වගේ ඉන්නවා.
මම හිතන්නේ අපේ රසික රසිකාවියෝ වැඩි දෙනෙක් දන්නවා ඇති. ඉස්සෙල්ලා අපි මුහුණපාන ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා, නොදන්න අය ඉන්නව නම් දැන ගන්න කියන්නම්. ඇත්තටම සිංහල උපසිරැසියක් හැදුවා කියලා අපිට පෞද්ගලිකව වත් පොදුවේ උපසිරැසිකරුවන් සමූහයටවත් කිසිම ලාභයක් ආදායමක් නම් නෑ. වෙබ් අඩවියේ දාන වෙළඳ දැන්වීම් වලින් එන ආදායමෙන් කරන ප්‍රදානතම දේ සමාජ සත්කාර වලට මුදල් යොදවන එක. ඊලඟට අපේ වෙබ් අඩවියේ Server එක පවත්වාගෙන යන්න මුදල් ගෙවන එකයි. මාසිකව අපි අතරේ තරඟයක් තිබ්බම ඒවට තෑගී ගන්න එකයි..!
මේවා කිව්වේ නොදන්න අයට දැනගන්න.අනිත් කාරණාව තමයි සමහර අය ඉන්නවා සබ් එක බාගෙන යනවා නිකන්වත් කමන්ට් එකක් දාන්නේ නෑ. අපි මෙච්චර මහන්සි වෙලා සබ් එක හදලා දෙන එකේ විනාඩි කීපයක් කැපකරලා තමන්ගේ අදහසක්.! උදහසක්.! දාගෙන ගියා කියලා මම නම් හිතන්නේ කාටවත් කිසිම වියදමක් නම් යන්නේ නෑ.හැමදාම කියනවා වගේ අදත් කියන්නම් උපසිරැසියක් බාගෙන යන වෙලාවේ කමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එහෙම එපා ඕන්..!

එහෙනම් සිනමාපටය ගැන කොහොමද කියල බැලුවොත්..! මේ තමයි Race චිත්‍රපට මාලාවේ තුන්වැන්න.
පලවෙනි චිත්‍රපටිය Race 2008
අධ්‍යක්ෂණය – Abbas Mustan
නිෂ්පාදනය – Ramesh S. Taurani, Kumar S. Taurani
කතාව – Shiraz Ahmed
ප්‍රදාන නළු නිලියන් – Saif Ali Khan, Akshaye Khanna, Bipasha Basu, Katrina Kaif, Anil Kapoor
සංගීතය – Pritam Chakraborty
තිරගත වු දිනය – 2008 මාර් තු 21 දින.
නිෂ්පාදන පිරිවැය – ඉන්දියානු රුපියල් මිලියන 460 යි.
බොක්ස් ඔෆීස් ආදායම – ඉන්දියානු රුපියල් බිලියන 1.06 යි.
IMDB – 6.6/10
Race චිත්‍රපට මාලාවේ දෙවැන්න Race 2013
අධ්‍යක්ෂණය – Abbas Mustan
නිෂ්පාදනය – Ramesh S. Taurani, Kumar S. Taurani
කතාව – Shiraz Ahmed
ප්‍රදාන නළු නිලියන් – Saif Ali Khan, Anil Kapoor, John Abraham, Deepika Padukone,Anil Kapoor
සංගීතය – Pritam Chakraborty
තිරගත වු දිනය – 2013 ජනවාරි 25 දින.
නිෂ්පාදන පිරිවැය – ඉන්දියානු රුපියල් කෝටි 84 යි.
බොක්ස් ඔෆීස් ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 120 යි
IMDB – 5.3/10
Race චිත්‍රපට මාලාවේ තුන් වැන්න Race 2018
අධ්‍යක්ෂණය – Remo D’Souza
නිෂ්පාදනය – Ramesh S. Taurani, Salman Khan
කතාව – Shiraz Ahmed
ප්‍රදාන නළු නිලියන්– Salman Khan, Bobby Deol,Anil Kapoor, Jacqueline Fernandez, Daisy Shah
සංගීතය – Salim Merchant, Sulaiman Merchant
තිරගත වු දිනය – 2018 ජුනි 15 දින.
නිෂ්පාදන පිරිවැය – ඉන්දියානු රුපියල් කෝටි 150 යි.
බොක්ස් ඔෆීස් ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 303 යි
IMDB – 2.1/10
තව දෙයක් Race චිත්‍රපට ත්‍රිත්වයේ පලවෙනි චිත්‍රපටියයි. දෙවෙනි චිත්‍රපටියයි, බැලුවේ නෑ කියලා අවුලක් හිතන්න එපා රසාස්වාදයට ඒවා නොබැලුව කියලා කිසිම හානියක් වෙන්නේ නෑ.තුන් වැන්නේ රේටින් වල පොඩි අවුලක් නම් තියෙනවා ඒත් එහෙම කියලා චිත්‍රපටිය ගැන අඩු තක්සේරුවකට අපිට එන්න බෑ මොකද හිංදි චිත්‍රපටි රසික රසිකාවියෝ කොහාමත් දන්නවා අපිට හොඳ ගොඩක් චිත්‍රපටිවලට හොඳ රේටින් එකක් නම් ලැබිලා තිබිලා නෑ කියලා උදාහරණ ගත්තොත් Gunday , Tiger Zinda hai, ඔන්න ඔය වගේ තවත් චිත්‍රපටිවලට ලැබෙන්න ඕන තරම් රේටින් ලැබුනෙත් නැති බව දන්නව නේ..!
සමහර විට තුන්වැන්නේ අධ්‍යක්ෂකවරයත් වෙනස් ඒකත් එක හේතුවක් වෙන්නත් ඇති. ඒත් මම නම් කියන්නේ අපි වෙනදටත් හොඳ චිත්‍රපටියක් ආපුවම බලනව වගේ මේකත් බලන්න. මේ චිත්‍රපට මාලාවේ පෙර ද්විත්වයේ මෙවර ප්‍රදාන චරිතය සයිෆ් අලී ඛාන් වෙනුවට සල්මාන් ඛාන් රඟපානවා. ඒ වගේම පෙර චිත්‍රපට ද්විත්වයේම පොලිස් නිළධාරියෙකුගේ චරිතය රඟපෑ අනිල් කපුර් මේවර සල්මාන් ඛාන්ගේ බාප්පගේ චරිතය රඟපානවා.
ඔන්න ඔය වගේ වෙනස් වීම් කීපයක් එක්ක අලුතින් හැඩගැන්වුන Race 3 2018 සිනමාපටය නරඹන ලෙසට රසික රසිකාවියන් හට ආරධනා කරමින් විශේෂයෙන් මතක් කරන්න ඕන මම හැමදාමත් කියනවා වගේ නිතරම හැමදාම මට උදව් කරන අපේ සිසිල ප්‍රසාද් සංස්කාරක තුමාව නැවතත් මතක් කරන්න ඕන. මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න මට වෙන්කරලා දුන්නා වගේම තවත් විස්තර එහෙමත් සොයා දීම සම්බන්ධව. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීතයන් අලංකාරවත් ලෙස උපසිරැසි ගැන්වීමට සහය දීම වෙනුවෙන් තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමන අතරම දහරා මුතු අමා සොයුරියටත් මට දක්වපු සහයෝගයට විශේෂ ස්තුතිය පිරිනමනවා.
‘පවුල වෙනුවෙන් කාගේ හරි ජිවිතයක් ගන්නත් සිද්ද වෙයි..!’
ඒත් ඒ වැඩේ කරන්න උනොත් කොහෙත්ම අඩියක් පස්සට ගන්නේ නෑ.!“කේන්තියෙන් ගන්න තීරණ නිසා හැමදාම පාඩුවක්මයි සිද්ද වෙන්නේ..!
ඒ නිසා කේන්ති එන්න කලින් මම තීරණයක් ගත්තා..!
‘හැබැයි දැන් නම් මම ඉන්නේ කේන්තියෙන්..!! ගොඩක් කේන්තියෙන්..!”‘මේ තරඟයෙන් මාව එලියට දාන්න හදන මෝඩයෝ ඉන්නවා නේද..?
හැබැයි උන් දන්නේ නෑ…
ඒ තරඟයේ ජයග්‍රහකයා මම විත්තිය..!”
ශම්ශේර් සිං කියන්නේ ආයුධ එහෙමත් නැත්තන් තුවක්කු වගේ ආයුධ ව්‍යාපාර කරන පිටරටක ජිවත් වෙන කෙනෙක්.! ශම්ශේර් සිංට සංජනා,සූරාජ් කියලා නිවුන් දරුවො දෙන්නෙක් ඉන්නවා. ශම්ශේර් සිං ගේ අයියගේ පුතා තමයි සිකන්දර් සිං..! ශම්ශේර් සිං ගේ බිරිඳ සුමිත්‍රා සිං ඒ කිව්වේ සිකන්දර් සිං ගේ අම්මා, තමන්ගේ අයියා මැරුණට පස්සේ ශම්ශේර් සිං අයියගේ බිරිඳ සුමිත්‍රා සිංව විවාහ කරගන්නවා..
තාත්තලා දෙන්නෙක් වෙලා එකම අම්මගේ දරුවෝ උනාට මේ සහොදර තුන් කට්ටුවගෙ නම් කිසිම එකමුතුවක් නෑ. ඒ කියන්නේ සූරජ් , සංජනා සිකන්දර් එක්ක තරහයි සිකන්දර් ව මරන්න තරම් තරහයි.ඒත් සිකන්දර් ගේ හිතේ නම් කිසිම තරහක් නෑ ඒකට ලොකු හේතුවක් තියෙනවා. සිකන්දර් සිං ගේ බාප්පා ශම්ශේර් සිං තමන්ගේ දරුවො දෙන්නා වෙන සූරජ්ටයි සංජනාටයි වඩා වැඩියෙන් සිකන්දර් ව විශ්වාස කරලා ව්‍යාපාරවලයි අනිත් වැඩ වලයි වැඩි කොටසක් සිකන්දර් ට කියන හින්දා.
මේ විදියට කාලය ගත කරන් යනකොට සංජනාටයි සූරජ් ටයි වයස අවුරුදු 25 ලැබුවට පස්සේ පවුලේ නීතීඥයා මාර් ගයෙන් මෙයාලට දැන ගන්න ලැබෙනවා අම්මගේ අන්තිම කැමති පත්‍රය ගැන. ඒකේ තියෙන විදියට සංජනාටයි,සූරජ්ටයි දේපල වලින් 50% ක් එක්කෙක්ට 25% ගානේ සිකන්දර් ට විතරක් 50% ක් තනි අයිතියට ලියලා තියෙනවා කියලා. ඉතින් අර ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නය තවත් ඇවිලෙනවා. මෙයාලගේ තාත්තා කොච්චර පැහැදිලි කරලා දෙන්න හැදුවත් මේ නිවුන් සහෝලා දෙන්නගේ නම් එච්චර හොඳ හිතක් නෙවෙයි තියෙන්නේ.
ඔය අතරේ ශම්ශේර් සිං ගේ පරණ යාළුවෙක් හදිසියේම පිටරටක ඉදලා ශම්ශේර් සිං ව මුණ ගැහිලා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවේ විදියට වැඩ කරොත් ශම්ශේර් සිංගේ මුළු පවුලටම ගොඩයන්නත් පුලුවන් ඒ කිව්වේ ශම්ශේර් ගේ හිතේ කාලයක් තිස්සේ එක හීනයක් තියෙනවා පවුල පිටින්ම තමන් හැදුනු වැඩුනු ගමට ආපහු ගිහින් ජීවත් වෙන්න. මේ වැඩෙත් වැඩි කොටසක් කරන්න ශම්ශේර් භාර දෙන්නේ සිකන්දර් ට ඉතින් මොකක්ද ඒ යෝජනාව ඇත්තටම පවුලටම ඒ වැඩේ කරලා ගොඩ ගිහින් ශම්ශේර් සිං ගේ හීනය සැබෑ කරගන්න පුලුවන් වෙයිද..? සංජනා, සූරජ් මේ වැඩේට උදව් කරයිද..? මේ සියල්ලටම පිලිතුරු චිත්‍ර පටිය බලලා හොයාගන්න කියන ගමන්ම චිත්‍රපටයේ කතාව විස්තර කිරිම මා නවතනවා.
මේ චිත්‍රපට මාලාවේ හතරවැන්නකුත් නිකුත් වෙනවා කියලා ආරංචියකුත් තියෙනවා අනාගතේදි ඒ සඳහාත් අප අඩවියෙන් සිංහල උපසිරැසියක් රසික රසිකාවියන්ට කවුරුන්හො ලබාදෙයි කියලත් මතක් කරන්න කැමතියි.
එහෙනම් අදට මම සමුගන්නව, ඒ ගමන් රසික ඔබ සැමගෙන් ඉල්ලලා ඉන්න කැමතියි සබ් එක බාගෙන යන ගමන් කමන්ට් එකක් එහෙම මතක ඇතුව දාගෙන යන්න. මේක මගේ එක කඩඉමක් නේ.! කමන්ට් එකක් දාගෙන ගියොත් සෑහෙන්න වටිනවා මම ඒක අගය කොට සලකනවා.
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!!

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
34,196 downloadsDownload Race-3-2018.zip144 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
313 comments
Kaushal
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
හදවතින්ම සුබ පතනවා 50 වෙනි කඩයිම වෙනුවෙන්.athula789
නියමයි තරිඳු මල්ලි. සුභ පැතුම 50වෙනි උපසිරැසියට. අනිත් එක බලන්න ඕන කියලා මග බලාගෙන හිටිය film එකක් තමයි 50ට කරලා තියෙන්නෙ. ජය වේවා.
rmesbandara
Congratz bro
Jumanji
Tnx bro.
Mokshaya
sub ekata thnx.........
Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….really appreciate your works & Lot of thanks THARINDU saho.wish u’r great future…..
Pathmila_kushantha94
උපසිරැසියට සුභ පැතුම් සහෝ.......
Tharaka Nuwan Dilhara
සුභ පැතුම් අයියේ 50 වෙනි උපසිරසි ගැන්වීම වෙනුවෙන්..
දිගටම කරගෙන යමු.
ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්..
තවත් කඩයිමකින් ඉක්මනින්ම හමුවෙමු..
ජයෙන් ජය.....!!!!Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!ChithRaka
Elahhh
harsharangana
thanks.film eka tama dala nene
Mayura
50ට සුබ පැතුම් සහෝ
Prabodha Madhusankha Hettiarachchi
Congratulations bro 50th sub ekata.. Niyama movie ekak aran ennee. hoda copyk dala wedi welawak naa sub dala. Jaya wewa...!
Eranga Sandaruwan
හම්මේ. එල එල.
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවාsashan
Thanks sub ekata. good luck bro jaya wewa.
Kavinda Ransilu
බොහෝම ස්තූතියි සබ් එකට..ජය වේවා!!!..දිගටම සබ් දෙමු සහෝ...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
ඒ වගේම පනස් වෙනි කඩයිමටත් සුබ පැතුම්....!යුරාන් ධනුක
බොහෝම ස්තුතියි සහෝ,
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්....!Tharu dewappriya 19
එල
kiyala vadak na bro vaddo kiyane oyalata thamai verry verry thanks sube ekata *50* upasirusiyata jayaveva digatama sube karanna thavath film ekakin hamuvemu jayawewa...
Sasitharoshan
Thank baiscopelk
Thank tharidusachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
ජයsachintha
ඒවගේම 50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා ....
Ayesh Prashan
50 weni upasirasiyata subhama subha pathum.thank you
Ayesh Prashan
50 weni upasirasiyata subhama subha pathum. thank you
Nilush Angana
Sub ekata thanx
Ishara.m
Elama.jaya wewa
Chamantha harsha
Sub ekata bohoma sthuuthiy
Madhura prasad
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් බ්‍රෝ.බොහෝම තුති වේවා සබ් එකට. ජය වේවා.!!!
Kapila4499
thanks for sub .................
Asitha Jayasinghe
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්….! ජය වේවා!
suraswv
thanks bro
Jack
Niyamai Macho.
50 Suba Pethum
Digatama Wade Kragena Yamu.
Jayen JayaRasitha Nalin
Thanks For sub..........!!!!!!!!!!!!!!!!
Achi
එලම ආ
widuranga
50ta suba pathummm 100 onaaaaa thanx for sub
Ishara Janith
පනස් වැනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරයා...
aroshaisham
ane yaluwe 2018 A sniper war movie eke sinhala sub eka damanna pu da
nalin.kumara0510
Thanks bro good luck.
Lahiru Vinoj
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ...
Amila Roshan
50 Weni kada imata UNUSUM SUBA PATHUM saho...
mana godak asawela balapu film set ekak Thami RACE
meka enakm balan hitiye
ithin obata digu gamank yanna labewa....
jaya wewa ....
dan nam film eka balna thadiyame inne
ayeth JAYA WEWA................MuthuAma
50ට උනුසුම් සුබ පැතුම් අයියේ!
වැඩිකල් නොගිහින්ම එහෙනම් සීයත් ගහමු.Hashboy
ela ela bro
H_anuru
Thank you bro,
hmj
Niyamai saho..thanks sub ekata.
Kanchaka
Thanks bro
shalithrvn
weldone bro
සනිඳු ලක්ඛිත
50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ..දමිල තෙලිගු බලන අපිටනම් හොදට හුරු පුරුදු කෙනෙක් තමා..තව තවත් උපසිරස කරන්න හැකියාව ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..මේ ෆිලුමත් බලන්න ආසාවෙන් හිටපු එකත්. අර කිව්වත් වගේ විකාර ඇක්ශන් සීන් තිබ්බට සල්මන්ගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද..උපසිරසට බොහොම ස්තූති සහෝ..බුදුසරණයි..!
Panther
Ela bro thanx
Suresh Madhusanka
බොහෝම ස්තූතියි බ්‍රෝ .......ඔබට ජය වේවා...
Advertisement

බොහොම ස්තුතියි. අන් අයගේ වින්දනය වෙනුවෙන් කරන කැපකිරීම් වෙනුවෙන්.