Watch Trailer

Hush (2008) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතරට පෙම්වතිය! [සිංහල උපසිරසි සමඟ]

තවත් පට්ටම සුපිරිම ෆිල්ම් එකක් අරන් අවා ඔන්න. මේකත් ඔගොල්ලො බලලා ගොඩක් කල් වෙන්න ඇති. සිංහල සබ් ඒකත් එක්කම අලුතෙන් බලන කෙනෙක්ටයි, බලපු කෙනෙක්ටයි ආයෙත් බලන්න පුළුවන් ඔන්න දැන්. කලින් සබ් එකටත් comment කරපු හෑමොටම ස්තුතියි. කලින් දුන්න poseidon, Ghost ship බැළුවනම් මෙක ඒවාටත් වඩා fatta ෆිල්ම් එකක්. ම…

Hush 2009
තවත් පට්ටම සුපිරිම ෆිල්ම් එකක් අරන් අවා ඔන්න. මේකත් ඔගොල්ලො බලලා ගොඩක් කල් වෙන්න ඇති. සිංහල සබ් ඒකත් එක්කම අලුතෙන් බලන කෙනෙක්ටයි, බලපු කෙනෙක්ටයි ආයෙත් බලන්න පුළුවන් ඔන්න දැන්. කලින් සබ් එකටත් comment කරපු හෑමොටම ස්තුතියි. කලින් දුන්න poseidon, Ghost ship බැළුවනම් මෙක ඒවාටත් වඩා fatta ෆිල්ම් එකක්. මේකේ කතාවනම්, The call ෆිල්ම් එක ඔගොල්ලො බැළුවනම්, ඒවගේ කතාවක් තමා යන්නේ. හැබැයි ඒකම නෙමේ. ඒකට වඩා ගොඩක් වෙනස්. එවගේ පැහැරගෑනිම් සීන් එකක් තමයි යන්නේ. මේකෙ imdb අගය 6.1 ආයේ ඉතින් කතාව ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ.

මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Tonderai කියන කෙනා. House at the End of the Street (2012), Uncut Funk Uncut Funk (1999) සහ Day of the Dead කියන ෆිල්ම් මෙයා තමයි කරලා තියෙන්නේ. මේක release වෙලා තියෙන්නේ නම් 2009 මාර්තු 13 වෙනිදා. මේකට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ William Ash, Christine Bottomley, Andreas Wisniewski කියන අය.

මේකෙ කතාව ගැන කිව්වොත් සේක්ස් කියන්නේ තම රැකියාව විදිහට දැන්වීම් ප්‍රචාරය කරන කනෙක්. බෙත් කියන්නේ එයාගේ, ගැහැණු ළමයා. මේ ඩබලගේ වැඩේ රණ්ඩු කරගන්න ඒකමයි. මේ දෙන්නා රාත්‍රි කාලයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් ඉද්දි මෙයාලගේ වාහනය පසු කරන් ඉස්සර කරගෙන යනවා ට්‍රක් එකක්. සේක්ස් දකිනවා මෙකේ ගැහැණු ළමයෙක්ව නිරුවතින් හිරකරගෙන යනවා. ඒ දකින්නේ ට්‍රක් එකෙ පිටිපස දොර යන වේගේට යන්තමින් ඇරෙන නිසා. පස්සෙ සේක්ස් පොලිසියට කොල් කරලා එයාගේ වැඩේ කරන්න යනවා. ඒත් බෙත් නම් කියන්නෙ ට්‍රක් එක පස්සෙන් යන්න කියලා. මේකට සේක්ස් කැමති නැහැ. පස්සෙ පරණ ප්‍රශ්නත් ඇවිස්සිලා දෙන්නා මෙකට රණ්ඩු කරගන්නවා. කොහොම කොහොම හරි පස්සේ බෙත් අවන්හලකදි අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණු තම පෙම්වතිය සේක්ස්, කෙසේ නම් හොයා ගනීද?? බෙත් අතුරුදහන් වෙන්නේ කෙසෙද? ට්‍රක් එකෙ අරන් ගිය ගැහැණු ළමයව මෙයාට බෙර ගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න.

තව කතාව ගොඩක් තියෙනවා. මේ කිව්වේ මුල් ටිකේ වෙන සිදුවීම් පෙළක්. අහ්හ් තව දෙයක් කියන්න තියෙනවා. අන්තිමට, ඉවර උනාම වහන්න එපා. තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටිකත් බලලම ඉන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ලගදිම හම්බවෙමු.

මීට කලින් පලකළ ලිපිය.

මේ කියන්න යන්නෙ ටිකක් අමුතු කතාවක් ගැන..එක සිද්දියක් වටා ගොඩනැගෙන කතාවක් අවසාන භාගයේදී හොද ත්‍රාසජනක චිත්‍රපටයක් බවට පත් වෙනව..ඒ වගේම ප්‍රධාන චරිතයේත් පෙරළියක් ඇති වෙනව…මේ කතාව ගැන කියවල බලල තීරණය කරන්නකො බානවද නැද්ද කියල.. 🙂
මෙන්න මෙහෙමයි කතාව එක්තරා තරුණ යුවලක් රාත්‍රී කාලයේදී අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටිනව..මෙම තරුණයාගෙ රාජකාරිය තමයි ඉන්ධන පිරවුම්හල් වල දැන්වීම් පුවරු සවි කිරීම..ගමන අතරතුරදී පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් ඔවුන්ව පසුකර යාමේදී මෙම තරුණයාට සුළු මොහොතකට දකින්නට ලැබෙනව ඒ ට්‍රක් රථයේ ඇතුලෙ සිට නිරුවත් කාන්තාවක් උදව් ඉල්ලා කෑ ගසන බව..මේ දුටු විගස කලබල වෙන තරුණයා ඔහුගේ පෙම්වතියට මේ සිදුවීම කියනව..ඇය කියනව වහාම පොලිසියට දැනුම් දිය යුතු බවත් ට්‍රක් රථය ලුහුබැද යා යුතු බවත්..මෙවන් ත්‍රාසජනක ක්‍රියා හුරු නැති තරුණයා මේකට අකමැති වෙනව..ඒ නිසා මේ දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වෙන අතර මීළග ඉන්ධන පිරවුම් හලේදී ඔහුට තේරෙනව තමන්ගේ පෙම්වතියත් අතුරුදහන් වී ඇති බව..

මින් කතාවම වෙනස් වෙනව..වෙනස් විදියක අත්දැකීමක් ලබාගන්න පුලුවන් චිත්‍රපටයක්..කතාව හොද ඇති කියල හිතෙනව නම් බාගන්න..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1,165 downloadsDownload Hush.2009.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරිඳු උදයංග

Subtitles

1,165 downloadsDownload Subtitles21 KB

49 comments

  1. panchaz

    mama me John rambo download karanawa macho aaka mama kalin balala thiyenawa aa unata aaye download karagena balanna oone..
    eeta passe download karanawa, machan uba heta hoda comedy movie ekak gana dannako
    nikan american pie wage pls mama kiyana nisa daapan

  2. nelantha herath

    හොඩ එකක් වගෙ. බාමි ගුරො බාමි.gurata thanks.

  3. පික්චර් පිස්සා

    මම මේ film එක බැලුවා. කෙටියෙන්ම කියනවානම්. කට ඇරගෙන බලන්න පුලුවන් කතාවක්. හැමෝම බලන්න.

    subtitles අරන් බලන්න.

  4. පොතේ ගුරා

    @panchaz ! :) හෙට අනිවා එකක් දාන්නම් මචන්..නැත්නම් ඊමේල් එකක් හ‍්රි එවන්නම්කො උඹට.. :)

    @nelantha herath! අනිවා මචන්..ටිකක් වෙනස් ඒත් එළ!

    @පික්චර් පිස්සා ! අන්න හ‍රි..හැම තිස්සෙම හිතේ කුතුහලය රදවල ෆිල්ම් එකක්.. :)

  5. panchaz

    machan pothey gura uba dannawaneda mage email address eka nathnam mata elakri ekata gihin pm ekak ewapan machan hoda unrated comedy movie ekak ewapan bye macho

  6. බුධාජීව

    බා...ආ...මි !

  7. Anonymous

    බාන්න කොච්චර වෙලා යනවද කියලා විස්තර දාන්න

  8. wayabawiththi.blogspot.com/

    බාන්න කොච්චර වෙලා යනවද කියලා විස්තර දාන්න

  9. පොතේ ගුරා

    @panchaz! :)

    @බුධාජීව! එළ මචෝ.. :)

    @නිර්නාමික! ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ කනෙක්ශන් එක අනුව තමයි..සාමාන්ය SLT ADSL 512 පැකේජ් එකකින් නම් පැය 4ක් යනව..

  10. dewage55

    mama banda damma thanks machan.

    PRABHAKARAN sinhala dvd tip eka thiyenawa, kamathi kenekuta baganda puluwan, Gura, aulak neha neda dammata link eka. *******

  11. wayabawiththi.blogspot.com/

    ඉස්තුති හෙට බාගන්නම්

  12. පොතේ ගුරා

    @chathurarcrc! ආහ් එළම තමයි..තැන්කූ මචෝ.. :)

    @dewage55! මමත් ඕක ආව ගමන් බෑව මචෝ..ඒ උනාට ලංකාවෙ ෆිල්ම් එකක ටොරන්ට් එකක් නිසා අවුල් කොල්ලෝ...ත‍රහ වෙන්නෙපෝ..

    @wayabawiththi! :)

  13. Lahiru Randika

    ඕං .... හරි අමාරුවෙන් වෙලාවක් වෙන් කරගත්තා Download වලට..
    ඔන්න මේකත් Downloading ගොඩට දැම්මා..

    thanks for this I ll see it later(still Downloading (Just start))

    මචං මම මේ අහන්න කියලාමයි හිටියේ.... මොකද කියන්නේ‍
    සිංහල Movies වලට torrent ටිකක් දැම්මොත්..

    උඹට පිං සිංහල චිත්‍රපටි දැම්මොත්....

  14. ගයාන් කල්හාර

    එළ (කිව්වට අපිට කොහෙන්ද පූසො මාලු?, ඩයල් අප් වලිං මොන පිලුං දැ?).

    කමෙන්ටුවක් දාන්න හිතුනෙ දේවගේ55 ගෙයි ලහිරු ගෙයි එව්ව දැක්කාම.

    සිංහල චිත්‍රපටි වල ටොරෙන්ට්ස් දාන එක නම් මම අනුමත කරන්නෙ නෑ, ලංකාවෙ නිර්මාණ හොරකම් කිරීම තමන් තමන්ගෙන්ම හොරකම් කිරීමක් නෙව.

    ඔන්න ගොඩක් දුර්ලභ චිත්‍රපටියක් නම් තව කමක් නෑ, ඒත් දැනට හා මෑතක ප්‍රචාරය වුන / වීමට ඇති එව්ව නම් එපා කියල තමයි කියන්න වෙන්නෙ. සදාචාරය කොහොම උනත් රටේබුද්ධිමය දේපල පනතෙන් ගුරා මහඋළුගෙදර දක්කන්නත් බැරි නෑ.. ;)

  15. පොතේ ගුරා

    @Lahiru Randika!එළ එළ බාපන්..
    ඒක බ‍රපතල විදියට නීති විරෝධීයි මචන්,අහු උනොත් මට බඩු බනිස් තමයි.. :)

    @ගයාන් කල්හාර ! හික්z..නැද්ද ළග පාත හොදට ෆිල්ම් බාන යාලුවෙක් එහෙම?
    ඔව් බන් සිංහල ටොරන්ට් නම් දාන්නෙ නෑ මම..

  16. සුභාෂ්

    අපෝ ඔය සිංහල ෆිල්ම් වැඩේ කරන්න එපෝ . . . අපිට පොතේ ගුරාට කෑම අරගෙන මහ උළු ගෙදරට එන්න බැරියෝ . . .

  17. Uraj Deemantha

    හික්ස්...... :D ගයාන් කල්හාර ඉන්නේ තුම්පනේ ගුරෝ....... එහෙට කොයින්ද Internet........?? :P

    අඩු තරමේ ඩයලොග් චා මැක්ස්, මොබිටෙල්, හුලංටෙල්, ඔය මොන එකක්වත් නෑ........ :(

    ඒ කැලේට අර අහිංසක සන්ටෙල් කාරයින්ට වැරදිලාද කොහෙද ඒ පැත්තේ ටවර් එකක් ගහලලු.......!! :P

  18. Uraj Deemantha

    ගුරා කැමති නම් සිංහල ෆිල්ම් දාපන් මචෝ....... :D

    ඔෆිස් එක කිට්ටුව වැලිකඩ හිරගේ තියෙන නිසා, මට ඔය දවාලකට ඇවිත් ගුරාව බලලා යන්නත් බැරියෑ..........!! :P

  19. peththa

    කපන කොටන එකක්ද?

  20. AL1717

    Ela Ela Maxxa

  21. Lahiru Randika

    @ගයාන් කල්හාර:: සිංහල චිත්‍රපටි වල ටොරෙන්ට්ස් දාන එක නම් මම අනුමත කරන්නෙ නෑ, ලංකාවෙ නිර්මාණ හොරකම් කිරීම තමන් තමන්ගෙන්ම හොරකම් කිරීමක් නෙව.

    එතකොට අනිත් උංට හොරකරාට කමක් නැද්ද?? ha ha ha :)

    සිංහල film ගැන නිකං අදහසක් දුන්නේ මමත් දාන්න කියලා කියන්නේ නෑ..

  22. පොතේ ගුරා

    @සුභාෂ්! හික් හික්..හිරේ යන එක ගැන නෙවෙයි මුන් බලන්නෙ කෑම ගේන එක ගැන..අනේ අෆොයි!

    @Uraj Deemantha !හික්z..ඌ ඩයල් අප් වලින් දාන වැඩ වල හැටියට ADSL ගත්තොත් ජංජාලෙම කණපිට හ‍රවයි..
    ඔව් ඔව් බස් එකේ යන ගමන් බත් එකක් දීගෙන පළ! නොදෝකිං! :P :P

    @peththa! නෑ මචෝ..කපන්නෙ කොටන්නෙ නෑ..අමුතුම ෆිල්ම් එකක්..මුලින් අපිව කතාවට තදින් අල්ලගන්නව,ඒ නිසා මුල් ටික කම්මැලියි වගේ දැනෙනව,ඒත් පස්සෙ අන්තිම ටික නොබ්ලම බෑ කියල හිතෙනව..

    @AL1717! අනිවා සහෝ.. :)

    @Lahiru Randika! අනිවා අනිවා..අදහස හොදයි..ඒත් නීතියෙන් කේස් යන්න පුලුවන් වැඩක් මචෝ.. :)

  23. dewage55

    Gura macho, sorry wenda onee, mama eka echhara durata hithuwe neha, pita rataka inna nisa wenda ethi, no more sinhala torrent. thanks

  24. පොතේ ගුරා

    @dewage55! අෆොයි ඒකෙ ගින්නක් නෑ මචෝ..ඒ ෆිල්ම් එක එළ..

  25. රොයිලි

    ඔය කියපු සිංහල ෆිල්ම් එක මම බෑවෝ. මට ඔත්තුව දුන්නේ නම් පොතේ ගුරා තමයි.

    (මහ උළු ගෙදරට ටික කාලෙකට ගියත් කමක් නෑ මේ බාපු ෆිල්ම් ටික බලල ඉවර කර ගන්න කම්. :D)

    ඔන්න නොබා හිටියොත් ගුරා අනං මනං හිතන නිසා මේකත් බාන්න දැම්මෝ....

  26. Anonymous

    ela film eka

  27. dilshan

    machan,torrent file 1 mising.

  28. ccnp

    Thanks

  29. isuru

    Niyama film akak wage thxz sub walata

  30. හර්ෂ ලහිරු

    නියමයි තරිදු පට්ට ඉට්ටොලියක් වගේ
    ස්තුතියි සහො :D :P ජය

  31. sarath

    thanks tarindu.

  32. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  33. tharanga

    බොහොම තුති සහෝ

  34. venura

    thanks lot

  35. priyan

    ela

  36. jack

    එල එල පට්ට කතාවක් වගේ. ස්තුතියි

  37. dinidu madushanka

    ela ela macho jaya wewa

  38. “චූටී මල්ලි”

    ලස්සන 1ක් වගෙ බලලා නෑ බන් කලින්
    තව සබ් කරහන් සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  39. Chami

    Thanks..

  40. Nandana

    Thank You Tharindu.

  41. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කලින්නම් බලලා ඇත. ඒත් උපසිරසි එක්ක ආපහු බලනවා. ජය෴෴ :P :P

  42. Sanjaya

    Thanks saho....

  43. mudiya / මුදියා

    නියමයිනෙ තරිඳු.
    අමුතුම කතාවක් වගේ.
    අනිව බලන්න හිතෙනව.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  44. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. ප්‍රසාද්

    ස්තුතියි සහෝ සබ් වලට, ඔබට ජය වේවා..

  46. hirushan

    pattaiiiiiiii aaaaaaaa supiri

  47. Amila Jayasena

    Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks... Jaya wewa...

  48. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  49. අසිත

    elama saho thanks