Watch Trailer

Inescapable (2012) Sinhala Subtitles | දියණිය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් හොඳ විදේශීය චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි සමගින් අරගෙන ආයෙත් මම ඔයාලා හමුවට ආවා.. IMDb රේටින් 5.1/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 76වෙනි ස්ථානයේ රැඳී තියෙනවා වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Star Trek: Deep Space Nine (1993), Kingdo…

ඔන්න යාළුවනේ තවත් හොඳ විදේශීය චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි සමගින් අරගෙන ආයෙත් මම ඔයාලා හමුවට ආවා.. IMDb රේටින් 5.1/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 76වෙනි ස්ථානයේ රැඳී තියෙනවා වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Star Trek: Deep Space Nine (1993), Kingdom of Heaven (2005), Clash of the Titans (2010), Reign of Fire (2002) වැනි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායකත්වය ලබා දුන් Alexander Siddig විසිනුයි… මේ වසරේ පෙබරවාරි 22 තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය කැනේඩියානු ඩොලර් මිලියන 4ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයාවියැයි විචාරකයින් පවසනවා. මේකෙ කතාවත් ටිකක් Taken (2008) චිත්‍රපටියේ කතාවට සමානයි වගේ බැලූ බැල්මට පෙනුනට මේක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් කතාවක්..

අඩීබ් කියන්නේ තම පවුලත් එක්ක කැනඩාවේ සාමකාමීව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහු රැකියාව කරන්නේ බැංකුවකයි . ඔහුට දියණියන් දෙ‍දෙනෙක් ඉන්නවා. එයින් එක් දියණියක් වන මුනා වෘත්තියෙන් ඡායාරූප ශිල්පිණියක්.. පැවරුමක් සම්පූර්ණ කරන්න හිතාගෙන ග්‍රීසියට යන මුනා හදිසියේම කාටවත් නොකියා සිරියාවේ ඩැමස්කස් වලට යනවා. එහෙම යන්නේ ඇගේ පියා කවදාවත් ඔවුන්ට කියලා නොතිබුන ඔහු‍ගෙ අතීතය ගැන ඇත්ත හොයා ගන්නයි. එහේදි මුනා එකපාරටම අතුරුදහන් වෙනවා.. ග්‍රීසියේ ඉඳලා ඇය ඒමට නියමිතව තිබුනු ගුවන් යානයේ ඇය නොපැමිණි බව ඇගේ පෙම්වතා අඩීබ්ට දැනුම් දෙනවා. මේක දැනගත්ත ගමන්ම අඩීබ් කරන්නේ තම දියණිය හොයාගෙන සිරියාවට යන එකයි… සිරියාව කියන්නේ අඩීබ්ට නුහුරු රටක් නෙවෙයි. අඩීබ් කලින් ජීවත් වෙලා තියෙන්නේ සිරියාවේ ඩැමස්කස් නුවරයි. ඒ වගේම ඔහුට සිරියාවේ ෆාතිමා නමින් පෙම්වතියකුත් ඉඳලා තියෙනවා. ඇයගේ උපකාරය මත තමයි අඩීබ් සිරියාවට ඇතුළු වෙන්නේ.. ඉතින් අඩීබ් සිරියාවට ගිහින් ෆාතිමාවත් මුණගැහිලා ඇයත් එක්ක කෙලින්ම යන්නේ මුනා නැවතිලා හිටිය හෝටල් කාමරයටයි. ඒ කාමරයේ මුනාගෙ කැමරාව ඇරෙන්න අනිත් හැම දේම තියෙනවා. ඒ වගේම ඒ රටේ හොයාගන්න අමාරු විදිහේ විස්කි බෝතලේකුත් අඩීබ්ට හමුවෙනවා..

ඉතින් යාළුවනේ.. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ.. අඩීබ්ට මොනවද සිරියාවත් එක්ක තියෙන සම්බන්ධතා? ඇයි අඩීබ් සිරියාව අතඇරලා කැනඩාවට යන්නේ? මුනා කොහොමද එකපාරටම අතුරුදහන් වෙන්නේ? අඩීබ් තම දියණිය හොයා ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? අඩීබ්ට කවුද උදව් කරන්නේ? සිරියාවේ අඩීබ්ට හතුරෝ ඉන්නවද? එහෙම ඉන්නවනම් ඔවුන්ගෙනුත් බේරිලා මුනාව පණපිටින් හොයා ගන්න පුළුවන් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

2,190 downloadsDownload Inescapable.2012.rar27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,190 downloadsDownload Subtitles27 KB

49 comments

  1. Bandula

    thnxz niyama kathawak wagey balanna one

  2. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  3. elakiri

    එළකිරි මචෝ අනිවා පට්ටම පහරක් වගේ...බොහොම පින් තවත් සබ් දෙන්න ලැබේවා!

  4. quik

    thanks

  5. wow

    wow... maru :D

  6. chamath cafe

    පට්ට පට්ට්ට මේක සුපිරි ෆිල්ම් එක..මම බැලුවා. ආයේ බලනවා සබ් එක්ක

  7. Isuru

    maxxxa wadak

  8. upali

    Thanks so much

  9. rusuru | රුසිරු

    ශා මේක ගත්තා මන ඊයේ නියමයි දැන් සබ් එක්ක බලන්න හැකි

  10. Madusanka

    Thankz. Good luck

  11. pubudu

    ela machan

  12. jeewantha

    thawath hoda films denna yaluwa :)

  13. lasidu

    සුපිරි මචං අනිවා බලනවා,,,,,,,

  14. was

    දිනිදු දෙන්නේ කොහොමත් පහරවල් නේ බාන්න දැම්ම දැන් නම් ලිමිට‍ පනින්න කිට්ටු :(

    ජය වේවා!

  15. vee

    thnx

  16. sidath

    mamath download wenna damma thn dinidu

  17. ශ්‍යාමල්

    බොහොම පින් අත් වේවා කාලය වැය කරලා මේ කරන සත් ක්‍රියාවට

  18. f_live

    මැක්සා මචං තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  19. v

    Thanks dude. :D
    Have a good Day

  20. tharanga

    සුපිරි බව බැලූ බැල්මට පේනවා.. එලස් ඔන්න ගත්තා ජයවේවා

  21. එරංග

    තැන්ක්ස් සහෝ

  22. waruna

    jayama wewa

  23. Nivandaka

    math meka anakammai hitiye. thanks dinidu saho!
    thawath idiriyata sub danna puluwan wewa kiyala parathana katanawa.

  24. Fernando

    onna dwn wenna damma

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්හ් ටික කාලෙකින් ආයෙත් පට්ටම බඩ්ඩක් අරන් ඇවිත් නේද.... මැක්සා දිනු.... ජය වේවා....

  26. නලියා

    නියමයි දිනුදු සහෝ..
    පට්ටම මුවි එකක්නේ මේපාර ගෙනල්ලා තියෙන්නේ

    ජයවේවා..

  27. hh

    ada balanna one.thanks

  28. “චූටී මල්ලි”

    පට්ට
    තෑන්ක්ස් දිනිදු කොල්ලා

  29. Chami.S

    Thanks..

  30. හසන්ත වික්‍රමරත්න

    කාලෙකට පස්සේ දිනිදු සහෝ. සබ් එකට ස්තුතියි. ලස්සන කතාවක් වගේ ඔන්න එහෙනම් මමත් ගත්තා. :D

  31. me

    Thanks

  32. asa

    machan sub eka dunnata thanks.

    mama mehema kiwwata taraha ganna epa. mata nam me film eka alluwe na, meka taken film eka lagin wath tiyanna ba. anit eka me copy 1th echara hoda ekak neme.

  33. kdn

    thanks

  34. රොයිලි

    බොහොම ස්තූතියි දිනුඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  35. Sasi

    good work.keep going on

  36. BuLa

    බාන්න දැම්මා බොහොම ස්තුති

  37. mudiya / මුදියා

    මේ වගේ ෆිල්ම් නම් මරුම තමයි.කොහොමත් දිනිඳු දුන්නොත් ඉතිං ලොවෙත් නැති පට්ටම එකක් තමයි.අනිව බෑමක් තමයි ඉතිං.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  38. sura

    ela machan

  39. Niro

    Thx bro....

  40. Uraj Deemantha

    Trailer එක අනුව නම් පට්ට පතුරු ෆිල්ම් එකක් වගේ........ :) බෑමට දැම්මා...... :D

  41. P@සත්‍යජිත්

    thanxxxx wewaaaa!!!!

  42. dilan

    well done

  43. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.

  44. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  45. Sanjaya

    ela Ela Aiya.........

  46. nisha

    ala kiri macho.mama me site 1ken godak film baluwa.ubala karnan me wade godak watinawa.film akaka aththama rasaya danenawa.me wade thawa thawath sarthakama wewa.jaya

  47. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  48. හසිතා

    අනේ sub 1 බාගන්න බෑනේ... මොකද කරන්න ඕනේ?

  49. හසිතා

    Rar!�ϐs��
    ��������t �`�LX��cq�b[�x��XB3@� ���Inescapable.(2012).sinhala-sub.baiscopelk\margin-inescapable.srt!��P�L{��z[}�T�d�2g�_7���e

    මේ වගේ 1ක් open වෙන්නේ... :(