සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනව බයිස්කොප් වෙබ් පිලට නිතර යනඑන රසික ඔබ සෑම සියළු දෙනාම. මගේ ජීවිතේ සතුටුදායකම දිනයන් වලින් එක් දිනයක් කුමක් දැයි මගෙන්‍ යමෙකු විමසූ කල,මා හට පැවසීමට ඇති එක් දිනයක් නම් ඒ අදයි. මන්ද යත්,මේ මාගෙ උපසිරැසි ගමනේ පළමු කඩයිම පසු කරනා මොහොතයි. මෙතෙක් කල් පුරා වසරක පමණ කාල…

සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනව බයිස්කොප් වෙබ් පිලට නිතර යනඑන රසික ඔබ සෑම සියළු දෙනාම. මගේ ජීවිතේ සතුටුදායකම දිනයන් වලින් එක් දිනයක් කුමක් දැයි මගෙන්‍ යමෙකු විමසූ කල,මා හට පැවසීමට ඇති එක් දිනයක් නම් ඒ අදයි. මන්ද යත්,මේ මාගෙ උපසිරැසි ගමනේ පළමු කඩයිම පසු කරනා මොහොතයි. මෙතෙක් කල් පුරා වසරක පමණ කාලයක් පුරාවට බයිස්කොප් වෙබ් පිල හා ඒ සාමාජිකයන් හා එක්ව මා ලබාගත් දැනුම සහ අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි.

මම උපරැසිකරණයට මුලින් ම යොමුවන්නේ,මගේ පළමු ආදරය මා හට අහිමි වීමත් සමගයි. ඈ නැති පාළුව,කාන්සිය මකා ගැනීමට තිබුනු එකම බෙහෙත වූයේ චිත්‍රපට සහ ටෙලි කතා මාලායි. ඒ හා ගිලී, ඉන් මවාපාන අමුතු ලෝකයන් තුල මා තනිවූයේ කිසිසේත් ම මා අපේක්ෂා නොකර ආකාරයේ වින්දනයන් මා හට ලබා දෙමිනි. එය වචනයෙන් මෙතෙකැයි විස්තර කිරීමට තරම් අමාරු ඒවා වන්නේය. මුලින් ම මේ වෙබ් අඩවිය ගැන මා දැනගන්නා විට නම්,මා කුඩා අවදියේ පසුවූ අයෙක් වීමි.නමුත් උපසිරැසි කිරීමට අපටත් අවස්ථාවක් ඇතැයි යන්න මා දැනගත්තේ,මීට අවුරුද්දකට පමණ ඉහත කාළයක දී ය. යතෝක්ත අහිමි වීම කෙතරම් මා හට රිදුම් දුන්නත්,ඒ සියළු රිදුම් වල අවසානය මා උපසිරැසි කරුවෙකු කර නැවතීම පිළිබඳව මා එම රිදුම් වලට සහ ඊට තුඩු දුන් අයවලුන් හට අදටත් මා ස්තූතිවන්ත වෙමි.

කෙසේ හෝ මා මාගෙ පළමු උපසිරැසිය ලෙස “තිසර නියෝ” සහෝදරයා ගේ අනුමත කිරීමක් පරිදි Dont tell a soul චිත්‍රපටයට උපසිරැසියක් කරනු ලබන්නේ,දහසකුත් අඩුපාඩුතා මධ්‍යයේ ය. පසුව මා ටිකෙන් ටික උපසිරැසි කරමින් ඉදිරියට යනවිට මුහුණු පොත හරහා “රවිඳු රුක්ෂාන්” සහෝදරයා හමුවන අතර,ඔහු විසින් මා කල එක් උපසිරැසියක් නරඹා එහි ඇති අඩුපාඩු මා හට පෙන්වමින්,මගේ ගමනට සවියක් වූ අයුරු අද මෙන් මතකයේ රැඳී ඇත. පසුව මා හා අදටත් කතා බහ කරන, “බිම්සර යශාන්” සහෝදරයාව ද මේ මොහොතේ මතක් කර සිටින අතර,යම් යම් අවස්ථාවල දී උපසිරැසියක් කිරීමට හරි හමං චිත්‍ර පටයක් නොමැතිව සිටින අවස්ථාවක දී “මල්ලි මේක කරමු…” යනුවෙන් මා හට චිත්‍ර්‍රපට භාර කරන, වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලේ සාමාජිකයෙක් වන ” අශාන් විමුක්ති” සහෝදරයා වත් මේ මොහොතේ මතක් කර සිටිමි. එමෙන් ම,මේ කඩයිම සාර්ථක කරගනිමින් මෙතෙක් දුරක් පැමිණීමට මා හට නන් අයුරින් සහය දුන් නම් කියූ නොකියූ සෑම දෙනාටමත් මාගෙ හදපිරි ස්තූතිය පුදකර සිටිමි.

ලිපිය කියවන ඈයො:- ” ඇති නේ,දැන් වත් යමු ද ෆිල්ම් එක පැත්තට”.😒

හරි හරි ඔන්න එහෙනම් ආපහු කතා කරන භාෂාවට බැස්සා. අපි දැන් කතා කරමු ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක ඇවිල්ල 2010 වසරෙ ඉඳල දිව එන චිත්‍රපට මාලාවක නවතම ච්ත්‍රපටයක්,කලින් චිත්‍රපට ටික පිළිවෙලට මතක් කරගෙන ගියොත්,

Insidious (2010)
Insidious: chapter 2 (2013)
Insidious : chapter 3 (2015)
Insidious : the last key (2018)
Insidious : the red door (2023)

ඔන්න ඔය ආකාරයට තමා චිත්‍රපට ටික දිව යන්නෙ. ඉතිං මේ ඇවිල්ල ඒ චිත්‍රපට මාලාවෙ තවත් එක් චිත්‍රපටයක්. ච්ත්‍රපට මාලාව මුල ඉඳල බලං ආපු අය දන්නව ඇති පළවෙනි චිත්‍රපටය සහ දෙවන චිත්‍රපටය sequal විදියට දිවයනව,වගේම තුන් වන සහ හතර වන චිත්‍රපට Prequel විදියටත් දිවයනව මතක ඇති.එතකොට මේ චිත්‍රපටය ඇවිල්ල Insidious දෙවන චිත්‍රපටය ට Sequal වන චිත්‍රපටයක්. කතාවෙ හැටියට දෙවන චිත්‍රපටයේ සිදුවීම සිද්ධ වෙලා අවුරුදු දහ නමයකට විතර පස්සෙ සිද්ධියක්. ඩෝල්‍ටන් එයාගෙ තාත්තත් එක්ක පොඩ්ඩක් අමනාප වෙලා ඉන්න කාලෙක එයා යනව චිත්‍ර පාසලකට.. ඒකෙ දි එයාට කරන්න දෙන ක්‍රියා කාරකමක් නිසා..

හෝ..හෝ.. අමතක උනා..මුලින් කියන්න ඕන… ඩෝල්ටන් ගෙ කෝම එකෙන් පස්සෙ,ජොශ්,එහෙමත් නැත්නම් ඩෝල්‍ටන්ගෙ තාත්ත ඒ දෙන්න ගෙ මතකය මකල දානව.අර කෝමා එක සහ ඒ හා සම්බන්ධ අමුතු දේවල් සේරම… ඊට පස්සෙ අවුරුදු දහනමයකට විතර පස්සෙ කතාව තමා මේ…

ඉතිං ඒ චිත්‍ර පාසලේ දි එයා අඳින චිත්‍රයක් නිසා අර මකල දාපු මතකයන් ආපහු මතක් වෙන්න අරං අර Dark realms වලට යන දොරටුව ආපහු වතාවක් ඇරෙනව.. ඊට පස්සෙ වෙන දේ බලන්න චිත්‍රපටය බලලම ඉන්න. 😁

ඉතිං මේ වෙද්දි ෆිලුම 7/10ක imdb අගයක් අරගෙන තියෙනව.විශේෂත්වෙ තමා මේක අද්‍යක්ෂනය කරන්නෙ,මේකෙ ප්‍රධානම චරිතයක් හොබවන Patrick Wilson මහත්මයා. ඉතිං,චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා‍‍! කඩයිමෙන් පස්සෙ එන පළවෙනි උපසිරැසියෙන් නැවත හමුවෙමු! හැමෝටම සුභ දවසක්! 😁❤️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

24,364 downloadsDownload Insidious.The_.Red_.Door_.2023.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

24,364 downloadsDownload Subtitles34 KB

33 comments

  1. බිම්සර

    50 වන උපසිරසියට සුභ පැතුම් සහෝ

  2. බිම්සර

    50 වන උපසිරසියට සුභ පැතුම් සහෝ .... thanks Sub ekt

  3. Chamikara Vidanage

    සුබ පැතුම් මල්ලි. 100 ට යමු ඔහොම ම ❤️

  4. Dark

    Sub Download Not Found !!!

  5. Anonymous

    Download කරන්න බැරි මට විතරද...?

  6. Bimsara Yashan(ඔලිව)

    පලමු කඩයිමට සුබ පැතුම් සහෝ. ඉදිරියටත් මේ වගේම කඩයිම් පහු කරන්න හැකියාව වගේම පෞද්ගලික ජීවිතෙත් සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  7. Anonymous

    නියමයි

  8. විමා

    වේ ටු ගෝ... ❤
    පලවෙනි කඩයිමට සුබපැතුම් මල්ලි.
    මාත් බූටක් කාල තමා සබ් කරන්න ගත්තෙ
    දැන් නම් ඒක ජීවිතේ වෙනම කොටසක් වෙලා.
    ජීවිතේට ළඟ හිතවතුන් රැසක් මේකෙන් හමුවෙලා තියෙනව.

    එහෙනම් උපසිරසිය වෙනුවෙන් බොහොම ස්තුතියි!

    ඉදිරි කඩයිමත් ඉක්මනටම ළඟා කරගමු.

  9. Sohan Jayasooriya

    50 weni sub ekata unusum suba pathum macho.. mekata sub eka denakam balan idiye hode.. thanks sub ekata.. boot kewama marenne nathuwa me wage dekata yomu wena eka kochchcra deyakda machan.. jayama wewa.

  10. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි කඩයිම කියන්හැනේ මෝටම සුවිශේෂ දෙයක්
    කාටත් නොකිව්වට ඔයා කිව්වා වගේ දඩාර බූටක් කාලා තමයි 2018 දී මාත් මේ වැඩේට සෙට් උනේ
    නමුත් දැන් මේ වෙද්දි බයිස්කෝප් කියන්නේ සොඳුරු අඩවියක් වෙලා
    ඉතිං මෙතනින් නවතින්නේ නැතුව 100ත් ගහමු කොල්ලෝ
    ජය වේවා !!!

  11. Naveen Mbr

    කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝ! ඒ වගේම පෞද්ගලික ජීවිතයේ සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  12. nilanka1212

    thanks

  13. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ.........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  14. viraj

    thanks..........

  15. මයුර සුරාජ්

    සුබ පැතුම් වගේම බොහෝම ස්තූතියි මල්ලි
    බූට් කාල සබ් කරන්න ගත්තු සෙට් එකටම සදා වැඩියෙන් ආදරෙයි ❤

  16. Kavindu Randika

    Insidious කියන්නෙ දශකයක් පුරා හොරර් වලට ආදරේ කරන මිනිස්සු එක්තැන් කරපු සීක්වල් එකක්. උපසිරැසියට බොහෝ ම ස්තුතියි සහෝදරයා.
    ඔයා සඳහන් කරපු පෞද්ගලික ජීවිතයේ කරුණකටත් පොඩි උපදෙසක් දෙන්නම්. " හැමදාම විස්වාස කරන්න දෙයක් අපෙන් අහිමි වන්නෙ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න තියන නිසා" කියල. හොඳින් ඉගෙන ගන්න, ඉගෙනීමට වටිනාකමක් තියන රටක රස්සාවක් හොයාගන්න. අපි හිතනවට වඩා ජීවිතේ ලස්සනයි ඒ වගෙ දවසක.

    ජය ❤️

  17. Nilanja

    Qorin horror movie ekatath sub denna plz

  18. Hashan

    Thnx for the Sub Good Luck!!!!!❤️

  19. Ashan

    thanx bro

  20. Sahan Gayantha

    thanks wewa saho sub ekata.. 50 veni upasirasata suba pathum.. thavath me vage digatama upasirasa karanna labenna kiyala suba pathanava..

  21. Anonymous

    Tnx brother

  22. Buddhika Lakmal

    50වෙනි සබට සුබපැතුම් මචං..
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් දුලක්ෂ මල්ලි! :)
    100ත් ඉක්මනින් ගහන්න සහ අධ්‍යාපණ කටයුතුත් සාර්ථකව කරගන්නටත් කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  24. දහරා මුතු අමා

    පලවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි. කොහොමටත් බූටක් කෑවම හිත හදාගන්න හොඳම ක්‍රමයක් තමයි මේ. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

  25. Ishu

    Suba pethum kollaa.. issrahatama yamu

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසි කඩඉම වෙනුවෙන් සුබපැතුම් මලේ...
    මේ ගැම්මත් එක්කම දිගටම සබ් දෙමු ආ...
    ජය!

  28. Dewadithya

    Thanks for Sub!

  29. nishu

    your hard work and perseverance have paid off. congratulations for your 50th graduation! wishing you even more success in the future.

  30. SUNI

    THANKS

  31. Akila Dilhara

    Thanks Brother....❤

  32. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  33. Nishan

    Thanx bro