Watch Trailer

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කිය…

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන එකෙනුත් මට හොඳට මතක හිටින දවසක් බවට අද පත්වේවී.

හැමදාම වගේ මගේ උපසිරැසිකරණයේ දින වකවානු පොඩ්ඩක් මතක් කරන්නම්.

01 – 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසිය.
50 – 2012 අගෝස්තු 18.
100 – 2013 ජනවාරි 21.
150 – 2013 සැප්තැම්බර් 02.
200 – 2014 ජනවාරි 20.
250 – 2014 අගෝස්තු 18.

ඇත්තටම දැන් බොහෝ දෙනෙක් ළඟට වෙබ් අඩවිය සමීප වෙද්දි කුහක සුළු පිරිසක් බාල්දි පෙරළන්න දතකන මේ කාලේ හැමදාම වගේ කමෙන්ට් එකක් දාන්න වෙලාව කැපකරන අතලොස්ස ගැන මට තියෙන්නෙ පුදුම තෘප්තියක්. ඒ වගේම හැමදාම වගේ තමුන්ගේ පෞද්ගලික වැඩ වලට පොඩ්ඩකට හරි විරාමයක් දීලා සයිට් එකේ පෝස්ට් ටික හදන්නම සෑහෙන වෙලාවක් වැයකරන ඇඩ්මින්ලා සෙට් එකටත් බොහොම ස්තූතියි. ලංකාවෙදි වෙනදා වගේ වෙලාව කැපකරන්න වෙලාවක් වගේම හැකියාවක් නැති වුණත්, ඒ අඩුව පුරවන්න අනික් සෙට් එක සෑහෙන කට්ටක් කන බව නම් කියන්නම ඕනා.

ඉතින් මම ස්තූතිය පළකළ යුතු අය අතරට මගේ මේ කරන කාලය වැය කිරීමට උපේක්ෂාවෙන් ඉවසන පවුලේ අයටත්, මට විශාල වශයෙන් උපකාර කරන සහෝදර ඇඩ්මින්වරුන්ට හා විවිධ අංශ වලින් වෙබ් අඩවිය පවත්වාගෙන යන්න තම නොමසුරු දායකත්වය දෙන සියලුම දෙනාට වගේම මේ අවුරුදු 6 පුරාවටම එක වචනයකින් හෝ මහා ශක්තියක් වෙමින් කමෙන්ට් මඟින් අදහස් දැක්වූ සියලු දෙනාම අයිති වෙනවා. කියන්න අවශ්‍ය නැහැනේ. මේ අපි දාන උපසිරසියකින් කවුරුන් ආර්ථික ලාභ ලැබුවත් මම ලබන එකම ලාභය නම් ඔබ ඉතිරි කර යන කමෙන්ට් එක පමණයි.

මම අවසාන වශයෙන් ඉල්ලන එකම දෙය නම් නිකන්ම නිකන් බාගත කරගෙන යන්නෙ නැතුව විනාඩියක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියන එකයි. මොකද හරිහමන් විදියට උපසිරසියක් දාන්න නම් ඒ වෙනුවෙන් සෑහෙන වෙලාවක් ඕනම කෙනෙක් වැයකළ යුතු වෙනවා. ඒ මහන්සිය දන්න නිසාම තමා මම අලුත් පරණ කාට වුණත් එක වචනයකින් හරි ස්තූතියි කියලා කමෙන්ට් එකක් දාන්න මැලි නොවෙන්නේ.
Royiy 300

අපි කතාව දිහාට හැරුණොත් මුලින්ම අපි මේකේ අධ්‍යක්ෂකවරයව මතක් කර ගම්මු. අහල තියෙනවද ක්‍රිස්ටෝෆර් නෝලන් ගැන? හෙහ් පිස්සු හැදෙයි නේද? හොඳයි දන්නවනම් කියන්න බලන්න මේ අධ්‍යක්ෂකවරයගේ චිත්‍රපට වලින් IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණීගත කිරීමේ ලයිස්තුවට ආවෙ නැත්තෙ චිත්‍රපට කීයද කියලා? මම මෙතන කියන්න ඕනා නෑ. ඔයාලම හොයල බලන්න. එතකොට මෙයා ගැන තේරේවී. ඇත්තටම මේ චිත්‍රපටිය තිරගත වෙච්ච ගමන්ම වගේ කොච්චර ඉහළට ආවද කියන එකට වඩා දැන් ඉන්නෙ 17 වෙනි ස්ථානයේ කියන එකෙන්ම මේ කතාවෙ සුපිරි බව වැටහේවි. බලපුවම තවත් පත්තියන් වේවී. ඒ වගේම ළඟ එන ඔස්කාර් සම්මාන උළලේ සම්මාන 05 කට නිර්දේශිත වෙච්ච මේ චිත්‍රපටියේ පහුගිය අවුරුද්දේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්ත Matthew McConaughey, වගේම ඔස්කාර් සම්මාන ලාභී Anne Hathaway, Matt Damon වගේම Jessica Chastain රංගනයෙන් දායක වෙනවා.

මම කතාව ගැන සුළුම සුළු දෙයක් කියන්නම්. අනාගතයේ එක දවසක වායුගෝලයේ නයිට්‍රිජන් ප්‍රතිශතය ඉහළ ගොස් ඒ මත යහමින් යැපෙන දීලීර නිසා බොහෝ වගා පාළුවෙනවා. ඉතින් දැන් මේ කාලේ තියන ලොකුම ප්‍රශ්නේ තමා කොහොමද කෑම ටික හොයාගන්නෙ කියන එක. දවසින් දවස ආහාර වර්ග වඳවෙනවා. මේ වගේ ලෝකයක තවත් එක පවුලක අසාමාන්‍ය කතාවක් තමා මේ කියවෙන්නෙ. බාගෙන බලන්නකෝ.

කමෙන්ට් එකක් දැම්මට මම තරහ වෙන්නෙ නම් නෑ. එහෙනම් නැවත හමුවෙමු.370

Interstellar (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Interstellar (2014) 720p BrRip x264 – YIFY

Interstellar 2014 BRRip x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

34,009 downloadsDownload Interstellar-2014-BR.zip210 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

34,009 downloadsDownload Subtitles210 KB

1,063 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔන්න සහෝ මම බලාගෙන හිටපු ෆීලුමක් තමයි මේක.
    කොටින්ම කිව්වොත් මම මේකේ උපසිරැසි දෙනකංම හිටියා බාගෙන බලන්න කියලා.
    ඒ්ත් හිතුවේ නෑ 300 වාර්ථා කරාවි කියලා.
    බොහෝම සුබපැතුම් ප්‍රාර්ථනා කරනවා.
    සයිට් එකෙන් ලොකුම උපසිරැසි ලාභියා 2014 වසරේ ඉහලම දර්ශිත අගයයක් වාර්ථා කරපු ෆීල්ම් එකකින් 300 වාර්ථා කරපු එක නම් ලොකු ගැලපීමක්.
    බොහෝම සුබපැතුම්.

    ඉදිරියටත් හොඳවයින් උපසිරැසි ලැබේවි කියලා මට නම් ශුවර් :)

    1. “චූටී මල්ලි”

      ඔයා මුලිම්ම සින්හල දිලා අපිව ෆිල්ම්ස් බලන්න පුරුදු කලා
      ඒක්නිසා අද බොහෝ පිරිසක් ඉස්සර වගෙ ටීවී කෙ යනකම් ඉන්නෙ නැතිව
      ෆිල්ම් එක ආපු ගමන් ඩවුන් කරන් බලන් ඉන්නවා කවුරුහරි සබ් දෙයි කියලා....

      මට මතක හැටියට ඔයා නෙමෙයි උනත් මුලින්ම ටීවී සීරීයක් එකකට සබ් දෙන්න පටන් ගත්තෙ අර විප්ලවය කතා මාලාව තමා ලොකුම විප්ලවයක් කලේ...
      අද ඔයානිසා බහුතරයක් කොල්ලො ලන්කාවට වාතයක් වෙලා
      තියෙන 2.50 මෙගා ගොන් නාට්ටි නොබලා විදේශ නාට්ටි බලනවා සබ් කරන උන්ට පින් දිදී.....

      ඔයා මුලදි නොහිතුවා උනත්, අද නිකන් හදලා දෙන සබ් එක විකුනන් කාලා ඒ මත යැපෙන කුටුම්භ ඇතිවෙලා තියෙනවා, මොකද ඩීවීඩී ශොප් වලින් උනත් දැන් ගොඩක් මිනිස්සු ගන්නෙ සින්හල තියෙනම් විතරයි.....

      වැදගත්ම දෙයක් තමා ටැමිල් හා ඇක්ශන් විතරක් තියෙන ෆිල්ම්ස් බල බල හිටපු උන් බහුතරයක් දැන් ඔයා නිසා නාට්‍යමය ගනයෙ උසස් නිර්මාන රස විදින්න පුරුදු වෙලා, වෙනත් බාශාවන් වලින් හැදුනු ඒවා නරබන්න පුරුදු වෙලා
      කොටින්ම්ම රසවින්දනය පුළුල් වෙලා.....

      ඔයා එදා තිබ්බ ඒ පියවර නිසා ලෝකය මුල්ම උපසිරැසිය නිතුත් කිරිමට පවා තරම් වූ දක්ෂයන් අද මේ සයිට් එක හරහා බිහිවෙලා. සින්හල කියලා භාශාවක් තියෙ කියලා ලෝකෙම අයට දකින්න හැකිවෙලා... ගොඩක් අයගෙ ඉන්ග්‍රීසි දැනුම වර්ධනය වෙලා..විනෝදාන්ශ ගොඩට උපසිරැසි හැදීම නම් අලුත් ව්නෝදාන්ශයක් එකතුවෙලා.....

      මම දකින විදිහට පොතෙගුරාලා නැතිවෙන්න ඔයා අරෙහෙම පියවරක් නොතියන්න තිබ්බා, නමුත් වැදගත්ම දේ තමා ඔයා අරවගෙ දෙයක් මුලින්ම කරපු එක, ඒසෙ නොවන්න මෙම අඩවිය තාමත් එකතැන පල්වෙන අඩවියක් වන්නටත් තිබ්බා, එහෙම බැලුවහම ඔයා තමා ලන්කාවෙ එක්තරා සමාජීය අ න්ශයක් වෙනම පැත්තකට යොමු කල පුරෝගාමියා, ඒ ගැන ඔයාට මුලු හිතෙන්ම ආඩම්බර වෙන්න පුලුවන්...
      මොකද ඔබ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම වෙනසක් කලා

      මේක අනිවා බලනවා Br එක්ක
      එකම පැතුම ඉක්මනටම 500 දකින්න
      ඔබට ඊට හැමෝගෙම අවන්ක ආශිර්වාදය ලැබෙනවා..
      හැමෝටම කියන්නෙ මේක බැලුවත් නොබැලුවත් Comment එකක් නොදා යන්න එපා

      එහෙනම් හැමදාම වගෙ
      සබට තුති
      ඔබට ජය රොයිලි............

    2. ලොකු මල්ලි

      මේ සයිට් එකේ අයට බොහොම තුති..ඒ වගේම රොයිලි ප්‍රනාන්දු නම දැන් ගොඩාක් ජනප්‍රියයි.අපි ඩවුන්ලෝඩ් කරගත්තම මේවා යාලුවෝ යාලුවෝ අතර යනවා.ලක්ෂ ගණන් අය මේවා බලනවා ඉතින් ඩවුන්ලෝඩ් අඩු ගණන් තිබුනත්

    3. ඉසු ඩිපි (Isu DP)

      ඇත්තටම ගොඩක් සතුටුයි. :-)
      උපසිරසි 300ක් කරන්න පැය කියක් Baiscope අඩවිය වෙනුවෙන්, අපි වෙනුවෙන් ඔයාගේ ජීවිතෙන් කැප කරන්න ඇතිද??? බොහොම පින් ඒ හැම දෙයකටම.
      පුලුවන් තරම් කාලයක් ඒ කැප කිරිම දිගටම් කරන්න කියන ඉල්ලිම තමයි ඉල්ලන්න තියෙන්නෙ.
      350නුත් ඉක්මනින්ම හම්බ වෙමු.

      මේකනම් Br නැතුව බලන්න බැරීයෝ.. :-D
      Baiscope අඩවියට වැඩිම Comment ගානක් වැටෙන දවස අද වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ.

      ජය වේවා. !

    4. LEo

      Good comment macho

    5. තිසර නියෝ

      කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න ඕනා..
      කියන්න හිටපු හැමදෙයක්ම චූටි මල්ලි කියලා තියෙනවා.. ඉතින් ඒ ටික අපහු කියනවාට වඩා ඔයාට ස්තූති කියන එකයි වැදගත්...
      මෙච්චර කල් බොහෝ කැපකිරීම් කරලා අපි වෙනුවෙන් මේ තරම් සබ් දුන්නාට බොහොම තුති. ඉක්මනටම 350,400,450,500 කඩයිම් පසුකරන්නට හැකියාව ලැබේවා.
      br එනකල්ම ඉන්නවා මේක බලන්නනම්

    6. Gd shaminda

      all the best bro
      i hope you will give to us 350th subtitle

    7. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      චූටි මලයා හැමදාම ඔහොම තමයි. (මිනිහා හැදෙන පාටක් නම් නෑ :) )
      අපිට කියන්න කියලා දෙයක් ඉතුරු කරන්නේම නෑ.
      මිනිහා ඔක්කෝම කියලා දානවා. :)

      මමත් පුළුවන් ඉක්මනට කෙටියෙන් කොමෙන්ටුවක් දැම්මා
      පලවෙනි එකම දාගන්න පුළුවන් වෙන නිසා. :P

    8. සඳුන් ආර් විමලවීර

      අපේ ප්‍රනීත්,ඉසු,තිසර,චුටි මල්ලි සහෝලා ඔක්කොම කියලා තියනවා....අයෙත් කියන්න දෙයක් නෑ....නෝලාන්ගේ විශිෂ්ට නිර්මාණයකින් 300 කඩයිම සම්පුර්ණ කරන්න හැකිවීමම භාග්‍යයක්....ඉක්මනින්ම 400 කඩයිම පසු කරන්න ලැබේවා...
      ..................................!!!!!!!!!!!!!!!!!.............................................

    9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අප්පේ, සොරි සොරි සොරි සොරි හොඳේ..
      මෙච්චර පරක්කු උනාට 300 ට සුභ පතන්න...
      දන්නොනේ ඉතින් ඇහේ ලෙඩේ ගැන..
      සුපිරිම සුපිරි බඩ්ඩක් ගෙනත් තියෙන්නේ 300 ට..
      අනිවා හොඳ කොපියක් එනකම් ඉඳලමයි මේකනම් බලන්නේ..
      කොහොමවෙතත් අපි දැනන් හිටියේ මෙයා සබ් වලින් හෙන වැඩ දාන ඩයල් එකක් කියලා නේ...මේකා ඊට එහා ක්‍රිකට් ගහන්න ගියාම...
      මම හිතං උන්නේ මම තමයි බුවා කියලා..
      කොහෙද මේකා මගේ සම්මානේ උදුරගත්තා නේ..
      ඇත්තටම දකින්න ලැබීම ලොකුම සතුටක් රොයිලි අයියේ..
      අනික තමා, ඔයාට, අපිට ඔය මාමා කියන උන් ඉන්නවා නේද?
      ඊයේ තමා දැනගත්තේ උන් තවම කිරි සප්පයෝ කියලා...
      එහෙනම් ඔන්න ජය වේවා හොඳේ/...
      අපි ගියා...

    10. SW sanjeewa

      කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න ඕනා..
      කියන්න හිටපු හැමදෙයක්ම චූටි මල්ලි කියලා තියෙනවා..ඔබට තුති.
      සුභපැතුම්.
      ඉදිරියටම යමු…!
      ජයවේවා……
      බුදු සරණයි.. !

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. tharindu

    පලමුවෙිය විදියට මම සබ් එක බ්ගත්ත. ඔබට ජය............................!

  4. Sheran Roxx

    අද බලාගෙන හිටපු සුවිශේෂී දේවල් දෙකක් සිදුවුනා...
    එකක් මේ චිත්‍රපටයට උපසිරසක් ඒම..සහ රොයිලි අයියගේ මේ කඩයිම පසුකිරීම...
    ඔයානම් මාර මනුස්සයෙක් ඈ...
    පිස්සු හැදෙනවා..ඉතින්,
    මම ඔයාට සුභ පතනවා මේ වගේම බයිස්කෝප් අඩවියට ලොකු මෙහෙවරක්
    ඉදිරි කාලය තුළදීත් කිරීමට.. :)
    ඔබට සහ බයිස්කෝප් අඩව්යට ජය පතමි..
    (500 කරමු හොදේ...:)

  5. Sam

    300th sub 1 unusum suba pathum...pattma movie ekak ne dila tiyenne...niyamai sahoo..elzz...

  6. ns

    සුබපැතුම්....

  7. danu

    mama 6 weniya... good luck loyily aiye.. 1000 gahamu ikmanatama.. thanks sub ekata...

  8. shanuka gunasekara

    thanks sahooooooo....balagena hitapu movie ekak..tawa film walata sub hadanna suba pathanawa..

  9. Jayz

    Thanx saho... keep it. We always with you..

  10. Buddika

    Thank you so much for us as committed to the creation of the sinhala subtitles and 350 margin wish them to be reached soon......

  11. නුවන්ත දුලාන්

    නියමයි රොයිලි අයියා උණුසුම් සුභපැතුම්...!!!!
    ගේමක් නැතුවම 300ත් ගැහුවා එහෙනම් ඈ :D .,,
    ආයේ ඉතින් මොනවා කියන්නද ඔයා තමයි ඉතින් නියම වැඩකරු..
    ජය වේවා!!!

  12. නලින් පෙරේරා

    ටිකෙන් ටික ඇවිත් අද වෙනකොට සැහෙන දුරක් ඇවිත් තියෙනවා දැක්කම ලොකු සතුටක් ඇතිවෙනවා.
    රොයිලි අයියා නිහඩව කරන සේවාව කියලා නිම කරන්න බැහැ...
    ලොවෙත් නැති, පිරිසක් වෙනුවෙන් තමන්ගේ කාළය කැප කරමින් කල මෙහෙය අගය කරන්න වචන මදි ඇත්තෙන්ම..
    අද වගේම හෙටත් තව ඉදිරියටත් අපි අයියාගේ සේවාව බලපොරොත්තු වෙනවා...

    අයියගේ සියලු පැතුම් ඉටු වේවා.!!

    ජය වේවා!!!

  13. ලසා

    රොයිලි අයියට මං නම් පතන්නේ දීර්ඝායුෂ තමයි.
    මොකෝ සහෝ ඉන්නකම් සබ් නම් ඉතිං කික්ම තමයි.
    නිකං මං ආත්මාර්ථකාමී වගේ නේහ් ;)
    well done bro! good luck!

  14. සමීර කරුණාරත්න

    උත්තරය චිත්‍රපටි 2 යි... එකක් Following (1998) ඒකත් 7.6 ක් රේටින් අරගෙන තියනවා අනික Insomnia (2002) ඒක 7.2 යි.. ඒ කියන්නේ ඔහු ලැබූ අඩුම IMDB අගය 7.2 යි.. ඉතින් මට නම් අද බොහොම සතුටුයි මම ඇත්තටම මේක හදනවා කියලා දැනගත්ත දා ඉදලා බලන්න බොහොම ආසාවෙන් බලා උන්න කතාවක් මේක.. ඒකට හේතුව බොහොම ලොකු කැප කිරීමක් කරලා තියනවා මේ චිත්‍රපටය මේ තත්වයට ගෙන්න... නිකන් ප්‍රබන්ධයක් ගොනා නැගීමෙන් එහා ගිහින්, විද්‍යාඥයන් පවා සම්බන්ධ කරගෙන නෝලන් අයියා මලෝ වසර ගණනක් දත කාල තමයි මේක මේ තැනට ගෙනාවේ ප්‍රතිපලය අතිශය සාර්ථකයි...

    ඊලග දේ තමයි එහෙම හැදුව චිත්‍රපටය වෙනුවෙන් උපසිරැස එක්කල කෙනා, ලේසි නැහැ නෝලන් වගේම අපේ රටේ සිංහල උපසිරැස කරණය අපිට මෙහෙම ලංකොල උත්තමයා.. ඉතින් 300 කියන්න ලේසි ගමනක් නොවුන එකේ ඒ වෙනුවෙ හොඳම චිත්‍රපටයක් තෝරාගත්තා එක ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.. මේක අද දෙනවා කිව්ව ගමන් නලින් අයියා එකක් කිව්ව දේ දැනුත් කියනවා.. "මේකා මුළු ඇගෙන්ම සබ් කරනවා ද කොහෙද" ඉතින්.. තවත් චිරාත් කාලයක් එහෙම්ම කරගෙන් යන්න හදවතින්ම සුභ පතනවා... මේකට ඉඩ දෙනවාට රොයිලි අක්කාටත් බොහොම ස්තුතියිවන්ත වෙනවා... චිරන් ජයතු....

  15. tharindu

    congratulations for 300 subtitles And thanks. ~T_T~

  16. නිර්මාණී

    300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් අයියේ.තවතවත් උපසිරසි කරන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.එනකන් මග බලන් හිටපු චිත්‍රපටියක්.බොහොම ස්තූතියි ඉක්මනින්ම උපසිරසිය දුන්නට.301 වෙනි උපසිරසියෙන් ඉක්මනින්ම හමුවෙමු.ජය...

  17. Ruchira

    නියමයි සහෝ!
    ඒ වගේම 300 වෙනි sub 1ට හදවතින්ම අපි සුබ පතනවා……
    මේ කරන්නා වූ කුසල කර්මය….
    දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා දිරිය ලැබෙන්න යැයි,
    අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !

  18. අමුතු

    300 ට උණුසුම් සුබ පැතුම්.

  19. Nipuna

    නියමයි රොයිලි අයියේ...
    300 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම්...
    දිගටම උපසිරැසි දෙන්න....
    ජය වේවා...

  20. Asel

    300ට උනුසුම් සුබ පැතුම්……..!!!!
    100000ක්ම කරන්න ශක්තිය ලැබේවා…
    බොහොම පිං සිංහල උපසිරැසි වලට.. රොයිලි අයියේ .

  21. Asel

    300ට උනුසුම් සුබ පැතුම්……..!!!!
    100000ක්ම කරන්න ශක්තිය ලැබේවා…
    බොහොම පිං සිංහල උපසිරැසි වලට.. රොයිලි අයියේ .

  22. thisal

    සබ් එක බාන්නත් කලින් ඔන්න ක්මෙන්ට් එක දැම්මා මොකද තව පරක්කු උනොත් කොමෙන්ට් එක පහලට යන්වා සබ් 300ක් කියන්නෙ නිකම් අපිට හිඉන්යක් වගෙ බොහොම ස්තුතියි රොයිලි සහො මෙ කරන සමජ මෙහෙවරට ඔයගෙ කාලය,මුදල් කැප කරලා මෙ කරන දෙ අපි ඇත්තෙන්ම අගය කරනවා.. මෙ ෆිල්ම් එක දෙනකම් තමයි මාත් බලන් උන්නෙ තැන්ක්ස් සබ් එකට දිගටම සබ් දෙන්න සුබ පතනවා

  23. srimal

    my congratulations machan..................

  24. Rakitha Ranathunga

    අප්පට සිරි.........
    මෙන්න රොයිලි අයියා 300 ත් ගහලා.....
    මට නම් හිතා ගන්නවත් බෑ.......
    මෙච්චරම කැපවීමක් කරල තියෙනවද කියලා හිතන්නවත් බෑ......
    කොහොම උනත් මම සුබ පතනවා.....
    තව තවත් උපසිරස කිරීමට ලැබේවා.....

  25. TrK De ShaDy

    Ela aiye.mn balagenama hitapu film eka thama meka..sub 1000ktath eha ynna obata suba pathanawa.1nma.

  26. max

    300 වෙනි සබට මගෙන් සුභ පැතුම් රොයිලි අයියේ..sub එක බාල තියාගන්නවා.yify කොපිය ආපුවම තමයි බලන්නේ. :D ඒ වගේම කියන්න ඕනි මේ මගේ ආසම අධ්‍යක්ෂක..සුපිරිම ඩයල් එකක්.බොහොම ස්තූතියි.ජය වේවා..!

  27. Kasun Widusha

    300 වෙනි සබට මගෙන් සුභ පැතුම් රොයිලි අයියේ..thanks sub ekata..............hete The100 ekata ikmanatama sub danda................

  28. Jack

    300 වෙනි උපසිරැසි කඩයිමට මුලු හදවතින්ම සුබ පැතුම් රොයිලි සහෝ.
    කතා දෙකක් නෑ ඔයා තමයි සිංහල උපසිරැසි ලොවේ රජ කිරුල.
    එහෙනම් දිගටම අපි වෙනුවෙන් සොදුරු කොටි වලිගේ අල්ලන් ඉන්න
    සියලු වැඩකටයුතු සාර්තක වේවා.
    ජයෙන් ජය.
    ජේසු පිහිටයි

  29. salika

    ඔබට තුති.
    සුභපැතුම්.
    තව තවත් උපසිරස කිරීමට ලැබේවා…..
    ජය වේවා…

  30. Soori

    රොයිලි සහෝගේ 300 වෙනි සිංහල සබ් එකට මගේත් උනුසුම් සුබ පැතුම් !
    සිංහල භාෂාවෙහි අගය තව තවත් ඉහල නංවමින් රස නොමරා අපට රසය ලබා දීම ගැන ඔබට තුති!
    350 කඩඉම වෙත 2015 අගෝස්තු 18ට කලින් ලඟාවීමට ලැබේවායි ද පතමි.
    301 වන සිංහල සබ ලෙස 100 ටෙලියේ 9 වන කොටස හෙට ලබා දෙනු අැතැයි ද සිතමි.
    නැවතත් මේ කරනා සේවයට ඔබට මාගේ ස්තුතිය පුදමි.

  31. DDSameera

    Thanks friend..Wish you all the best dear !!!!

  32. Mihan

    royly aiyagee 300 sub ta unusum subapathum !!!

    jaya weewaaa !!!

  33. Sasindu

    රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා! රොයිලි අයියාට ජයවේවා!

  34. harsha

    උබ නම් පට්ට පොරක් තමයි. 300ක් හිතා ගන්නත් අමාරුයි. මේ 300න් 75% වත් මම බලලා ඇති. එහෙනම් ජයෙන් ජයම වේවා මේං මං ගියා

  35. සූ යන්ග්

    නියමයි ආ සුභපතනවා දිගටම මේ විදියට සබ්දෙන්න පුලුවන් වෙන්න කියලා.ජය වේවා !! :D

  36. shanaka

    congrats for 300.....many more to come bro.....

  37. Sisira Hegoda

    Mata Sinhala type karnna Deri Unath copy past karala hari Suba Pathami. 300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්

  38. තාරක නුවන් දිල්හාර

    බලාගෙන ඉඳිද්දී කමෙන්ට් වැටෙනවා ඕයි,හනික දැම්මේ නැතොත් පහල තමයි
    කොහොම උනත් තුන්සිය වෙනි උපසිරසියට හදවතින්ම සුභපතනවා සහෝ,
    තමන්ගේ කාලය මුදල් හැමදේම කැප කරමින් ඔයා කරන මෙහෙවර ඇත්තටම අගය කරනවා
    අවසාන වශයෙන අපේ admin අයියලාගේ කාර්යභාර්ය එක සිතින්ම අගය කරන ගමන් චිරාත් කාලයක් අපි හැමෝටම සබ් කරන්න වාසනාව, කාලය, සහ චිත්‍රපටිත් ලැබෙන්න කියන ගමන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා

    _________ ෴ ජය වේවා ෴____________

  39. Sameera

    නියමයි මචන්,උනුසුම් සුබප.තුම්...ඊළඟ සබෙන් හමුවෙමු

  40. Ruwan

    Superb bro............. thanks a lot.............. :D

  41. හර්ෂ ලහිරු

    :D :D :D 300 වෙනි උපසිරසට මගෙනුත් උණුසුම් සුභ පැතුම් රොයිලි :D සහො
    ඉදිරි වැඩකටයුතු :D සර්වප්‍රකාරයෙන් සාර්ථක :D වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා :D ජයෙන් ජය :D :D :D

    Nicholas Sparksගේ The Best of Me (2014) පුළුවන්නම් මේකටත් සබ් දෙන්න මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා :P

  42. Isuru

    සුභපැතුම් රොයිලි සහෝ..!!
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  43. kasun

    රොයිලි සහෝගේ 300 වෙනි සිංහල sub එකට මගේත් උනුසුම් සුබ පැතුම් ! jaya !!!

  44. lakshan

    නියමයි රොයිලි අයියේ…
    300 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම්… ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    ජය වේවා

  45. මම අහිංසකයි

    Subata bohoma sthuthu saho , Digatama karagena yanna . Jayen yaya !!!

  46. DE Shaa

    Supiriy machan!!! (y)

  47. Ashain

    niyamai royly ayya........ 300k kiynne podi ganakda....... e wagema 300gahanne nolan's film ehekin kiynne pattama pata pata....... ehenam 300 500k kargena hambemu,,,, jaya wewa..

  48. හසන්ත මාලිංග

    300 වෙනි උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්!!!
    තව තවත් උපසිරැසි නිර්මාණය කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...
    ජය වේවා... :D :D

  49. prasanga

    thanks bro....

  50. dila*

    patta pata pata. thanx aiye sub 1ta. 300 subapathum.

Load more comments