අපගෙ නිවහනයි කියා හිතන මේ පෘථිවිය දවසක විනාශ වී ගියොත් කොහොමද තියෙයිද? ඒකත් මනුශ්‍යයින් වන අපි අතින්ම. මුලදී නම් එය කොහෙත්ම වැටහෙන එකක් නැතිවෙයි. මොකද කියනවා නම් හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙනෙ තේරෙන්නෙ. හැබැයි ඉතිං එතකොටත් පරක්කු වැඩියි. පරිසර දූෂණය, අද කාලෙ බෙහෙවින්ම අසන්න ලැබෙන වචනයක්. සමහරු එය හොඳ…

අපගෙ නිවහනයි කියා හිතන මේ පෘථිවිය දවසක විනාශ වී ගියොත් කොහොමද තියෙයිද? ඒකත් මනුශ්‍යයින් වන අපි අතින්ම. මුලදී නම් එය කොහෙත්ම වැටහෙන එකක් නැතිවෙයි. මොකද කියනවා නම් හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙනෙ තේරෙන්නෙ. හැබැයි ඉතිං එතකොටත් පරක්කු වැඩියි. පරිසර දූෂණය, අද කාලෙ බෙහෙවින්ම අසන්න ලැබෙන වචනයක්. සමහරු එය හොඳින් වටහාගෙන මෙම මිහි තලයෙහි ජීවත් වෙනවා. තවත් සමහරුක් එසේ නොමැතියි. ඇත්තටම මොකද්ද මේ පරිසර දූෂණය කියන්නෙ?
“පරිසර දූෂණය යනුවෙන් හඳුන්වන්නෙ පරිසරයෙ වෙසෙන ජීවින්ට වගේම පුද්ගලයින් වන අපට හානිදායක ප්‍රමාණ වලින් හා විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි.”
ඉතිං මේ කියන පරිසර දූෂණයට ලක්වෙන අංශයක් තිබෙනවා. ඒවා නම්,
1.වායුගෝලීය දූෂණය.
2.ජල දූෂණය.
3.ගොඩබිම් දූෂණය.
4.ශබ්ද දූෂණය.
ඔන්න ඔය උඩ සඳහන් කරේ ප්‍රධාන අංශයන් තුනෙන් තමයි ගොඩක්ම පරිසර දූෂණය සිදුවන්නෙ. ඉතිං මම වායුගෝලීය දූෂණය ගැන තමයි කතා කරන්න යන්නෙ. මොකද කියනවා නම් අටුවා ටීකා ඕන නැහැනෙ. ගෙනාපු චිත්‍රපටයෙ ප්‍රධාන මාතෘකාව ගැනනෙ කතා කරන්න ඕන 🙂 .
වායුගෝලය දූෂණය
අප අවට ඇති මෙම හිස් අවකාෂය තමයි වායුගෝලය කියා අමතන්නෙ. මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වෙනවා. ඔක්සිජන් චක්‍රය කාබන්ඩයොක්සයිඩ් චක්‍රය, ජල චක්‍රය මින් ප්‍රධාන තැනක් අරගන්නවා. ඒවගේම තමයි මෙය ස්වාභාවික චක්‍ර ලෙස තමයි ක්‍රියාකරන්නෙ. මෙයට අනාකූල නොවන ආකාරයෙ වායුන් එකතු වී නිසාවෙන් වායුගෝලයෙ තුල්‍යතාව බිඳ වැටෙනව. මෙයට තමයි වායුගෝලීය දූෂණය කියන්නෙ. වෙනත් විදියකට කියනවා නම් වායු දූෂණය යනු, සෞඛ්‍යට හානිදායක පරිසරයට අහිතකර බලපෑම් ඇතිකරන හා ස්වාභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයෙ තත්ත්වය පිරිහී යෑමයි. වායු දූෂක සහ ඒවයෙ ප්‍රභව ගැනත් කෙටි සඳහන් කිරීමක් කරන්නම්කො.
1.කර්මාන්ත – CO,CO2, SO2, NO2, CFC, හයිඩ්‍රොකාබන් , දුම් යනාදිය.
2.කෘෂිකාර්මාන්තය – පලිබෝධනාශක
3.ස්වාභාවික හේතුන් – වනාන්තර වල ලැව් ගිනි, ගිනි කඳු පිපිරීම්, වගුරු බිම් වල ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය.
4.ගෘහස්ථ ක්‍රියාකාරිත්වන් – පොසිල ඉන්ධන දහනය, දර දහනය, කැලි කසළ දහනය.

ඔන්න ඔය උඩ සඳහන් කෙරුනු ප්‍රභව වලින් තමයි මෙය සිදුවන්නෙ. ඉහළ සඳහන් නොවිච්ච දේවල්ද තියෙනව කියල මතක තියාගන්න. ඉතිං මෙම වායුගෝලීය දූෂණය වීම මගින් ඇතිවන අහිතකර බලපෑම් වලින් ප්‍රමුකත්වයක් අරගන්නෙ
1.හුස්ම ගැනීමෙ අපහසුතා
2.ශ්වසනය මාර්ගයෙ ආශ්‍රිත රෝගී තත්ත්වයන්
3.බෙලහීනතා තත්ත්වයන්
4.පිළිකා තත්ත්ව
5.ස්නායු ආබාධ
මෙවැනි බලපෑම් සහ තව නොකියූ තවත් බලපෑම් රාශියක් පවතිනවා. එහෙනම් ඉතිං මේ ප්‍රධාන කරුණු ටික ඇතියි කියා හිතනව. ඒවගේම ඔයාලට තේරෙනවා ඇතිනෙ මෙම IO කියන චිත්‍රපටයෙ ප්‍රධාන පැතිකඩ. එහෙනම් දැන් චිත්‍රපටය දෙසට හැරෙමුකො.
IO නැමති මෙම චිත්‍රපටය නිකුත් වන්නෙ 2019 ජනවාරි මස 18 යි. “ඔව්,ඔව්” සතියක් වෙනවා මොකද කියනවා එදා නොහිතපු පරිදි Polar චිත්‍රපටයත් නිකුත් උනා. පස්සෙ ඒක කරන්න සිද්ධ වෙච්ච නිසයි මේක ලස්සට ගියෙ. ඉතිං මේ IO කියන චිත්‍රපටය හට IMDb අගය 4.7 ප්‍රමාණයක් හිමිවෙනවා මනාප 12086 කින්. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 42% ක වැනි අගයකුත්. මෙය අයිති වන්නෙ Drama | Sci-Fi | Romance | Adventure යන කාණ්ඩයටයි. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Captain America Winter Soldier | Captain America Winter Soldier චිත්‍රපට මලාවේදී වගේම Avenger Infinity War චිත්‍රපටයෙ ෆැල්කන්ගෙ චරිතයට පණ පොවනා Anthony Mackie සහ The Nice Guys | Death Note චිත්‍රපට වල දකින්න ලැබෙන Margaret Qualley වගේම The Walking Dead කතාමාලාවේ ජීසස්ගෙ චරිතයට පණ පොවනා Tom Payne සහ Danny Huston යන නළුකැලයි.
කතාව වෙන්නෙ මෙහෙමයි. අනාගතයෙ දවසක පෘථිවිය වාසය කරන්න බැරි තත්ත්වයක් උත්ගත් වෙනවා. මිනිස්සු නින්දේදිම මැරෙන්න අරගන්නවා, පාරෙ යද්දී එකපාරටම වගේ හුස්ම හිරවෙලා මැරෙනවා. ඉතිං මේ හැමදෙයකටම බලපාන්නෙ ඉහළ සඳහන් කරපු කරුණු කාරණා තමයි. නමුත් චිත්‍රපටයෙ පොඩි වෙනසක් තියෙනවා. ඒ මොකද සෑම් පවසනවා “පෘථිවිය නොනැසී පවත්වාගන්න ඕන නිසාවෙන් මිනිස්සුන්ව පන්නා හැරියා” වගේ දෙයක්. ඉතිං මෙතනදි හරියටම කියන්න අමාරුයි මෙම වියසනයට බලපෑමක් කරේ මොකද්ද කියල. හොඳම අනුමානය තමයි එක්කො අපි මඟින් සිදුවෙච්ච දෙයක් හෝ ස්වභාවික දේවල් මතින් වායුගෝලය විනාශ වී සිදුවෙච්ච දෙයක් බව. ඉතිං ඔයාලා මේ දෙකෙන්ම උනයි කියල හිතාගන්නකො. ඒවගේම තමයි මෙය එක් එක් කලාප වලට විතරයි බලපෑමක් එල්ල වී තියෙන්නෙ. පහළ ඇති රූපය බලන්න.

එතනදී තේරුම්ගන්න පුළුවන් වෙනවා ඔක්සිජන් ඇති ස්ථානයක් වග. මොකද එතන ඇති දැල්ල දම් පාටින් දැවෙන්නෙ නැහැ. ඒ කියන්නෙ එම පරිසරයෙ වාතය පිරිසිදුයි. එතකොට අපි මෙච්චර වෙලාවක් තිස්සෙ “සෑම්,සෑම්” කිව්වෙ කාටද බලනව ඇතිනෙ. සෑම් කියන්නෙ තමන්ගෙ ලෝකය බේරාගැනීම සඳහා ස්වෙච්ඡාවෙන් පෘතුවිය සිටින කෙනෙක්. ඇයගෙ තාත්තා විද්‍යාත්ඥයෙක්. ඉතිං මෙයාලා පෘතුවිය බේරාගැනීම සඳහා එක්තරා පර්යේෂණයක් කරගෙන යනවා. මෙයින් සෑම් බලාපොරොත්තු වෙන්නෙ මී මැස්සන්ව පරිසර පද්ධතියට අනුවර්තන කරමින් පරාගනය සිදු කිරීමටයි. ඔන්න ඔය අතරවාරයේදී තමයි විශාල කුණාටුවක් ඇතිවෙන්නෙ. මෙයින් සෑම් සහ ඇයගෙ තාත්තා කරගෙන ගියපු හැම ගවේෂණයක්ම වගේ නැතිවී යනවා. ඒවගේම තමයි අමුත්තෙකුත් පැමිණෙනවා ඔය අතරවාරයේදී. ඔහුගෙ නම මයිකා. පෘථිවියෙ සිටින කෙනෙක්. නමුත් ඔහු පැමිණෙන්නෙ සෑම්ගෙ තාත්තාව හම්බවෙන්නයි. ඒත් මොකටද?? සෑම්ටත් එය ගැටළුවක්. ඉතිං අපි බලමුකො සෑම්ට තමන් කරගෙන හිටපු වැඩේ කරගෙන යෑමට හැකි වෙලා තමන්ගෙ අලංකාර ලෝකය බේරාගැනීමට හැකිවෙයිද නැතහොත් ඇයට වෙන ඉරණමක් අත්වේවිද කියල.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
10,466 downloadsDownload IO-2019.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
44 comments
malithmadhushan45
isharaeranda1997
thanks bn
Tharaka
THANKS.................
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa..!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!wnrodrigo
Good work friend, Thanks!
Sanath Indika
එයං ඉරදද
AsithaDilruwan
ela saho thanks
aks
Thanks...
Nilush Angana
Sub ekata thanx
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Ayesh Prashan
Thank You
AkilaV
උපසිරසියට ස්තූතියි .......පොඩි ගැටලුවක් තියේ.....netflix එකේ films වල bluray කොපියක් එනවද?..........
Ravindu Rukshan
Nha
AkilaV
ok bro
harshani11112
ස්තුති රවිඳු සහොදරයා
තෙරැවන්සරණයිmalindaxcd
me filem eka downlode karaganne kohenda??
Nishantha jayalath
Thanks macho. man godak asai sci fi movie walata.
Madura Lakshan
Thanks sub ekata good luck!!!!!
Udara Damith Dissanayaka
lipiya niyamayi
sandyaliyange
ස්තූතියි!
Kulanjana Maduranga
subata thanks saho....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeesha rox alahakoon
Tnx bro. Meke dila thiyena wisthare watinawa bro
Lahiru Lakshan
THANKS MACHN........
RuwanLakshan93
එළ සහෝ.... බොහොම ස්තූතියි...
Sandaru
Thanks for sub.good luck bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
chathuradinesh
THnks brother
chathuradinesh
THnks brother සබ් එකට
Sumudu Nuwan
thanks
prasannawimalarathna
thank sahoo
බොබී
ලිපිය තනිකර විද්‍යා හරි, භූ ගෝලය හරි පාඩමක් වගේ. ලිපිය වගේම ෆිලුමත් සුපිරි නැතැයි. ඔන්න මාත් ගන්නවා. මහන්සියට තුති සහෝ.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!gayanmagee
thanks
Kkklll
Elena as a
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
ishan1653
Tks a lot
Dewadithya
Thanks for Sub!
Lakshan1327
Thanks bro
Anonymous
thanx
නිමල් දිසානායක
බාගෙන ටික කලකි -බැලුමට පමා විය
ඒත් මොකද පසුවී හරි බැලුනේය
රවිඳු, ෆිලුම මට නං හරි අගනේය
පමාවී වුවද තුති පුද කළ යුතුය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි බලා තියෙන්නෙ සබ් එකට බොහොම ස්තුතියි සහෝ Netflix ලගෙ වැඩක්නේ නොබල කොහොමද