ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මින…

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,
සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා හොරාගන්නෙ අසාධාරණ විදියට සල්ලිකාරයො එකතු කරගෙන තියෙන මුදල්. එහෙම හොරකම් කරලා මෙයා කරන්නෙ ඒ සල්ලි නැතිබැරි අයට බෙදලා දෙන එක. මේ අතරෙදි දුප්පත් රටකට සහනාධාර විදියට ලැබෙන ලොකු මුදලක් මහාපරිමාණ අපරාධ කල්ලියක් විසින් සොරාගන්නවා. එහෙත් එහෙම ගන්න යොදවන පුද්ගලයා තමන් කරන ලද ක්‍රියාව ගැන පසුතැවී එම මුදල් රජයට නැවත භාරදෙන්න උත්සාහ කරනවා. එමනිසා අපරාධ සංවිධානය ඔහුගේ දියණියව පැහැරගන්නවා. එබැවින් ඔහු සයිමන් ටෙම්ප්ලර්ගෙන් උදව් ඉල්ලනවා මෙම ගැටළුව සමථයකට පත්කර ගැනීම සඳහා. එයා ඒ මෙහෙයුම දියත් කරන විදිය තමයි මේකෙ තියෙන්නෙ.
පැය 1යි විනාඩි 31ක් පුරා දිවෙන මේ සළරුව Action, Adventure, Crime කියන වර්ගීකරණ යටතට වැටෙනවා. IMDB දර්ශකයෙන්නම් ලැබිලා තියෙන්නෙ 4.9ක අගයක්. 2017 ජූලි මාසෙ 11වෙනිදා තමයි මුලින්ම මෙය ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ. කතාවෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්,
මෙහි අධ්‍යක්ෂක වරයා තමයි Ernie Barbarash, කතාව ලියලා තියෙන්නෙ Jesse Alexander, Tony Giglio, Leslie Charteris යන අය විසින්. එතකොට Adam Rayner, Eliza Dushku, Ian Ogilvy, James Remar යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඉතිං මූලිකවම කියන්න තියෙන්උනෙ ඒ දේවල් තමයි. ඔයාලට මම ආරාධනා කරනවා පුළුවන්නම් මේකත් බලන්න කියල.
මේ වෙලාවෙ මෙම උපසිරසිය මාහට ලබාදුන් ශාන් සොයුරාටත් හසන්ත අයියා ඇතුළු බයිස්කෝප් කාර්‍යමණ්ඩලයටත් අපත් සමඟ නිරන්තරයෙන්ම රැඳී සිටින රසික ඔබ සැමටත් ස්තූති කරනවා. ඔයාලගෙ දිරිගැන්වීම් නිසා තමයි අපිට ලොකු කාලයක් වැය කරලා මේවගේ උපසිරසියක් කරන්න ශක්තිය එන්නෙ. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්, ඉක්මනින්ම තවත් උපසිරසියකින් මුණගැහෙමු.
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,953 downloadsDownload The-Saint-2017.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
23 comments
Hashan M. Priyadarshana
malithmadhushan45
බොහොම ස්තුතියි සහො සබ් එකට
jagath55
Thanks
dsdkavishka
Thenks for sub
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Kulanjana Maduranga
subata thanks Gayan saho....
Prabodha Madhusankha Hettiarachchi
Gosak sthuthi sahoo sub ekata.....!
suranuwan
thanks bro...
Kanchana
Thanx saho
Bandara 1976
Thank you bro
Suranjan
Thanks machan....jayawewa.....!
wnrodrigo
Good work friend, Thanks!
AsithaDilruwan
ela saho thanks
Rukshan37
Ela ela
Nilush Angana
Sub ekata thanx
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
harshani11112
ස්තුති ගයාන් සහො
තෙරැවන්සරණයිthilina8821
Ela thnx kollo..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru
Thanks for sub.good luck bro
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
Thanx bro...
Advertisement
![The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/the-saint-2017.jpg)
Thank you bro sub ekata...
Jaya wewa..!