Irugapatru (2023) Sinhala Subtitles මේ චිත්‍රපටයේ යුවල තුනකගේ, කතා තුනක් විදියට දිවෙනවා. මිත්‍රා නම් විවාහ උපදේශිකාව, ඇයගේ සැමියා මනෝ රණ්ඩු නැති විවාහ ජීවිතයක් ගෙව්වා. රංගේෂ් සහ ඔහුගේ බිරිඳ පවිත්‍රා යුගලයත්, අර්ජුන් සහ දිව්‍යා යන යුගලයත් අතරේ යම් යම් හේතු නිසා රංඩු ඇතිවෙලා තිබුණා. මේ යුගලයන් දෙක වි…
Irugapatru (2023) Sinhala Subtitles
මේ චිත්‍රපටයේ යුවල තුනකගේ, කතා තුනක් විදියට දිවෙනවා. මිත්‍රා නම් විවාහ උපදේශිකාව, ඇයගේ සැමියා මනෝ රණ්ඩු නැති විවාහ ජීවිතයක් ගෙව්වා. රංගේෂ් සහ ඔහුගේ බිරිඳ පවිත්‍රා යුගලයත්, අර්ජුන් සහ දිව්‍යා යන යුගලයත් අතරේ යම් යම් හේතු නිසා රංඩු ඇතිවෙලා තිබුණා. මේ යුගලයන් දෙක විවාහ උපදේශනය වෙනුවෙන් මිත්‍රාගේ ළඟට එනවා. මිත්‍රාට මේ යුගලයන්ගේ ප්‍රශ්න, පැටලිලි විසඳලා සතුටු ජීවිතයක් ගත කරන්න මග පාදලා දෙන්න පුළුවන් වෙයිද? මෙයින් සාකච්ඡාවට ගන්න මාතෘකාව වෙන්නේ ආරවුල් ඇති සැමියා බිරිඳ දෙපළට තියෙන අවසාන විකල්පය දික්කසාදය ද යන්නයි. ඒත් ඊට වඩා ආදර්ශයක් දෙන දේවල් මේ කතාවේ අන්තර්ගත වෙනවා. ගොඩක් අයට වැදගත් වෙයි.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ යුවරාජ් දයාලන්. Thenaliraman (2014), Eli (2015) කියන හාස්‍යජනක චිත්‍රපට මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළා. ජස්ටින් ප්‍රභාකරන් මීට සංගීතය මුසු කරනු ලැබුවා. යුවන් ශංකර් රාජා “පිරියාදිරු” ගීතය ගායනා කරනවා.
Irugapatru (2023) Sinhala Subtitlesමෙහි වික්‍රම් ප්‍රභූ, ශ්‍රද්දා ශ්‍රීනාත්, විදාර්ත්, ශ්‍රී, ඇබර්නතී, සානියා අයියප්පන් ප්‍රධාන චරිත රඟපානවා. වියෝ වූ මනෝබාලා ද මෙහි චරිතයක් රඟ දක්වනවා. නමුත් ඔහු වෙනුවෙන් හඬ වෙනත් අයෙකු විසින් අනුකරණය කර ලබා දී තිබුණා. මේ චිත්‍රපටයේ ශ්‍රද්දා ශ්‍රීනාත්ගේ චරිතය මුලින්ම කිරීමට එකඟ කර තිබුණේ නයන්තාරා. Jawan (2023), ඇයගේ මංගල හින්දි සිනමාපටය නිසාවෙන් ඇයට මේ සඳහා ඉඩකඩ සලසා ගැනීම අපහසු වුණා.
Irugapatru (2023) Sinhala Subtitlesපසුගිය වසරේ ඔක්තෝබර් 6 දා නිකුත් වුණ මේ චිත්‍රපටයට අධික වශයෙන් ධණාත්මක ප්‍රතිචාර හිමි වුණා. Imdb වෙබ් අඩවියෙන් මීට ලැබී තිබෙන රේටින් අගය 8.1/10ක්. බොක්ස් ඔෆිස් ආදායම් වශයෙන්ද සාර්ථක ආදායමක් උපයා ගත්තා. ඒ වගේම 2023 වසරේ හොඳම චිත්‍රපට 10 විදියට ලැයිස්තුවක් හැදුවොත් මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ ඉඩක් වෙන් කරගෙන තියෙනවා.
Irugapatru (2023) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා.
Irugapatru (2023) Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
10,283 downloadsDownload Irugapatru-2023-Sinhala-Subtitles-1.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Irugapatru (2023) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Indian Box Office Hits
- #Irugapatru
- #Irugapatru (2023)
- #Irugapatru (2023) Sinhala Sub
- #Irugapatru (2023) Sinhala Subtitles
- #Justin Prabhakaran
- #MaxxA
- #Saniya Iyappan
- #Shraddha Srinath
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sri
- #subtitle
- #Vidharth
- #Vikram Prabhu
- #Yuvaraj Dhayalan
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
harsha
Buddhika Lakmal
එකෙන්ම මචෝ....
කොලිටි සබ්නං ඉතිං බයිස්කෝප් තමයි.....
සබට බොහෝම ස්තූතියි සහෝ....Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asela Madusanka
adarei
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank u bro