අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහ…

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් උන්නට කිසිම අද වෙනකම් එක ශතයක් තරම්වත් මම මේ අඩවියෙන් හම්බකරලනම් නෑ අතිනුත් ගෙව්වා මිසක්. හරි ඒවලින් වැඩක් නෑ. මේ තමා මගේ 350 වෙනි සිංහල උපසිරැසිය. එන්න එන්නම දැන් නම් උපසිරැසි දාන්න තියෙන කාලය සීමා වෙලා අවසානයි. මම උපසිරැසි කඩයිම් පහුකරපු කාල සීමා දකිනකොටත් ඒක නම් සෑහෙන්න පැහැදිලි ඇති නේ. දැන් නම් ඉතින් උපසිරසියක් කරන්න කාලය ඇත්තෙම නැති තරම්.
හැමදාම වගේ මගේ උපසිරැසිකරණයේ දින වකවානු පොඩ්ඩක් මතක් කරන්නම්.
01 – 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසිය.
50 – 2012 අගෝස්තු 18.
100 – 2013 ජනවාරි 21.
150 – 2013 සැප්තැම්බර් 02.
200 – 2014 ජනවාරි 20.
250 – 2014 අගෝස්තු 18.
300 – 2015 ජනවාරී 21.
මේ අපි දාන උපසිරසියකින් කවුරුන් ආර්ථික ලාභ ලැබුවත් මම ලබන එකම ලාභය නම් ඔබ ඉතිරි කර යන කමෙන්ට් එක පමණයි. ඉතින් මම අවසාන වශයෙන් ඉල්ලන එකම දෙය නම් නිකන්ම නිකන් බාගත කරගෙන යන්නෙ නැතුව විනාඩියක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියන එකයි. මොකද හරිහමන් විදියට උපසිරසියක් දාන්න නම් ඒ වෙනුවෙන් සෑහෙන වෙලාවක් ඕනම කෙනෙක් වැයකළ යුතු වෙනවා. ඒ මහන්සිය දන්න නිසාම තමා මම අලුත් පරණ කාට වුණත් එක වචනයකින් හරි ස්තූතියි කියලා කමෙන්ට් එකක් දාන්න මැලි නොවෙන්නේ.

ඔන්න එහෙනම් මේ සුදානම ඇති සාර්ථක බෝන් කතා මාලාවේ සිව්වැනි පිම්ම පනින්නට…කවුද නොදන්නෙ ජේසන් බෝන් ගැන. බෝන් චිත්‍රපට නොබලපු කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් හොඳම දේ ගිහින් ඒවලින් විශේෂයෙන් මුල් තුනම බලලා ඒවා කොච්චර සුපිරිද කියලා බලල මේක බලන එක තමා. ඒවා තමා The Bourne Identity (2002), The Bourne Supremacy (2004), The Bourne Ultimatum (2007) කියන ඒවා තුන. පුංචි පෑන් තුඩකින් වුණත් තමුන්ගේ සතුරන් මෙල්ල කරන්නට හැකි අතීතය අමතක අපේ වීරයා එකක් අපි ලෝකේ වටේ ගියා, රහස් ඔත්තු සේවා සංවිධාන හෙල්ලුවා. නමුත් අවසාන වුණේ මාර්ක් වෙබ්ගෙන්…. ඉන් පස්සේ ඔන්න 2012 බෝන් මෙහෙයුමේ තවත් කොටසක් අපි වෙත ආවා. ඒ The Bourne Legacy (2012) කියන එක. හැබැයි ඒක කෙළින්ම පළවෙනි ත්‍රිත්වයට ඈදූනේ නෑ. අනික උන්නෙත් මැට් ඩේමන් නෙවෙයි. මුල් සෙට් එකනේ ඇක්ෂන් කියන්නේ. බලපු අයනම් දන්නවා ඇති මිනි කූපර් එක පඩිපෙළ දිගේ ගෙනිච්ච හැටි. අනික ඒ එකක්වත් පරිගණක සජීවීකරණ නෙවෙයි. සජීවී ක්‍රියාදාම. ඒ වගේම දෙවන සහ තෙවන සිනමාපට මෙන් මෙම සිනමාපටයද අධ්‍යක්ෂණය වන්නෙ Paul Greengrass නම් වූ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා අතිනුයි. පෝල් ග්‍රීන්ග්‍රාස් එකක් මැට් ඩේමන් ඇවිත් තියනවා නව බෝන් සිනමා නිර්මාණය අරගෙන. මේ වතාවේ ඔවුන් හා එක්කාසු වෙනවා ගිය වසරේ බොහොම කතා බහට ලක්වුණා ඔස්කා සම්මාන ලාභී නැගී එන නිළිය ඇලිසියා විකෙන්ද්‍රා.
ජේසන් බෝන් කියන්නෙ CIA ඝාතකයෙක්. හැබැයි මතකය අහිමි වීමකට භාජනය වීම නිසා ඔහුට තමාගේ අනන්‍යතාව හොයන්න පෙළඹෙනවා. ඒ සෙවූම් නිසා ඇමරිකාවට ස්නෝව්ඩන් කළා වගේ අපකීර්තියක් හිමිවෙනවා. මේ වතාවේ මෙහෙයුම වෙන්නේ මෙහෙමයි, අද ලෝකයේ ඔක්කොම පරිගණක ගත වෙලා තියන එකේ රහස් දත්ත සොයාගෙන යන කෙනෙක් සමත් වෙනවා CIA විශේෂ මෙහෙයුම් හා සම්බන්ධ ලිපිගොනු වගයක් සොරා ගන්නට… මේ පුද්ගලයාගේ අරමුණ වෙන්නේ මේවා මහජනයාට දැනගන්න ඉඩ තියන එක… හරියට විකිලික්ස් වගේ සීන් එකක්… නමුත් මේ කෙනා ළග තමයි නිකී (ජුලියා ස්ටයිල්ස්) වැඩ කරන්නේ ඉතින් එයා මේ වැඩේට පැටලෙනවා. ඒ එකක්ම මේ ගැන දැනගන්න CIA කෙනෙක් ලොකු පුටු දැනුවත් කරනවා… දැන් ආයේ මහා දඩයමක්….මේ දඩයමට බෝන් කොහොම සම්බන්ධ වේවි ද? මොනවාද මේ දත්ත ? මේවායේ ඇත්තටම තියන අවදානම මොකද්ද ? අවසානය කොහොම වේවි ද? මේ ඔක්කොම දැනගන්න නම් ඔන්න මේ විශිෂ්ට සිනමා නිර්මාණය බලන්නම වෙනවා…
මේ වෙද්දිම IMDB ශ්‍රේණීගත කිරීම් වල 7/10 ලබාගෙන තියෙනවා. තව එක වචනයක් වත් කියන්නෙ නම් නෑ. හැමෝම බාගෙන බලන්න.
කමෙන්ට් දැම්මට මම තරහ වෙන්නෙ නම් නෑ.
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
” Due to copyright issues, we do not provide any torrent links. “
Jason.Bourne.2016.HC.HDRip.XViD.AC3-ETRG
Jason.Bourne.2016.WEB-DL.XviD.MP3-FGT
Jason.Bourne.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
29,315 downloadsDownload Jason.Bourne.2016Br.Baiscopelk.com_.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
468 comments
Jayakantha
waruna
Bro Roily
U did great work 350 means it a big hit ,what Ever Comments" u doing fantastic job 'Keep it up am waiting u r finishing 400 sbs soon
ද.බ්ලැක් අයිකන් ස්ටින්ග්
350ත සුබ සහෝ
ද.බ්ලැක් අයිකන් ස්ටින්ග්
සබ් එක මුලින්ම මම බාගත්තා ^_^
හසන්ත
350 ට සුබ පැතුම් මචෝ !!! කමෙන්ට් වලිනුත් ඒ හැටි ලාභයක් නැහැ වගේ ඉස්සර තරම් :P පුරුද්දට සබ් කරනවා මිසක් පරණ වැඩි දෙනෙක් අසාවට නම් සබ් කරනවා දැන් දැන් අඩුයි. කොහොම උනත් සයිට් එකේ පළවෙනි උපසිරස දීල අපි හැමෝටම එන්න පාරක් කපපු උඹට ගොඩක් පින් !!!!
oshada
roil saho attenma oba apata sampatak mm subapatanawa oyage 350 weni subata......tnx......
සමන් ප්‍රසාද්
මුළින්ම ඉතින් 350 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා.
මොනා වුණත් හසා අයියා කියන්න වගේ දැන් කට්ටිය සබ් කරන්නෙ කැමැත්තට නෙවෙයි පුරුද්දට වගේ.
එහෙම තියාගෙන රොයිලි අයියා මෙච්චර දුරක් ආපු එක ගැන නම් ඇත්තටම සතුටුයි.
හැම කෙනෙක්ගෙම සබ් එකක රොයිලි අයියගෙ කමෙන්ට් එකක් නැති වුණොත් ලෝක පුදුමයක්... :D
කොහොමින් කොහොම හරි වෙලාව නැති වුණත් ඊළඟ GOT එක එනකම් මොන මොනාහරි සබ් ටිකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
400 වෙනි උපසිරසියෙනුත් හම්බවෙන්න බලාපොරොත්තු වෙනවා...
ජය වේවා...!!!Tharaka
රොයිලි අයියාගේ 350 වෙනි කඩඉමට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!mithun
සිංහල උපසිරැසියට බොහොම තුති සහෝ.. බ්ලුරෙ අපු ගමන් බලනව මෙක නම්.. අර කිවුව dvd සින් එක නම් සිරාම කතාව .. කොහොම උනත් උපසිරැසි අයිතිය තියල හරි එහෙම කරනව නම් දුක නෑ. අපි ගන්න සයිඩ් එකෙ අපෙම සහොදරයො ලියපු උපසිරැසි කතෘවරු අයිතිය සමහර මිනිස්සු නැති කරනව.. එ ගැන කනගාටුයි පුද්ගලිකව මට නම්. මොකද මම සයිඩ් එකට පුද්ගලිකව අදරෙ කරන කෙනෙක්.. එ කොහොම නුමුත් ඔයලගෙ මෙ සෙවෙට බොහොම තුති ..
gayan
ape asahanya hoda karanna oba karana kapaweemata mage hadawathinma sthuuthiya.obata jaya..
Dana
Thanks kollo sub ekata .... ewagama සුබපැතුම් 350 කඩඉම pahukarata ....ekmanima br rip ekath awi hithanawa...
තිසර
කියන්න වචන නැ.... බොහෝම ස්තුතියි.....
Kulanjana Maduranga
ROILY sahoge 350 kadaimata suba pathum....really appreciate your works..thanks for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
350 kadaimata suba pathum....really appreciate your works..thanks ROILY for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
eally appreciate your works..thanks ROYLI for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
Really appreciate your works..thanks ROYLI for giving us all of this…wish u’r great future…..
Sameera Sam Jay
350 ට සුබ පැතුම් මචෝ !!! සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…
Naveen Pramodya
350 ට සුභපැතුම්
දිල්ශාන් සචින්ත (සචී)
බොහොම ස්තූතියි රොයිලි අයියේ...සින්හල සබ් එකට..350ක් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.ඒත් අපි නැති කාලෙකත් ඒ උපසිරසි එක්ක කට්ටිය.movies ,tv series බලාවි...ඒ වගේම අනාගතේ යම් දවසක ඒ දේවල් දිහා බලලා අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි...දිගටම සබ් දෙමු එහෙනම් ජය වේවා.
dananjaya sampath
thanx brooo
සචිත් ලක්ෂාන්(සචී)
හෆ්ෆා 350ත් ගහල එහනෙම්
සබ් 350ක් කරනව කියන්නෙ ඉතිම් ලේසි පහසු වැඩක් නෙවේ
350වන සබ් එකට සුභ පැතුම් එහෙනම්.....!
400ක් 450ක් 500ක් සහ ඊටත් වඩා එහාට සබ් කරන්න ලැබේවා
ජය වේවා එහෙනම් රොයිලි අයියෙ!!!!Nalin deveka
bohoma isthuthi obathumage me wadeta, jayen jaya
chaminda
ela bro ela.....ma
ප්‍රදීප් ඉරේෂ්
එළ එළ...මම මේක එනකන් බලන් හිටියේ....සබට ස්තූති..ඉක්මනටම 500 ගහමු නෙහ්...
තාරක කෝට්ටගේ
බලාගෙන ඉදල අද තමයි දැක්කේ.මේක නම් අනිවා බලන්න වටිනා Film එකක්.
ස්තුතියි උපසිරැසියට!!!
$$##!!......ඒ වගේම 350 වැනි උපසිරැසි නිර්මාණයට සුබ පතනවා......!!##$$
ජ
යවේ
වා!Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Rasitha Pradeep Somasiri
රොයිලි අයිය 350 ත් ගැහුව එහෙනම් ඉතිං...... මුලින්ම 350 වැනි උපසිරැසියට සුබ පතනවා.... ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ..........
Uddeepa Rozzer
සුභ පැතුම් රොයිලි අයියේ...සබට ස්තුතියි
jila
thanx bro sub ekata
Sameera Dias
thnkss saho sub ekata...congratz for 350th sub..excellent work...
Madushan
Ela bro. Thawa one sub
harsha
"ඔහු නැවතත්" ඒ කියන්නේ රොයිලි නැවතත් නිකම්ම නෙවෙයි 350 සළකූණත් එක්ක. බොහෝම සතුටුයි මචෝ. ඒ වගේම ඔය 350න් මට අත ඇරුන එවා ඇත්තේ බොහෝම ටිකයි මම හිතන්නේ. "ජේසන් බෝන්" පුහ් ඌව කවුද මචං නොදන්නේ හරියට අර බයිස්කෝප් එකේ රොයිලි වගේ පට්ට බඩු කෑල්ලක් තමයි. මම ඔය කතා සෙට් එකම බලලා තියනවා එක සැරයකට වැඩිය තවමත් සැටලයිට් ටිවි එකේ යනවා දැක්කොත් බලනවා. ඒ වාගේම තම්යි ඊයේ දීපූ එකත් පොතේ තරම්ම ගැම්මක් නැතත් නියමටම තියනවා. එහෙනම් සහෝ බොහෝම ස්තූතීයි 350 පසු කරගෙන යන්න විවේකයක් ලැබේවායී කියා ප්‍රාර්තනා කරනවා. ජයවේවා
kushan
all the best bro .. thanks 4 sub
Rajitha
Thank you saho sub ekata wagema oyalage kapawimatath......digatama yanda suba pathanawa,.........jayawewa..........!
lahiru444
thankz sub ekata
අනුරාධ
සුභ පැතුම් රොයිලි අයියේ !!! ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කළා ට. !!!!
Ishan
Gud luck ayye
TDG
Thanks for sub
i wish your futureTDG
thanks for sub
i wish your futureTDG
thanks sub
i wish your futureචාමිකර
ජය වේවා අයියේ.!!!
Dilshan
Ela Bn Uba Niayama Manussyek Salli Nemei Watinne Minissu BN
මනෝජ්
ඔයාගේ උපසිරැසිත් එක්ක ඉතාමත් ආශාවෙන් චිත්‍රපටි බලන්නෙ. බොහොම ස්තූතියි රොයිලි සහෝ..... ජයවේවා....
Minol perera
thank you
all the bestlaki.
bahapu alagediya thambenakan inna ba wage meka release wenakan indapu mata sinhala sub eka enakan iwasa wadaranna bari una saho....million thanks oyata meka dabal eke dunnu ekata..niroogi suwen apiwa pinawanna thawa kaalaya labewa....
BlackSnow
පට්ට thanks සහෝ. ඔයාගේ sub නියමයි දිගටම කරගෙන යමු
දුෂී
අනුන්ගේ ආශ්වාදය වෙනුවෙන් තමන්ගේ වෙලාව කැප කරන අය මේ ලෝකෙ අඩුයි. ඒ අතලොස්සක් ගොඩේ ඔයත් ඉන්නවා රොයිලි. ඔයාට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පිං. ඉදිරියටත් මේ දේ කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙයි.
එල්.සී. දමැල්
350k lesi wadak namei...
Subapathum saho...
400n hamu wemu :)තිලින
නියමයි අයියා BR එක ආපුවාමම බලමු නේහ්.
kavindahk
appreciate it !!!
තිලින
නියමයි අයියා BR එක ආපුවාමම බලමු නේහ්.
Seo spider
එතකොට... රොයිලි කියන්නෙ තට්ටයෙක්ද?
400ට සුබපැතුම් බ්‍රෝ :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx Bro.. !!!!!!!!!!1