මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි නිර්මාණය කර තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට ඇඩ්මින් මඩුල්ල තීරණය කළෙමු. අතුල කාරියවසම් සහෝදරයා විසින් යොමු කරන ලද ලිපිය… මේ වතාවෙ මම අරගෙන ආවෙ අපේ සිසිල සහෝදරයා මට ඉක්මනටම කරලා දෙන්න පුලුවන්ද අහලා ලබාදුන්න ෆිල්ම් එකක් අර…

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි නිර්මාණය කර තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට ඇඩ්මින් මඩුල්ල තීරණය කළෙමු.
අතුල කාරියවසම් සහෝදරයා විසින් යොමු කරන ලද ලිපිය…
මේ වතාවෙ මම අරගෙන ආවෙ අපේ සිසිල සහෝදරයා මට ඉක්මනටම කරලා දෙන්න පුලුවන්ද අහලා ලබාදුන්න ෆිල්ම් එකක් අරගෙන. ඒත් මම ඒ වෙනකොට ෆිල්ම් එක බලලවත් තිබුණ නැහැ. ඒ වගේම මම උපරිම උත්සාහයෙන් රාජකාරි වැඩත් සමග දින 3ක් ඇතුලත සබ් එක කරා. ඒ වගේම ගොඩක් ස්තුති කරන්න ඕන සිසිලට මේ වගේ ඉහළ රේටින් තියෙන ෆිල්ම් එකක් කරන්න ලබා දුන්නට.
ෆිල්ම් එක ගැන කියනවා නම් මේක imdb වල 8.1ක් වැනි ඉතාම ඉහළ අගයක් ලැබිලා තියෙන ෆිල්ම් එකක්. ඒ වගේම මෙක comedy/drama ෆිල්ම් එකක්. ඉතින් මේක පොදු තැනක ඉඳගෙන මේක බලන්න එපා, මොකද ඔයාලට හිනහා ගියොත් මිනිස්සු බලයි මේ මොකද කියලා.
සාමාන්‍යයෙන් සමහර comedy ෆිල්ම් තියෙනවනෙ අපිට බල කරලා හිනස්සවන්න හදන. ඒවට හිනා යන්න තමන්ම කිති කවා ගන්න ඕන. මේක ඒ වගේ විකාර තියෙන එකක් නම් නෙවෙ. සාමන්‍ය විදියට ගලාගෙන යන යම් තේරුමක් තියෙන කතාවක්. ඉතින් ඒක, එක හෙතුවක් වෙන්න ඕන මම හිතන විදියට මේකට ඉතා ඉහළ රේටින් අගයක් ලැබිලා තියෙන්නෙත්.
තව හේතුවක් තමයි මම හිතන විදියට මෙහි ඉර්ෆාන් ඛාන් රඟපාන ශෞකට් චරිතය. ඒ චරිතය අපිත් එක්ක ඉන්න එක් යහළුවෙක්ගෙ චරිතයක් නිරූපණය කරනවා. ඒ කියන්නෙ අපිට ඉන්නවනෙ අපි සීරියස් වෙලා ඉන්න වෙලාවක අඟට පතට නොදැනී කට කැඩිච්ච කතා කියන යහලුවෙක්. ඉතින් ඒ වෙලාවට අපිට හිතෙන්නෙ හොම්බට දෙකක් අනින්න. ඒ වගේම කොහේ හෝ ගියාම ඕනම කෙනෙක් එක්ක යාලු වෙනව ඉක්මනටම. ඕනම නම් පිටසක්වල ජීවියෙක් උනත් විනාඩියෙන් යාළු කරගන්නවා. ඒ වගේම හිත හොඳයි, සංවේදි, බොක්ක උනත් දෙන කෙනෙක්. ඒ වගේම අපි සමහර වෙලාවට අමරුවෙ වැටෙනවා ඒ යාලුවත් එක්ක වැඩක් කරන්න ගියාම. ඒ වගේම අපිට කරගන්න අමාරු සමහර වැඩ ලේසියෙන්ම ගොඩ දාලාත් දෙනවා. ඉතින් මේ වගේ චරිතයක් තමයි ඉර්ෆාන් රඟපාන්නෙ. එතකොට මෙකෙ ඉන්න සීරියස් චරිතය තමයි අවිනාශ්.
කතාව ගැන කියනවා නම් අවිනාශ් කියන කෙනාගේ තාත්තා වන්දනා ගමනක් යද්දි අනතුරකට මුහුණ දීලා මිය යනවා. ඉතින් ට්‍රැවල් ඒජන්සියෙන් තාත්තගෙ සිරුර ගුවන් තොටුපලට එවනවා. මේ සිරුර ගෙන්න අවිනාශ් සහය ගන්නෙ ශෞකට්ගෙන්. සිරුර අරගෙන අවිනාශ් තීරණය කරනවා ඒක පුච්චන්න. පුච්චන්න අදාහනාගාරයට ගියාම තමයි අවිනාශ් සහ ශෞකට් දැන ගන්නෙ ඒ තාත්තගෙ සිරුර නෙවේ කියලා. ඉතින් අවිනාශ් සහ ශෞකට් තීරනය කරනවා මේක අදාල පුද්ගලයින්ට ගෙනිහින් දීලා තාත්තගෙ සිරුර අරගෙන එන්න. ඉතින් ඔවුන්ට ඉතා දීර්ඝ ගමනක් යන්න වෙනවා. ඒ යන ගමන අතරවාරයේ තමයි සේරම අවුල් ටික සිදුවෙන්නෙ. මෙය comedy ෆිල්ම් එකක් වගේ ආර්ම්භය සිදුවුනාට අවසානයට යනවිට සංවේදි වෙන්න පටන් ගන්නවා. අවසානයේ කියන දෙය අපිටත් ආදේශ කර ගත්තොත් සමහර අයට තේරුම් යයි මේ කියන්නේ අපි ගැන නේද කියලා.
එහෙනම් අවිනාශ්ට සහ ශෞකට්ට තාත්තගෙ සිරුර හොයා ගන්න පුළුවන් වෙයිද? ඔවුන් ඒ වික්‍රමය සිදු කරන්නෙ කොහොමද? ඔවුන්ට සිදුවන කරදර ජරමර මොනවද? අවසානයේ මේ දීර්ඝ ගමන නිසා අවිනාශ් සහ ශෞකට් තම ජීවිතයේ අරමුණ සොයා ගනීද? කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
හොඳයි එහෙනම් කට්ටියම හිනාවෙලා ලේ ටික පිරිසිදු කරගන්නකො. සෞඛ්‍යටත් හොඳයිනෙ. එහෙනම් මම දැනට නවතිනවා. තව අලුත් ෆිල්ම් එකක සබ් එකකින් අපි නැවත හමුවෙමු.
තාරක නුවන් සොහොයුරා විසින් යොමු කරන ලද ලිපිය…
මං දන්නෑ මගේ තාත්තා හොඳ කෙනෙක්ද නැද්ද කියලා… ඒත් මං දන්න එකම දේ තමයි… එයා නරක කෙනෙක් නම් නෙවෙයි…සුභ දවසක් වේවා කිව්වා බයිස්කෝප්වාසි හැමෝටම.. ආයෙත් ආවා ඔන්න ලස්සන හින්දි චිත්‍රපටයක් අරගෙන ඔබ හමුවට. ඉතින් හොඳ කෝපි ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. හෙමින් හෙමින් උපසිරැසි ගන්වලා ඔන්න අරගෙන ආවා එහෙනම් අද. හැමෝම ගොඩක් ආසාවෙන් එනකන් බලන් හිටිය ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ඒවගේම මමත් බොහොම උනන්දුවෙන් හිටියා කිව්වොත් නිවැරදියි මේක එනකන්. කයිවාරුව පැත්තකින් තියලා චිත්‍රපටිය ගැන කතාවට බහින්නම් මෙහෙමම.
ගොඩක් සංවේදී චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.. මුලින් නම් එහෙම සීරියස් බවක් පේන්නේ නෑ.. බලාගෙන යද්දී කොමඩි ගතියක් දැනෙනවා ඒත් චිත්‍රපටියේ ගලාගෙන යාමත් එක්ක ටිකෙන් ටික සීරියස් මූඩ් එකකට අපිව අරගෙන යන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. මලයාලම් සිනමාවේ ඇති දක්ෂ නළුවෙක් වෙච්ච දුල්කර් සල්මාන්ගේ ප්‍රථම බොලිවුඩ් ආගමනය විදිහට දිගහැරෙන මේ චිත්‍රපටිය 2018 අගෝස්තු 3 වෙනිදා තමයි තිරගතවීම ආරම්බ වෙන්නේ. ලෝ බජට් එකකින් අඩු නළු නිලියෝ ප්‍රමාණයකින් හදපු මේ චිත්‍රපටිය වාණිජ මට්ටමෙන් කෙසේවෙතත් ගුණාත්මක සිනමා නිර්මාණ අතලොස්ස අතරට එකතු කරන්න පුළුවන් තවත් සුපිරිම නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. IMDB අගය 8ක් වැනි ඉහල අගයක් ගන්නට සමත් වුනු මේ සිනමා සිත්තම දැඩි විචාරක පැසසුමට ලක්වුණු චිත්‍රපටියක් කිව්වොත් හරියටම හරි. නවක බොලිවුඩ් අධ්‍යක්ෂකයකු ලෙස බොලිවුඩයට එක් වෙමින් තම පළමු සිනමා අධ්‍යක්ෂණය ලෙසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ අක්රාෂ් කුරානා විසින්. බොලිවුඩ් සිනමාවේ තවත් අයිකන් එකක් වෙච්ච ඉර්ෆාන් කාන් තමන්ගේ සුවිශේෂී රංගන දායකත්වය සපයමින් චිත්‍රපටයට එක කරන කොලිටිය කියන්න වචන නැති තරම්. කාන්ලා තරම් මිනිසුත් තුලට නොගියත් ඔහු බොලිවුඩයේ ඉන්න ශ්‍රේෂ්ඨයෙක් බව මනාවට පැහැදිලි කරමින් චිත්‍රපටයේ එන ෂවුකට් නම් කැරවන් රියදුරු චරිතයට ඔහු තරම් ගැලපෙන වෙනකෙකු නැති බව පසක් කර දෙනවා. දුල්කර් සල්මාන් ගැන ඉතින් කියනවනම් මලයාලම් සිනමාවේ ඉන්න දැවැන්තයෙක් කිව්වොත් නිවැරදියි. බලලා තියේ නම් මතක ඇති 100 Days of Love(2015), O Kadhal Kanmani (2015), Bangalore Days (2014) වගේ චිත්‍රපටි ඔහු රඟපෑ නිර්මාණ වලින් අතලොස්සක්. ඊට අමතරව Mithila Palka සමගින් සුරූපී Kriti Kharbandaද මේ චිත්‍රපටිය සඳහා තම වටිනා රංගන දායකත්වය සපයා සිටිනවා. ඒ වගේම ලස්සන සින්දු ඇල්බම් එකකුත් මේ චිත්‍රපටියට ඇතුලත් කරන්න නිෂ්පාදක වරුන්ට අමතක වෙලා නෑ. ඒ අතරින් Arijith singh ගායනා කරන Chota Sa Fasana ගීතය විශේෂ තැනක් ගන්නවා.
කතාව ගැන කියනවා නම් අවිනාෂ් කියන්නේ IT කම්පැනි එකක් වැඩ කරන කෙනෙක්. මෙයාට පොඩි සවාරියක් සෙට් වෙනවා(මොකටද කොහෙටද කියලා කියන්නේ නෑ මං). ඉතින් ඔන්න ඔය සවාරිය එසේ මෙසේ එකක් නෙවෙයි. හුඟක් බාල්දි පෙරලගනිමින් යන්න වෙන ගමනක්. මේක යන්න සෙට් වෙන්නේ අවිනාෂ්ගේ හොඳම යාලුවෙක් වෙච්ච ෂවුකට් නම් ඩයල් එක එක්ක. ඉතින් මේ දෙන්නා යන ගමනේදී ත්‍රාසය භීතිය, ආතල්, රෝමෑන්ස් අරක මේක හැම එකම එක්ක තමයි යන්නේ. අවසානයේ දෙන්නගෙම ජීවිතේම වෙනස් කරපු ගමනක් වෙච්ච මේ සවාරිය කොහොම එකක්ද කියලා බලාගන්න මං ඔයාලටම ආරාධනා කර සිටිනවා ඔන්න. චිත්‍රපටි අඩුපාඩුවක් තියෙන මේ කාල සමයේ කාලෙකින් ආපු සුපිරිම නිර්මානයක් කියලා එකෙන්ම රෙකම්න්ඩ් කරන්න පුළුවක් මේ චිත්‍රපටිය බාගත්තට කිසිම පාඩුවක් නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්.
ඉතින් සමුගන්න කාලය ඇවිල්ලා. යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදරවරු හැමෝමත්, ඒ වගේම වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැමවත්. කොහේ හිටියත් මොන වැඩේ කරත් හොඳ චිත්‍රපටියක් ආව ගමන් හැමෝම එන්නේ බයිස්කෝප් එක හොයාගෙන. ඒ ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා. ඉතින් ඒ විශ්වාසය හැමදාමත් රකින්න අපගේ උපසිරැසි කණ්ඩායම හැම මොහොතකම සූදානම්. කාටත් කලින් හොඳම උපසිරැසිය ඔබ වෙත ලබාදෙන්න තමයි අපේ අය නිතරම බලාගෙන ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ඒ කැපකිරීමද මේ මොහොතේ මතක් කර සිටින ගමන්, ඒ වෙනුවෙන් වචනයකින් හරි දිරිගැන්වීමක් කරන අතලොස්සක් මනුෂ්‍යයින් වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරමින් මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්.. ඔබ සැමට ජයෙන් ජය… !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.
19,410 downloadsDownload Karwaan.2018.Baiscopelk.com_.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට සහ “තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
94 comments
Shamal Ranasinghe
chamallakshan
dedenatama bohoma stuthi..
Prabodha Madhusankha Hettiarachchi
Godak sththuthi bros sub ekata.. Jayawewa...!
SadeepaT
supiri film eka.enakal balan hitiye.sub dunna dennatama thanks
Thisal
thanks
Ameera
thanks machanla...
Dharshana Kasun
Thanks...
gihan perera
දෙන්නටම ගොඩක් ස්තුතියි සහෝ...මං සාමාන්‍යයෙන් කොමඩි බලන් නැ...එ්ත් මේක නම් බලන්න හිතෙනවා..rating 8 ක්..පට්ට..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!සහෝලා දෙන්නටම....ජය වෙිවා මචන්ලා....
Tharaka
THANKS............
dsdkavishka
Thenks dennatama sub ekata, fatta wedak
aks
thanks...
ඩොක් අයියා
ඔන්න තැන්කු වේවා. උපරසිය බගත්තෝ
Kovidu
දෙපලටම බොහොමත්ම ස්තූතියි ,,, ජයෙන් ජය!!!!!!!!!!!!!!
MR
thanks
thusitha10
thanks
Nirosh C
ස්තුතියි දෙපළටම.ජයවේවා!
Nilush Angana
Sub ekata thnx
බොබී
දෙන්නම මහන්සි වුනානේ. දෙන්නටම ස්තූතියි. තවත් නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න ලැබේවා කියලා පතනවා.
ridmal
Thanks...
subodha
thanks..
tharidu16
මේක බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට දාලා නැනේ තවම. අයියො ඉක්මනින් දාන්න. තෑන්ක්ස්
thimalF
patta
Achi
තැන්ක්ස් බොක්ක දෙන්නටම
NuwanK
Thank u bross...
Kumara4
FIlm eka dala nene
ananda_info
thanks saho...ela...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!kasunlakshitha
elam
rangika Kariyawasam
දෙන්නටම බෝම ස්තුතීයි සහෝලා.නියම ෆිලුමක් .දුල්කර් ඉන්නවනම් ආයෙ හෝදන්න දෙයක් නෑ.මැක්සාම තමා.ජයවෙිවා
Amesh Nirmal
Torrent Link ?????
Eranda Malith 2.0
දෙන්නටම බොහොම ස්තූතියි සබ් එකට
Harshi111
download link ekak dennako. downloads wala thama daala nane. thankx sub ekata
Hemantha De Silva
ස්තුතියි දෙන්නටම ... එනකල් බලන් හිටපු එකක්.. ඉක්මනටම ගෙනාවට...
harshana deshan
thank you..
Lalani Maduwanthi
Wowwwww thank you,,,,baiescope
malaka2013
supiri film eka sub ekata thankyou
malaka2013
patta eka sub ekata thankyou
Kulanjana Maduranga
patta filumak...subata thanks tharaka saho.......anith sahotath thanks.....jaya wewa.....
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bros...............
shiranga
ලස්සන චිත්‍රපටියක් . සමහර චිත්‍රපටි තියෙනවා කොයිවෙලාවෙි ඉවර වෙන්නේ කියලා බලන් ඉන්න ඒවිවා . සමහර ඒවා තියෙනවා ඉවර වෙන්නවට කැමති නැති දිගටම බලන් ඉන්න ආසා හිතෙන ඒවා , මෙිකත් එ වගේ ඒකක් , ඉන්දියාවෙි ස්භාවික පරිසරය ලස්සනට පෙන්වනවා මෙිකින්. මෙික කොමඩි එකක් නෙමෙි.
suna
thnx dennatama......
Lahiri
dennatama godak thankz
Rumesh dhanushka
බොහොම ස්තුතියි. බයිස්කෝප්
Chirantha Deshapriya
Thanx සහෝ..
Chirantha Deshapriya
Thanx සහෝ.
sampath n perera
thanks
Manujaya Kamburugamuwa
බලන් හිටපු පිලුමක් ස්තුතියි ... ජය වේවා ...
D.Chamara
balana watina ekka . bohoma sthuthi oba depalatama
awsanjaya
Thanx for the subtitle.
Advertisement

Thank you..!