Watch Trailer

Jumanji: The Next Level (2019) Sinhala Subtitles | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ.. [සිංහල උපසිරැසි සමඟ] *250

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක්. ඔයාලා වගේම මාත් මේක එනකම් බලං හිටියෙ ලොකු උනන්දුවකින්. මොකද කිව්වොත් උපසිරැස ජීවිතයෙ පස්වෙනි කඩයිමට එහෙම නැත්තම් 250 ස් වෙනි උපසිරැසය සැමරීමටයි මේ සූදානම. එහෙනම් වෙනදා වගේම උපසිරැස වල කාල වකවානුව කියලාම පටන්ගන්නම්කො. ප්‍රථම උපසිරැසය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක්. ඔයාලා වගේම මාත් මේක එනකම් බලං හිටියෙ ලොකු උනන්දුවකින්. මොකද කිව්වොත් උපසිරැස ජීවිතයෙ පස්වෙනි කඩයිමට එහෙම නැත්තම් 250 ස් වෙනි උපසිරැසය සැමරීමටයි මේ සූදානම. එහෙනම් වෙනදා වගේම උපසිරැස වල කාල වකවානුව කියලාම පටන්ගන්නම්කො.

  1. ප්‍රථම උපසිරැසය 2016 අගෝස්තු 20
  2. 50 වෙනි උපසිරැසය 2017 ජූනි 02
  3. 100 වෙනි උපසිරැසය 2018 මාර්තු 14
  4. 150 වෙනි උපසිරැසය 2019 ජූනි 08
  5. 200 වෙනි උපසිරැසය 2019 අගෝස්තු 01

ඔන්න ඔය විදියට තමයි ඒ කාල වකවානු ටික ගතවුණෙ. වැඩියෙන්ම වගේ තියෙන්නෙ ඉතිං රූපවාහිනී කතාමලා තමයි. චිත්‍රපටය ගොඩක් අඩුවෙන් තමයි සිදු කරන්නෙ. එයිනුත් වැඩි හරියක්ම තියෙන්නෙ #නෙට්ෆ්ලික්ස් චිත්‍රපට. මේ වැඩේ පටන්ගත්තෙ හිතෙ තියෙන ආශාවකට වගේම කම්මැලිකට. කොහොමහරි පළවෙනි එක කරල ලැබිච්ච සතුටට තව එකක් කරන්න හිතුණා. ඔන්න ඔහොම එක දිගට කරල තමයි මේ තරම් දුරක් ආවේ. දැන් නම් නිකන් ඇබ්බැහි වෙච්ච එකෙක් වගේ තමයි. නවත්තන්න හිත දෙන්නෙම නැහැ. කොහොමහරි ඉස්සරට වඩා දැන් ටිකක් උපසිරැස කිරීමෙ වේගය අඩාල වෙලා තියෙනවා. මොකද රස්සාවත් එක්ක කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. ඉතා කුඩා වේලාවක් තමයි මෙය වෙනුවෙන් කැප කරන්නෙ. ඉතිං ඒ චූටි මොහොත පාවිච්චි කරල ඉදිරියට පුළු පුළුවන් විදියට අරගෙන එනවා.

පස් වසරක් මේ බයිස්කෝප් අඩවිය එක්ක එකතු වෙලා ඉන්දැද්දි දැන හඳුන ගත්තු කට්ටිය බොහෝමයි. ඒ අතරින් අපෙ බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ සිටින සෑම දෙනෙක්ම වගේ මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒවගේම තමයි බයිස්කෝප් අඩවියෙ සිටින සෑම උපසිරැසකරුවෙක්ම මේ වෙලාවේ මතක් කරනවා. නම් වශයෙන් කියන්න ගිහිල්ලා කෙනෙක්ගෙ නමක් හරි මඟ හැරුණොත් හරි නැහැනෙ. මීළඟට ඉන්නෙ උපසිරැස බාගත කිරීම පැමිණෙන ප්‍රේක්ෂක ඔබ. ඔයාලගෙ අදහස් නිසා තමයි අද වෙනකනුත් උපසිරැසකරුවන් ගොඩක් පිරිසක් සිටින්නෙ. ඇත්තෙන්ම සමහරු හිතනව ඇති “අපි කමෙන්ට් දැම්මට වැඩක් නැහැ මෙයාල කියවන්නෙත් නැහැ” කියලා. එහෙම නැහැ, මං වුණත් සතියකට සැරයක් ඇවිත් ඒ අදහස් එහෙම බලලා යනවා. මට විශ්වාසයි අනිත් උපසිරැසකරුවනුත් එහෙම කියලා. ඉතිං හැමදාම වගේ කමෙන්ට් එකක් හරි දාලා දිරිමත් කරන ඔබලාවත් අද මම මතක් කරනවා. ඒවගේම 250 ට මේ චිත්‍රපටය ලබාදීපු “හසන්ත අයියාව” මතක් කරන්න ඕන. එහෙනම් වෙන කතා ඕනෙ නැහැ අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

ජුමාන්ජි කිව්වම කවුද නොදන්නෙ? මතකද ඉස්සර අපි නිවාඩුව රූපවාහිනීය ඉස්සරහට දුවගෙන යනව චිත්‍රපට බලන්න. ඔතනදි පොඩි අපි හැමෝම වගේ අමුතුම ආකාරයෙ චිත්‍රපට අත්දැකීමක් විඳින්නෙ. හැමෝගෙම හිතෙ තියෙන්නෙ, ඊළඟට මොකක් වෙයිද? දාදු කැටෙ මොන අංක පෙරලිලා මොන වගේ දෙයක් වෙයිද? කියන දේවල්. කියන්න සතුටුයි ඒ අත්දැකීම අවුරුදු ගාණක් ගිහිල්ලත් අදටත් එලෙසෙම තියෙනවා. කවුරුත් හිතුවෙ නැහැ පුංචි කාලෙ විඳපු ඒ රසාස්වාදය ආයෙ විඳින්න ලැබෙයි කියලා. හැබැයි 2017 වර්ෂයෙදී එය නැවතත් අපිට විඳින්න පුළුවන්කම ලැබුණා එක්තරා වෙනස්ම ආකාරයකින්. තාක්ෂණයෙ ලොකු වෙනස්කමක් සමඟ වගේම අලුත්ම තේමාවකින්.

ඉතිං මේ ජුමාන්ජි චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තෙ “Chris Van Allsburg” ගේ පොතක් පාවිච්චි කරගෙනයි. ඇත්තම මෙය අයිති වෙන්නෙ ෆැන්ටසි ගණයට. ඒවගේම තමා මෙය ළමයි වෙනුවෙන්ම කරපු පොතක්. මෙහි චිත්‍ර තමයි අඩංගු වෙන්නෙ. පහළින් දකින්න ලැබෙන්නෙ එහි කතෘ සහ එම පොතයි.

”ජුමාන්ජි පොතෙහි කතෘවරයා”

”ජුමාන්ජි පොත”

 

 

 

 

 

 

 

ඉතිං 1981 වර්ෂයෙදී එළි දැක්වුණු මෙම පොත පාවිච්චි කරලා 1955 වර්ෂයෙදී තාක්ෂණයෙ එක්තාරා දියුණුවක් ඇති කාල වකවානුවේදී චිත්‍රපටයක් එළි දක්වනවා. එය ළමයි අතරෙ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒවගේම ”IMDb මීටරේ 7.0′‘ ක ඉහළ අගයක් සහ ”කුණු තක්කාලි 54%” අරගන්න හැකියාවක් ලැබෙනවා. “Joe Jonston” අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ”බොක්ස් ඔෆිස් ආදාම මිලියන 263” ක් ලබාගන්නවා. ඒවගේම රංගන ශිල්පීන්ට Robin Williams | Kirsten Dunst | Bonnie Hunt | Bradley Pierce | Jonathan Hyde | Bebe Niuwirth දායක වෙනවා.

ඔන්න ඊට පස්සෙ හරියටම අවුරුදු 22 කට පස්සෙ නවතම තාක්ෂණය භාවිතයෙන් සහ අලුත් ට්‍රෙන්ඩ් එකට හරියන විදියට චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එය “Jumanji : Welcome To The Jungle“ යන නමින් තමයි එළි දක්වන්නෙ. මෙහි ‘‘IMDb අගය 6.9” ක් සහ ”කුණු තක්කාලි අගය 76%” අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ”Jake Kasdan” විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පිරිවැයකින් නිපද වු මෙය ”ඩොලර් මිලියන 962” ලබාගැනීමට හැකියාව ලැබුණා. ඒවගේම රංගනයෙන් Dwayne Johnson l Karen Gillan l Kevin Hart l Jack Black l Nick Jonas l Madison Iseman l Alex Wolff වැනි සුප්‍රකට රංගන ශිල්පින් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒවගේම මෙහි ලබපු සාර්ථකත්ව නිසාම මෙහි දෙවැන්නක් බලපොරොත්තු වෙන්න කියලා එහි අධ්‍යක්ෂකවරයා මාධ්‍ය ප්‍රකාශනයකදී පවසා හිටියා. ඉතින් මෙලෙස 2019 වර්ෂයෙ තිරගත මෙය වෙච්ච ජුමාන්ජි චිත්‍රපටය හඳුන්වන්නෙ ”Jumanji : The Next Level” යනුවෙන්. එයත් පළමුවැන්න වගේම අති සාර්ථක සිනමා පටයක් වීමට හැකියාව ලැබුණා. එහි ”IMDb අගය 7.0” වැනි අගයක්ද ”කුණු තක්කාලි 71%” අගයක්ද අරගන්න සමත් වී තිබෙනවා. රංගන ශිල්පින් කලින් එකේම හිටපු කට්ටිය තමයි ඉන්නෙ. හැබැයි අමතර චරිත දෙකක් දායක වෙනවා. ඉතින් Action l Adventure l Sci-Fi යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැය දෙකක් පුරාවට ඔබට රසවිඳින්න පුළුවන්. ඒවගේම තමයි ඩොලර් මිලියන 132 ක පිරිවැයකින් නිපද වූ මෙය ”බොක්ස් ඔෆිස් ආදායම 752” ක ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. හැබැයි මෙය වෙනස් වෙන්න පුළුවන්. මොකද තාමත් මෙය තිරගත වෙන නිසා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් චිත්‍රපටයයෙදී දකින්න ඇතිනෙ මේ හැමෝටම වගේ සිද්ධ වෙච්ච දේවල්. කොහොමහරි ස්පෙන්සර්ගෙ යහළුවෝ ටික හිතාගෙන ඉන්නෙ ස්පෙන්සර් ගේම් එක විනාශ කළා කියලා. නමුත් ඔහු එය කරන්නෙ නැහැ. ඔහු එය ළඟ තබාගන්නවා. ඔන්න දැන් නිවාඩු කාලෙ ඇවිත් ස්පෙන්සර් යනවා අම්මගෙ ගෙදර. මෙයාලගෙ සීයත් ඉන්නෙ මෙහෙමයි. හැබැයි ස්පෙන්සර් ලොකු කලකිරීමකින් ඉන්නෙ. මොකද එයා රූබි එක්ක තරහ වෙලා ඉන්නෙ. මොහු කරන්නෙ ආපහු සෙල්ලම ඇතුළට යන එක. ඔය අතරේ මේ යහළුවෝ ටික ස්පෙන්සර්ව හොයාගෙන එනවා. ඔය අතරේ මෙයාලා දකිනවා ස්පෙන්සර් නැවතත් සෙල්ලම ඇතුළට ගිහින් තියෙන විත්තිය. ඉතින් මෙයාලා ඔහුව එහෙම අතාරින්නෙ නැහැ. මෙයලාත් යනවා සෙල්ලම ඇතුළට. කලින් වතාවට වඩා මේ පාර ගොඩක් වෙනස්. මොකද චරිත තොරගනෛමක් සිද්ධ කරන්න බැරි වෙනවා. ඒවගේම තමයි ගෙදර හිටිය අනිත් කට්ටියත් සෙල්ලමට ඇතුළට ඇදිල යනවා. ඒ එඩී සීයා සහ එයාගෙ යහළුවා මයිලෝව. ඒවගේම සම්පුර්ණුයෙන් චරිත මාරු වීමක් සිදු වෙනවා. මෙයාලට ලැබෙන්නෙ කෘර ජර්ගන් නමැති පුද්ගලයෙක් නවත්තන එක. ඔහු ගොඩක් සාහසික පුද්ගලයෙක්. ජුමාන්ජි වල ඉන්න බිහිසුණුම කෙනා ලෙස තමයි හඳුන්වන්නෙ. ඉතිං මේ චාරිකාවේදී ගොඩක් දේවල් මුහුණ දෙන්න ලැබෙනවා. ඔයාලා පුර්ව ප්‍රචාරක පටයේදී දකින්න ඇතිනෙ එයින් ටිකක්. එහෙනම් අපි බලමුකෝ මෙයාලට ස්පෙන්සර් බේරාගෙන මේ කෘර ජර්ගන්ව නවත්තන්න පුළුවන් වෙයිද කියලා?

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

62,661 downloadsDownload Jumanji-The-Next-Level-2019-Blu-Ray.zip164 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

62,661 downloadsDownload Subtitles164 KB

117 comments

  1. tharidu16

    thanks machiii hoda copy 1 awama balanawa

  2. Piyumi prabodya

    thanks for sub...

  3. Isira janith

    Thanks sub ekata playing with fire 2019 sub dennko please plz

  4. peththappu

    ravindu congratulations... thnq sub ekta

  5. darshana100

    thanks saho

  6. peththappu

    congtratulation mcn... thnq sub ekta

  7. Shaggie

    Congrat❤️Br enkn innw

  8. චානක ඉඳුනිල්

    congrats!

  9. isuru srinath sjs

    සුභපැතුම් මචෝ... ඔහොමම 300ත් ගහමු.. ජයවේවා..!!

  10. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    250 කඩඉමට උණුසුම් සුභ පැතුම්.!

  11. arawindasunimal

    250 i Jayawewa............

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    250 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  13. Nilush Angana

    Sub ekata thanx

  14. AUSHI

    Thanks thanks thanks aneee..

  15. දමිත් රත්නායක

    250 කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ.
    ජයෙන් ජයම වේවා! ❤️

  16. සනිඳු ලක්ඛිත

    මුලින්ම...250 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් මචං. උබ කිව්වට උපසිරස වේගය අඩාල වෙලා කියලා වැඩත් එක්ක මේ මෑත කාලයේ බයිස්කෝප් එකේ වැඩිම සබ් දෙන්නෙ උබ. විශේෂයෙන්ම කාටහරි සබ් එකක් කරගන්න බැරි උනත් ඒකට කරගහලා ඉවරයක් කරන්නෙත් උබ. පරණ සෙට් එක ඇරුනාම බයිස්කෝප් එකෙ ආසම උපසිරස කෙනෙක් තමයි මචං උබ. මං හිතන්නේ බහුතරේකට එහෙම වෙන්න ඕනි. අනික උපසිරස වල අඩුපාඩුවක් මමනම් දැකලම නෑ. බයිස්කෝප් සන් වැටෙනව සමහර ෆිල්ම් තියේ ෆිලුම ගැන ලොකු අවබෝදයක් නැතත් සබ් කරන කෙනා නිසා බලනවා. ආන් ඒ වගේ උපඋපසිරසකරුවෙක් තමා උබ. එහෙනම් කියන්න තියෙන්නේ දිගටම වැඩේ කරන් යමු. වැඩ රාජකාරි මැද්දේ පුලුවන් වෙලාවට ෆිලුමකටහරි සබ් එකක් අරන් එන්න. ඉස්සරට වඩා දැන් කොච්චර ඉංග්‍රීසි පුලුවන් උනත් තාමත් බයිස්කෝප් එකේ සබ වැන්නාම තමා ෆිල්ම් එකක් ආසාවෙන් බලන්නේ. ඒ උබලගේ දක්ශතාවය නිසා. සබ් එකක් වැටෙනකම් බලන් ඉන්න තැනට අපිට ආසාවක් ඇති කලේ ඒ දක්ශතාවය. එහෙනම් සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..බුදුසරණයි..!

  17. bimsra

    අයියේ, 250ට සුභ පැතුම්.පොඩී typing mistake එකක් තියෙනවා.1995 jumanji පලමු film එක ආවා කියල වැරදීමකින් දාලා තියෙන්නෙ 1955 කියලා.පොඩී අවුලක්.ඒත් එක එච්චර අවුලක් නෑ.ගනං ගන්න එපා.

  18. Prabhasoft

    thank you... bro jayawewa....

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    250 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    දිගටම සබ් කරමු....
    මේකනම් Bluray ආවහමම බලන්නේ....

  20. rockz2020

    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
    බ්ලුරේ ආ සැනින් update එකක් දෙන්නෙ ✌
    250 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ!
    ජය වේවා! ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    The Rising Hawk (2019)

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)

  21. jagath55

    Thanks

  22. Hasitha Madush

    මගේ fb මිතුරා රවිඳු සහෝ.පට්ට හොඳේ සබ් එක

  23. සසිඳු කවීශ ගමපතිරණ

    250 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පැතුම් සහෝ!

  24. Gathsara Umesh

    250t හදවතින්ම සුබපතනව සහෝදරය...ගොඩක් කතවලට ඇදගෙන් ගිහිල්ල නවත්තපු කතාගොඩකට සබ් කරපු කෙනෙක් ඔයා..දැන්ම මේ කඩයිමෙන් නවත්තන්න එපා.පුලුවන් උපරිමේටම යමු...සදවතින්ම සුබපතනවා...

  25. roshanst

    250 ta subha pethum . jayawewaaaa

  26. Ashan Maduranga

    congratulations and thank you very much for the subtitle...

  27. shadow@worker

    jaya veva broooooooo

  28. Lasantharathnasirirox

    බොහෝම සන්තෝසයි මෙතෙක් කරදර බාධක මැදින් ආපු ගමනට...ඉතින් ඉදිරියටත් මෙලෙසින්ම සාර්ථක ගමනක් යන්න සුබපතමින් නවතිනව.ජයවේවා !!!

  29. Asela sooriya bandara

    thz

  30. Dulan Randika

    250 කඩයිමට උණුසුම් සුභපැතුම්.1000 වත් record එකක් තියමු.අපි වෙනුවෙන් වෙන මහන්සියට ගොඩක් ස්තූතියි.

  31. cdilhara99

    Torrent link eka dennako kawru hari

    1. Amila Mudalige

      250 වෙනි උපසිරසියට සුභ පැතුම්!! ඉදිරියට තවත් උපසිරසි නිර්මාණය කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  32. Kantha_DLA

    250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  33. thilz

    gud luck and thank you

  34. dasuntha

    jaya wewa

  35. Pramukmili

    Thanx bro...........

  36. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  37. SanjulaJeter

    thanks

  38. indika75

    thanks..250ta suba pethum!!!!!

  39. kaglakshitha

    Thanks Bro. good luck

  40. wnrodrigo

    Good work friend, thanks for the sub.

  41. YasasPerera

    thank you bro.. you did some great work here. pls carry on. best of luck..!!!

  42. ptcjine

    supiri bro thanks

  43. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. gihan

    250 වැනි උපසිරසියට සුභ පැතුම්

  45. AMA

    THanks Bro..................

  46. k.p

    සුබ පැතුම් 250* ට

  47. Ravisara Dharmapala

    Jumangi kalin films okotma wada meka athal patta movie eka..thnks mchn mahnsiwela sub ekta krata gd lck..

  48. madhubashana bandara

    jaya wewa !!

  49. උදයංග සම්පත් හතරසිංහ

    250ට සුබපැතුම් මල්ලි.. ඔහොමම 300 ගහමු. ජය වේවා..!

  50. peththappu

    thnq bro sub ekta

Load more comments