Watch Trailer

Kadhalum Kadandhu Pogum (2016) with Sinhala Subtitles | ආදරයත් පසුවී යයි.. ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ නිවාඩු කාලය දිග නිසා ඔයාලට පිට පිටම හොඳ උපසිරැසි ගොන්නක් රැගෙන ආවා. ප්‍රේමම්, ඉරුදි සුට්රු ඔයාලා රස විඳින්න ඇති කියලා හිතනවා. අද මම ගෙනාවේ තවත් අපූරු ෆිලුමක්. මේකේ ප්‍රධාන නළුවා විජය් සේදුපති කීවාම ඉතින් ඕනැම කෙනෙක් මේ චිත්‍රපටයට කැමති වෙයි කියලා හිතනවා. ඒ මදිවට මැඩෝනා සෙබෙස්තියන් මෙන්…

Kadhalum Kadanthu Pogum (2016)

ඔන්න යාළුවනේ නිවාඩු කාලය දිග නිසා ඔයාලට පිට පිටම හොඳ උපසිරැසි ගොන්නක් රැගෙන ආවා. ප්‍රේමම්, ඉරුදි සුට්රු ඔයාලා රස විඳින්න ඇති කියලා හිතනවා. අද මම ගෙනාවේ තවත් අපූරු ෆිලුමක්. මේකේ ප්‍රධාන නළුවා විජය් සේදුපති කීවාම ඉතින් ඕනැම කෙනෙක් මේ චිත්‍රපටයට කැමති වෙයි කියලා හිතනවා. ඒ මදිවට මැඩෝනා සෙබෙස්තියන් මෙන්න දමිළ සිනමාවට ඇවිල්ලා විජය් සේදුපතිත් එක්ක රඟපානවා. මැඩෝනා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔයාලා හොඳට දන්න සෙලින්. ප්‍රේමම් එකේ ජෝර්ජ්ව බැඳපු කෙල්ල. මේ පාර නම් මුරණ්ඩු චරිතයක් තමයි එයාට ලැබිලා තියෙන්නේ. එයා කීවා විජය් සේදුපති එක්ක රඟපෑම එයාට ලැබුණ භාග්‍යක් කියලා.

මේ වකවානුව විජය් සේදුපතිට ටිකක් හොඳ එකක් මොකද පිට පිටම එයාගේ ෆිලුම් ජනතාව අතරට ගියා. නානුම් රවුඩි තාන් ඔයාලා බලන්න ඇති. අද මම ඇරන් ආව චිත්‍රපටය කාදලුම් කඩන්දු පෝකුම්. කෙටියෙන් කීවොත් කා.කා.පෝ. මෙම චිත්‍රපටිය රිලීස් වෙන මොහොතේ පවා එයාගේ මාස් ෆිලුම “සේදුපති“ චිත්‍රපටයේ උණුසුම තාම පහව ගිහින් නැහැ. ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ඉතන් මම ඔයාලට කතාව පොඩ්ඩක් කියන්නම්.

යාලිනී කියන්නේ ඉංජිනේරු උපාධිධාරිණියක්. එයාගේ එකම ආසාව තමයි, චෙන්නායි වලට ගිහින් රැකියාවක් කරන එක. නමුත් ගෙදර අය මෙයා චෙන්නයි යනවට කැමති වුණේ නැහැ. ඒ නිසා මේකි මොකද කළේ, නිළ වශයෙන් ගෙදරින් පැනලා යනවා. නිළ වශයෙන් පැනලා යන්නේ කොහොමද කියලා ෆිලුම බැලුවොත් තේරෙයි. උඩ දාගෙන ගියාට මොකද චෙන්නයි ගියාට පස්සේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් තමයි එයාට වුණේ. අවසානේ ඉන්න තැනක් නැතුව බෙහෝම අමාරුවෙන් පොඩි කොළනියකට සෙට් වෙනවා. එතැනදී තමයි සේදුපති ගේ ආගමනය, නම කදිරවන් නැත්නම් කදිර්. කදිර් ඉන්නේ යාලිනීට අල්ලපු කාමරේ. එයා පුංචි පහේ මැරයෙක්. නමුත් හිත හොඳයි. කදිර් යම් යම් අවස්ථාවල බොහොම අව්‍යාජව මේ කෙල්ලට උදවු කරනවා. නමුත් එයාගෙ හිතේ කිසිම යටි අරමුණක් නැහැ, යාලිනී සම්බන්ධව. මේ දෙන්නගෙ ජීවිත දෙවිදිහක් වුණාට ඒවායේ බොහෝ සමාන කම් තියනවා. එම නිසාම මේ දෙපළ එකිනෙකාට සහයෝගයෙන් කල් ගත කරනවා. යාලිනීගේ එකම අරමුණ පරිගණක අංශයෙන් රැකියාවක් ලබා ගන්න. කදිරවන්ගේ අරමුණ බාර් හිමියෙක් වෙන්න. වෙනස්ම පාරවල් දෙකක ගියත්, එක වගේ බලාපොරොත්තු ඇති දෙදෙනෙක් . ඔහොම ඉන්නැද්දි, යාලිනිගේ ජීවිතේ ලොකුම උදවුව කදිරවන් ඉටු කරනවා. ඒ තමයි, යාලිනී යන්න තියන සම්මුඛ පරීක්ෂණයක් පැයකින් පරක්කු කරන එක. කදීර් කොහොමද ඒක කලේ? ඉතින් යාලිනීට රැකියාවක් ලැබිලා ඉහළ තැනකට ගියාට පස්සේ කදිරවන්ව අමතක වෙයිද? ඔයාලම බලලා මේ කතාව තේරුම් ගන්න. “ආදරයත් පසුවී යයි“ කියලා ඇයි නම දැම්මේ කියලා ඔයාලට තේරෙයි.

මේ චිත්‍රපටියට මම කොච්චර ඇලුම් කළාද කියනවා නම්, අවුරුදු සාද පවා මඟහැරලා තමයි මේ උපසිරැසිය කළේ. මේ නිසා හිත් අමනාපකම් පවා ඇති වුණා. නමුත්, ඒ තරම්ම රසවත් සහ විනෝදජනකයි. අවසානෙට මම මේ චිත්‍රපටයේ එක දෙබසක් පහතින් තබා යන්නම්. ජයවේවා !

ජීවිතේ සමහර අවස්ථා එන්නේ එක පාරයි.
ඒවා මඟ හැරියොත්…
අපි ඒ ගැන මතක් කරමින් මුළු ජීවිතේ පුරාම විඳවනවා.. !

Kadhalum Kadandhu Pogum (2016) on IMDb

 

 

 

10,711 downloadsDownload Kadhalum-Kadandhu-Pogum-2016.zip108 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

10,711 downloadsDownload Subtitles108 KB

49 comments

  1. Navi

    thnx bro !!!

  2. Chami.S

    THANKS..
    GOOD LUCK..!!!

  3. Chamara dias

    Set ekama maru. Thnks...

  4. Naveen Randika

    එල ‍ෆිල්ම් එකක් වගේ,බලන්න ඕන.
    ගොඩක් ස්තූතියි උපසි‍රැසියට
    ජයවේවා!

  5. Lahiru Sandaruwan

    oyalage me kepawima godak watinawa thanks guys keep it up!!!!
    :D

  6. Sadu..

    Bohoma thuthi bro sub ekata. Pissu hadei kiwwalu

  7. Kulanjana Maduranga

    niayamai…aniwa bamak....thama.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සචිත උදාර

    එල එල මුගේ ෆිල්ම්ස් සුපිරියි. බොහොම ස්තුතියි.

  9. Sithara Hallowita

    thnkuuuu :) :)

  10. nishadi wickrama

    tnx

  11. Nerun Kalpajith Fernando

    අනේ මචං... ඔහොම්මම ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ ෆිල්ම් එකටත් සබ් එකක් දෙන්නකෝ....

  12. indika

    ගොඩක් ස්තූතියි.....

  13. c.dark

    balukoooooooooooo...thanks subata macha

  14. D Chamara

    bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya... !

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. kavindu dilshan

    tnxxx shaooo puluwnnm ධනුෂ්ගේ "amma kanakku" 2016 movie ektath sub 1 dennkooo

    1. Indrajith Udaya Kumāra

      සහෝ තාම ඒක රිලීස් වෙලා නැහැ.
      රිලීසු වුනාම සබ් දෙන්නම්.

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  18. Dilusha Nuwan

    තෑන්ක්ස් සබට!

  19. නිරෝෂ්

    ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !

  20. mithun

    මෙ ටිකෙ ඔය සුපිරිම ටැමිල් ෆිල්ම් දෙකතුනක් දුන්න එල බ්‍රෝ..
    බොහොම තුති

  21. Menaka Kariyawasam

    ela machan sabata sathuthi

  22. sisitha

    නියමයි... අන්තිම ටිකේදී හිතට ආවේ පුදුම මෙව්වා එකක්...

  23. Chamindu Madushan

    thank you wewasub ekata ....!!!!! macho puluwannam ''MILI 2015'' malayalam film ekatath sub eka dennakoo..

  24. Chamindu Madushan

    thank you wewa sub ekata ....!!!!! macho puluwannam ''MILI 2015'' malayalam film ekatath sub eka dennakoo..

  25. sumtih

    supiri machan thanks sub ekata jayawewa !!!!!!!!!

  26. Dilusha Nuwan

    සුපිරියටම ෆීල් වෙන ෆිල්ම් එකක්. තෑන්ක්ස් සහෝ අවසාන ටිකනම් කියලා වැඩක් නෑ සුපර්බ්

  27. vimu

    pattah supirima film 1 mcn. Superb ah. Thnx wewa... Sub 1ta

  28. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Rajitha

    thanx machna :)

  30. ශෂික

    සහෝදරයා ඔයාල කරන මේ sub දෙන වැඩේනම් පට්ට අගයන්න ඕන දෙයක් ඔයාලට බයිස්කෝප් team 1ට මගේ හදපිරි උපහාරය .

  31. silent$

    Thanx bro

  32. රුවන්

    ගොඩක් ස්තුතියි සහෝ...............

    1. Shanuwa

      Thnx broo thawa karanna

  33. Nadun Dasantha Kariyawasam

    උපසිරැසියට බොහෝම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ.
    සේදුපති ඉන්නවා කියන්නේ ඉතින් අනිවා බෑමක් තමයි.
    ෆිලුම නම් සුපිරි.....

  34. Leo Nifraz

    Good job bro..

  35. ricado

    tks for the sub indrajeeth, it's been a long time that i have not watched a tamil movie & i'm glad that i choose this movie to watch, tks agian bro.............

  36. UK_Fernando

    Thanks bro

  37. Death_race

    Thanks For sub

  38. Su

    Thanks saho sub ekta

  39. sayuru_tharanga

    Sub ekata godak sthuthi saho........

  40. macknal d.i

    Thanks bro......

  41. muditha gayan

    Thankzzzzzzzz

  42. Sachinnn

    Thanx machaaa...jaya wewa

  43. සාරංග ජේ. ලියනගම

    Thanks.....

  44. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  45. baiscopelk ishu

    thx saho

  46. Sandeepa

    Sub එක වැඩ කරන්නේ නෑනෙ සහෝ. Please පුළුවන් නම් ආපහු upload කරන්නකෝ.

    1. Ravindu Heshan - Admin

      Dan Wada