ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි.සති 3ක් වගේ කාලයක් ගියා ඉතින් ඊළග උපසිරැසිය අරගෙන එන්න.කොහොම වුණත් ඔන්න හොද ෆිලුමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.IMDb 5.7ක් අරගෙන තියෙන 2019 අගෝස්තු මාසයේ 02 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු පැයකුත් විනාඩි 58 ක් පුරා දිවෙන කැලෑවක් ආශ්‍රිතව කුඩා ගම්මානයක් වටා ගෙතිච්ච ලස්සන ආ…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි.සති 3ක් වගේ කාලයක් ගියා ඉතින් ඊළග උපසිරැසිය අරගෙන එන්න.කොහොම වුණත් ඔන්න හොද ෆිලුමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.IMDb 5.7ක් අරගෙන තියෙන 2019 අගෝස්තු මාසයේ 02 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු පැයකුත් විනාඩි 58 ක් පුරා දිවෙන කැලෑවක් ආශ්‍රිතව කුඩා ගම්මානයක් වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවකුත් එක්ක ගලාගෙන යන චිත්‍රපටයක්.Kazhugu පළමු චිත්‍රපටය තිරගත වුණේ 2012 වෙනි අවුරුද්දේ.හැබැයි මේ Kazhugu 2 (2019) බලන්න පළමු චිත්‍රපටය බලලම ඉන්න ඕනෙ නෑ.ප්‍රධාන චරිතය ප්‍රථම චිත්‍රපටයේ මෙන්ම Krishna සහ Bindu Madhavi තමයි දායක වෙලා තියෙන්නේ. Krishna ගෙ චිත්‍රපට කිහිපයක් මතක් කරනවනම් මීට කලින් මමම උපසිරැසිය ගෙනාපු Vizhithiru (2017) සහ Veera (2018), Maari 2 (2018), Kalari (2018) මෑතකම තිරගත වුණ චිත්‍රපට කීපයක්. Bindu Madhavi නම් අවුරුද්දකට පස්සෙ වගේ තමයි චිත්‍රපටයකට දායක වෙලා තියෙන්නේ.
ඉතින් කතාව දිහාට හැරුණොත් කෙටියෙන්ම විස්තරේ කියන්නම්,ජොනීයි කාලියි හොර වැඩ කරල කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නෙ. දවසක් වැඩ කරපු තැන මෝලක වෙච්ච හොරකමකට දෙන්නම පොලීසියෙන් අල්ලගෙන ගිහින් උසාවියට දාන්න එක්ක ගෙන යනවා.ඔහොම අරගෙන යනකොට පොලීසියේ අය කතා වෙනවා අවුරුදු ගානකට හිරේ දාන්න වැඩ සිද්ද කරනව කියල.මේකට බයේ ජෝනියි කාලියි දෙන්නා පොලීසියේ තුවක්කු උදුරගෙන පොලීසියේ අයට දික් කරල වාහනෙන් පැනල දුවනවා.එහෙම දුවගෙන යද්දි පොලීසියෙනුත් පස්සෙන් එලවනවා එයාලගෙ තුවක්කු නැතුව ගියොත් රස්සාවත් නැතිවෙන හන්දා.ඔය අතරේ කැලෑවක ගස් කපන්න ලංසු ගත්ත කෙනෙක් වෙඩික්කාරයෝ දෙන්නෙක් හොයනවා ගස් කපන අයගෙ ආරක්ෂාවට මොකද කැලෑවෙ ඉන්න රතු බල්ලොන්ගෙන් ගස් කපන අයව ආරක්ෂා කරගන්න.හරියටම ජොනීයි කාලියි දෙන්නා මාට්ටු වෙනව මෙයාට කොහොම හරි ඒත්තු ගන්වලා අරගෙන යනවා කැලෑවට.ඒ ගිහිල්ලා වැඩ කරන අතරේ දවසක් මෙර්ලි එක්ක වතුර ගන්න යනකොට ජොනී යනවා එයාගෙ ආරක්ෂාවට. ඒ වෙලාවේ රතු බල්ලෝ ඇවිත් වෙඩි තියන්න බලද්දි තුවක්කුවේ පතොරොම් නෑ.මොනව කරන්නද මෙර්ලිව බේරගන්න කියල තුවක්කු බදෙන් ගහනවා රතු බල්ලෙකුට,ඌ එතනම මැරිල වැටෙනව.
ඔය සිද්දි ඔහොම වේගෙන යද්දි දවසක් ඇමති තුමා එනව කැලෑවට පක්ෂ නායකතුමාගෙ හෙලිකොප්ටරය කැලෑව ළගදි අතෘදහන් වෙලා කියල හොයන්න පොලීසියත් එක්කම.කාලියි ජොනියි බයට හැංගෙනවා එයාලව අල්ලන්න ඇවිත් කියල.කට්ටිය එක්කම කැලේ පීරද්දි ඇමති තුමාට හම්බවෙනවා ලොකූ ගලක් වගේ එකක්.එයා ඒක ෆොටෝ ගහගෙන ගිහින් දන්න කෙනෙක්ට කියල හොයල බලනකොට අවුරුදු 3000කට කලින් මිනිස්සු මැරුණාම ලොකු මැටි කලයක් වගෙ එකක් හදලා මිනිය ඒකට දාල රත්තරන් වස්තුව තියෙන දේවල් දාල වහල පොලොවේ මිහිදන් කරනවා කියල දැනගන්න ලැබෙනවා.ඇමති තුමා මේ වස්තුවට ආශාවේ දවසක් රෑ වෙලා ඇවිත් මේ ලොකු කළයක් වගේ එක ගොඩ අරගෙන ඒකේ රත්තරන් අරගන්නවා.මේ සිද්දිය ජොනියි කාලියි දෙන්නා දැකල කොහොම හරි රත්තරන් ටිකත් හොරකම් කරල එක හොරකමින්ම ජීවිතේ ස්ථීර කරගන්න හිතාගන්නවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල අපි චිත්‍රපටිය බලලම හොයාගමු…හැමෝටම තෙරුවන් සරණයි…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4,641 downloadsDownload Kazhugu-2-2019.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
13 comments
Udaya Saman
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Manoj Ashitha
Thank you
93
digtama karan yamu saho.bs.
Tharuka Madhushan
ජය !!!
shavendra
thanks you brother
Kavishna
Thnx bro
kavindranath
film 1 balanne oyala nisa. bohoma sthuthi. me site 1 message karanna inbox create karanna puluvnm hodai. ape adahas oyalat vidimathva denna puluvn. jayaveva.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
thanks sahooo patta
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!gayanmwijesinghe
tnx
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලවෙනි කමෙන්ට් එක මගෙන්.ඒකත් කොහොමෙන් හරි බාර අරන් කරා එහෙනම්..ඔබගේ වෙහෙසින් උපසිරසි ගැන්වු මෙයට මාගේ ස්තුතිය.දිගටම කරගන යමු.ජය..