Watch Trailer

Kiss Kiss Bang Bang (2005) Sinhala Subtitles | අඳුරු නගරයක එපාකරපු සතියක්! [සිංහල උපසිරසි සමඟ]

හැරී ලොක්හාට් – සාමාන්‍ය ව්‍යවහාරෙන් කියනවා නම් ගොඩයෙක්. ජීවත්වෙන්න පොඩි පොඩි හොරකම් කරන හාදයෙක්. පොලිසියෙන් බේරෙන්න පැනලා දුවද්දි, නාට්‍ය කණ්ඩායමකට සෙට්වෙන්න ලැබෙනවා අහම්බෙන්. එහෙමයි මිනිහා නළුවෙක් වෙන්නේ. හාර්මනි ෆේත් ලේන් – පොඩි නගරෙක තියෙන තමන්ගේ ගෙදරින් පැනලා ඇවිල්ලා, නිළියෙක් ‍වෙන්න තාමත් ට්‍…

හැරී ලොක්හාට් – සාමාන්‍ය ව්‍යවහාරෙන් කියනවා නම් ගොඩයෙක්. ජීවත්වෙන්න පොඩි පොඩි හොරකම් කරන හාදයෙක්. පොලිසියෙන් බේරෙන්න පැනලා දුවද්දි, නාට්‍ය කණ්ඩායමකට සෙට්වෙන්න ලැබෙනවා අහම්බෙන්. එහෙමයි මිනිහා නළුවෙක් වෙන්නේ.

හාර්මනි ෆේත් ලේන් – පොඩි නගරෙක තියෙන තමන්ගේ ගෙදරින් පැනලා ඇවිල්ලා, නිළියෙක් ‍වෙන්න තාමත් ට්‍රයි කරනවා. එක ඇඩ් එකකට විතරයි රඟපාන්න පුළුවන් වුනේ.

පෙරී වෑන් ෂ්රයික් – රහස් පරීක්ෂකයෙක්. නළු නිළියන්ට නම් උපදේශකයෙක්. හැරීගේ චරිතයට ඕනි රහස් පරීක්ෂක පාඩම් කියාදෙන්නයි, මෙයා එකතුවෙන්නේ.

ලොස් ඇන්ජලීස්වලට පය ගහපු ගමන්ම මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන්න සිදුවීම! මිනිය තියෙද්දි පැනලා ආවම, මිනිය තමන්ගේ කාමරේට ම ඇවිත්! ඒ දවසෙම හාර්මනීගේ නංගිත් ඝාතනය වෙලා! සල්ලිකාර තරුණියකගේ අතුරුදහන් වීමක්! ඔවුන් හඹා එන නාඳුනන්නන් දෙදෙනෙක් සහ තවත් පටලැවිලි දාමයක්! එකිනෙකින් වෙනස් මේ සිදුවීම් සියල්ල එකට ඈඳෙන ආකාරය! ඒ සියල්ල දැනගන්න නම්, මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Kiss Kiss Bang Bang ටිකක් පරණ ෆිල්ම් එකක් තමයි. ඒත් බ්ලැක් කොමඩි, අපරාධ සහ අබිරහස් ගණයට වැටෙන එක හුස්මට බලන්න පුළුවන්, සුපිරි හාස්‍යජනක සිනමා පටයක්. ජේම්ස් බොන්ඩ් විදියේ කොමඩියක් කියලත් කිව්වහැකි. හැබැයි සමහර නිරුවත් දර්ශන තියෙන නිසා, මේක පොඩි ළමයින්ට නම් සුදුසු නෑ. එහෙමයි කියලා 18+ ගහන්න ඕනි චිත්‍රපටයකුත් නෙවෙයි හොඳේ. රොබට් ඩවුනි මේ චිත්‍රපටය හඳුන්වලා තියෙන්නේ, “මට අයන් මෑන් වෙන්න ටිකට් එක වුනේ මේ චිත්‍රපටයයි” කියලයි.

Warner Bros. Pictures වලින් නිපදවූ මෙයට හැරී ලොක්හාට් ලෙස Robert Downey Jr. ද, පෙරී වෑන් ෂ්රයික් ලෙස Val Kilmer ද, හාර්මනි ෆේත් ලේන් ලෙස Michelle Monaghan ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Lethal Weapon සහ Iron Man 3 අධ්‍යක්ෂණය කළ Shane Black. IMDB දර්ශකයේ 7.6 ක් සහ Rotten Tomatoes හි 85% ක අගයක් ලබාගත් මෙම සලරුව වෙනුවෙන්, 2005 Satellite Awards Best Supporting Actor – Motion Picture සම්මානය Val Kilmer දිනා ගන්නවා. ඒ වගේම, මෙයට ලැබුනු නිර්දේශවීම් ටික පහතින් දැකගන්න පුළුවන්. හැමවෙලේමත් දිනන්න ම හම්බවෙනවයැ, නැද්ද?

2005 Satellite Awards / 2006 Saturn Awards for Best Actor – Motion
Picture Musical or Comedy – Robert Downey Jr.
2005 Satellite Award for Best Supporting Actress – Comedy or Musical –
Michelle Monaghan
2006 Critics Choice Movie Award for Best Comedy – Shane Black
2006 GLAAD Media Award for Outstanding Film – Wide Release

මේක ඩවුන්ලෝඩ් කරලා පාඩුවක් වෙයිද කියලා සැකයක් හෙම හිතෙනවා නම්, මේකේ Trailer එකත් බලලාම ඉන්න. හාස්‍යජනක චිත්‍රපට බලන්න කැමති අය නම්, අනිවාර්යයෙන් බලන්න ඕනි චිත්‍රපටයක් මේක. මේ චිත්‍රපටය වෙන්කරගන්න ඉඩකඩ හදලා දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාටත් ස්තූති කරමින්, නැවතත් උපසිරැසියකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. පුළුවන් නම් කමෙන්ටුවකුත් දාලා යන ලෙස ඉල්ලනවා. ඔබ සැමට සුභ නිවාඩු සමයක් වේවා!

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,447 downloadsDownload Kiss-Kiss-Bang-Bang-2005.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බොබී

Subtitles

3,447 downloadsDownload Subtitles64 KB

28 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි fබොබී සහෝ.
    ජයෙන් ජය.

  3. malith

    Ela ela

  4. 4devinda

    උපසිරැසියට බොහොම ස්තුතියි.. .

  5. Kaushan Herath

    ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ.දැන් සබ් එක්කම බලන්න පුළුවන්.Thanks සහෝ

  6. jagath55

    Thanks

  7. gihan perera

    Thank you වෙිවා සහෝ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  8. යුරාන් ධනුක

    බොහොම ස්තුතියි

  9. Hemantha De Silva

    ස්තුතියි බොබී .... ජය !

  10. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  11. Ishan007

    Thanx sub ekata

  12. AsithaDilruwan

    Ela saho thanks

  13. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා...!!

  14. malshika

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජය.

  15. kasun3

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  16. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Nadeesha rox alahakoon

    Tnx bro subata. Meka aniawa bagena balananama hithenawa iron mange kathawath akka

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  20. blackLion007

    Thanks For Sub saho................

  21. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    ඔන්න ගත්තා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  22. niwanthaka

    බොහොම ස්තූති

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. MAALnath

    Thanks ..............good luck ...............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  25. SURANGALAKSHAN

    Nice..gd luck

  26. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි.ජයවේවා ඔබට

  27. LakshanD

    තෑන්ක්ස් බ්රද ️

  28. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!