Watch Trailer

Kolaiyuthir Kaalam (2019) Sinhala Subtitles | ඝාතන සමය ! [සිංහල උපසිරසි සමඟ]

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන කාලයේදි දිගු කාලයක් ආණ්ඩුකාරවරයා වශයෙන් මහජනයා අතර ඉතාමත් හොද නමක් දිනාගත් පුද්ගලයෙක් රිබන් ලෝසන්. එයාගෙ එකම උරුමක්කාරයා තමයි චාල්ස් ලෝසන්.චාල්ස් ලෝසන් කියන්නේ කෝටි 100කට අධික දේපලකට හිමිකම් කියන්නෙක් පුණ්‍යාධාර භාරයන් 15ක්,මහළු නිවාස 3ක්, වෛද්‍ය මධ්‍යස්ථාන 2ක්,අනා…

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන කාලයේදි දිගු කාලයක් ආණ්ඩුකාරවරයා වශයෙන් මහජනයා අතර ඉතාමත් හොද නමක් දිනාගත් පුද්ගලයෙක් රිබන් ලෝසන්. එයාගෙ එකම උරුමක්කාරයා තමයි චාල්ස් ලෝසන්.චාල්ස් ලෝසන් කියන්නේ කෝටි 100කට අධික දේපලකට හිමිකම් කියන්නෙක් පුණ්‍යාධාර භාරයන් 15ක්,මහළු නිවාස 3ක්, වෛද්‍ය මධ්‍යස්ථාන 2ක්,අනාත දරුවන් 100කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන් යමින් මහජන හිතසුව පිණිස කටයුතු කළ පුද්ගලයෙක්.ඔහු විවාහ වී සිටියේ අම්බිගා භාර්ගවී නොහොත් අභා නම් දමිළ තරුණියක්.චාල්ස් ලෝසන්ගේ හදිසි අභාවයෙන් පසුව අභා ඉන්දියාවට පැමිණෙනවා.එවිටයි දැනගන්නේ චාල්ස් ලෝසන් නම් තමන්ගේ ස්වාමි පුරුෂයා කොතරම් රත්තරන් මනුස්සයෙක්ද යන්න.පසුව අභා තීරණය කරනවා ඉන්දියාවේ නැවතිලා තම ස්වාමිපුරුෂයාගේ වැඩ පිළිවෙල අඛණ්ඩවම ඉදිරියට කරගෙන යන්න.

ඔහොම වැඩ කරගෙන යනකොට දවසක් ආබාධිත දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක තියෙන චිත්‍රයක් තමන්ගේ රුව වගේම කියල දකින අභා ඒ සිතුවම් කරපු ළමයාව හම්බවෙලා ඇයට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන අවස්ථාවේ ඒ ළමයා කියන්නෙ එයාට ඒක එපා එයා වගේ ආබාධිත වෙලා ඉන්න අනෙකුත් ළමයින් වෙනුවෙන් අරගන්න කියල කියනවා.ඇය ස්රුතී. අභා මේ දරුවා ගැන පැහැදිලා එයාව අරන් හදාගන්නවා.

කාලයකට පස්සේ අභා අසනීප තත්වයෙන් ඉද්දි එයාගෙ දේපල සියල්ලේම හිමිකාරීත්වය මේ ගොළු බිහිරි තමන් අරන් හදා වඩා ගත්ත ස්රුතී හට ලියල දීලා අභාවප්‍රාප්ත වෙනව. මේ දේපල වල හිමි කාරීත්වය අරගන්න ස්රුතී ඇමරිකාවේ සසෙක්හි පිහිටි ලෝසන් වතුයායේ බංගලාව වෙත යනවා.අභාගේ මරණයෙන් පස්සේ ඒ වතු යාය බලාගත්තේ එහි කළමණාකරු විසින්.ගෙදර වැඩට ඉන්න ඩර්ලා යනව වත්තට ස්රුතීට මල් ටිකක් අරගෙන එන්නම් කියල ඒත් නොසිතූ වෙලාවක වත්තට ඇවිල්ල ඉන්න අමුත්තෙක්ගෙ ප්‍රහාරයකට ඩර්ලා ලක්වෙනවා. මේ ගැන කවුරුත්ම දැනගන්නෙ නෑ.ස්රුතී ලෝසන් වතුයායේ බංගලාව වෙත යනකොටම අභාගේ සහෝදරයා එයාගෙ බිරිඳත් එක්ක ඇවිල්ලා එම දේපල වලට තන්හාවෙන් ඒව ලියාගෙන පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇතිව.මේ ගැන ස්රූතීට පැහැදිලි කළත් දේපල විකුණන්න ස්රුතී එකඟ වෙන්නෙ නෑ.කළමණාකරු රාත්‍රියේ කෑම ගන්න අවස්ථාවේ ස්රුතීට කියනව හිමිකම් පවරන ලියකියවිලි කියවල බලල අත්සන් කරල තියන්න.උදේ වෙනකොට ඇවිත් අරගන්නම් කියල.නමුත් ස්රුතී කියවන්නෙම නැතුව ඒ වෙලාවෙම ලියකියවිලි අත්සන් කරල දෙනවා. මේවත් අරගෙන පිටවෙලා එළියෙ තියෙන බංකුවේ ඉදන් සුරුට්ටුවක් පත්තු කරනකොට බල්ලො කෑ ගහන සද්දයක් ඇහෙන්න ගන්නවා.එයා බල්ලොන්ට කතා කරාම ලොකූ එළියක් තියෙන කැළය ඇතුළට බල්ලො දෙන්න දුවගෙන ගිහින් ටික වෙලාවකින් එක බල්ලෙක් උඩින් ඇවිල්ලා එයාගෙ කකුල් දෙක ළග මැරිල වැටෙනවා.බයවෙච්ච කළමනාකරු කඩිමුඩියේ කාර් එකට නැගලා ස්ටාට් කරනකොටම අනිත් බල්ලා උඩින් ඇවිත් බොනට් එක උඩට මැරිල වැටෙනවා.ඒ එක්කම එයා දකිනවා රෙස්ලින් වල ඉන්න අන්ඩර්ටේකර් වගේ දැවැන්ත පුද්ගලයෙක් කාර් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා.

2019 අගෝස්තු මස 08 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් චිත්‍රපටියක් ඔයාලට අරගෙන ආවා අපේ සිසිල සහෝදරයාගෙ ඉල්ලීමට අනුව. වැඩිය දෙබස් නැති වුණාට බල්ලනම ඕනෙ චිත්‍රපටියක්,මොකද මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ අපි කවුරුත් දන්න විශේෂයෙන්ම Horrer ගණයට අයත් චිත්‍රපට වල මෑතක වැඩිපුරම දක්නට ලැබුණ සුපිරි නිළි Nayanthara (Mr.Local (2019), Airaa (2019), Viswasam (2019), Love Action Drama (2019), Sye Raa Narasimha Reddy (2019) ඇය මේ අවුරුද්දේ දායක වෙලා තියෙන චිත්‍රපට වගේම ඉදිරියේදි තිරගත වීමට නියමිත ilaya thalapathy vijay ගේ Bigil (2019) රංගනයෙන් දායක වීමට නියමිතයි.මීට අමතරව Bhumika Chawla, Prathap Pothen, Rohini Hattangadi දායක වෙනවා, එහෙනම්..

මගේ 57 වෙනි උපසිරැසි නිර්මාණය විදියට ඔයාලට තිළිණ කරනවා. අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියල ඉල්ලන ගමන්…

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.

11,906 downloadsDownload Kolaiyuthir-Kaalam-2019.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,906 downloadsDownload Subtitles18 KB

42 comments

  1. Udaya Saman

    ⁣ෙකාහොම හරි දුන්න එහෙනම් නේද බෙුා්...ස්තුතියි මචා්..අද වැඩ ගැනවත් බලන් නැතුව කරන්න ඇත්තෙ මගෙ හිතේ.උදේ ආව ගමන්මනේ උණු උණු පිට එහෙන ම් බැලිල්ලක් තමා.....50 ගහපුගමන්ම 57 ටත් ඇද්ද එහෙනම්...ජය ව්වා.

  2. Tsandesh

    Bro thx for subtitles in sinhala. Congrats for 57 keep going till 100.nayantara ge film aniwarwnma balanawa. Meka hush wala remake ekak

    Plzzzzzzz bro pahala ekatat sinhala sub Denna plzzzz

    _________________________

    Cold lassi aur chicken masala (alt balaji)
    ------------------------------------------------------------------------

    Plzzz me Hindi web series ekata sinhala sub Denna

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. max1000

    download page eka weda nete ai tama

  5. Ayesh Prashan

    Thank You

    1. prabadi

      Download karaganna link ekak denwada

    2. Ranga lakshan

      මුල් විනාඩි 10 බලද්දි තේරුනේ මේ Kamoshi ෆිල්ම් එකේ කොපියක් කියලා. Kamoshi එකත් කොපියක්නේ. මුල සිනමාපටයෙ නමනම් මතක නෑ.

    3. M.W. Dilhani

      Kamoshi එකට වඩා මේක ගොඩක් හොඳයි. අවසානයත් වෙනස්. Internet එකේ කියලා තිබුණා මේක kamoshiඑකේ remake එක කියලා

  6. nihalpujitha

    Thanks For sub

  7. Samitha_kasun

    Friends ai film ganna baiscope download page eka pennane nathe.plz reply

    1. Jeff.hardy61942

      Movie download page ake mokadda Nama

  8. M.W. Dilhani

    උපසිරැසි වලට ගොඩක් ස්තුතියි. ඒත් දෙයක් කියන්න ඕන. ලිපි ලියනවා කියලා චිත්‍රපටයේ මුලු කතාවම කියන්න යන්න එපා. මේක කලිනුත් ඔයාට කියන්න හිටියේ. විශේෂයෙන් මේ වාගේ ත්‍රිලර් මූවි වල. කතාව ගැන අදහසක් ගන්න පුළුවන් විදියට බොහොම කෙටියෙන් සාරාංශ කරල කියන්න. ඔයාගේ හැම ලිපියකම චිත්‍රපටයේ කතාව දිගට දිගේ කියාගෙන ගිහින් තියෙනවා. අවසාන ටික විතරයි ඉතුරු. බයිස්කෝප් එකේ පලවෙන හැම ලිපියක්ම කියවන අපිට ඒකෙන් කතාව spoil වෙලා කතාව ගැන තියෙන කුතුහලය නැති වෙලා යනවා. ඉදිරියට එහෙම කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා. ඉදිරි කටයුතු වලට සුභ පැතුම්.

  9. WA@

    Thanx

  10. Janith Sachintha

    මා නයන්තරා ගේ හොද ප්‍රේක්ෂකයෙක් බැවින් එතුමියගේ සෑම සලරුවක්ම පාහේ නරබා ඇත
    ඒ සදහා උපසිරසි ලබාදෙමින් සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටත්
    මෙම සලරුව සදහා උපසිරසි ලබාදුන් ඔබතුමන්ටත් බොහොම ස්තුතිය පුදකර සිටිනවා

  11. Sarojalakmali

    බෝහොමත්ම ස්තුතී සබ් ඒකට

  12. Rukshan37

    Ela ela

  13. Poornika Himbutugodage

    Yako me wage gobba film danna epa. film nathnam nikan edapan baiscopelk ekath pichan wenawa.

  14. sampath n perera

    thanks

  15. NAV33N

    Thanxxxxxx

  16. D.Chamara

    bohoma sthuthi sahooo

  17. melinda

    thank you

  18. Kapila4499

    thanks for sub

  19. Kanchaka

    Thanks bro

  20. arawindasunimal

    thanks oshaja dananjaya sub ekata jayawewa................

  21. Sanjeeva

    Super..

    This is a remake of Khamoshi (2019) Movie

  22. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට...... ජයවේවා..

  23. Bandara76

    Thanks Dananjaya.see u soon

  24. Kaveen Gayath

    Thanks bro for the sub

  25. C lakmal

    thank u

  26. palithadesilva

    thankyou

  27. nish47

    ස්තූතියි සහෝ

  28. N_R

    Thank You.

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Lasantharathnasirirox

    ඔෂධ සහෝ ගොඩාක් ස්තුතියි සිංහල sub එකට.... ඉදිරියට කරන වැඩකටයුතු වලටත් සුබපතනවා...!ජයවේවා !!

  31. Hashan M. Priyadarshana

    thank you bro sub ekata

  32. Subhashini88

    Thank you sooo much. Good Job. Keep it up

  33. Amaya_maduhansi

    Bro hd copy avilla me dekatath sub aka denna ( thittam pottu thirudura kootam 2019 )
    ( Brother's day 2019 )

  34. Tharaka

    Thanks bro
    Jayen jaya

  35. Janithsapugoda

    Thanks bro ela

  36. giadesilva

    Sub Waradi Film ekata Adala Naha

  37. Jeewantha77

    Thanks for the sub Oshada.

  38. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.