Watch Trailer

iSmart Shankar (2019) Sinhala Subtitles | මොළ දෙකේ ඉස්මාර්ට් මොළකරු [සිංහල උපසිරැසි සමඟ]

වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුව…

වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන අය නම් පූරි සර් කිව්ව ගමන් අඳුනනවා ඇති. නොදන්නා අයට මං මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්.

සිනමාවේ ඔබ අප ආදරය කරන නළුවන්, එහෙමත් නැත්නම් වීරයන්/Hero/ප්‍රධාන චරිත රඟදක්වන අය තමන්ගේ career එක ගොඩනගාගෙන එන්නේ හරිම අමාරුවෙන්. මොකද ගොඩක් නළුවන්ට එක රැයින් ජනප්‍රිය වීමේ වාසනාව නැහැනේ. නළුවකුට තමන්ගේ වෘතියේදී ජනතාව අතරට යන විදිහේ චිත්‍රපට, එහෙමත් නැත්නම් බ්ලොක්බස්ටර් චිත්‍රපටි, ප්‍රේක්ෂක සිත් තුලින් සදා නොමැකෙන චරිත රඟපාන්න අවස්ථා ලැබෙන චිත්‍රපට ලැබෙන්නේ හරිම කලාතුරකින්. නළුවෙකුට තමන් රඟපාන හැම චිත්‍රපටයකම ඒ වික්‍රමය පාන්නත් බැහැ. ඒ සඳහා ගැලපෙන චිත්‍රපටයක් එක්ක ගැලපෙන අධ්‍යක්ෂවරයා මුණගැහෙන්න ඕන. ඉතිං මගේ මේ කතානායක පූරි ජගන්නාද් කියන්නෙත් තෙලුගු සිනමාවේ සුපිරි තරු රැසකටම තමන්ගේ වෘත්තීය ජීවිතේ පෙරළිකාර චිත්‍රපටය ගෙනල්ලා දුන්නු ලෙජන්ඩ්‍රි අධ්‍යක්ෂකවරයෙක්. සමහරෙක්ට ඒක වෘත්තීය මුලදීත්, සමහරෙක්ගේ වෘත්තීය මධ්‍ය කාලයේත් ඒක ලැබිලා තියෙනවා. මං එහෙම ටිකක් හඳුන්වන්නම්,

  • පවන් කල්‍යාන් – Badri (2000) – මෙය පූරිගේ පළවෙනි අධ්‍යක්ෂණය වන අතර ඒ වනවිට Thammudu චිත්‍රපටයෙන් තරමක් ජනප්‍රිය වෙලා හිටපු පවන් කල්‍යාන්ට “පවර්ස්ටාර්” කියන ටයිටල් එක හිමිවන්නේ පූරිගේ මේ Badri චිත්‍රපටයේ ලැබෙන අති සාර්ථකත්වයේ ඉදන්. ( මෙය දින 100 කටත් අධික කාලයක් තිරගත වූ සාර්ථක චිත්‍රපටයක්. ) පවන් කල්‍යාන් සහ පූරි ජගන්නාද් නැවතත් 2012 දී Cameraman Gangatho Rambabu (2012) චිත්‍රපටයෙන් හමුවනවා. තමන්නාද රංගනයේ යෙදුනු එයද සාර්ථක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.
  • රවී තේජා – Itlu Sravani Subramanyam (2001)/ Idiot (2002) – දෙකම බ්ලොක්බස්ටර් සුපර් හිට් වුනු චිත්‍රපට දෙකක් වන අතර භාෂා ගණනාවකින් මේවා නැවත රීමේක් වුවා.
  • මහේෂ් බාබු – Pokiri (2006) – මෙය මහේෂ් බාබුගේ පමණක් නොව සල්මන් කාන්ගේද වෘත්තීය දිවිය කණපිට පෙරලපු චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. භාෂා ගණනාවකින් නැවත නිපදවුණු මේ චිත්‍රපටිය අදටත් තෙලුගු සිනමාවේ කතාබහට ලක්වන චිත්‍රපටයක්. මෙහි දෙබස් පවා අදටත් නව චිත්‍රපටි වල ආදේශයට ගන්නා ආකාරය දකින්නට තියෙනවා. මෙය දින 200ක් පමණ තිරගත වුනු ඇති සාර්ථක චිත්‍රපටියක්. සමහර සිනමාශාලා වල අවුරුදු එකහමාරක් පමණ තිරගතවෙලා තියෙනවා. ඒ සමයේ ඉදන් 2009 වනතුරැ මෙය වැඩිම ආදායමක් ලැබූ තෙලුගු චිත්‍රපටය වශයෙන් නම්දරා සිටියා. මෙය Pokiri නමින් 2007 දී විජේ සහ Wanted නමින් 2009 දී සල්මන් කාන් යොදාගෙන ප්‍රභුදේවා විසින් නැවත නිපදවූවා. එමෙන්ම පූරි සහ මහේෂ් බාබු නැවත 2012 වසරේදී Businessman (2012) චිත්‍රපටයෙන් හමුවනවා. එයද අතිශය සාර්ථක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.
  • අල්ලු අර්ජුන් – Desamuduru (2007) – මෙයද අල්ලු අර්ජුන්ගේ වෘතිය ගමනේ බිගස්ට් හිට් එකක් විදිහට හැඳින්වෙනවා. Happy, Bunny, Arya වැනි චිත්‍රපටි රඟපාමින් හිටි අල්ලුව ක්‍රියාදාම චිත්‍රපටයකට ගෙනවිත් ඔහුගේ වෘතිය ගමන වෙනස් මාවතකට හරවන්නට මග පාදා දුන්නේද මේ චිත්‍රපටයයි. මෙය සමහර පළාත් වල අවුරුද්දක් පමණ තිරගත වූ චිත්‍රපටයක් ලෙස වාර්තා වනවා. අල්ලු සහ පූරි නැවතත් 2013 වසරේදී Iddarammayilatho චිත්‍රපටයෙන් හමුවනවා. එයද අතිසාර්ථක වුනු චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.
  • රාම් චරන් – Chirutha (2007) – මෙගාස්ටාර් චිරන්ජීවී පුත් රාම්චරන්ව සිනමාවට හඳුන්වාදෙනු ලැබුවේ මෙම චිත්‍රපටයෙන්. මෙයද දින සීයක්ටත් වැඩි සංඛ්‍යාවක් තිරගත වූ අතර බොක්ස්ඔෆිස් හිට් වුනු චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. ලොකුවට නම තියන්න පුළුවන් දෙයක් මේ චිත්‍රපටයෙන් නොවුනාට රාම්ගේ වෘතිය ආරම්භය සිදුවුයේ මේ චිත්‍රපටයෙන්. එමෙන්ම ඔහුගේ සිනමාදිවියේ මෙන්ම තෙලුගු සිනමාවේම හැරවුම් ලක්ෂයක් වන Magadheera චිත්‍රපටය සඳහා එහි අධ්‍යක්ෂක රාජමෞලි විසින් රාම්ව තෝරාගැනීමට හේතු වුයේද මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු කියලත් සඳහන් වෙනවා.
  • ප්‍රභාස් – Bujjigadu (2008) / Ek Niranjan (2009) – ප්‍රභාස්ගේත් වෘත්තීය ජිවිතේ තවත් විශේෂ චිත්‍රපට දෙකක් තමයි මේවා. චිත්‍රපට දෙකටම බොක්ස් ඔෆිස් අතින් නම් එතරම් වික්‍රමයක් පාන්නට හැකිවුයේ නැහැ. නමුත් ප්‍රබාස්ගේ රංගන හැකියාව මනාවට පෙන්නලා දීපු අතිශය හැඟීම්බර චිත්‍රපට දෙකක් විදිහට මේවා හැඳින්විය හැකියි. එමෙන්ම ප්‍රභාස් කියන්නේ තම වෘත්තීය ගමනේ ආරම්භයේ ඉදන්ම දැඩි කාන්තා ආකර්ෂණයක් දිනාගත් නළුවෙක්. මේ චිත්‍රපටි දෙකෙන් පස්සේ ප්‍රභාස්ට තිබුණු කෙල්ලන්ගේ ආකර්ෂණය දෙගුණ තෙගුණ උනා කියල සඳහන් වනවා.
  • Jr NTR – Temper (2015) – පූරි ලොක්කා NTR එක්ක කලින් චිත්‍රපටි කරලා තිබ්බත් Temper තරම් ජනතා ප්‍රසාදය දිනාගත් චිත්‍රපටයක් ඒ අතර නැතුව ඇති. ඒ වගේම NTR රඟපාගෙන ආපු රටාවෙන් බැහැර වෙලා පොලිස් චරිතයක් එක්ක එක්පෙරිමන්ටල් ඇක්ට් එකක් සමගින් ඔහු රිදිතිරයට පැමිණීම මිනිසුන් ආදරයෙන් වැළඳ ගත්තා. එමෙන්ම NTRගේ රංගන හැකියාවද හොඳින් දැකබලාගත හැකිවුණු චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකියි. එමෙන්ම අද වනවිට NTRයන ගමනට හොඳම පන්නරය ලැබුනේ ටෙම්පර් චිත්‍රපටයෙන් බව කිසිදු සැකයක් නැතිව පැවසිය හැකියි. මෙයද භාෂා කිහිපයකින් නැවත නිපදවනු ලැබුවක්.

ඉතිං ඔය ලිස්ට් එකට පහුගිය දවසක තවත් නළුවෙක් සහ චිත්‍රපටයක් එක්වුණා. ඒ රාම් පොතිනේනිගේ ඉස්මාර්ට් ශංකර් චිත්‍රපටය. රාම් ගැන කියනවනම් ප්‍රවීන චිත්‍රපට නිශ්පාදක Sravanthi Ravi Kishore ගේ බෑණනුවන් වන රාම් තෙලුගු සිනමාවට පිවිසෙන්නේ දේවදාසු චිත්‍රපටයෙන්. Devadasu චිත්‍රපටයෙන් 2006 දී සිනමාවට පා තැබූ ඔහු එහිදී ඉහල සාර්ථකත්වයක් ලබාගන්නට සමත් වන අතර ලංකාවේ ඔබ අපට ඔහුව මතක හිටින්නේ Endukante… Premanta! චිත්‍රපටයෙන් පසුවයි. එදා සිට අද දක්වා ඔහු Ongole Githa , Nenu Sailaja, Vunnadhi Okate Zindagi, Hello Guru Prema Kosame වැනි චිත්‍රපට වලින් අප හමුවට පැමිණි අතර ඔහුගේ සිනමා දිවිය දෙස බැලුකල ඔබට පෙනේවි ඔහු මෙතෙක් කල් රඟපෑ චරිත සියල්ල රෝමෑන්ස් පැත්තට බර චොක්ලට් චරිත සෙට් එක්ක අනන්‍යතාවක් හදාගත්තු නළුවෙක් වගේ. (හැම එකම එහෙමයි කියල කියන්නේ නැහැ.). එහෙම රටාවක් හදාගෙන ආපු රාම්ට පූරි ජගන්නාද් මහත්තයා හම්බවෙනවා. 2015 ටෙම්පර් චිත්‍රපටයෙන් පසු හරිහැටි වික්‍රමයක් පාන්න බැරිව පිපාසයෙන් හිටපු පූරි අමුතුම කතාවක අමුතුම ස්ක්‍රිප්ට් එකක් සමගින් රාම්ව තෝරගන්නේ ඔහු මෙතෙක් නොසිතු විරු චරිතයකට පණ පොවන්නටයි. සම්ප්‍රදායික රටාවෙන් බැහැර වෙලා චොක්ලට් චරිතයෙන් එලියට ඇවිල්ලා වෙනස්ම ඩයලොග් ඩිලිවරි එකක් සමග ස්ට්‍රොන්ග් කැරැක්ටර් එකක් වන ඉස්මාට් ශංකර් චරිතයට පණ පොවන්නට රාම්ද එකඟ වනු ලබනවා.

– පිටපත ගැන සාකාච්ඡා කරන්නට නිෂ්පාදිකා Charmme Kaur සමගින් අධ්‍යක්ෂක පූරි ජගන්නාද් රාම්ව මුණගැසුණු මොහොත –

ඉක්බිතිව චිත්‍රපටයේ වැඩ ආරම්භ කල ඉස්මාර්ට් ශංකර් කණ්ඩායම චිත්‍රපටයේ චරිතයට අදාළ වන ලෙස රාම්ගේ කායවර්ධන සැසි කිහිපයකින් පසු චිත්‍රපටයේ ෆස්ට් ලුක් එක එළිදැක්වූවා. ඒ මේ වසරේ ජනවාරි 3 වැනිදා. science fiction action film එකක් විදිහට වර්ගීකරණය කරලා තිබුණු මෙය ජූලි 18 වන දින තිරගත කිරීමට සැලසුම් කර තිබුනා.

– ෆස්ට් ලුක් පෝස්ටරය –

ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට සහ ගීත වීඩියෝවන් නිකුත්වන තුරු බහුතර සිනමාරසිකයින්ගේ අදහස එතරම් ධනාත්මක මට්ටමක තිබුනේ නැහැ. ගොඩ දෙනෙකුගේ මතය වූයේ පූරි ජගන්නාද් නැවතත් අනාගන්නයි යන්නේ කියලා. මොකද කියනවනම් වසර ගණනාවක් රීම් එකෙන් දුවපු පූරි යලි සාර්ථකත්වයක් ලබන්නට නම් NTR, මහේෂ් බාබු වගේ ලොකු ස්ටාර් කෙනෙක් නැතුව ගොඩ ඒමක් නැති බව ගොඩ දෙනෙකුගේ අදහස වුවා. නමුත් ඒ කයිකතන්දර සියල්ල පුස්සක් බවට පත් කරමින් මෙවර පූරි අල්ලලා තියෙන්නේ හරිම නහරය කියල පෙන්වන්නට ඔහු පූර්ව ප්‍රචාරක පට කිහිපය පමණක් ප්‍රමාණවත් වූවා. එය තවත් තහවරු වන්නට නිකුත් වී සතියක් ගතවුයේවත් නැහැ. කෙසේ හෝ එසේ සිනමාවට නැගුනු ඉස්මාර්ට් ශංකර් සලරුව මේ වසරේ ජූලි 18 වැනි දින තිරගත වීම ආරම්භ කරනු ලැබුවා. ඒ දැඩි ආන්දෝලනාත්මක අයුරින් CBFC “A” කැටගරි එක යටතේ මිනිත්තු 140ක ධාවන කාලයක් සමගින්.

– Charmme Kaur CBFC සහතිකය අතැතිව –

ඉතිං ජූලි 18 වැනිදා ග්‍රෑන්ඩ් විදිහට රිලීස් වුනු ඉස්මාර්ට් ශංකර් චිත්‍රපටිය 2019 තෙලුගු සිනමාවේ පෙරළිකාර සිනමාපටයක් වන්නට මහ වෙලාවක් ගතවුයේ නැහැ. රිදී තිර 1000කට වඩා වැඩි සංඛ්‍යාවක තිරගතවීම ආරම්භ කල ඉස්මාර්ට් ශංකර් චිත්‍රපටය එයින් 90%ක්ම පළමු දවසෙම හවුස් ෆුල් වන්නට වුවා. එමෙන්ම ආදායම් අතින් ගත්විටද මෙය බ්ලොක්බස්ටර් වීමට මහ දවසක් ගතවුයේ නැහැ. කොටින්ම කිව්වොත් පූරි ජගන්නාද්ගේ යලිත් අලුගසා නැගී සිටීම සහ රාම්ගේ සිනමා දිවියේ අලුත් පරිච්ඡේදයක ආරම්භය මෙයින් සනිටුහන් වුවා.

– ආදායම් වාර්තාව කෙටියෙන් –

එසේ බොක්ස් ඔෆිස් දඩයම ඇරඹු ඉස්මාර්ට් ශංකර් සලරුව ඉන්දියානු රුපියල් කෝටි 75කටත් වැඩි මුදලක් සති දෙකක් යද්දී උපයාගනිමින් බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්නට සමත්වන්නේ පූරි ජගන්නාද් ගේ අපල කාලය අවසන් කර දමමින් සහ රාම්ටත් අලුත් දසාවක් උදා කරදෙමින්. ආදායම් අතින් පමණක් නොවේ. මේ සඳහා ලැබුණු විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරද පැවතියේ ඉතාමත් හොඳ මට්ටමක.

පූරි ජගන්නාද්ගේ අධ්‍යක්ෂණයෙන් සහ චාර්මි කෝර්ගේ නිෂ්පාදනයෙන් හැඩවන ඉස්මාට් ශංකර් චිත්‍රපටය සඳහා රාම් පොතිනේනි සමගින් නිද්ධි අගර්වාල්, නාබා නතාෂ් ප්‍රධාන චරිත සඳහා රංඟන දායකත්වය සපයනවා. පහුගිය දවසේ ආපු Mr. Majnu චිත්‍රපටයේ හිටිය ලස්සනම ලස්සන දඟකාරිය තමයි නිද්ධි අගර්වාල් කියන්නේ. නාබා Nannu Dochukunduvate චිත්‍රපටයේ හිටියා ඔබ දකින්නට ඇති. රාජ්තෝටාගේ සිනමාකරණයෙන් සහ මනි ශර්මාගේ සංගීතයෙන් හැඩවන මෙහි මියුසික් ඇල්බම් එකද විශේෂිත එකක් වුවා. ට්‍රැක් පහකින් සමන්විත මෙහි කලකට පසු පැමිණි හොඳ මාස් බීට් කිහිපයක් දක්නට ලැබීම එයට හේතුවයි. එමෙන්ම විශේෂිත කාරණය නම් මෙහි එක් ගීතයක ඇති රාම් බෝතලයක් කටේ තියාගෙන නර්තනයේ යෙදෙන දර්ශනය දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට සහ කතාබහකට ලක්වුවා. මේ වනවිට එය ඔහුගේ Iconic Dancing Step එකක් බවට පත්වී තිබෙනවා.

– රාම් රූපවාහිනී වැඩසටහනකදී –

කතාව ගැන සුළුවට කියනවනම් ශංකර් කියන්නේ කොන්ත්‍රාත් මිණිමරුවෙක්. ඉතිං ඔහු හිරෙන් පනින සීන් එකකින් තමයි චිත්‍රපටය පටන් ගන්නේ. එයාගේ නඩුව ගැන බලන්නේ අරුන් කියල පොලිස් නිලධාරියෙක්. එයාත් ශංකර් පසුපස හඹා යනවා. නමුත් ශංකර්ව ඒ වෙලාවේ අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. හිරෙන් පැනල ගිය ශංකර් නැවතත් තමන්ගේ මුදලට මිනීමරන රස්සාව පටන් ගන්නවා. නමුත් එක මිනිමරුවක් ඔහුගේ ජීවිතය කණපිට පෙරලනවා. ඉතිරිය ඉතිං ඔබට බාරයි. අනිවාර්යයෙන්ම කියන්න ඕන මේක ක්‍රියාදාම සහිත විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටයක් විද්‍යාත්මක පසුබිම මං ගැන ඔබට චිත්‍රපටය පටන්ගන්නවාත් එක්කම පැහැදිලි වේවි. මාස් පැත්තෙන් මාස්ද, මියුසික් පැත්තෙන් මියුසික්ද, ස්ටෝරි පැත්තෙන් ස්ටෝරියද ලුණු ඇඹුල් ඇතිව බලාගන්න පුළුවන් පහුගිය දවස් වල පැමිණි තෙලුගු සිනමා රටාවෙන් බැහැරව ටිපිකල් පූරි ස්ටයිල් එකේ චිත්‍රපටයක් ඔබට ඉස්මාර්ට් ශංකර් වෙතින් දැක බලාගන්න පුළුවන් වේවි. වෙනස්ම විදිහක ජවසම්පන්න ඩයලොග් ඩිලිවරි ස්ටයිල් එකක් සමග නැවත පිබිදී රාම්ගේ රංගන විලාසය චිත්‍රපටයට ලොකු ජවයක් එක් කරාවි. චිත්‍රපටය පුරාවට ඔහුගේ ජවය එක ලෙස පවත්වාගෙන යන අතර ඔහුගේ Energetic Star Ram නාමය මෙහිදීද එලෙසම තහවරු කර සිටිනවා.

එහෙනම් ඉතිං ඔන්න සුපිරි සිනමා අද්දැකීමක් විඳගන්න ඔබටයි මෙතැන්සිට අවසර. චිත්‍රපටය ගැන පැහැදීමක් නැත්නම් පූර්වප්‍රචාරක පට නරඹලා එහෙම ගන්න කියල දැනුම් දෙනවා. නැත්නම් මමනේ වැරදිකාරයා වෙන්නේ. ඒ වගේම තවත් අදහසක් දෙන්න කැමතියි. දැන් ඉතින් සබ් එක අරන් ගියාට කට්ටියගේ ලොකු මෙව්වා එකක් නැති පාටයි අපිට 😶 පහුගිය දවස් වල දුන්නේ සබ් වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය දැක්කම ඒක හොඳින්ම පේනවා. හැමදාම අපිව දිරිමත් කරන කිහිපදෙනා නම් සුපුරුදු පරිදි මෝටිව් එකක් දීගෙන යනවා. ඒකට නම් ගොඩක් පිං. නමුත් බහුතරයක් අය සබ් එක අරගෙන හොරගෙඩියා වගේ යනවා හරිම නරකයි 😥. ඇයි දැන් ලොග් වෙලා ගන්න ඕන හින්දා අපි එක්ක තරහටද මන්දා කිසිම ප්‍රතිචාරයක් නැහැ. අඩුම තරමේ බැනලවත් යන්නේ නැහැ. චිත්‍රපටිය බලලා ඉවරවෙලා ඇවිල්ලා සබ් එක හොඳද, මෙලෝ රහක් නැද්ද කියලවත් කියන්නේ නැහැ. උපසිරැසි කරන අපිටත් මේකේ අමුතු ලොගින් එකක් නැහැ. ඔයාලා වගේමයි අපිත් මේකට එන්නේ. වෙබ් අඩවියේ යම්කිසි ගුණාත්මක බාවයක් පවත්වාගෙන යන්න ඕන නිසයි ඒවා දාලා තියෙන්නේ. ඒක වදයක් කියල හිතන්න එපා. අනික විසඳුම් හැම පැත්තෙන්ම දීලත් තියෙනවා. වෙබ් සයිට් එක වටේම බැලුවම ඒවා හොයාගන්න පුළුවන්. එහෙමයි කියල අර තිබුණු පරණ බැඳීම නැති කරගන්න එපා. ඔය ගොල්ලෝ කමෙන්ට් කරලා අපිට දීපු දිරිමත් කිරීම හින්දයි අදටත් මෙහෙම ඔයාලට ලියන්න ඇඟිලි පණ තියෙන්නේ. නමුත් අපෙන් පස්සේ මේකට අලුතෙන් එන උපසිරැසිකරුවාටත් ඒ දිරිමත් කිරීම අවශ්‍යයි. නැත්නම් ඒ අය මේ අපි හිටියා වගේ දිග කාලයක් මේක අල්ලගෙන ඉන්න එකක් නැහැ. ඒ දිරිමත් කිරීම නැතිවුනොත් එයාලා මේක දාලා යන්න යාවි. එහෙම උනොත් ඔයාලටමයි උපසිරැසි නැතිවෙන්නේ. ඔයාලට උපසිරැසි ගන්න නම් ඕනතරම් වෙබ් අඩවි තියේවි නමුත් මට, අපේ උපසිරැසි කණ්ඩායමට බයිස්කෝප් එක විතරයි තියෙන්නේ. අපේ පවුල මේකයි. ඔයාලට හැමදාමත් හොඳම උපසිරැසිය හොඳම විදිහට මුලින්ම ගෙනල්ල දෙන්න අපේ කණ්ඩායම කොන්දේසි විරහිතව සූදානමින් සිටිනවා. ඒකට අවශ්‍ය දැනුම, හැකියාව, වේගය, කළමනාකරණය ඔවුන් සතුව අඩුවක් නැතුව තියෙනවා. නමුත් ඒ මැෂින් එක හරියට දුවන්න නම් ඔබේ දිරිමත් කිරීම නම් ඉන්ධනය අවශ්‍යයි. ඉතිං එහෙනම් මෙච්චර කල් අප හා විශ්වාසයෙන් සිටියාක් මෙන් ඉදිරියටත් ඉන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉදිරියේදී පෙරළිකාර වෙනසක් ඔබ වෙත ලඟා කර දෙන්නට අප කණ්ඩායම සැලසුම් කරමින් සිටිනවා. අවශ්‍ය වන්නේ ඔබේ දිරිමත් කිරීම පමණයි. ඒ හැමදේම ඉක්මණින් ගුණාත්මක උපසිරැසියක් ඔබවෙත ලඟා කර දෙන්නට ඉවහල් වේවි. ඒ පුංචි ඉඟියත් සමගින් මං අදට විසිවෙනවා. ඕවර් ගියානම් සොරි වෙන්න ඕන. කියන්න තියෙන දෙයක් පහලින් හලාගෙන යමු. ජය!!

Note : – චිත්‍රපටය සඳහා HD පිටපතක් පහුගියදා නිකුත් වුනා. නමුත් ඒකෙ සිනමාහල් සඳහා නිකුත් වූ චිත්‍රපටයට වඩා මිනිත්තු 10කට වඩා වැඩි කොටසක් අඩුවෙන් තමයි නිකුත් වෙලා තියෙන්නේ. සමහර ඉවත්කල දර්ශන නිසා චිත්‍රපටිය බලාගෙන යද්දී නොසිතු සංසිද්ධි වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. නොගැලපෙන බවකුත් හැඟවෙනවා. ඒ නිසාවෙන් තව ටික දවසක් ඉවසලා සම්පුර්ණ ලෙන්ත් එක තියෙන කොපිය නිකුත් උනායින් පසු බලන්න කියන එක තමයි මගේ නම් අදහස. නිකන් බොරුවට දෙන්නම් වාලේ එන කොපියට උපසිරැසිය දීලා ඔයාලව මෝඩයට අන්දන පුරුද්දක් බයිස්කෝප් එකේ අය ළඟ නැති හින්දයි මේ විස්තරේ විශේෂයෙන්ම සඳහන් කරේ. හදිසිම කෙනෙක් ඉන්නවනම් මේ කොපි එකෙන් බලන්නයි මේකට උපසිරැසිය අරන් ඇවිල්ල තියෙන්නේ. ඒකත් කීප දෙනෙක් දැඩිලෙස ඉල්ලපු නිසාවෙන්. අදහසක් තිබ්බෙ නැහැ මේකට දෙන්න. මගේ නම් උපදෙස ෆුල් ලෙන්ත් කොපි එකම බලන්න කියන එකයි. තීරණය ඔබේ අතේ.

ඒ වගේම නිකුත් වූ කොපියට දවසක් යනකල් කිසිදු ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් උනෙත් නැහැ. ඔබ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවා නම් තේරෙන්නට ඇති මේකේ දෙබස් කතා කරන විදිහ සාමාන්‍ය තෙලුගු චිත්‍රපටියකට වඩා වෙනස් කියල. අසා ලිවීමක් කරලා උපසිරැසිය සකස් කරන්න ගියානම් අපිට පුරුදු වචන වෙනස් නිසාවෙන් බොරු තමයි සබ් වෙන්නේ. එහෙම දෙකයි පනහේ වැඩත් බයිස්කෝප් එකේ නැති නිසා ඉංග්‍රීසි උපසිරසියක් එනතුරු බලා සිටීමට අපට සිදුවුවා. ඉතිං ඊයේ (09) උපසිරසියක් නිකුත් වූවා. ඒකෙ උදව්වෙන් හොර බොරු නැතුව පිරිසිදු සිංහල උපරිසියක් ඔබට ගෙනල්ල ඇති. එකටම දෙනවට වඩා හොඳටම දෙන එකයි අපේ ක්‍රමේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HD පිටපත් සඳහා ගැලපේ.

28,073 downloadsDownload iSMART.SHANKAR.2019baiscopelk.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

28,073 downloadsDownload Subtitles52 KB

103 comments

  1. Kavindu8221

    tanq bokka

  2. Chathu_OO

    මෙහෙමයි මචං...
    අදහස් දෙන්ට පුලුවන් ඒ දෙන එක ලේසියි නම්...
    නිකම් හිතපන්කෝ...

    ලොග් වෙන්ට වෙනවා...
    මේකත් හරියට කෙල්ලෙක් එක්ක එකතු වෙනවා වගේ වැඩක්...
    වැඩේ කර ගන්න කම් තියෙන හැඟීම එකතු වුණාට පස්සේ නැති වෙනවා...
    ඒකට මොකුත් කියන්ට බෑ ඒක සාමාන්‍ය මනුස්ස ගතිය...
    ඉතින් ඒ වගේ තමයි බලලා ඉවර වුණාට පස්සේ ඇවිත් වෙනමම ලොග් වෙලා අදහසක් දාන එකෙන් පහු බහිනවා නෙවෙයි පහු බැහෙනවා..
    ඒකටත් මොකුත් කියන්ට බෑ ඒකත් සාමාන්‍ය මනුස්ස ගතිය...
    ඒවා තේරුම් අරන් තමයි අපි ජීවත් වෙන්ට ඕනේ...

    අදහස් දාන කොට ඒවාගේ සීමා තියා ගෙන දාන්ට වෙනවා...
    දැන් දාලා තිබුණා බැනලා හරි මොනවා හරි දාන්ට කියලා කතාවක්...
    ඔව්වා කතා විතරයිනේ...
    ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලාට ඕනේ අදහස අපි දාන එක...
    බොරුවට හරි වර්ණනා කරන එක...
    මගේ කලින් එකෙන් මම එහෙම දාපු අදහසක් නිසා ඒ ගිණුම අවලංගු කරලා තිබුණා ඔයාලාම... අදහසත් අයින් කරලා තිබුණා...
    එතකොට මට දැනුනේ මහ ලොකුවට අදහස් ඉල්ලනවා ඒ වුණාට කියන දෙයක් දරා ගන්ට බෑ කියන හැඟීම...
    එතකොට මට නම් හිතෙන්නේ මුන්ට මොන අදහස් දීමක්ද?
    ඊට වඩා හොඳයි මගේ වැඩේ කර ගෙන පාඩුවේ ඉන්නවා මම කියලා වගේ හැඟීමක්...

    හෑශ්ටග් අංක තියෙනවා ඒව මුල ඉඳන් ගහන්ට ඔනෙ මොකද මේකෙ පිටපත් කරලා ගන්ට බැරි නිසා...
    ඒ වද විදිද්දි හිතෙන්නේ තමන්ගේ වැඩේ කර ගත්තාම ඇති කියන එක විතරයි...

    එහෙම වෙන එක ස්වභාවිකයි කියලා තේරුම් ගන්ට ඕනේ ඔයාලත්...
    මීට වඩා ටිකක් තත්වයට පත් වුණා නම් අදහස් වැටෙයි ටිකක්...

    මේ අදහස වුණත් පල වෙයිද දන්නෙත් නෑ...

  3. Pachaya

    Hd rip eka ආවහමම බලනව බන්.ස්තූතී ලිපියට

  4. subodha

    Thanks

  5. SDKMN

    Thank you

  6. basura indrachapa

    උපසිරසියට තුති!!!

  7. Deshani

    thank you

  8. dilansmarasinghe

    Thank You machan...

  9. madushrmh

    sthuthi

    1. thuglife1122

      මුලින්ම ස්තුුතියි සහෙේදරය.....මචන් සමහර විට මමත් කොමෙන්ට් නොකර යනව තමයි
      නමුත් මචන් හදවතේ මෙව්ව එක එකෙන්ම තියනව මහත්තයෝ....කරන කියන රැකිරක්ශා දියනු වේවා
      සිතු පැතුු සම්පත් පහල වෝ...හැදුු වැඩුු දෙමව්පියන්ටත් පින් අත්වේවා

  10. HNP

    Thnks lokka..full length ekk awma blnwa enam..jaya wewa...punchi illeemak tyenwa ekath karan uthsahayak gannwada please.දොං යී ehemath nthnm අභීත දියණි drama eka sub kranna puluwan weida

    1. __supuwah__

      Tnq mchn

  11. darshana100

    thanks brother

    1. Kawmina_kavindu

      Thanksssssssss

  12. Akrprabath

    Thank bro

  13. samdj

    biscopedownload wada karannaththe ai bro?

    1. isuru srinath sjs

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් වැඩ කරනවා. baiscopedownloads .com වෙනුවට .co type කරලා යන්න. .com කියාලා ගැහුවට දැන් එන්නෙ නෑ. baiscopedownloads. co කියලා ගහන්න.

    2. Amila...ushan

      එහම ටයිප් කරත් එන්නෙ නැහැ මචං. මොකද අවුල

  14. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata ...

  15. ඔෂද ධනංජය

    තාරක හෝදරයා ගොඩක්ම ස්තූතියි...කාලය කියන්නෙ හැමෝටම වටින දෙයක්.කාලයට මිලක් තියෙනවා.උපසිරසක් කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා.එතකොට ඒකෙ වටිනාකම හැමෝටම මේකෙන් නොමිලෙම දෙනවා.එතකොට මේ විස්තරේ දැක්කාම අඩුම ගානෙ පැය 6කට වැඩි කාලයක් වත් යන්න ඇති කරුණු හොයාගෙන විස්තරේ ලියන්න.එතකොට වටිනාකම හිතාගන්න පුලුවන්නෙ.අඩුම ගානෙ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න එන අයට එක විනාඩියක් අරගෙන ස්තූතියක් වත් ලියල යන්න කියල ආරාධනා කරනවා.කැප කරපු කාලයට උපහාරයක් වශයෙන්.

  16. hatharasingha

    ගොඩක් ස්තූතීයි.

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. Dasunudayanga

    Super thanks bro.....

  19. isuru srinath sjs

    බොහොම ස්තුතියි ..!

  20. sgr

    thanks

  21. Asitha.pramoth

    ස්තූතියි සහෝදරයා

  22. Nilush Angana

    Sub ekata thanx

  23. malith sandeepa

    thanks bro

    1. Sampath sugath

      Thanks bro

  24. Ayesh Prashan

    Thank You Original Eka Release Una Gamanma Update Karanna

  25. Shehan Madhusanka

    thanks machn
    hd enakam imu

  26. kavinda45

    Adoo biscopedownload aka wada na ne kohomda film aka gannee

    1. thuglife1122

      බුරැව

  27. thilz

    thank you 4 the sub

  28. arawindasunimal

    thanks tharaka nuwan dlhara sub ekata jayawewa....................

  29. TharakaWAS

    Subata thanks bro...
    Jaya wewa...!!!

  30. 1999salitha

    ම්චන්ලා ෆීල්ම් එක කොහොමද ගන්නෙ

  31. Nomad V 1999

    sub 1ta thanks bro

    1. Sampath sugath

      Dan wada thanks

  32. ravindutb

    සබට ස්තූතියි ...

  33. Bandara76

    Thank u very much Nuwan Bro......

  34. dasunrulz

    Supiri

  35. Shimar

    Thnks bokks

  36. D.Chamara

    bohoma sthuthi sahooo

    1. isharadilum

      Elaaaaaaaa

  37. Chirantha Deshapriya

    Thanx bro

  38. kchl

    Baiscopedownload eke tiyena torrent eka wada na bn.

  39. [email protected]

    තෑන්ක්ස් මචං. උබල හින්දා තමා අපි තෙලිගු ෆිල්ම් එකක් වත් බලන්නෙ. ආදරෙයි පැලෙන්න්

  40. rangika Kariyawasam

    බෝම තුති සහෝ ෆට්ටම වැඩක්.ජය

  41. DumuthuLakshan

    Thanks mchn sub ekt..ptta❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  42. lloydche0208

    sub ekata thanks saho

  43. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි තාරකයියේ..
    ෆුල් ලෙන්ත් කොපිය එනකන්ම ඉන්නවා!
    ජය වේවා!!

  44. Dulan Randika

    බොහොම ස්තූතියි. කොහොමහරි ෆුල් ලෙන්ත් එක එනකම් ඉන්නවා.

    1. King_shan

      Niyaamai...film eka supiri..sub ekata thanks...

    2. Ayesh Prashan

      full length kawadada enne

  45. Dulan Randika

    Comment නොකර යනව ගියාට සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියන එක මම දන්නවා මොකද මමත් සබ් කරපු කෙනෙක්.වැඩෙ වෙලා තියෙන්න comment ලියන්න තියෙන කම්මැලි කමයි.ෆිල්ම් එක බලන්න තියෙන හදිස්සියයි නිසා comment කරන්න වෙන්නෑ.අර කිව්වත් වගේ තමන් මහන්සිවෙලා කරපු සබ් එකට එන comment ගාන වැඩිවෙද්දි download කරපු ප්‍රමාණය වැඩි වෙද්දි අමුත් ෆීලින් එකක් දැනෙනවා. අදටත් මං කරපු ස්බ් එකට ගිහිල්ලා comment කියෙව්වහම download කරපු ප්‍රමාණය බැලුවහම අප්‍රමාණ සතුටක් දැනෙනවා කීදෙනෙක් මං හින්දා සිංහල උපසිරසි එක්ක ෆිල්ම් එකක් බලනවද කියලා.පුලුවන් වෙලාවට comment කරනවා.මමත් තවත් සබ් එකක් කරන්න් බලාපොරොත්තු වෙනවා..නමුත් රස්සාවත් එක්ක තියෙන ඉඩකඩ බොහොම අඩුයි.කොටින්ම සබ් එකක් කරන්න මාසෙකට වඩා යනවා.මගහැරුනු චිත්‍රපටයකට් ඉදිරියේදී සබ් එකක් ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලැබෙන කාලවේලාව අනුව ලබා දෙන්නම්.

    බොහොම සතූතියි සබ් එකට ජය....

  46. Sagara sewwanda

    Thanks macho keep it up

  47. Dntds.91

    Thanks Machan

  48. Aac3

    ඔයාගෙ සබක් නම් miss කරන්නේ නෑ සහෝ අනිවා බලනවමයි... සුපිරියක් තමා මේකත්.. සබ් එකටත් ලිපියටත් ගොඩාක් ස්තූති සහෝ... ජයම වේවා !!! දිගටම මේ වගේ සබ් දෙන්නෝ... ජය වේවා බයිස්කෝප්

  49. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  50. Sachin parackrama

    Thanks saho dena sub walata thawa lassana lovestory tikak danna. Oyalata jayawewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.