දැන් අවුරුදු කිහිපයක ඉඳලා එකම තැන පල්වෙන, රීමේක්, බයෝපික්, දේශප්‍රේමි කතා, දෙකයි පනහේ කොමඩි චිත්‍රපටි එක්ක ජාමේ බේරගන්න හදන බොලිවුඩයෙන් අලුත් දෙයක් වෙනස් දෙයක් බලාගන්න හම්බෙන්නේ හාවා හඳ දකින්නා වගේ. මං මේ කිව්වේ Mainstream බොලිවුඩ් සිනමාව ගැන. Mainstream නොවන, අග්‍රගණයේ බොලිවුඩ් සිනමාපට සෑහෙන ප්‍රම…

දැන් අවුරුදු කිහිපයක ඉඳලා එකම තැන පල්වෙන, රීමේක්, බයෝපික්, දේශප්‍රේමි කතා, දෙකයි පනහේ කොමඩි චිත්‍රපටි එක්ක ජාමේ බේරගන්න හදන බොලිවුඩයෙන් අලුත් දෙයක් වෙනස් දෙයක් බලාගන්න හම්බෙන්නේ හාවා හඳ දකින්නා වගේ. මං මේ කිව්වේ Mainstream බොලිවුඩ් සිනමාව ගැන. Mainstream නොවන, අග්‍රගණයේ බොලිවුඩ් සිනමාපට සෑහෙන ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒත් ඉතින් අපි ඒවා ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑනේ. බලනවා තියා ගණන් ගන්නෙත් නෑ. අපේ හිත තියෙන්නේ ඇහැට කනට පේන මේ පැත්තේ. ඒත් ඉතින් උඩ කිව්වා වගේ මේ පැත්තෙන් රසවත් දෙයක් ලැබෙන්නේ ඉඳලා හිටලා. එහෙම ඉඳහිට ලබන නැකතකින් උපන් චිත්‍රපටියක් අරන් තමා මේ ඇවිත් තියෙන්නේ. මීනාක්ෂි සුන්දරේෂ්වර්.

පහුගිය නොවැම්බර් 5වෙනිදා තමයි මීනාක්ෂි සුන්දරේෂ්වර් අපි ඉදිරියට ගොඩබහින්නේ, ඒ රිදී තිරයේ පහසක් ලබන්නේ නැතුවම. එදා දවස Sooryavanshi රිදී තිරය ආක්‍රමණය කරනකොට Meenakshi Sundareshwar නෙට්ෆ්ලික්ස් ඔස්සේ කාගෙත් ආලින්දයට ගොඩ වුණා. කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions විසින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටියට මේ දවස් වල කවුරුත් ආදරය කරන Sanya Malhotra සහ Abhimanyu Dasani ප්‍රධාන චරිත වලින් එකතු වෙනවා. Dangal, Pataakha, Pagglait, Ludo සිනමාපට බලපු අයට Sanya ගැන අමුතුවෙන් කියන්න ඕන නැතුව ඇතිනේ. ඒත් Abhimanyu ගැන මුකුත් දන්නේ නැත්තම් Mard Ko Dard Nahi Hota චිත්‍රපටියත් බලන්න කියලා මේ අස්සේ කියලා ඉන්නවා. ආපහු චිත්‍රපටිය පැත්තට හැරුණොත්, Comedy | Romance ගණයට තමා මේක අයිති වෙන්නේ. ගොඩක් අයගේ උපරිම ප්‍රසාදයක් මේ චිත්‍රපටිය ලබාගත්තා. ලැබිලා තියෙන 7.6ක IMDb අගයත් සාධාරණ අගයක් කියලා කියන්නම ඕන.

 

 

උඩ කිව්වා වගේ මෑතකාලින බොලිවුඩ් චිත්‍රපට එක්ක බලද්දිමට නම් මේක තරමක් දුරට හොඳයි කියන්න පුළුවන් චිත්‍රපටියක්. අලුත් රහක් වෙනස් රහක් අනිවාර්යෙන්ම දැනෙනවා. සරල කතාවක්. ඒ වගේම සංගීතය විසින් මේ සිනමාපටය රැකගන්න ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. පටන් අරන් ඉවර වෙනකම් වගේ ආසාවෙන් බැලුවත් අන්තිමේදී මොකක්ද මේ බැලුවේ වගේ හැඟීමකුත් ආවා. කොහොමහරි මේ ජාතියේ චිත්‍රපටි බලන අය අත ඇරගන්න නම් එපා හොඳේ.

කතාව ගැන නම් අමුතුවෙන් කියන්න මට තේරෙන්නේ නැහැ. නිකමට මෙහෙම කියන්නම්. මීනාක්ෂි කියන කෙල්ලගෙත් සුන්දරේෂ්වර් කියන කොල්ලගෙත් හමුවීම වෙන්නේ බොහොම අහඹු විදිහට. මේ හමුවීම බොහොම ඉක්මනට විවාහයකින් කෙලවර වෙනවා. ඒත් මේ විවාහ ජීවිතේ සාමන්‍ය විදිහට ගෙවිලා යන්න දෛවය නම් ඉඩක් තිබ්බේ නැහැ. කොහොමද මෙයාලගේ ජීවිතේ ගෙවිලා යන්නේ කියලා Meenakshi Sundareshwar අරගෙනම බලලා දැනගන්න . ඇත්තටම චිත්‍රපටිය නිකුත්වෙලා සතියෙන් වගේ දෙන්න හිටිය උපසිරැසිය සති දෙකක් දක්වා පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කවදාවත් නැතුව ගෙවල් වලට වතුර දැම්මා නොවැ. වතුරත් එක්ක තමා පහුගිය ටිකේ ඔට්ටු වුණේ. තාමත් ඉතින් ඉවරයක් නෑනේ නේහ්… එහෙනම් බයිලා ඇති. මේ හැම ව්‍යසනයක්ම හමුවේ හැමෝම පරිස්සමට ඉන්න.අපි ගිහින් එන්නම්. ළඟදීම ආයෙත් හම්බවෙමු. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි True WEB පිටපත් සඳහා අදාළ වේ.

7,617 downloadsDownload Meenakshi-Sundareshwar-2021.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

7,617 downloadsDownload Subtitles52 KB

32 comments

  1. Bimsara cahthuranga

    තෑන්ක්ස් බ්‍ර්‍රෝ❤️

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️❤️❤️

  4. Anonymous

    Sanya inna nisama kalin baluwa
    Hbai sanya ge kalin film taram gathiyak na
    Khomawunth thanks saho sub ekata

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Kushan

    Sub akta thanks

  7. Naveen

    උපසිරසියට තුති

  8. L.Y

    thank you

  9. Anonymous

    Thanks for sub

  10. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  11. hichchi

    adareyi bn

  12. Redrux

    Thnkz bro

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. නිර්මාල්

    තෑන්ක්ස් සහෝ

  15. Tharindu

    උපසිරසියට ස්තුතියි

  16. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  17. Anonymous

    patta

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. නිමල් දිසානායක

    ඇත්තමයි දැනුනි අමුතුම රහක් හොඳ
    කොඳ මල් පිපෙනු වැනි පායන ව්ටදී හඳ
    වෑහෙයි ආදරය සෙනෙහස බිඳෙන් බිඳ
    තුති මල් ඔබට Phoenix, සබ් ටිකට හොඳ!

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  23. රනා

    ගැම්මක් තමයි❤

  24. Viru

    තෑන්ක්ස්

  25. සාරංග ජේ. ලියනගම

    thanks...

  26. Neo

    Thanks brother
    Keep it up

  27. Charith

    තෑන්ක්ස් සහෝ
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු

  28. Eranda

    Thanks brother

  29. mindika

    Thanks !!!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  32. Sahan Gayantha

    thanks a lot saho sub ekata..