ඔන්න මේ සති අන්තයට අපේ මලයාලම් රසිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් තවත් ෆිලුමක් අරගෙනයි මේ පාර ආවේ.මේක තවත් වෙනස් මලයාලම් ෆිලුමක්.Drama ගණයට තමයි අයිති වෙන්නේ.Dhuruvangal Pathinaaru (2016) [දමිළ සහ Traffic (2011) [මලයාලම් වගේ ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපට වලට රංගනයෙන් දායක වුනු Rahman මේකේ ප්‍රධාන චරිතයට…

ඔන්න මේ සති අන්තයට අපේ මලයාලම් රසිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් තවත් ෆිලුමක් අරගෙනයි මේ පාර ආවේ.මේක තවත් වෙනස් මලයාලම් ෆිලුමක්.Drama ගණයට තමයි අයිති වෙන්නේ.Dhuruvangal Pathinaaru (2016) [දමිළ සහ Traffic (2011) [මලයාලම් වගේ ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපට වලට රංගනයෙන් දායක වුනු Rahman මේකේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.ෆිලුමේ වැඩි හරියක් රූපගත කරලා තියෙන්නේ තායිලන්තයේ.
ෆිලුමේ යන්නේ කබීර් අබ්බාස් කියන චිත්‍රපට තිර රචකයා,එයා ලියපු චිත්‍රපටියක කතාව එයාගේ යෙහෙලියක් වුනු නිළියකට කියන සිද්දියක් ගැන.ඒ අතර මේ කතාව ෆිලුමෙන් අපිට පෙන්නනවා.මුලින් නම් කතාව ලොකු පටලැවිල්ලක් වගේ තමයි හිතෙන්නේ.ඒත් පස්සේ තමයි වෙන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ.කබීර්ගේ කතාවේ විදියට තමන්ගේ සීයා එක්ක තායිලන්තයේ ජීවත්වෙන ගැහැණු ළමයෙක් ඉන්නවා,එයාගේ නම ඉශා.මෙයා ජීවත්වෙන්න කරන්නේ චිත්‍ර අඳින එක.ඒත් මෙයා එක දවසක යම් තැනකට චිත්‍රයක් අඳින්න ගියාම එයාට නොසිතූ දෙයක් සිද්ද වෙනවා.මේකෙදි එයාට උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා.ඒත් එතනදී ඉශාට සිහි නැති වෙන හින්දා ඒ කෙනා කවුද කියලා ඉශා ට දැනගන්න ලැබෙන්නේ නෑ .එදායින් පස්සේ හැමදාකම ඉශාගේ ගෙදර ඉස්සරහට උදේ පාන්දර කවුරුහරි කෙනෙක් ලැවෙන්ඩර් මල් පෝච්චියක් ගෙනත් තියනවා.ඔය විදියට තමයි කතාව යන්නේ.මොකක්ද අර කලින් කිව්ව සිද්දිය? කවුද ඉශාට ඒ විදියට රහසේම උදවු කලේ? කවුද හැමදාම එයා වෙනුවෙන් මල් ගෙනත් තියන්නේ? මේ දේවල් ෆිලුම බලද්දී ඔයාලට ලෙහා ගන්න පුළුවන් වෙයි.
ළඟකදී අලුත් මලයාලම් ෆිලුමක් ආවේ නැති නිසා තමයි මලයාලම් ෆිලුමක් එනකල්ම බලාගෙන ඉන්න රසිකයින් වෙනුවෙන් මේකට උපසිරැසි කරන්න ඕනේ කියලා හිතුනේ.ඉතින් ඒ අයට මේකත් අනිවාර්යෙන්ම බලන්න කියලා අරාධනා කරනවා! ඒ වගේම උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් ගොඩක් වටිනවා කියලා අවසාන වශයෙන් මතක් කරනවා!
තවත් දෙයක් කියන්න වෙනවා,සමහරවිට මේක අවුරුදු 2ක් විතර පරණ ෆිලුමක් හින්දා seeds අඩු නිසා බාගන්න ටිකක් අමාරු වෙයි.ඒ නිසා ඒකට විකල්ප ක්‍රම භාවිතා කරන්න.එහෙමත් නැත්නම් baiscopedownloads සයිට් එකට ගියොත් මේක පහසුවෙන්ම ඩිරෙක්ට් බාගන්න ලින්ක් එකක් ගන්න පුළුවන් වෙයි.
එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
2,280 downloadsDownload Lavender-2015.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
13 comments
Kanths_dla
Kulanjana Maduranga
niayamai…malayalam film nm ithin nobala in na ne...aniwa bamak thama.....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru
Thanks for sub puluwannam Mumbai police 2013 film eke direct link ekak denna puluwanda thanks
තරිඳු රසාංග
F507CE9C66D55BD618327DCC99463064F3DF23F1
828164187BFE2954F502E91968C2E52ECAAEF6DB
ඔය තියෙන # වලින් එකක් Google search කරන්න.
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
**************බුදුසරණයි***************Isuru
Thanks ewain download karanna be seeders la nathi nisa puluwannam direct link ekak denna thank you
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මලයාලම් නම් ඉතිං කොරම තමයි. එල
rangika Kariyawasam
නියමායි.... නියමායි....
ෆටිටම මලයාලි ෆිලුමකින් නැවතත් අප හමුවට ආපු තරිදු සහෝට අපගේ බලවත් ආචාරය සහ ස්තුතීය පිරිනමනවා.එල එල මෙි ෆිලුම අපට දෙන්න මහන්සි උනාට ෆටිටම ස්තුතීයි සහෝ.ඔබ කරන මෙි මහගු සේවයට අපි ණය ගැතියි.ඔබලා නිසාමයි මලයාලි ෆිලුමක් ආසාවෙන් අපි බලන්නෙ.අපි ඒ නිසාමයි ෆිලුම බලන බලන පාරට ඔයාලට පිං දෙන්නෙ.එල...
තරිදු සහෝ මෙි ටිකේම අපි ඉල්ලුවා Fahadh Faasil ගේ නිකුත්වෙලා තියෙන අලුත්ම ෆිලුම Roll Models (2017) ෆිලුමට සබ දෙන්න කියලා.තවම ලැබුනෙ නෑ සහෝ.පුලුවන් නමි අපට ඒ ෆිලුමට ඊලග සබ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා..ජයවෙිවා ..
SPD
නියමයි තරිඳු සහෝ.
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.
ඉදිරියටත් මෙවැනිම අනර්ඝ මලයාලම් චිත්‍රපට සඳහා උපසිරසි කරන්න
හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා...!!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය.Kaveen Gayath
Thanks for the sub bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!