Watch Trailer

Top Gun: Maverick (2022) Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක් කියලා කියන ගමන් මේ අරගෙන එන්නෙ හැමෝම බලාගෙන හිටපු ඒ වගේම මේ වසරෙ තිරගත වුන චිත්‍රපට අතරින් දැනට වැඩිම ආදාමයක් උපයන්න සමත් වුන Top Gun: Maverick සිනමාපටයට අදාල සිංහල උපසිරැසිය. හැමෝම දන්නවා Top Gun: Maverick කියන්නෙ 1986 දි තිරගත වුන Top Gun පළමු වන චිත්‍රපටයෙ දෙවන දිගහැරුම. අවුරුදු…

හැමෝටම සුබ දවසක් කියලා කියන ගමන් මේ අරගෙන එන්නෙ හැමෝම බලාගෙන හිටපු ඒ වගේම මේ වසරෙ තිරගත වුන චිත්‍රපට අතරින් දැනට වැඩිම ආදාමයක් උපයන්න සමත් වුන Top Gun: Maverick සිනමාපටයට අදාල සිංහල උපසිරැසිය. හැමෝම දන්නවා Top Gun: Maverick කියන්නෙ 1986 දි තිරගත වුන Top Gun පළමු වන චිත්‍රපටයෙ දෙවන දිගහැරුම. අවුරුදු 36 ට පස්සෙ ඇවිත් බොක් ඔෆිස් වාර්තා බිඳදම්මමින් තිරගත වෙන්න මේ සිනමාපටයට හැකියාව ලැබුනා. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමා කොමික් පාදක කරගෙන නිර්මාණය වෙන චිත්‍රපට නිසා අනෙක් චිත්‍රපට වලට ආදායම් අතින් සාර්ථක වෙන්න බැහැ කියලා. හැබැහ් ඒ කතාව බොරුවක් කියලා මේ වතාවෙ Top Gun: Maverick සිනමාපටය පෙන්නලා දීලා තියනවා. හොද දෙයක් ප්‍රේක්ෂකයට දුන්නොත් මොක වුනත් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා.

චිත්‍රපටිය පැත්තට හැරුනොත් සුපුරුදු පරිදි ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිතයෙන් එක්වෙනවා කැප්ටන් මිචෙල් විදිහට. ටොප් ගන් පළවෙනි චිත්‍රපටය වගේම දෙවනි චිත්‍රපටත් පටන් ගන්නෙ Kenny Loggins ගෙ Danger Zone ගීතයත් එක්ක. අවුරුදු තිහක් ගියත් ඒක අහනකොට ඒ තියෙන ගැම්මෙ නම් කිසිම වෙනසක් නැහැ (ඔයාලත් අහලා බලන්න). මම චිත්‍රපටියෙ කතාව ගැන කිසිම දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ මොකද ඒක ඇත්තටම විදින්න ඕන දෙයක්. කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම Top Gun (1986) පළවෙනි එක බලලා මේක බලන්න කියලා විතරයි. ඇත්තටම මට මේක බලලා ඉවර වෙද්දි හිතුනෙ මේකත් තව “මිෂන් ඉම්පොසිබල්” එකක්දෝ කියලා.

ටොම් කෲස් කිව්වම හැමෝම දන්නවා මෙයාගෙ ෆිල්ම් වල ගොඩක් ස්ටන්ට් සීන් ඇත්තටම ග්‍රීන් ස්ක්‍රීන් නැතුව ටොම් විසින්ම කරපුවා කියලා. ඉතිං Top Gun: Maverick වලදිත් රූස්ටර් චරිතයට පණ පොවන නළු Miles Teller කියන විදිහට ටොම්ට මේකටත් ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරන්න ඕන වෙලා නැහැ. ඒ කියන්නෙ චිත්‍රපටියෙ තියන සීන් හැම එකක්ම ඇත්තටම කරපු ඒවා. කැමති අය ඉන්නවනම් අන්තර්ජාලයෙ ටිකක් හොයලා බලන්න මීට අදාල ගොඩක් විඩියෝ නිකුත් කරලා තියනවා. ඒ වගේම තමා ටොම් මාස තුනක පුහුණු වැඩසටහනක් නිර්මාණය කරලා තියනවා අනික් නළු නිළියන් වෙනුවෙන්. එච්චර කැපවීමෙන් කරපු ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් වාර්තා බිඳදාපු එක අමුතු දෙයක් නෙවෙයි.

අපි මුල ඉදන්ම කිව්වනෙ මේ චිත්‍රපටය මේ වසරෙ දැනට ආදායම් අතින් සාර්ථකම වුන චිත්‍රපටිය කියලා. අපි දැන් ටිකක් කතා කරමු මේ චිත්‍රපටියෙ ආදායම් වාර්ථා පිළිබඳව. මේ ලිපිය ලියන මොහොත වන විට (2022/07/17) චිත්‍රපටියේ ලොව පුරා ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ට අධික මුදලක් වෙනවා. ඒ වගේම පැරමවුන්ට් පික්චර් ආයතනයෙ වැඩිම ඩොමෙස්ටික් බොක්ස් ඔෆිස් වාර්තාව මෙතෙක් කල් හිමිකම් කියූ ටයිටැනික් චිත්‍රපටයෙ ඩොමෙස්ටික් ආදායමද පසු කිරීමට Top Gun: Maverick සිනමාපටයට හැකිවෙලා තියනවා. ඒ මුලු ඩොමෙස්ටික් ආදායම ඇ. ඩොලර් මිලියන 609 කට අධික මුදලක් උපයමින්. ටයිටැනික් චිත්‍රපටය උපයාගැනීමට සමත්වෙලා තිබුනෙ ඇ. ඩොලර් මිලියන 600 ක මුදලක් පමණයි. මීට අමතරව පැරමවුන්ට් ආයතනයෙ මෙතෙක් වැඩිම ආදය ලද චිත්‍රපටය වෙන්නෙද Top Gun: Maverick චිත්‍රපටය. ඒ විතරක් නෙවෙයි ටොම් කෲස්ගෙ සිනමා දිවියෙදි වැඩිම ආදයමක් ලබපු චිත්‍රපටය වෙන්නෙද Top Gun: Maverick වීම විශේෂත්වයක්.
පැරමවුන්ට් ආයතනයෙ වැඩිම ආදයම් ලද චිත්‍රපට 10 පිළිවෙලින්:

01). Top Gun: Maverick – ඇ.ඩො.බි. 1.15
02). Transformers: Dark of the Moon – ඇ.ඩො.බි. 1.12
03). Transformers: Age of Extinction – ඇ.ඩො.බි. 1.10
04). Transformers: Revenge of the Fallen – ඇ.ඩො.මි. 836
05). Shrek the Third – ඇ.ඩො.මි. 807
06). Mission: Impossible—Fallout – ඇ.ඩො.මි. 787
07). Indiana Jones and the Kingdom of the Crystal Skull – ඇ.ඩො.මි. 786
08). Shrek Forever After – ඇ.ඩො.මි. 756
09). Madagascar 3: Europe’s Most Wanted – ඇ.ඩො.මි. 746
10). Transformers – ඇ.ඩො.මි. 708

ඒ වගේම,
ටොම් කෲස්ගෙ වැඩිම ආදයම් ලද චිත්‍රපට 10 පිළිවෙලින්:
01). Top Gun: Maverick – ඇ.ඩො.බි. 1.15
02). Mission: Impossible—Fallout (2018) – ඇ.ඩො.මි. 787
03). Mission: Impossible – Ghost Protocol (2011) – ඇ.ඩො.මි. 694.7
04). Mission: Impossible – Rogue Nation (2015) – ඇ.ඩො.මි. 682.7
05). War Of The Worlds (2005) – ඇ.ඩො.මි. 603.9
06). Mission: Impossible 2 (2000) – ඇ.ඩො.මි. 546.4
07). Mission: Impossible (1996) – ඇ.ඩො.මි. 457.7
08). The Last Samurai (2003) – ඇ.ඩො.මි. 454.6
09). The Mummy (2017) – ඇ.ඩො.මි. 409.2
10). Mission: Impossible III (2006) – ඇ.ඩො.මි. 398.5

ඔය ටික තමයි චිත්‍රපටිය සහා ලබා ගත් ආදායම් වාර්තා ගැන කියන්න තියෙන්නෙ.

විශේෂයෙන්ම කියන්න ඕන මේ උපසිරැසිය දීලා තියෙන්නෙ HDTC කොපියකට. කොපිය සාමාන්‍ය මට්ටමෙන් ගත්තම හොද තත්ත්වයක තිබුනා වුනත් චිත්‍රපටිය හොඳට රසවිදින්න ඕන නම් හොද පිටපතක් එනකල් ඉන්න කියන එක තමයි මගේ නම් මතය. ඊටත් වඩා හෝල් එකේම බැලුවනම් තමා හොද. කොහොම වුනත් හොද කොපියක් ආව ගමන් උපසිරැසිය අප්ඩේට් කරලා දෙන්නම්.

එහෙනම් මම ගිහින් එන්නම්.

– Don’t think, Just do it. –

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

62,215 downloadsDownload Top-Gun-Maverick-2022-Blu-Ray.zip112 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

62,215 downloadsDownload Subtitles112 KB

61 comments

  1. Dinuka Bashana

    download karannalink ekak dala nane

  2. max

    කොහෙන්ද මචන් මේක download කරගන්නෙ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      Puluvn nm. Teligram chenl ekakin apita aluthen ena film update ekak denna puluvnda..

    2. Kavindu

      Ow bro e krame nam hodai thama. Nathnam hamawelema site ekata awilla balanna onine...Sub ekata thanks..

    3. Anonymous

      Fullmetal achemy meka sub nedda

  4. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. Kushan

    Sub akta thanks

  6. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. අචින්ත

    අඩෝ ස්තුති වේවා..
    හොඳ කොපියක් ආව ගමන් බලන්න ගන්නෝ
    (කොහොමහරි හම්බවුණා එහෙනම්)

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

    1. Anonymous

      Ane me film eka downloard karaganna puluvan hoda tlgrm grp ekk kiyanna puluvnda

    2. Chathumini

      Ow plz

  9. thilina

    thx bn thx
    uba ta pulvn Lightyear (2022) ekta th dipanko

  10. KO

    The Umbrella Academy season 3 sub dennako pluwn kenk

  11. Praveen danushka

    This web site is great keep it up.... but some sub not to play in correct time line .... and how to correct it (some time ealey or delay)..

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. chanaka.n.k

    thanka.......

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Bobby

    Thank you very much Bro

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. indika 75

    thanks..

  18. Kavindu Lakshan

    the gray man sub kooooo

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Hasitha

    Web Rip awa... update plz...

  21. sangeeth samarasinghe

    Web rip akata sub aka update kala nm hari broo. Day Shift ake sub akath ekmaninma danna.

  22. Anonymous

    Web rip ekata sub ek dennako sahoo

  23. sampe

    web rip ekata denawada ikmanata

  24. isham

    origenal aka awilla bro .. ikmanata denna

    1. sahshika

      link ekak dennako

  25. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  26. Kasun

    Thanks

  27. Roshan

    Tnx bro.Great job...

  28. Anonymous

    Web update plz

  29. jeewa

    Imax webrip එකට Update කරමු නෙහ්

  30. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤

  31. Kevin D...

    Thanks...

  32. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  33. sahangayantha

    thanks a lot saho sub ekata

  34. Anonymous

    Thanks Brother

  35. Nishan

    eka nam super Film ekak..Thank you all

  36. Chathuranga

    Thanks Saho

  37. Nishan

    Thanx bro

  38. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  39. Sandeep Madushan

    Thanx for sub..

  40. lakshan

    thanks .................

  41. Binidu sumal

    sub ekata thanks

  42. Dhananjaya Gamage

    සුපිරි පහරක් !!!!!!!!

    1. Isura

      The crown eke sub ekak hadala dennako

  43. Malith samarawickrama

    Thanks bro sub ekata.good luck ever..

  44. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  45. Lahiru Lakshan

    thanks machn....

  46. Anonymous

    Fullmetal achemy meka sub nedda

  47. sachin

    Thanks machan sub ekata. baiscopelk ekt jaya!

  48. Chämàrá Sâmpáth

    මෙච්චර කාලෙකට බලන්න ලැබුණු හොදම ජෙට් ෆයිටර් මූවී එකක් මේක නම්. ආයෙ කාලයක් යනකල් ඒක වෙනස් වෙන එකකුත් නැහැ.

    සබ නම් ලෙසටම තිබුනා. සබට බොහොම තුති ආ..!

  49. Dewadithya

    Thanks for Sub!

  50. Anonymous

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.