Watch Trailer

London Confidential (2020) Sinhala Subtitles | චීන රහස් එලිකළ රෝ මෙහෙයුම! [සිංහල උපසිරසි]

හෝ….හෝ…..යාළුවනේ සුබ අළුත් අවුරුද්දක් වේවා….. ඔන්න එහෙනම් 2021 අළුත් අවුරුද්දත් උදාවෙලා දැන් සති දෙකක් විතර ඒත් ඉතින් මට උපසිරසියක් අරන් එන්න වුනේ නැහැ පසුගිය සති 3 ඇතුළත මගේ විශ්ව විද්‍යාල විභාග කටයුතු නිසා පහුගිය 5 වෙනිදා දවල් විභාගේ ඉවර කරලා ඇවිත් බයිස්කෝප් එකට මේල් එකක් දැම්මා ෆිල්ම් එකක් ඉල්ලග…

හෝ….හෝ…..යාළුවනේ සුබ අළුත් අවුරුද්දක් වේවා….. ඔන්න එහෙනම් 2021 අළුත් අවුරුද්දත් උදාවෙලා දැන් සති දෙකක් විතර ඒත් ඉතින් මට උපසිරසියක් අරන් එන්න වුනේ නැහැ පසුගිය සති 3 ඇතුළත මගේ විශ්ව විද්‍යාල විභාග කටයුතු නිසා පහුගිය 5 වෙනිදා දවල් විභාගේ ඉවර කරලා ඇවිත් බයිස්කෝප් එකට මේල් එකක් දැම්මා ෆිල්ම් එකක් ඉල්ලගන්න…. මෙන්න බොලේ විනාඩි ගානක් ඇතුලත සිසිල අයියා රිප්ලයි කරලා ඇහුවා මේක කරමුද? කියලා මටත් මොකද එහෙම්ම භාරගත්තා. ඒත් සති 3ක් විතර පාඩම් වැඩ කරපු නිසා පරණ රිද්මයට එන්න අමාරුයි ඒක නිසා මේ පොඩි සබ් එකටම දවස් 6 ක් ගියා… ෆිල්ම් එක භාරදීම ගැන සිසිල අයියට ස්තූතිවෙන ගමන් ප්‍රමාදය ගැන ඔබ සියළු දෙනාගෙන්ම සමාව අයැද සිටිනවා. ඔන්න එහෙනම් සමාව ගන්නම එක ඡේදයක් ගියා…. දැන් ෆිල්ම් එක ගැන බලමු.

2020 වසරේ සැප්තැම්බර් මස 18 Zee5 හරහා නිකුත් වන මෙම චිත්‍රපටය Kanwal Sethi ගේ අධ්‍යක්ෂණයෙන් Hussain Zaidi ගේ තිරරචනයෙන් සහ Jar Pictures සමාගමේ නිෂ්පාදනයෙන් නිමැවෙනවා. මෙහි IMDb දර්ශකය 6.2 ක අගයක් වන අතර 77% ක ගූගල් පරිශීලක ප්‍රසාදයක් හිමිවී තිබෙනවා. Made in China, Romeo Akbar Walter යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වුනු Mouni Roy නම් නිළිය මෙහි ප්‍රධාන චරිතය හොබවනවා. සෙසු චරිත සඳහා Kulraj Radhawa, Purab Kohli (විරාත් කෝලිගේ නෑයෙක් නෙමේ.), Roxane Cabassut නම් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

චීනය, ඉන්දියාව අතර ඇති මතභේද, ගැටුම් දැන් මුළු ලෝකයම දන්නවා. පසුගිය කාලයේ ව්‍යාප්ත වුන Covid 19 වෛරසයට පසු පැතිර යන තවත් එක ඊටත් වඩා වෛරස් ව්‍යාප්තියක් ගැනයි මෙහි ප්‍රධාන මාතෘකාව චීන රහස් ඔත්තු සේවය (MSS) මෙම පුවත පැතිරීම වැලැක්වීමට උත්සාහ කරන අතර ඉන්දීය රහස් ඔත්තු සේවයේ තිදෙනෙක් චීන ජාතිකයෙකුගේ මාර්ගයෙන් මෙය ලොවට හෙලිදරව් කිරීමට අධි අවදානම් වෑයමක් දරනවා. අවසානයේ කුමක් සිදුවේද….? (හරි හරි මම නිකන් ඇහුවේ ෆිල්ම් එක බලලම කියන්නකෝ.) චීන ඔත්තු සේවය පරයා මොවුන් තිදෙනා ජයගනීද? නැතිනම් ඔවුනුත් අඩි 6ක් යට වැළලෙයිද? චීන ජාතිකයා මොවුන්ව MSS එකට පාවාදෙයිද?

ඔන්න එහෙනම් පැයකුත් මිනිත්තු 17ක් පුරා දිවෙන මෙම කුතුහලය සපිරි සලරුව නැරඹීමට මම ඔබට ආරාධනා කරනවා. අමතක නොකර උපසිරසිය ගැන හොඳ, අඩුපාඩු ගැන කමෙන්ටුවකුත් දාන්න…

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

8,821 downloadsDownload London-Confidental-2020.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

8,821 downloadsDownload Subtitles37 KB

32 comments

  1. Anonymous

    mama thama onna mulinma sub eka download kare...

    1. Anonymous

      Thanks bro....

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Anonymous

      obatath esema wewa...

    2. Kantha_DLA

      Request :
      Redemption Day (2021)
      Horizon Line (2020)
      Synchronic (2019)
      Fatale (2020)

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මේ ෆිල්ම් දෙකට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Raja - 1995
    Hero No. 1 - 1997

    1. Anonymous

      මේ දවස් වල ෆිල්ම් තියනවා...
      ඒත් මම පුළුවන් ඉක්මනින් ගේන්න උත්සාහ කරන්නම්.....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Kolitha4

    Thanx bro

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ Cuckoo 2014 ⁣ටැමිල් ෆිල්ම් එකට සබ් දෙනවද

    1. Anonymous

      මම උත්සාහ කරන්නම්....

  8. Suranjan

    Thanks jayawewa.........!

  9. Anonymous

    godak stuthiy machooo

  10. Anonymous

    මේකේ තව කොට්‍සක් එනවා රීචා චඩ්ඩා ඉන්න එකක්. ඒකත් දීපන් වස්තු

    1. Anonymous

      ow ow ekata aniwa sub one

  11. Anonymous

    නමේ පොඩි වරදක් තියෙනවා, හදමු නේද :)

    1. Anonymous

      Mokakda waradda...?

  12. indika75

    thanks..

  13. Anonymous

    The serpent 2020 sinhala subtitles eka denna

  14. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... (Niramal)

  15. D.Chamara

    බොහොම ස්තූතියි .... !

    1. Anonymous

      aniwaa....

  16. Hasini

    Download Link ekak dennako

    1. yohan

      baiscopedownloads.co site eken ganna.

  17. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  18. mindika

    Thanks !!!

  19. sandun suranga

    thanks

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. MAALNATH

    Thanks. ..............good luck. .............