Watch Trailer

Made in China (2019) Sinhala Subtitles | පාරිබෝගිකයා යනු…? [සිංහල උපසිරැසි සමඟ]

අපේ ඉන්දියානුවෝ සෙක්ස් ගැන විසිහතර පැයේම හිතනවා… ඒත් ඒ ගැන කිසි වෙලාවක කතා කරන්නේ නැහැ… සාකච්ඡාවක් වෙන්නේ නැහැ… අපේ රට ලෝකයේ ජනගහනයෙන් සමූහයක්ම ඉන්න රටක්… ඒත් සෙක්ස්.. ඔවුන්ගේ ලොකුම අවශ්‍යතාවයක්.. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හරියට අගුලක් වගේ.. කෙනෙක් ඒ අගුලේ යතුර හොයාගත්ත දවසක.. එයාට පත්වෙන්න පුළුවන්…

අපේ ඉන්දියානුවෝ සෙක්ස් ගැන විසිහතර පැයේම හිතනවා…
ඒත් ඒ ගැන කිසි වෙලාවක කතා කරන්නේ නැහැ…
සාකච්ඡාවක් වෙන්නේ නැහැ…
අපේ රට ලෝකයේ ජනගහනයෙන් සමූහයක්ම ඉන්න රටක්…
ඒත් සෙක්ස්.. ඔවුන්ගේ ලොකුම අවශ්‍යතාවයක්..

පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හරියට අගුලක් වගේ..
කෙනෙක් ඒ අගුලේ යතුර හොයාගත්ත දවසක..
එයාට පත්වෙන්න පුළුවන් ව්‍යවසායකක් බවට…

ගෙවී ගිය වසරේ ආපු තවත් ආදර්ශමත් සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. පිටපත් නිකුත් වෙලා ටික දවසක් ගත වූවත් වැඩ අස්සේ උපසිරැසි ගන්වලා දැනුයි ඔන්න අරගෙන එන්නේ. රාජ්කුමාර් රාවෝ ගැන ඉන්දියානු සිනමාව ගැන දැනුමක් තියෙන කෙනෙක් බොහොම හොඳින් දන්නවා ඇති. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු අවදානම් සහගත සිනමා නිර්මාණයන් වලට අත තියල සිනමාව පැත්තෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් තමා රාජ්කුමාර් කියන්නේ. අතිදක්ෂ නළුවෙක් වන රාජ්කුමාර් බොලිවුඩ් සිනමාවේ පහුගිය කාලයේ ලොකු පෙරලියක් ඇති කරන්නට සමත් වූවා. පහුගිය වසර කිහිපයේම ඉතාමත් උසස් තත්වයේ තාත්වික සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙමින් ඉහල විචාරක ප්‍රසාදයන් සහ සම්මානයන් රැසකට බඳුන් වුනු නළුවෙක් තමයි ඔහු. එමෙන්ම තිරපිටපත් තෝරා ගැනීම අතින් හොඳම තිරපිටපත් තෝරා ගැනීමක් තියෙන නළුවෙක් විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. අමීර්කාන්, නානි, අයුශ්මාන් යනු එවන් තිරපිටපත් තෝරාගැනීම් අතින් හොඳ නමක් දිනාගත් තවත් නළුවන් තිදෙනෙක්.

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් ප්‍රධානකොටගෙන තැනුණු Made in China චිත්‍රපටය නිකුත් වන්නේ පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා. ඒ Mikhil Musaleගේ අධ්‍යක්ෂණයෙන්. රාජ්කුමාර්ට අමතරව Mouni Roy, Boman Irani, Amyra Dastur, Paresh Rawal, Gajraj Rao යන අතිදක්ෂ නළුනිලි කැලද මේ සඳහා තම රංගන දායකත්වය එකතුකොට තිබෙනවා. චිත්‍රපටය බොක්ස් ඔෆිස් අතින් නම් එතරම් සාර්ථකත්වයක් ලබන්නට සමත් වුනේ නැහැ. නමුත් විචාරකයින්ගේ පැසසුමට Made In China චිත්‍රපටය ලක්වූවා. මෙය Parinda Joshi රචනා කල Made In China ග්‍රන්ථය අනුසාරයෙන් තැනු චිත්‍රපටයක් විදිහට සඳහන් වෙනවා.

කතාව ගැන කියනවනම් අහමදාබාද් වල වාසය කරන රඝු මෙහෙතා නම් ව්‍යාපාරික තරුණයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුට විවිධ ආකාරයේ ව්‍යාපාරික අදහස් පහල වුවත් ඒ හැම එකක්ම අසාර්ථක වීම ඔහුගේ ලක්ෂණයක් වූවා. නමුත් හදිසියේම ඔහුගේ ඥාති සොයුරෙක් සමග ව්‍යාපාරික ගණුදෙනුවක් සඳහා යෙදුනු චීන සංචාරයකදී ඔහුට අපූරු ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙනවා. ඉන් පසු ඔහුට සිදුවන දෙය තමයි මුළු කතාව පුරාවටම දිවෙන්නේ. නමුත් වගකීමෙන් කියන්න පුළුවන් මේ චිත්‍රපටය ඔබට හොඳ ආදර්ශයක් ලබාදේවි. හොඳ විනෝදාත්මක අද්දැකීමක් ලබාදේවි.

වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ, මගහැරගන්නේ නැතුව නරඹන්න කියා ආරාධනා කර සිටිනවා. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු සමාජීය වැදගත්කමකින් යුතු සිනමා නිර්මාණයක් නිසාවෙන් ඔබට අලුත් අද්දැකීමක් එකතු කරනු ඇති. ලස්සන සින්දු දෙක තුනක් එහෙමත් චිත්‍රපටයේ තියෙනවා. සිද්ධ වුනු ප්‍රමාදයට නැවතත් සමාව ඉල්ලා සිටින අතර චිත්‍රපටය ලබාදුන් ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිය පල කර සිටිනවා. එමෙන්ම එදා සිට අද දක්වා අපහා එක්ව සිටින ප්‍රේක්ෂක ඔබ සැමවත් මේ මොහොතේ මත කර සිටින අතර ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමගින් රැඳී සිටින්න ආරාධනා කර සිටිමින් අපි විසි වෙනවා. ජයෙන් ජය.!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,220 downloadsDownload Made.in_.China_.2019.Baiscopelk.com_.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,220 downloadsDownload Subtitles56 KB

26 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. chandi dilhara

    උපසිරැසි දෙනකම් මඟ බලගෙන හිටපු ෆිලුමක්. ස්තූතියි.♥☀

  3. Isira janith

    Panther meri jaan 2019 movie sub dennko please me flimata thx panther ekatath sub dennko

  4. Isuru minipa

    Thanks broo ela puluwannam rajkumar rao ge Behen Hogi Teri film eka denna

  5. gihan perera

    ස්තුතියි සහෝ.....පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. tharidu16

    ස්තුතියි මචො

  7. Hemal

    Thank you

  8. Suranjan

    Thanks jayawewa......!

  9. Gandhaka Indrajith

    Thanks for the subtitle

  10. indika75

    thanks..

  11. Nilush Angana

    Sub ekata thanx

  12. malshanssd341

    Thanks

  13. Madhawalakmina

    Sub !kata Thanks

  14. kaglakshitha

    thanks

  15. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  16. Ravisara Dharmapala

    Supiri film ekk bn kila wadk ne supiri subektmaruwatakrla tyba monwa unt adrshamth kathwak.. eke eka atha kathwak kinwa
    Customer...chooththiya heey...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Pramukmili

    Thanxx bro..........

  19. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  20. jayNP

    Thank you.. keep it up good work.. :)

  21. jayNP

    Thank you.... keep it up good work.... :)

  22. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    බැලිල්ලක් තමා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  23. R_deshan

    කම්මැලි නැතුව බලන්න පුලුවන් ඒකාකාරී රටාවෙන් මිදුණු වෙනස්ම කතාවකට සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ...සබ් එක නියමෙට තිබ්බා.

  24. Udaya Fdo

    Thank you

  25. isuru

    Thank you

  26. Gihan

    Thanks For Subtitle.....Good Luck

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.