මාමන්නන් හා ඔහුගේ පුත් අදිවීරන් වසර ගණනාවක ඉඳන්ම කතා කරන්නේ නැහැ. දෙදෙනා අතරේ සන්නිවේදන මාධ්‍යය වුණේ අදිවීරන්ගේ අම්මා. අදිවීරන්ට කුඩා කාලයේ සිදුවන එක්තරා සිදුවීමක් නිසා එයාගේ තාත්තා එක්ක කතා කරන එක නතර කරනවා. මාමන්නන් ආණ්ඩු පක්ෂයේ ව්‍යවස්ථාදායක සභා සාමාජිකයෙක්.(MLA) අදිවීරන් අඩිමුරෛ සටන් කලාව උගන්ව…


මාමන්නන් හා ඔහුගේ පුත් අදිවීරන් වසර ගණනාවක ඉඳන්ම කතා කරන්නේ නැහැ. දෙදෙනා අතරේ සන්නිවේදන මාධ්‍යය වුණේ අදිවීරන්ගේ අම්මා. අදිවීරන්ට කුඩා කාලයේ සිදුවන එක්තරා සිදුවීමක් නිසා එයාගේ තාත්තා එක්ක කතා කරන එක නතර කරනවා. මාමන්නන් ආණ්ඩු පක්ෂයේ ව්‍යවස්ථාදායක සභා සාමාජිකයෙක්.(MLA) අදිවීරන් අඩිමුරෛ සටන් කලාව උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම අදිවීරන් ඌරන්ට ගොඩක් ආස කලා. අදිවීරන් අඩු කුලයකට අයත් කෙනෙක්. අදිවීරන් ලීලා නම් කෙල්ලෙකුට හිතින් පෙම් කළා. ලීලාද ඒ ආකාරයෙන්ම අදිවීරන් ගැන කැමැත්තෙන් හිටියා. ලීලා දුප්පත් අසරණ දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ආයතනයක් කරගෙන ගියා. මේ ආයතනය තිබූ තැනින් ඉවත්කරගෙන යන්න කියා දිගින් දිගටම තර්ජන එල්ල වුණා. මේ අවස්ථාවේදී ගැටළුවක් ඇති නොවෙන්නට අදිවීරන්ගේ අඩිමුරෛ පන්ති පැවැත්වූ ගොඩනැගිල්ල ආයතනය කරගෙන යන්නට ලබා දෙනවා. තැන මාරු කලාට පස්සෙත් සුන්දරම් ඇකඩමි නම් ආයතනයේ හෙන්චයියන් කීපදෙනෙකු ඇවිත් ළමයි පන්නා දමා පන්ති කාමරයට දැඩි අලාභ හානි කරනවා. ඒ විතරක් නෙවෙයි හැඟීම් වශයෙන්ද ලොකූ විනාශයක් කරනවා. මීට ප්‍රතික්‍රියා කරන අදිවීරන් විද්‍යාල ශිෂ්‍යයින් සමඟින් ගොස් සුන්දරම් ඇකඩමියට පහර දී දේපළ වලට අලාභ හානි කරනවා. සුන්දරම් ඇකඩමිය කරගෙන ගියේ මියගිය ඇමතිවරයෙකු වූ සුන්දරම්ගේ වැඩිමහල් පුත් ශන්මුගවේල්. සුන්දරම්ගේ බාල පුතා රත්නවේළු ආණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් ලේකම් වරයායි. මේ සිද්දිය දැනගත් රත්නවේළු මේ පිළිබඳව හොඳට සොයා බලනවා. ආයතනයට පහර දුන් අය අතරේ MLA මාමන්නන්ගේ පුතා අදිවීරන් සිටිය බව දැනගත් පසු මාමන්නන්ටත්, අදිවීරන්ටත් තමන් හමුවීමට එන්නට කියනවා. මාමන්නන් වේලාසනින්ම රත්නවේළුව හම්බවෙන්න ඇවිත් තිබුණා. ඉන්පසුව අදිවීරන්ද රත්නවේළු මුණගැහෙන්න එනවා. ඒත් මෙතනදී අදිවීරන්ට දකින්න ලැබෙන දෙයින් මහත් ලෙසින් කුපිත වෙනවා. රත්නවේළු මාමන්නන් හිටගෙන ඉද්දිම අදිවීරන්ට වාඩිවෙන්නට කියනවා. ඊට අකමැති වුණ අදිවීරන් තාත්තට වාඩිවෙන්න කියනවා. ඒත් රත්නවේළු මාමන්නන්ට වාඩිවෙන්න කිසිම විදියකින් අවසර දෙන්නෙ නැහැ. බහින් බස් වීම ගුටිබැට හුවමාරුවක් බවට පත්වෙනවා.

මාමන්නන් අධ්‍යක්ෂණය වගේම රචනයද මාරි විසින් කර තිබෙනවා. මාරි පාරියේරුම් පෙරුමාල් චිත්‍රපටයෙන් ගෙන ආවේත් අඩු කුලයේ කොල්ලෙකුගේ කතාවක්. ඒ වගේම මාමන්නන් හි ගලා යන්නෙත් අඩු කුලයේ තාත්තා කෙනෙක් හා පුතෙක් තමන්ට හිමි අයිතීන් දිනාගන්නා ආකාරය ගැන කතාවක්. ඇත්තටම හින්දු භක්තිකයින් මේ අඩු කුලයේ තැනැත්තන් ඇල්ලීමෙන් පවා වළකිනවා.

මාමන්නන් චිත්‍රපටයට විශේෂ ආකර්ෂණයක් හිමිවෙන්න හේතුව Pariyerum Perumal (2018), Karnan (2021) චිත්‍රපට දෙකෙන් පසු මාරි සෙල්වරාජ්ගේ ඊලඟ චිත්‍රපට වීමත්, වඩිවේළු භාවාත්මක රංගනයක නියැලීමත්, උදයනිදිගෙ අවසන් චිත්‍රපටය වීමත් යන කාරණාවන්. තහනමට ලක්වී වසර 5කට පසු යළිත් සිනමාවට පිවිසෙන වඩිවේළු ඔහුගේ නැවත පැමිණීම Naaisekar Returns (2022) සනිටුහන් කරනවා. හාස්‍යජනක චිත්‍රපටයක් වූ නායිසේකර් රිටන්ස් ප්‍රේක්ෂකයින් මහත් අප්‍රසාදයට පත් කළා වගේම ආදයම් අතින්ද අසාර්ථක වුණා. මෙවර වඩිවේළුගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්.

මේ චිත්‍රපටය උදයනිදි ස්ටාලින්ගේ අවසන් චිත්‍රපටය බවයි පැවසෙන්නේ. උදයනිදි සිනමාවෙන් සමුගෙන දෙශපාලනයට යොමුවෙමින් තිබෙනවා. මිහිරි හඬක් හිමි හඬ නිළි රවීනා රවී මෙහි රත්නවේළුගේ බිරිඳගේ චරිතය රඟ දක්වනවා.

මළයාලම් නළු පාහද් පාසිල් මීට තමන්ගේම හඬ දෙමළ බසින් ලබා දෙනවා. පෑන් ඉන්ඩියා සංකල්පයත් එක්ක වර්ථමානයේ විවිධ සිනමා කර්මාණ්තවල නළුවන්ට වෙනත් භාෂා කතා කිරීමට හැකි වීම බොහෝ වාසිදායකයි. Pushpa : The Rise (2021) චිත්‍රපටයේ තම චරිතයට පාහද් තෙළිඟු බසින් හඬ කැවීම් කර තිබුණා.

ඒ. ආර්. රහුමාන් මේ වගේ අඩු කුලය සම්බන්ධ චිත්‍රපටයකට සංගීතය සපයන මුල්ම අවස්ථාව මෙයයි. සාමාන්‍යයෙන් මේ වගේ තේමාවක් රැගත් චිත්‍රපටවලටම වෙන්වූ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් සන්තෝෂ් නාරායනන් ප්‍රසිද්ධයි.

ජුනි මස 29 වැනි දින දෙමළ බසින් පමණක් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය, ජූලි 14 දින “නායකුඩු” නමින් තෙළිඟු බසින් හඬකවා නිකුත් කරනු ලැබුවා. මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ගෙන් හා විචාරකයින්ගෙන් ඉහළ ධනාත්මක ප්‍රතිචාර හිමිවුණා. මාමන්නන් නැරඹූ රජිණිකාන්ත් ද ට්විට්ටර් හි සටහනක් එක් කරමින් මාරි සෙල්වරාජ්ට සුබ පැතුම් එක් කළා. චිත්‍රපටය නිකුත් වී පළමු සතිය තුළ ඉ.රු. කෝටි 50ක දළ ආදායම පසු කළ බව උදයනිදි ප්‍රකාෂ කළා. චිත්‍රපටය සාර්ථක වීම හේතුවෙන් උදයනිදි, මාරි සෙල්වරාජ්ට මෝටර් රථයක් තෑගි කළා. ඒ වගේම මෙය මාරිගේ හැට්-ට්‍රික් ජයග්‍රහණයක්. නිෂ්පාදන ආයතනයෙන් නිකුත් කළ පෝස්ටර් ආදියෙන් අනවශ්‍ය අතිශයෝක්තියක් ලබා දීම නිසා තරමක් බලාපොරොත්තු සුන් වීමක් වුණා. ෆිල්ම් එක පටන් ගත්ත ගමන්ම අදිවීරන් අම්මගෙන් බයික් එකේ යතුර කොහේද කියලා අහනවා. අම්මා යතුර බුදු පිළිමය ළඟ ඇති කියලා කියනවා. එතනින්ම ඉඟිය දුන්නද කියලත් හිතෙනවා.

මාරි සෙල්වරාජ් නැවතත් වඩිවේළුව යොදාගෙන Life is Beautiful (1997) චිත්‍රපටය රීමේක් කිරීමට සූදානම් බවට නිළ නොලත් ආරංචි මාර්ගවලින් පවසනවා. චන්ද්‍රමුකී 2 චිත්‍රපටයෙන් සුපුරුදු හාස්‍යජනක චරිතයකින් වඩිවේළුව ඉක්මනින්ම දකින්නට ලැබෙනවා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අනිවාර්යයෙන්ම අඩුපාඩු, යෝජනා, චෝදනා අදහස් කොමෙන්ටුවකින් දක්වන්න අමතක කරන්න එපා. හැමදාමත් වගේම බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.

14,778 downloadsDownload Maamannan-2023.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

14,778 downloadsDownload Subtitles58 KB

15 comments

  1. Nisha

    Pattaaaaaaaaa

  2. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  3. Sameera

    සබට තෑන්ක්ස් බ්‍රෝ....ස්පොයිල් කරාද කියලත් හිතෙනව...ලිපිය කියෙව්වම..

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. නුවන් අසේල

    Sub. Ekata thanks brother
    Spy Telugu movie ekata sub eka one

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Ravindra

    Thanks

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  9. Buddhika Lakmal

    සබට තෑන්ක්ස් මචං....
    වඩිවේලු තහනමට ලක්කරන්නේ ඇයි බං....

  10. ASELAHATHTHOTUWA

    THANK YOU

  11. laka

    lassanata sub karala tibuna patta waddek uba```war hindi film eka tiyeneawada meke?

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. jack

    thanks

  14. oshanda

    thanks malliyaaa..

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..