බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා ටිකක් වෙනස් කතා තේමාවක දමිල සිනමාපටයක උපසිරැසිය රැගෙනයි. මේ සිනමාපටයෙන් කතා වෙන්නේ නින්දෙදි අධික ශබ්දයෙන් ගොරවන කෙනෙක් වටායි. පෞදගලිකව ගත්තොත් මටත් කවුරුහරි කෙනෙක් එහා පැත්තේ ඇදක ඉදලා ගොරවනවා නම් නින්ද යන්නේ නෑ. සරලවම කිව්…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා ටිකක් වෙනස් කතා තේමාවක දමිල සිනමාපටයක උපසිරැසිය රැගෙනයි.

මේ සිනමාපටයෙන් කතා වෙන්නේ නින්දෙදි අධික ශබ්දයෙන් ගොරවන කෙනෙක් වටායි. පෞදගලිකව ගත්තොත් මටත් කවුරුහරි කෙනෙක් එහා පැත්තේ ඇදක ඉදලා ගොරවනවා නම් නින්ද යන්නේ නෑ. සරලවම කිව්වොත් මේ ගෙරවීම් ඇති වෙන්නේ ශ්වසන මාර්ගයේ ඉහල කොටස අවහිර වෙන හිංදා.එහෙම උනාම මෘදු තරල හා ග්‍රසනිකාවෙ බිත්ති දෙදරන්න ගන්නවා. ඉතිං ඒකෙ සද්දේ තමා මේ ගෙරවිල්ල විදියට ඇහෙන්නේ.

මේ අවුරුද්දේ මැයි 12 වන තිරගත වෙච්ච Romantic Comedy ගණයට අයත් සිනමපටයක් තමා මේ Good Night සිනමාපටය. Vinayak Chandrasekaran ගේ කුළුදුල් අධයක්ෂණයෙන් හා Yuvaraj Ganesan, Magesh Raj Pasilian, Nazerath Pasilian යන අයගෙ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා.

මෙහෙ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නේ Manikandan, Meetha Raghunath හා Ramesh Thilak. මනිකන්ඩන් මුලින්ම සිනමාවට සම්බන්ධ වන්නේ Pizza II: Villa චිතපටයෙ දෙබස් රචකයෙක් ලෙස දායක වෙමින්. ඒ වගේම ප්‍රථම සිනමා රංගන දායකත්වය ලබා දෙන්නේ විජේ ඇන්තනි රගන India Pakistan චිතපටයෙන්. ඒ වගේම පසුව Indru Netru Naalai, Kadhalum Kadandhu Pogum, 8 Thottakkal, Vikram Vedha, Kaala යන චිත්‍රපට වලට ද රංගනයෙන් දායක වුනා. ඒ වගේම සූර්‍යා රගන Jai Bhim සිනමාපටයේ රාසාකන්නු ගේ චරිතයෙන් තවත් ප්‍රේක්ෂකයින්ගෙ දැඩි ආකර්ෂණයට ලක් උනා.

වැඩි කතා නැතුව මං එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්. මෝහන් කියන්නේ හුගාක් සද්දෙට ගොරව ගොරව නිදාගන්න කෙනෙක්. ඒ වගේම මේ ගෙරවිල්ල හිංදා එයා ලොකු කලබගෑනි ගොඩකට මුහුණ දෙනවා. ඉතිං මේ මෝහන් අනු කියලා ගෑණු ලමයෙක්ව කසාද බදිනවා. අනු කියන්නේ ගොඩාක් නිෂ්ශබ්ද වැඩිය සද්ද නැති කෙනෙක්. ඉතිං එයාට මේ මෝහන් ගේ ගෙරවිල්ල කොහොම බලපායි ද? ඒ වගේම මේ ගෙරවිල්ල හිංදා මෝහන් ගේ ජීව්තේට මොන මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවි ද?. ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම කියන්න ඕනේ මේ ෆිල්ම් එක කරන්න යම් තාක් දුරකට වෙහෙසෙන්න උනා. ඒ වගේම සමහර ඩයලොග් එහෙම කියනව වේගෙ වැඩි ජිංදා සමහර ඩයලොග් වල කියන්නේ මොකක් ද කියලා තේරුම් ගන්න. ප්ලේයරෙකට ෆිල්ම් එක දාලා ස්ලෝ මෝෂන් දාන්නත් උනා. ඉතිං ඒ වගේම මේ ෆිල්ම් එකේ ලයින් 2000 ගාණක් තියෙනවා. ඒ වගේම මේ හැම තනි ඩයලොග් එකම අහ අහ තමා කරන්න ගත්තේ. මොකද මං පුළුවාන් තරම් උත්සහ කරනවා යම් යම් අඩුපාඩු තිබුනත් හරිම තේරුම එන විදියට සබ් එක දෙන්න.

ඉතිං ඒ වගේම මේ ෆිල්ම් එකට මට නවීන් මල්ලි ලොකු සහයෝගයක් දුන්නා. ඉතිං ඒ සහයොගය නැත්නම් මේ ෆිල්ම් එක කරන එක මීටත් වඩා අමාරු වෙන්න ඉඩ තිබුනා. ඉතිං ඒ හිංදා නවින් මල්ලිටත් ස්තූතිය පල කරනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

16,025 downloadsDownload Good-Night-2023.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

16,025 downloadsDownload Subtitles68 KB

13 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath supiri film ekak Sub ekak karanna

  2. Sujith

    එල බ්‍රදර්.. ලයින් 2000ක් ගහනව කියන්නෙ ලේසි නෑ. බොහොම ස්තූතියි සබට...

  3. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

    1. Dhananjaya Gamage

      සුපිරි වැඩක්

  4. ASELAHATHTHOTUWA

    THANK YOU

  5. Arawinda Sunimal

    thanks you subtitels

  6. Nuraj Vithanage

    Maru Film eka

  7. ඩොක් අයියා

    කාලෙකට පස්සේ ලැබුනේ

  8. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Sohan Jayasooriya

    මහන්සි වෙලා කරපු සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ... මේ වගේ වෙනස් ඒවා අනිවා බලනවා...

  10. Anonymous

    thank you

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..