Watch Trailer

AK vs AK (2020) Sinhala Subtitles | හෝරාවන් දහයක්.. උන්මත්තකයන් දෙන්නෙක්.. එක සටනක්.. [සිංහල උපසිරසි]

නීරස කොමඩි, එකම රාමුවේ චරිතාපදාන, දේශප්‍රේමී කතා, අරුත් සුන් රීමේක් වලටම බොලිවුඩය දැන් සීමා වෙලා. ඒ පැත්තෙන් වෙනත් සිනමාවන් හොයාගෙන වෙනත් පැත්තකට යන පිරිස වැඩි වෙලා. මොලිවුඩය, ටොලිවුඩය, කොලිවුඩය ගුණාත්මක තත්ත්වය, විවිධත්වය අතින් බොලිවුඩය අබිබවා ගිහිල්ලා. එකී නොකී හේතු දහසක් නිසා බොලිවුඩය හැර යන කවු…

නීරස කොමඩි, එකම රාමුවේ චරිතාපදාන, දේශප්‍රේමී කතා, අරුත් සුන් රීමේක් වලටම බොලිවුඩය දැන් සීමා වෙලා. ඒ පැත්තෙන් වෙනත් සිනමාවන් හොයාගෙන වෙනත් පැත්තකට යන පිරිස වැඩි වෙලා. මොලිවුඩය, ටොලිවුඩය, කොලිවුඩය ගුණාත්මක තත්ත්වය, විවිධත්වය අතින් බොලිවුඩය අබිබවා ගිහිල්ලා. එකී නොකී හේතු දහසක් නිසා බොලිවුඩය හැර යන කවුරු හරි කෙනෙක් වේද ඉඳහිට විඳින ලැබෙන වෙනස් රසයන් හින්දා බොලිවුඩය කෙරෙහි තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඉඩ තියෙනවා. ඉතින් අද මේ අරන් එන සිනමාපටය හැමදාම විඳින එකම වට්ටෝරුවේ බොලිවුඩ් චිත්‍රපට වලින් හෙම්බත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසක් අලුත්ම රසක් දිවට දනවන නිර්මාණයක් වෙනවා සැක නැහැ.

වික්‍රමාදිත්‍ය මොට්වානේ කියන්නේ වෙනසක් හොයන බොලිවුඩ් ප්‍රේක්ෂකයෙක් අනිවාර්යෙන් මීටරේ තියන් ඉන්න ඕන නමක්. යම් නිර්මාණයක ඔහුගේ නම ගෑවිලා තියෙනවා හෝ දැක්කොත් ඒ නිර්මාණය ගැන කිසිම සැකයක් නැතුව විඳින්න ගන්න පුළුවන් වෙන තරමට මට නම් ඔහු බ්‍රෑන්ඩ් එකක්. අධ්‍යක්ෂක වරයෙක් විදිහට ඔහු බොලිවුඩයට Udaan (2010) නමින් හොඳම ඉන්ස්පිරේෂනල් ස්ටෝරියක් දායාද කළා. 2013 වසරේදී ඔහු බොලිවුඩයට අමරණීය ආදර කතාවක් තිළිණ කළා. ඒ Lootera.ඊටත් අවුරුදු 3කට පස්සේ ඔහු සර්වයිවල් ත්‍රිලර් එකක් හඳුන්වා දෙනවා Trapped නමින්. හාස්‍යයට බඳුන් වුණු බොලිවුඩ් සුපිරි වීර සිනමාපට වල ජාමේ බේරගන්න 2018දී එනවා Bhavesh Joshi Superhero සිනමාපටය. ඔය කියපු නිර්මාණ ඔබට හුරු නැතත් මීළඟට කියන්න යන නිර්මාණය නම් ඇහැට වගේම කනටත් ගොඩක් හුරු බව නම් සහතිකයි. ඒ තමයි Sacred Games. ලොව හොඳම වෙබ් කතාමාලාවන් අතරේ ඉහළින්ම වැජබෙන්න සමත් වෙච්ච කතාමාලාවකටත් සම අධ්‍යක්ෂණයෙන් දායක වුණු කෙනෙක් තමා ඔහු. ඉතින් 2020 වසරේ අවසන් භාගයේදි ඔහු තවත් අලුත්ම වෙනසක් බොලිවුඩයට දායාද කරනවා, AK vs AK නමින්. වසරේ සම්ප්‍රදායික බොලිවුඩයෙන් බැටකාපු ප්‍රේක්ෂකයන්ට මේක රසඳුනක්ම වුණා.

AK vs AK. ඒ කියන්නේ අනිල් කපූර්ට එරෙහිව අනුරාග් කශ්‍යප්. එක්කෙනෙක් පාත්තයෙක් අනිකා තාරාවෙක් 😀 නැහැ නැහැ, අනිල් කපූර් කියන්නේ නළුවෙක් සහ අනුරාග් කශ්‍යප් අධ්‍යක්ෂක කෙනෙක්නේ. ඉතින් මේ දෙන්නා අතර මොකක්ද “එරෙහිව” කියන්න තරමටම සිද්ධ වෙන්නේ? මේකයි වෙන්නේ. අනිල් කපූර් කියන්නේ අවුරුදු 40ක් තිස්සේ බොලිවුඩයේ රජ කරපු නළුවෙක්. ඒත් දැන් එන්න එන්නම ඔහුගේ වටිනාකම බැහැගෙන යනවා. සමකාලීනයෝ තවමත් වීරයාගේ චරිතය කරනකොට අනිල් කපූර් තාත්තා චරිතයට සීමා වෙලා තිබුණා. ඔහුට දැන් ලොකුවට වැඩ හම්බවෙන්නෙත් නැහැ. පවුලේ ඉන්න අයගෙන් සාපේක්ෂව වැඩ අධිකව තිබුණේ අනිල්ගේ දුව සෝනම් කපූර්ට විතරයි. ඉතින් මේ හින්දා අනිල් හිටියේ හරිම කලකිරීමෙන්. ඔය අතරෙදි තමා අනිල් කපූර්ට මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනා ලැබෙන්නේ. ඒ මාධ්‍ය සාකච්ජාවටම අනුරාග් කශ්‍යප් කියන ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකටත් ආරාධනා ලැබෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාවෙදී මේ දෙන්නා අතර ලොකු ආරවුලක් ඇති වෙනවා. ලොකු කියන්නේ ලොකුම ලොකු එකක්. මේ ආරවුල ඒ වෙලාවට එතනින් නතර වුණාට ඒක ලේ, කඳුළු වලින් වන්දි ගෙවන්න වෙන තරමටම දුර දිග යන හැටි Action, Crime, Drama, Thriller ඝනයට වැටෙන මේ සිනමාපටයෙන් දැකගන්න පුළුවන් වෙයි. මේ සෙල්ලම IMDb අගය 7ක් ලෙස සටහන් කරගෙන තියෙන්නේ 10,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවකින්.

ඉර පායන්න කලින් ඔයාට එයාව හොයාගන්න වෙනවා.
පැය 10යි තියෙන්නේ
වෙලාව නාස්ති කරගන්න එපා.

මෙතනදී සිද්ධ වෙන හැමදෙයක්ම ඇත්ත.
ඔයාට එයාව නැතිවෙන්නෙත් ඇත්තටම
ඔයාට තුවාල වෙන්නෙත් ඇත්තටම
ඔයාගෙන් ගලන්නෙත් ඇත්තම ලේ
ඔයා හිනා වුණොත් ඒකත් ඇත්….
නෑ ඔයාට හිනා යන එකක් නම් නෑ!

නීති 03යි.
ඔයාට පොලිසියට කෝල් කරන්න බෑ
පිට කෙනෙක්ව ගාවගන්න බෑ
ඒ වගේම මොන දේ වුණත් මේ කැමරාව ඔයාගේ පස්සෙන් එයි

ඉතින්..
ඔයා ලෑස්තිද???

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,798 downloadsDownload AK-vs-AK-2020.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

6,798 downloadsDownload Subtitles52 KB

19 comments

  1. Anonymous

    මේක දෙනකන් බලන් හිටියේ
    වෙන site වල sub මෙලෝරහක් නැති නිසා baiscope එකෙන් දෙනකන්ම හිටියා
    අර කිව්ව වගේ හින්දි thriller series එකකටත් sub දෙන්න පුලුවන් නම්

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    01. ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed Roses - 2017

    02. සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර රඟපාන
    Yamla Pagla Deewana: Phir Se - 2018

    03. විවේක් ඔබ්‍ රෝයි රඟපාන
    PM Narendra Modi - 2019

    04. කපිල් ෂර්මා රඟපාන Firangi - 2017

    05 . සනී ඩියොල් රඟපාන Mohalla Assi - 2018

    06. ගෝවින්දා රඟපාන Rangeela Raja - 2019

    07. මිතුන් චක්‍රබෝති, නස්‍ රුදින් ෂාහ් රඟපාන
    The Tashkent Files - 2019

    මම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙහි සිටින හින්දි චිත්‍රපට උපසිරැසි කරන්න කැමති අයට ආරාධනා කරනවා මෙතෙක් උපසිරැසි නොදුන් මේ සුපිරි නළුවන් රඟපාන අලුත් චිත්‍රපට පෙළට සබ් දෙන්න කැමති අයට භාරගන්නා ලෙසට.

    1. yohan

      shamal sohoura comment karala thiyana film walata sub denna kiyala mamath illanawa,

    2. Tharaka

      ගොබ්බ පරන ෆිල්ම් වලට sub ඉල්ලන්න එපා ගෝතයෝ
      දැන් මේකෙ වැඩිහරියක් තියෙන්නෙත් පරන ඒවා , ඒ මදිවට තව ඉල්ලනෝ
      මෙච්චර කල් මේකේ comment දැම්මේ අලුත් ෆිල්ම් බලපු උන් මිසක් උබලා නෙවෙයි

  3. Shaggy

    Thank you very much

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. හසිත මධුෂාන්

      ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
      දිගටම සබ් කරමු....

  8. Malith Samarawickrama

    Thanks bro sub ekata

  9. mindika

    Thanks !!!

  10. Anonymous

    Thanks for sub bro
    Live Telecast (2021) series ekta sub denna puluwn nm
    Jaya wewa!!!

  11. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Nethini123

    හොඳම චිත්‍රපටයක්!
    බොහොම ස්තූතියි

  14. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P