සුභ දවසක් ඔබ සියළු දෙනාටම! මමත් කාලයක් තිස්සෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් සබ් ඩවුන්ලෝඩ් කරගන්නවා. හැමදාම ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා විතරයි. ඒ නිසා තමයි අදහසක් ආවේ ෆිල්ම් එකකට මමත් උපසිරැසියක් කරන්න ඔිනෙ කියලා. ඒකෙ අග්‍රඵලය විදිහට තමයි මම මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය විදියට මේක ඔයාලට ගෙන එන්නෙ…

සුභ දවසක් ඔබ සියළු දෙනාටම! මමත් කාලයක් තිස්සෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් සබ් ඩවුන්ලෝඩ් කරගන්නවා. හැමදාම ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා විතරයි. ඒ නිසා තමයි අදහසක් ආවේ ෆිල්ම් එකකට මමත් උපසිරැසියක් කරන්න ඔිනෙ කියලා. ඒකෙ අග්‍රඵලය විදිහට තමයි මම මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය විදියට මේක ඔයාලට ගෙන එන්නෙ. මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න අවසර දුන්න සිසිල ප්‍රසාද් ඇඩ්මින් සහෝදරයා ඇතුළු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනෙකුත් ඇඩ්මින්වරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මේ නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය දක්වා මට සහය දුන් මගේ Girlfriend වත් ආදරයෙන් මතක් කරනවා.
දැන් අපි මේ සලරුවට අවධානය යොමු කරමු. මම අද ගෙනාවේ MAGIC CAMP(මැජික් කදවුර) කියන ෆිල්ම් එක. මුලින්ම තිරගත වෙන්නේ Disney + හරහා 2020 අගෝස්තු 14 වෙනිදා. මේක Comedy | Family | Fantasy ගණයට අයිති වෙන චිත්‍රපටියක්. IMDB සිනමා දර්ශකයේ 6.3 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම කුණු තක්කාලි දර්ශකයේ 44% ක අගයක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Mark Waters. 500 Days of Summer (2009), Vampire Academy (2014) සහ Ghosts of Girlfriends Past (2009) කියන ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ මේ අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ Adam Devine, Jeffrey Tambor, Gillian Jacobs කියන අයයි. Adam Devine ගැන නම් කියන්න දෙයක් නෑනෙ. හොලිවුඩයේ ඉන්න ප්‍රසිද්ධම ප්‍රහසන නළුවෙක්නේ. ඒ වගේම පොඩි පොඩි නවක නළු ළමයි ගොඩකුත් ඉන්නවා.
මේකෙ කතාව ගත්තොත්, තියෝ කියන්නෙ අවුරුදු 12ක පොඩි ළමයෙක්. එයාගෙ තාත්තා තමයි එයාට මැජික් කියන දේ මුලින්ම කියලා තියෙන්නෙ. තාත්තා ඇමරිකන් ගුවන් හමුදාවෙ සේවය කරන්නෙ. නමුත් හදිසියේම එයාගෙ තාත්තා මියයනවා. ඉන්පස්සෙ තියෝ ඉන්නෙ අම්මා සහ මල්ලි එක්ක. දවසක් තියෝට අළුත්ම විදිහෙ ලියුමක් ලැබෙනවා. ඒකෙ තියෙන්නෙ මේ ගිම්හානයේදී මැජික් ආයතනයට ඇවිත් මැජික් ඉගෙනගන්න කියලා. ඊට සමාන්තරව මේ කතාවට ප්‍රධාන චරිත විදියට ඇන්ඩි කියන ටැක්සි රියදුරා සහ ඩාක්වුඩ් කියන ලෝක ප්‍රසිද්ධ මැජික්කාරියක් සම්බන්ධ වෙනවා. මොකක්ද මේ මැජික් ආයතනය? කවුද රෝයි ප්‍රෙස්ටන් කියන්නෙ? ඇන්ඩි සහ ඩාක්වුඩ් අතර තියෙන සීතල යුද්ධය මොකක්ද? තියෝට මැජික් ආයතනයේදී හමුවන යාළුවො කවුද? හතුරො කවුද? ආයතනයේ වර්ශ අවසාන ත්‍යාගය දිනාගන්නේ කවුද? මේවට උත්තර හොයන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අළුත් චිත්‍රපටියකින් හමුවන තෙක්, වාසනාවන්ත කාලයක් වේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
7,722 downloadsDownload Magic-Camp-2020.zip108 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-08-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යොහාන් සමරසිංහ
Subtitles
30 comments
එල්.සී. දමැල්
Uvindu Induwara
පලවෙනි උපසිරසටම නියම film එකටනෙ සුබ් ගෙනත් තියෙන්නෙ. සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .තවත් උපසිරස කරන්න කාලය ලැබේන්න පතනවා.
Sajith Anthony
පළමු උපසිරසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
bohoma sthuthi
IsuruHikka
tHnx saho sub ekata....!!!
Digatama oka karagena yamu...Dhanushka Dilranga
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි
ඒ වගේම බයිස්කෝප් පවුලට පිළිගන්නවා
දිගටම සබ් දෙමු මල්ලි
ජය !!!Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
thanks
tj
thanks
the sleep over akatath sub akaKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
සබ් එකට බොහොම ස්තුතියි
raviz
Thank you....!
Sandeep
Supirri sub eka.. good luck
Nilush Angana
Sub ekata thanx
isuru srinath sjs
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා... බොහොම ස්තුතියි... ජය!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fdo
Thank you
indika75
thanks..
sampath n perera
thanks
Anonymous
Thank u
jagath55
Thanks
Movie king
කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක්.. ඒ වගේම ස්තූතියි මේකට සබ් එක දුන්නට.
kent
thanks
mindika
Thanks !!!
MAALNATH
Thanks ............good luck .............
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Dewadithya
Thanks for sub!
Ashka Lakshan
ගොඩක් ස්තුතියි උපසිරසියට!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අඩවියට සාදරයෙන් පිළිගන්නවා යොහන්! :)
පළමු උපසිරසගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්!
දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය :D