Watch Trailer

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න පුළුවන් ඒ අය මතකය…

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා!

කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න පුළුවන් ඒ අය මතකය අලුත් කරගන්න ආයෙත් බලන්න. කවදාවත් බලන්න හිතාගෙන නැති අය ඉන්න පුළුවන්. ඒ අය අනිවාර්යෙන්ම බලන්න. ඇක්ෂන් ෆිල්ම් විතරක්ම බලන අය ඉන්න පුළුවන්, වෙහෙස නිවා ගන්න. ගිමන් හරින්න, සිත සැනසුම ලඟා කරගන්න, මේක නරඹන්න. එකී මෙකී නොකී නන් අයුරින් විවිධ වූ රසයන් සහිත ප්‍රේක්ෂකයිනි. වෙනසකට මෙය අනිවාර්යෙන්ම නරඹන්න. ඔබ කිසිම විටෙක පසු-නොතැවේවි. 🙂 

ඒ වගේම නව වසරට සුභ පැතුම් එක්-කරමින් පටන් ගත්තෙ අපි හැමෝම බොහොම අමාරු කාලයකට මුහුණ දෙමින් සිටියත් හැම තත්පරයකදීම අළු ගසා දමා නැගිටීමට වෙහෙස ගත යුතුමයි කියන කාරණයත්, අමාරුවෙන් ඉන්න වෙලාවේ අලුත් අවුරුද්දට සුභ පතන්නේ කොහොමද කියන සෘණාත්මක මානසිකත්වය හිතෙන් අයින් කරලා ධනාත්මකව, කොරෝනා නෙමෙයි මොන කරදයක් ආවත් වෙනදා විදියටම අපි නැගිටිනවා කියන කාරණයත් සිත් තුලට එක් කිරීමේ පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කොටගෙනයි.

The Amazing Spider-Man 1 සහ 2 සිනමාපට ද්විත්වය, Gifted 2017 සිනමාපටය වැනි සිනමාපට සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වෙච්ච Marc Webb තමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ. ඔහුට පුළුවන් වෙනවා මේ සිනමාපටය 2009 වසරෙදි පැවති 67වැනි ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේ සංගීතමය සහ හාස්‍යජනක සිනමාපට අංශයෙන් හොඳම සිනමාපටය වෙනුවෙන් ලබාදෙන නාමයෝජනා ලබාගන්නත්. සම්මාන උළෙලේදී මේ සිනමාපටය දෙවැනි වුණේ කොයි කවුරුත් නම කිව්ව ගමන් හිනා යන The Hangover (2009) සිනමාපටය ඉදිරියේ විතරයි. ඒ වගේම ප්‍රධාන නළුවාගේ චරිතය සඳහා අති දක්ෂ චරිතාංග නළු Joseph Gordon-Levitt එකතු වෙනව, ඒ වෙනුවෙන් ඔහුව හොඳම රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානය සඳහාත් නිර්දේශ වෙනවා. එදා ඔහු එක්ක මේ සම්මානය වෙනුවෙන් Matt Damon – The Informant, Michael Stuhlbarg – A Serious Man, Daniel Day-Lewis – Nine නිර්දේශ වූ නමුත් Robert Downey Jr. විසින් Sherlock Holmes සිනමාපටයේ ෂර්ලොක් හෝම්ස් චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්නව. මතක ඇතිනෙ ඔහුගේ The Walk 2015, Looper 2012, The Dark Knight Rises 2012, Inception 2010 වැනි සිනමාපටවල පෙන්වූ දක්ෂතාවයන්. ඒ වගේම ඊට නොදෙවෙනිව ප්‍රධාන නිළියගේ චරිතය සඳහා සුරූපී Zooey Deschanel එක්කාසු වෙනවා. සෙසු චරිත සඳහා, Geoffrey Arend, Clark Gregg, Chloë Grace Moretz, වැනි නළු නිලියන් එකාසු වෙනකොට මෙහි කතාව සහ තිර-රචනය සිද්දවෙන්නෙ, The Spectacular Now (2013), The Fault in Our Stars (2014), The Disaster Artist (2017) වැනි අනර්ඝ සිනමාපටයන්හි තිර රචක Scott Neustadter විසින්. ඔහුගේ සහයට අධ්‍යක්ෂකතුමත් ඉඳල තියනව. ඒ විතරක් නම් මදැයි. රෝමාන්තික සිනමාපටයක තිබිය යුතුම හද දොරගුළු විවර කරන අපුරුතම සංගීත සංයෝජනයන් පෙළක් ඔබගේ සවනත වැකේවි.  ඒ විතරක් නෙමෙයි සිනමාපටය හා බැඳී පසුබිමින් වාදනය වෙන ගී පෙළත් එසේමයි.

ඉතිං මම ඉහත සඳහන් කරපු හැමෝගෙමයි සඳහන් නොවූ, මිට දායක වූ හැමෝගෙමයි මහන්සිය වෙනුවෙන් ප්‍රේක්ෂක සහ විචාරක ජනතාව වශයෙන් ලක්ෂ 4 1/2කට අධික IMDB ජන්ද ප්‍රකාශ කිරීමක් අතරින් මේ උපසිරැසිය ලබා දෙන දවස වෙනකොට IMDB 7.7ක අගයක් රඳවාගන්න සමත් වෙලා තියනවා. මේ සිනමාපටය නිකුත් වෙච්ච 2009 වසරෙදි මේක IMDB Top 250 අතරේ පවා තිබ්බ සිනමාපටයක්.  ඒ විතරක් නෙමෙයි රොටෙන් ටොමැටො අඩවියේ 85%ක නැවුම් අගයකුත් 84%ක ප්‍රේක්ෂක ජනතා අගයකුත් ලබාගෙන තවමත් කුණු නොවී තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න හරි අපූරු බයිස්කෝප් එකක් මේක.  18+ දැම්මේ ඉතිං ලොකු ලොකු සිදුවීම් නැති වුනත් හදිසියෙවත් ප්‍රසිද්දියේ සාලේ මැද්දේ මේ ෆිල්ම් එක බලන්න ගත්තොත් හතර විලි ලැජ්ජා නැති වැඩ වෙන්න පුළුවන් නිසා. ආලය නම් රාගයෙන් තොර සඳ එළියේ සේ අචින්ත්‍යයි, සුරම්‍යයි, පාරිශුද්ධයි කීවට ඔව්ව කොහෙද ඇත්තටම තියෙන්නෙ නේ? 😛 ඒ නිසා පරිස්සමින් ශේප් එකේ බලන්නලා. ඉතිං මම මේ තරම්ම, යලි යලිත්, යලි යලිත්, මේ සිනමාපටය ගැන වර්ණනා කරන්නෙ ඇයි කියල කියන්නම් දැන්.

” සිනමාපටයෙන් මුලිකවම ලබා දෙන්න උත්සහ කරන අරුත වෙන්නෙ  අපේ ජිවිතත් ගෙවී යන්නෙ හරියට සෘතු වගේ කියලයි. අපේ රටට දැඩිව සෘතු බලපෑම නොතිබුනත් බටහිර රටවල් වලට සෘතු බලපෑම තදින්ම තියෙනවා. ඉතිං කතාවේ ප්‍රධාන චරිතය ටොම් හැන්සන්ට වසර එකහමාරක් පුරාවටම ගීම්හානය අරගෙන එනව කියල කියන්නේ සමර් ෆින් නමැති හුරුබුහුටි ගැහැණු ළමයා විසින්.  සමර් කියන්නේ ඉංග්‍රීසියෙන් ගිම්හාන සෘතුවටම තමයි, ඉතිං  මේ නම කතාවේ රචකයින් විසින් ඒ අරුත් ගැන්වීම වෙනුවෙන් කරපු දෙයක්. පුරා පැය එකහමාරක් පුරාවට දිවෙන දින 500ක, අන්තිම කාලේ බොහොම අමාරුවෙන් ජිවිතේ ගැට ගහගත්ත, මුල් කාලේ හරිම සතුටෙන් හිනා වෙච්ච, අතර මැද කිසිම තේරුමක් නැතුව කාලේ ගත කරපු, සමර්ගේ චපලත්වය නිසා දුක් විඳපු, එකී මෙකී නොකී හැම දෙයක්ම සිදුවෙච්ච ගිම්හාන කාලය අවසානයේ හරිම අපුරු ආකාරයට ජිවිතයට ඊළඟ සෘතුව එළඹෙන හැටිත්. ගිම්හාන සෘතුව ටොම්ගේ ජිවිතයෙන් ඈත් වෙලා යන හැටිත් පෙන්වමින් ආදරය නම් මෙයැයි කිසිවිටක නොකීවත්, අපි මේ ගත කරන ජීවිතයේදී අපිට හමුවන සමහර ආදරයවන්තියන් නම් මෙවැනි විය හැකි යැයි කියා පවසන, ආදර කතාවක් නොවන නමුත්, පිරිමි ළමයෙකුට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙන කතාවකට ඔබට ඉඩ විවර කරමින් නවතින්නම්.  🙂  “

 

ප .ලි :

වෙබ් අඩවිය ආරම්භයේදී බයිස්කෝප් සිංහලෙන් කියන්නේ උපසිරැසි ලබාදෙන වෙබ් අඩවියක් නෙමෙයි. මුල් කාලේදී මේ බ්ලොග් අඩවියේ හිටිය ගුරා සහ ගෝලයා විසින් සිදුකලේ එයාල බලන ෆිල්ම් ගැන සඳහනක් පහත ආකාරයෙන් දාන එක. ඊට පසු කාලීනව මාසෙකට උපසිරසියක් වගේ දෙන්න ගත්ත වැඩේ 2020 වසර වෙනකොට දවසකට උපසිරැසි 10ක් වගේ ප්‍රමාණයක් දෙන තැනකට බොහොම සීරුවට, හෙමින් සැරේ, පුංචිම තැනින් පටන් අරගෙන ආව ගමනක් අපිට තියෙන්නෙ. ඉතින් මේ ෆිල්ම් එක ගැනත් අපේ පොතේ ගුරා එහෙම නැත්නම් ඉසිර ගුණතිලක සහෝදරයා  2009 වසරේ නොවැම්බර් මාසයේ 19 වෙනිදා විස්තරයක් ලබා දෙනවා. මුල්ම කාලේ මේකේ රැඳී සිටිය ප්‍රේක්ෂකයින් දක්වපු අදහස් ඔවුන් එකිනෙකා සමග දැක්වූ සුහදත්වයත් හරි අගේට පේන්න තියනවා පහලම කමෙන්ට් ටිකේ. ඒ පරණ පෝස්ට් එක තමයි පහතින් තියෙන්නෙ.  එතනට පොඩ්ඩක් පහලින් තියෙනව කෝ සබ් එක කියල කමෙන්ට් වගයක්. මම මේ පොස්ට් එක අලුත් කරනකම්ම පොස්ට් එකේ මාතෘකාව වෙලා තිබ්බෙ ” 500 Days of Summer (2009) | සෘතුමය ආලය කියල ” මේකේ කොහෙවත් සිංහල උපසිරැසි  කියල සඳහන් වෙලාවත් ලින්ක් එකක් දිලවත් නැහැ. මේ සටහන තිබ්බෙ තමන්ගේ සාක්ෂරත්වයේ ප්‍රභලත්වය පෙන්වූ ඔවුන්ට උපහාර වශයෙන්. පනින්න කලින් හිතන්න, බනින්න කලින් කියවන්න. නැත්නම් ඔබව නිරපරාදේ නිරාවරණය වෙනවා. තරහ අවසර, ගිහින් එන්නම්. 🙂

 


five_hundred_days_of_summer_ver2අද මම අරගෙන එන්නේ, ආදර කතාවක් නම් නෙවෙයි. ආදරය ගැන කතාවක්.

අනර්ඝ නිර්මණයක්. imdb හි 8.2/10 ලබාගෙන ඉතා කෙටි කලකින් ලොව හොඳම චිත්‍රපටි අතර 220 වැනි තැන ලබා ගෙන තියෙනවා. ඒ කතාව ගලාගෙන යන විදිය නිසා බවයි මටනම් හිතෙන්නේ. කතාවේ අගින් පටන් ගෙන, විවිධ තැන් වල සිදුවූ දේවල් තමා පෙන්නන්නේ.

කතාව කෙටියෙන් මෙහෙමයි. Tom කියල සුභ පැතුම් පත් වලට නිසදැස් ලියන කොලුවෙක් ඉන්නවා. මොහු ආදරය ගැන සෑහෙන්න විශ්වාස කරන කෙනෙක්. තම ප්‍රධානියාගේ අලුත් ලේකම් කෙරෙහි ආලයක් මොහුගේ හිතේ හට ගන්නවා. ඒත් මේ කෙල්ල, ආදරය ගැන එතරම් හිතන කෙනෙක් නෙවෙයි, බොහොම රැඩිකල් සිතුම් පැතුම් තමා තියෙන්නේ. කොහොම කොහොම හරි දෙදෙනා එකිනෙකාට ලං වෙනවා. ඒක පාර්ශවික සම්බන්ධයක් කෙසේ පවතීවිද? Tom හා Summer අතර දවස් 500ක් තිබෙන සම්බන්ධය බලන්න ලස්සනයි. බාගෙනම බලන්නකෝ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Br පිටපත් සඳහා ලබා දි ඇත.

14,125 downloadsDownload 500-Days-Of-Summer.2009.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,125 downloadsDownload Subtitles43 KB

81 comments

  1. chamila

    කතෘ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමෙන් වලකින්න.

  2. chathurarcrc

    සැහෙන්න කලෙකට පස්සෙ මම අදර කතාවක් බලන්න යන්නෙ..
    එල එල බාලම බලමුකො.. ජය...

    චමිලගෙ කතාව .....!!!....? :O

    1. Chamaratharindu

      Sub ek nene

  3. උදිත ඉසුරංග

    ආදර කතා හොදා බාලම බලමු

  4. chamila

    බයිස්කෝප් සිංහලෙන් අඩවියේ නිර්මාතෘ ඉසිර ගුණතිලක (පොතේ ගුරා) සහෝදරයාව සිහිපත් කරන අතර ඔහු එන තුරු මෙය පවත්වාගෙන යන ගෝලයා සහ ඔහුගේ පිරිසටද අප ස්තූතිවන්ත විය යුතුය. එදා මෙදා තුර අප වෙනුවෙන් කාලය කැප කරන රොයිලි සහෝදරයාවද අමතක කල නොහැක. :P
    පොතේ ගුරා සහෝදරයා නැවත ක්‍රියාකාරිව මෙම අඩවියට සම්බන්ධ වෙන තුරු අප මග බලා සිටිමු. :X
    රොයිලි සහෝදරයාට තව චිරාත් කාලයක් අප සමග රැදෙන ලෙස ආයාචනය කර සිටිමු. :D

  5. චමි.දේ.වා.

    මේක ගැන මම මීට ටික කාලයකට කලින් දිවයින පත්තරේ දැකපු ගමන් ගුරාගෙන් ඇහැව්වා.එතකොට තමා දන්නේ ඒක ඒ වෙනකොටත් නිකුත් කරලා නෑ කියලා.බාගන්න පුලුවන් කොපියක් එනකන් මගබලාගෙන ඉඳලා මේ ලඟදි දවසක බාගෙන බැලුවා...ඇත්තටම ලස්සනයි....මේ වගේ කතාවලට කැමති අය ගොඩාක් ආසාවෙන් නරඹයි මේක...

  6. kathu

    ලවක් නම් අනිවා බලන්න එපැයි...!! බෑවා බෑවා..!!!

  7. sittingnut

    good to see this movie blog.

    great movie.

    but in your post you miss a one the great things about it; one of the best soundtracks ever.

    1. hirunijayawardane

      Sub link eka nane.sub denna plz

  8. ගෝලයා

    එලාස්.. :D

  9. Ram raj

    මමත් බලන්නම්

  10. Uraj Deemantha

    බාමි බාමි.... :D රවුටර් වලට කෙලවෙනකම් බාමි.... :P හික්ස්.... :)

    1. Sudeera Wijenayake

      Still Going to Download It After 11 Years!

  11. SIRIPALA

    Torrent not found...
    The torrent you requested (id: 3128849) does not exist in our database.

    This could mean that:
    •The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
    •The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
    •We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.

    1. chathuranga616

      Sub eka denna puluwanda me film eke

  12. ගෝලයා

    @SIRIPALA : දැන් හරි, ආයෙත් පාරක් පරීක්ෂා කරල බලන්න.

    කට්ටියටම මට පොඩි නිවේදනයක් දෙන්න තියෙනවා.
    දැන් demonoid.com, thepiratebay.org හා mininova.com torrent වෙබ් අඩවි වැඩ කරන්නේ නැහැ. ඒ නිසා, කලින් අපි ලිපි සමඟ දුන් සබැඳුම් යල් පැන ගොස් ඇත. එහෙම තත්වයක් තත්වයක් තිබේ නම්, මට කොමෙන්ටුවකින් අදාල ලිපියේ දී දැනුම් දෙන්න. මම සබැඳුම යාවත්කාලීන කරන්නම්.

  13. gessy

    ස්තුතියි මචන්

  14. gessy

    තැන්කු තැන්කු...

  15. panduka

    great movie bro.. thanks you

    1. hirunijayawardane

      Sub file eka nane.sub denna plz

  16. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  17. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  18. Naween

    එල එල තෑන්ක්ස්

  19. kasun

    මේ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ නේ. අප්ඩේට් කරන්න පුලුවන්ද.

  20. tharindu gunarathna

    sinhala sub plz

  21. lahiru rathnayake

    Sub eka gnna baa ne

  22. Sigirash

    Meke download link ekak nane.

  23. shehandulshan

    Ane machan download link eka pennannenane poddak balapanko .aneeww

    1. pasindu sanjula

      Ko bn sub

  24. sgdm

    meke subtitle download karanda link ekak nane saho

    1. jpkkumara

      Sub eka dennako...

  25. 94hanz

    sub nane machan

  26. hashithapasan

    කරුණාකරලා පීස් මේකෙ සබ් එක ආයෙ දෙනවද නැද්ද

  27. madhawa achintha

    meke sub eaka denna puluwannd plz....

  28. parindyabopage

    aiye sub 1 nane

  29. ashansandeera

    meke sub eka download karanna widiyak ne

  30. ayesh dimantha

    කෝ බන් සබ් එක
    අනේ කොහොමද බන් මේකෙ සිංහල සබ් ගන්නෙ

  31. Tharindu@lakshan

    Sub link ak nane

  32. Lakshansilva18

    Sub dennako

  33. hirunijayawardane

    Sub file eka nane.sub denna plz

  34. hirunijayawardane

    Sub link eka nane

  35. dulaj_kavinga

    Ko yako sub eka

  36. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  37. Gihan Lakmal

    සුපිරියක් ❤️❤️

    1. indika75

      Thanks..

  38. Hemantha De Silva

    ස්තුතියි ශාන්...
    කැවුම් කිරිබතින් තොරව ඇරඹුණත්,
    බතබුලතින් සරුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා....!

  39. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  40. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    කවදාවත්ම හිතුවෙ නෑ මේකට කවුරුවත්ම සබ් එකක් හදාවි කියලා...

  41. Nipuna Udayanga

    Thanks machan

  42. Lasantha

    Down karala godak kal. Sub nati nesa baluwe na

  43. PramothC

    බොහොම ස්තූතියි සහෝ..
    මේවත් ඔයාලට මග හැරුණු සුපිරි ෆිල්ම් ටිකක්..
    Date Night (2010)
    Love Other Drugs (2010)
    Keeping Up with the Joneses (2016)
    The Lost Future (2010)

  44. Krishan NiShalya

    hena kaleka idan sub denakan balan unna ekak
    thank you bro.! ♥

  45. malithmadhushan45

    බොහොම ස්තුතියි විමා අයියේ

  46. Madurang_dhanuka

    Meet joe black.... mekatath sub dennko

  47. D.Chamara

    bohoma sthuthi

  48. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Vanilla sky
    Primal fear
    Frailty

    Mewatath sub dennako

    1. MoviesGangs

      බොහෝම ස්තූතී මේ කරන සේවයට

  49. Dhanushka Dilranga

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  50. Anonymous

    වෙන මොකුත් එපා මේ ෆිල්ම් එකක් ගන්න විදිහ කියල දියල්ලකො ලොකු උදවුවක් මන් කලින් ගත්ත ඒත් දැන් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් නෑනෙ

    1. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකේ ලින්ක් තියෙනව
      එහෙම නැත්නම් 1337xඩොට්to වගේ ටොරන්ට් සයිට් එකකිනුත් ගන්න පුළුවන්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.